Surah At-Taubah Verse 69 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahكَٱلَّذِينَ مِن قَبۡلِكُمۡ كَانُوٓاْ أَشَدَّ مِنكُمۡ قُوَّةٗ وَأَكۡثَرَ أَمۡوَٰلٗا وَأَوۡلَٰدٗا فَٱسۡتَمۡتَعُواْ بِخَلَٰقِهِمۡ فَٱسۡتَمۡتَعۡتُم بِخَلَٰقِكُمۡ كَمَا ٱسۡتَمۡتَعَ ٱلَّذِينَ مِن قَبۡلِكُم بِخَلَٰقِهِمۡ وَخُضۡتُمۡ كَٱلَّذِي خَاضُوٓاْۚ أُوْلَـٰٓئِكَ حَبِطَتۡ أَعۡمَٰلُهُمۡ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۖ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ
(වංචනිකයිනි! ඔබගේ තත්වය) ඔබට පෙර විසූ අයගේ තත්වයට සම වන්නේය. ඔවුන් ඔබට වඩා බලසම්පන්නයන් වශයෙන්ද, (ඔබටත් වඩා) අධික වශයෙන් වස්තූන් අයත් වූවන් වශයෙන්ද, අධික වශයෙන් දරු මල්ලන් අයත් අය වශයෙන්ද සිටියදී, (මෙලොවදී) තමන්ට ලැබුණු (මෙම) භාග්‍යයන් මගින් සුවය අත් කර ගත්හ. ඔබට පෙර විසූ මොවුන් තමන්ට ලැබුණු භාග්‍යයන් මගින් (මෙලොවදී) සුවය අත් කර ගත් ආකාරයටම ඔබත් ඔබට ලැබුණු භාග්‍යයන් මගින් සුවය අත් කර ගත්තෙහුය. ඔවුන් (පුහු) විවාදයන්හි ගැලී සිටි ආකාරයටම ඔබ ගැලී ගියෙහුය. මෙලොවද පරලොවෙහිද ඔවුන්ගේ (හොඳ) ක්‍රියාවන් සියල්ල විනාශ වී ගියේය. (එබැවින්) ඔවුන් ඉමහත් වූ පරාජිතයින් වූහ. (ඒ ආකාරයටම ඔබත් පරාජිත වන්නෙහුය)