Surah At-Taubah Verse 70 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahأَلَمۡ يَأۡتِهِمۡ نَبَأُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ قَوۡمِ نُوحٖ وَعَادٖ وَثَمُودَ وَقَوۡمِ إِبۡرَٰهِيمَ وَأَصۡحَٰبِ مَدۡيَنَ وَٱلۡمُؤۡتَفِكَٰتِۚ أَتَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِۖ فَمَا كَانَ ٱللَّهُ لِيَظۡلِمَهُمۡ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ
මොවුන්ට පෙර විසූ නූහ් (නබිගේ) ජනතාව, ආද්, සමූද්, ඉබ්රාහීම් (නබි)ගේ ජනතාව, මද්යන් (නමැති) ගම්වැසියන්, උඩුයටිකුරු ලෙස පෙරළී ගිය ගම්වැසියන් ආදීන්ගේ ඉතිහාසයන්ද ඔවුන්ට ලැබුනේ නැද්ද? (අප විසින් එවන ලද) ඔවුන්ගේ දූතයින් පැහැදිලි සාධකයන්ම ඔවුන් වෙත ගෙන ආවාහ. (එසේ තිබියදී එම දූතයින්ව ඔවුන් ප්‍රතික්ෂේප කිරීමේ හේතුවෙන් ඔවුන් සියල්ල විනාශ වී ගියහ. මෙහිදී) අල්ලාහ් ඔවුන්ට (කිසිම) හානියක් කළේ නැත. එහෙත් ඔවුන් තමන්ට තමන්ම හානි සිදු කර ගනිමින් (විනාශ වී) ගියහ