Surah At-Taubah Verse 83 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahفَإِن رَّجَعَكَ ٱللَّهُ إِلَىٰ طَآئِفَةٖ مِّنۡهُمۡ فَٱسۡتَـٔۡذَنُوكَ لِلۡخُرُوجِ فَقُل لَّن تَخۡرُجُواْ مَعِيَ أَبَدٗا وَلَن تُقَٰتِلُواْ مَعِيَ عَدُوًّاۖ إِنَّكُمۡ رَضِيتُم بِٱلۡقُعُودِ أَوَّلَ مَرَّةٖ فَٱقۡعُدُواْ مَعَ ٱلۡخَٰلِفِينَ
(නබියේ!) ඔබ (යුද්ධයෙහි ජයග්‍රහණය අත් කර ගත් අය වශයෙන්) ඔවුන්ගෙන් එක් සමූහයක් වෙත ආපසු පැමිණෙන ලෙසට අල්ලාහ් සලස්වා, (ඔබගේ ජයග්‍රහණයද ඔබ ගෙන ආ වස්තූන්ද ඔවුන් දැක, ඔබ සමග තවත් යුද්ධයකට) පිටත්ව යාමට ඔබ වෙත අනුමැතිය ඉල්ලා සිටියහොත් (ඔවුන්ට) “ඔබ (යුද්ධයට) කිසි කලෙක මා සමග පිටත්ව නොඑනු. මා සමග එක්කාසු වී කිසිම සතුරෙකු සමග ඔබ යුද්ධ නොකළ යුතුය. මන්දයත් නියත වශයෙන්ම ඔබ පළමු වතාවේදී (නිවසෙහි) නැවතී සිටීමට කැමති වූවෙහුය. එබැවින් (මේ අවස්ථාවේදීද) ඔබ (නිවසෙහි) නැවතී සිටින්නන් සමග නැවතී සිටිනු” යයි ඔබ පවසනු