Surah At-Taubah Verse 94 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahيَعۡتَذِرُونَ إِلَيۡكُمۡ إِذَا رَجَعۡتُمۡ إِلَيۡهِمۡۚ قُل لَّا تَعۡتَذِرُواْ لَن نُّؤۡمِنَ لَكُمۡ قَدۡ نَبَّأَنَا ٱللَّهُ مِنۡ أَخۡبَارِكُمۡۚ وَسَيَرَى ٱللَّهُ عَمَلَكُمۡ وَرَسُولُهُۥ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَٰلِمِ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ
(විශ්වාසවන්තයිනි! යුද්ධ කර) ඔබ (ජයග්‍රහණය සමගද ශරීර සුවයෙන්ද යුතුව) ඔවුන් වෙත ආපසු පැමිණි අවස්ථාවේදී ඔබ වෙත ඔවුන් (පැමිණ යුද්ධයට නොඒම ගැන සමාව ඉල්ලා) ප්‍රශංසා කරන්නාහ. (එයට නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “ඔබ ප්‍රශංසා නොකරනු. අපි ඔබව විශ්වාස කරන්නේම නැත. ඔබගේ (වංචනික) කාරණාවන් නියත වශයෙන්ම අල්ලාහ් අපට දැනුම් දුන්නේය. අල්ලාහ්ද, ඔහුගේ දූතයාද ඉතාමත් ඉක්මනින් ඔබගේ ක්‍රියාවන් දැන ගන්නාහ. පසුව ඔබ රහස් හා නොරහස් දන්නා අය වෙත ගෙන යනු ලබන්නෙහුය. ඔබ කරමින් සිටි දැය ඒ අවස්ථාවේදී ඔහුම ඔබට දැනුම් දෙනු ඇත”