Surah At-Taubah Verse 99 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَمِنَ ٱلۡأَعۡرَابِ مَن يُؤۡمِنُ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَيَتَّخِذُ مَا يُنفِقُ قُرُبَٰتٍ عِندَ ٱللَّهِ وَصَلَوَٰتِ ٱلرَّسُولِۚ أَلَآ إِنَّهَا قُرۡبَةٞ لَّهُمۡۚ سَيُدۡخِلُهُمُ ٱللَّهُ فِي رَحۡمَتِهِۦٓۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ
අල්ලාහ්වද, අවසාන දිනයද මත විශ්වාසය තැබූ පිටිසර අරාබිවරුන්ගෙන් බොහොමයක් ඇත්තාහ. ඔවුන් තමන් කරන දානමානය අල්ලාහ් වෙත තමන්ව සමීප කරවීමට හා (ඔහුගේ) දූතයාගේ ආශීර්වාදයටද මාර්ගයක් බවට පත් කර ගන්නාහ. නියත වශයෙන්ම එය ඔවුන්ව (අල්ලාහ්ට) සමීප කරවන්නේය යන්න ඔබ දැන ගනු මැනව! අල්ලාහ් ඔවුන්ව ඉතාමත් ඉක්මනින් තම දයාවෙහිද ඇතුළු කරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් පව් වලට සමාව දී කරුණාව, දයාව දක්වන්නෙකු වශයෙන් සිටින්නේය