Surah Al-Fatiha - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙන්
Surah Al-Fatiha, Verse 1
ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ
සියලූම ප්‍රශංසා අල්ලාහ්ටය (ඔහු) සකල ලෝකයම නිර්මාණය කර, සංවර්ධනය කර, සංරක්ෂණය කර, පරිපෝෂණය කර, පරිපාලනය කරන්නාවූද
Surah Al-Fatiha, Verse 2
ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
අපරිමිත අනුකම්පාවද, අසමසම දයාවද
Surah Al-Fatiha, Verse 3
مَٰلِكِ يَوۡمِ ٱلدِّينِ
විනිශ්චය දින අධිපති(ද වන්නේය)
Surah Al-Fatiha, Verse 4
إِيَّاكَ نَعۡبُدُ وَإِيَّاكَ نَسۡتَعِينُ
(අනුකම්පාවද දයාවද පිරි අප දෙවියනේ) ඔබවම අප නමදින්නෙමු. ඔබගෙන්ම අප පිහිට පතන්නෙමු
Surah Al-Fatiha, Verse 5
ٱهۡدِنَا ٱلصِّرَٰطَ ٱلۡمُسۡتَقِيمَ
ඔබ අපට ඍජු මාර්ගය පෙන්වා දෙනු මැනව
Surah Al-Fatiha, Verse 6
صِرَٰطَ ٱلَّذِينَ أَنۡعَمۡتَ عَلَيۡهِمۡ غَيۡرِ ٱلۡمَغۡضُوبِ عَلَيۡهِمۡ وَلَا ٱلضَّآلِّينَ
ඔබගේ අනුකම්පාව හා දයාව කා හට පහළ කළේද, ඔවුන්ගේ මාර්ගයෙහි (යාමට සලස්වනු මැනව) (එය ඔබගේ) කෝපයට පාත්‍ර වූ මාර්ගයෙහිද නොව, අයහමග වූවන්ගේ මාර්ගයෙහිද නොව
Surah Al-Fatiha, Verse 7