Surah Al-Fatiha - Sinhala Translation by Www.islamhouse.com
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි
Surah Al-Fatiha, Verse 1
ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ
සියලු ප්‍රශංසා ලෝකයන් හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය
Surah Al-Fatiha, Verse 2
ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
අපරිමිත දයාන්විතය අසමසම කරුණාන්විත ය
Surah Al-Fatiha, Verse 3
مَٰلِكِ يَوۡمِ ٱلدِّينِ
විනිශ්චය දිනයේ රජු ය
Surah Al-Fatiha, Verse 4
إِيَّاكَ نَعۡبُدُ وَإِيَّاكَ نَسۡتَعِينُ
ඔබට ම අපි නමදිමු. ඔබගෙන් ම අපි උදව් පතමු
Surah Al-Fatiha, Verse 5
ٱهۡدِنَا ٱلصِّرَٰطَ ٱلۡمُسۡتَقِيمَ
අපට ඍජු මඟ පෙන්වනු මැනව
Surah Al-Fatiha, Verse 6
صِرَٰطَ ٱلَّذِينَ أَنۡعَمۡتَ عَلَيۡهِمۡ غَيۡرِ ٱلۡمَغۡضُوبِ عَلَيۡهِمۡ وَلَا ٱلضَّآلِّينَ
ඔබ කවරෙකු ට ආශිර්වාද කළේ ද එම මාර්ගයයි. තමන් කෙරෙහි කෝපය ට ලක් වූවන් හෝ මුළාවූවන් ගේ මාර්ගය නොව
Surah Al-Fatiha, Verse 7