Surah At-Takathur - Sinhala Translation by Www.islamhouse.com
أَلۡهَىٰكُمُ ٱلتَّكَاثُرُ
තරඟ වදිමින් (වස්තුව) අධික ලෙස රැස් කිරීම (අල්ලාහ් ව සිහිපත් කිරීමෙන්) නුඹලා ව වෙනතකට යොමු කර ඇත
Surah At-Takathur, Verse 1
حَتَّىٰ زُرۡتُمُ ٱلۡمَقَابِرَ
නුඹලා මිනීවළවල් හමු වන තුරු
Surah At-Takathur, Verse 2
كَلَّا سَوۡفَ تَعۡلَمُونَ
එසේ නොව, නුඹලා මතු දැන ගන්නෙහුය
Surah At-Takathur, Verse 3
ثُمَّ كَلَّا سَوۡفَ تَعۡلَمُونَ
යළි එසේ නොව, නුඹලා මතු දැන ගන්නෙහුය
Surah At-Takathur, Verse 4
كَلَّا لَوۡ تَعۡلَمُونَ عِلۡمَ ٱلۡيَقِينِ
එසේ නොව නුඹලා ස්ථාවර දැනුමින් දැන ගන්නෙහු නම්
Surah At-Takathur, Verse 5
لَتَرَوُنَّ ٱلۡجَحِيمَ
නුඹලා සැබැවින්ම නිරය දකිනු ඇත
Surah At-Takathur, Verse 6
ثُمَّ لَتَرَوُنَّهَا عَيۡنَ ٱلۡيَقِينِ
පසුව නුඹලා එය තිරසාර ලෙස දකිනු ඇත
Surah At-Takathur, Verse 7
ثُمَّ لَتُسۡـَٔلُنَّ يَوۡمَئِذٍ عَنِ ٱلنَّعِيمِ
තවද එදින නුඹලා (භුක්ති වින්දා වූ) සැප සම්පත් පිළිබඳ ව විමසනු ලබනු ඇත
Surah At-Takathur, Verse 8