Surah Al-Maun - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
أَرَءَيۡتَ ٱلَّذِي يُكَذِّبُ بِٱلدِّينِ
(නබියේ! විනිශ්චය දින) තීන්දුව බොරු කරන්නාව ඔබ (අවධානය කර) බැලූවෙහිද
Surah Al-Maun, Verse 1
فَذَٰلِكَ ٱلَّذِي يَدُعُّ ٱلۡيَتِيمَ
(දිසාවක් නොමැති) අනාථයින්ව එළවා දමන්නා ඔහුය
Surah Al-Maun, Verse 2
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ
ඔහු දුප්පතුන්ට (ආහාර ලබා නොදෙන අතර) ආහාර ලබා දෙන මෙන් (අන් අයව) පොළඹවන්නේද නැත
Surah Al-Maun, Verse 3
فَوَيۡلٞ لِّلۡمُصَلِّينَ
තවද තමන්ගේ සලාතයෙහි නොසැලකිලිමත්ව සිටින
Surah Al-Maun, Verse 4
ٱلَّذِينَ هُمۡ عَن صَلَاتِهِمۡ سَاهُونَ
(වංචනිකයින් වන) සලාත් කරන්නන්ටද විනාශයයි
Surah Al-Maun, Verse 5
ٱلَّذِينَ هُمۡ يُرَآءُونَ
ඔවුන් (සලාත් කළා වුවද ජනතාවට) පෙන්වීම සඳහාම සලාත් කරන්නාහ
Surah Al-Maun, Verse 6
وَيَمۡنَعُونَ ٱلۡمَاعُونَ
(ඉඳි කටු වැනි) අල්ප වස්තුවද (පාවිච්චි කර ආපසු දීමට වුවද) වළක්වා ගන්නාහ
Surah Al-Maun, Verse 7