Surah Yusuf - Sinhala Translation by Www.islamhouse.com
الٓرۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ
අලිෆ්, ලාම්, රා. එය පැහැදිලි දේව ග්‍රන්ථයේ වදන් වෙයි
Surah Yusuf, Verse 1
إِنَّآ أَنزَلۡنَٰهُ قُرۡءَٰنًا عَرَبِيّٗا لَّعَلَّكُمۡ تَعۡقِلُونَ
නුඹලා වටහා ගත හැකි වනු පිණිස නියත වශයෙන්ම අපි එය අරාබි බසින් පාරායනය කරන්නක් ලෙස පහළ කළෙමු
Surah Yusuf, Verse 2
نَحۡنُ نَقُصُّ عَلَيۡكَ أَحۡسَنَ ٱلۡقَصَصِ بِمَآ أَوۡحَيۡنَآ إِلَيۡكَ هَٰذَا ٱلۡقُرۡءَانَ وَإِن كُنتَ مِن قَبۡلِهِۦ لَمِنَ ٱلۡغَٰفِلِينَ
(නබිවරය!) අපි නුඹ වෙත මෙම අල්කුර්ආනය හෙළිදරව් කිරීම මගින්, (විවිධ) අලංකාර පුවත් නුඹට කියවා පෙන්වන්නෙමු. සැබැවින්ම ඔබ මීට පෙර (මේ ගැන) නොදැනුවත් ව සිටි අය අතුරින් සිටියෙහිය
Surah Yusuf, Verse 3
إِذۡ قَالَ يُوسُفُ لِأَبِيهِ يَـٰٓأَبَتِ إِنِّي رَأَيۡتُ أَحَدَ عَشَرَ كَوۡكَبٗا وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَ رَأَيۡتُهُمۡ لِي سَٰجِدِينَ
‘මාගේ පියතුමනි, නියත වශයෙන්ම මම ග්‍රහ තාරකා එකොළහක් ද හිරු හා සඳු ද දුටුවෙමි. ඒවා මට සුජූද් කරන්නාක් මෙන් දුටුවෙමි’ යැයි යූසුෆ් තම පියාණන්ට පැවසූ අවස්ථාව සිහිපත් කරනු
Surah Yusuf, Verse 4
قَالَ يَٰبُنَيَّ لَا تَقۡصُصۡ رُءۡيَاكَ عَلَىٰٓ إِخۡوَتِكَ فَيَكِيدُواْ لَكَ كَيۡدًاۖ إِنَّ ٱلشَّيۡطَٰنَ لِلۡإِنسَٰنِ عَدُوّٞ مُّبِينٞ
‘මාගේ පුතණුවනි, නුඹේ සිහිනයේ කතාව නුඹ නුඹගේ සහෝදරයින්ට නොකියනු. එවිට ඔවුහු මහත්වූ කුමන්ත්‍රණයකින් නුඹට කුමන්ත්‍රණය කරනු ඇත. නියත වශයෙන්ම ෂයිතාන් මිනිස් වාර්ගයාට පැහැදිලි සතුරෙකි.’ යැයි ඔහු කීවේය
Surah Yusuf, Verse 5
وَكَذَٰلِكَ يَجۡتَبِيكَ رَبُّكَ وَيُعَلِّمُكَ مِن تَأۡوِيلِ ٱلۡأَحَادِيثِ وَيُتِمُّ نِعۡمَتَهُۥ عَلَيۡكَ وَعَلَىٰٓ ءَالِ يَعۡقُوبَ كَمَآ أَتَمَّهَا عَلَىٰٓ أَبَوَيۡكَ مِن قَبۡلُ إِبۡرَٰهِيمَ وَإِسۡحَٰقَۚ إِنَّ رَبَّكَ عَلِيمٌ حَكِيمٞ
එලෙසය නුඹගේ පරමාධිපති නුඹ ව තෝරා ගෙන ඇත්තේ. තවද සිදුවීම් වල යථාර්ථය නුඹට ඔහු උගන්වනු ඇත. තවද මීට පෙර නුඹගේ පියවරුන් දෙපළ වන ඉබ්‍රාහීම් හා ඉස්හාක්ට ඔහු එය පූර්ණවත් කළාක් මෙන් නුඹ වෙතත් යඃකූබ්ගේ පරපුර වෙතත් එය පූර්ණවත් කරනු ඇත. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති සර්ව ඥානීය. සියුම් ඥානය ඇත්තාය
Surah Yusuf, Verse 6
۞لَّقَدۡ كَانَ فِي يُوسُفَ وَإِخۡوَتِهِۦٓ ءَايَٰتٞ لِّلسَّآئِلِينَ
සැබැවින්ම යූසුෆ් හා ඔහුගේ සහෝදරයින් විෂයෙහි විමසන්නන්හට සංඥාවන් (සාධකයන්) තිබේ
Surah Yusuf, Verse 7
إِذۡ قَالُواْ لَيُوسُفُ وَأَخُوهُ أَحَبُّ إِلَىٰٓ أَبِينَا مِنَّا وَنَحۡنُ عُصۡبَةٌ إِنَّ أَبَانَا لَفِي ضَلَٰلٖ مُّبِينٍ
‘අපි කණ්ඩායමක් වශයෙන් සිටිය දී අපට වඩා අපගේ පියාණන් වෙත යූසුෆ් හා ඔහුගේ සහෝදරයා ප්‍රිය මනාප වී ඇත. නියත වශයෙන්ම අපගේ පියාණන් පැහැදිලි නොමගෙහිය’ යැයි ඔවුහු පැවසුවෝය
Surah Yusuf, Verse 8
ٱقۡتُلُواْ يُوسُفَ أَوِ ٱطۡرَحُوهُ أَرۡضٗا يَخۡلُ لَكُمۡ وَجۡهُ أَبِيكُمۡ وَتَكُونُواْ مِنۢ بَعۡدِهِۦ قَوۡمٗا صَٰلِحِينَ
නුඹලා යූසුෆ් ව මරා දමනු. නැතහොත් නුඹලාගේ පියාගේ තෘප්තිය නුඹලා වෙත පමණක් වනු පිණිස යම් භූමි භාගයක (කොතනක හෝ) ඔහු ව විසි කර දමනු. ඔහුගෙන් පසු ව දැහැමි පිරිසක් බවට නුඹලා වනු ඇත
Surah Yusuf, Verse 9
قَالَ قَآئِلٞ مِّنۡهُمۡ لَا تَقۡتُلُواْ يُوسُفَ وَأَلۡقُوهُ فِي غَيَٰبَتِ ٱلۡجُبِّ يَلۡتَقِطۡهُ بَعۡضُ ٱلسَّيَّارَةِ إِن كُنتُمۡ فَٰعِلِينَ
ඔවුන් අතුරින් කෙනෙකු කතාකරමින් මෙසේ පවසා සිටීයේය. නුඹලා (යමක්) කරන්නන් ලෙස සිටින්නෙහු නම් නුඹලා යූසුෆ් ව මරා නොදමනු. තවද නුඹලා ඔහු ව (පාළු) ළිං අඳුරට හෙළනු. ඇතැම් නඩයන් ඔහු ව අහුළා ගනු ඇත
Surah Yusuf, Verse 10
قَالُواْ يَـٰٓأَبَانَا مَا لَكَ لَا تَأۡمَ۬نَّا عَلَىٰ يُوسُفَ وَإِنَّا لَهُۥ لَنَٰصِحُونَ
අහෝ පියාණෙනි ! යූසුෆ් සම්බන්ධයෙන් ඔබ අප ව විශ්වාස නොකර සිටීමට ඔබට කුමක් වී ද? නියත වශයෙන්ම අපි ඔහුට (යහපත සලසා) ආරක්ෂා කරන්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ
Surah Yusuf, Verse 11
أَرۡسِلۡهُ مَعَنَا غَدٗا يَرۡتَعۡ وَيَلۡعَبۡ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ
ඔහු (ආහාර පාන භුක්ති විඳින්නටත්) සෙල්ලම් කර විනෝද වන්නටත්, හෙට දින අප සමග ඔහු එවනු. තවද නියත වශයෙන්ම අපි ඔහු ව ආරක්ෂා කරන්නෝ වෙමු
Surah Yusuf, Verse 12
قَالَ إِنِّي لَيَحۡزُنُنِيٓ أَن تَذۡهَبُواْ بِهِۦ وَأَخَافُ أَن يَأۡكُلَهُ ٱلذِّئۡبُ وَأَنتُمۡ عَنۡهُ غَٰفِلُونَ
නුඹලා ඔහු කැටුවාගෙන යෑම නියත වශයෙන්ම මා දුකට පත් කරනු ඇත. තවද නුඹලා ඔහු ගැන නොසැලකිල්ලෙන් සිටිය දී වෘකයා ඔහු ව කා දමනු ඇතැයි මම බිය වෙමි යැයි ඔහු පැවසීය
Surah Yusuf, Verse 13
قَالُواْ لَئِنۡ أَكَلَهُ ٱلذِّئۡبُ وَنَحۡنُ عُصۡبَةٌ إِنَّآ إِذٗا لَّخَٰسِرُونَ
අපි කණ්ඩායමක් ලෙස සිටිය දී වෘකයා ඔහු ව කා දැමුවේ නම් නියත වශයෙන්ම අපි එවිට අලාභවන්තයෝ වෙමු යැයි ඔවුහු පැවසූහ
Surah Yusuf, Verse 14
فَلَمَّا ذَهَبُواْ بِهِۦ وَأَجۡمَعُوٓاْ أَن يَجۡعَلُوهُ فِي غَيَٰبَتِ ٱلۡجُبِّۚ وَأَوۡحَيۡنَآ إِلَيۡهِ لَتُنَبِّئَنَّهُم بِأَمۡرِهِمۡ هَٰذَا وَهُمۡ لَا يَشۡعُرُونَ
ඔවුහු ඔහු ව කැටුවා ගෙන ගිය කල්හි ඔවුහු ඔහු ව ළිං අඳුරෙහි තබන්නට එකඟ වූහ. තවද නියත වශයෙන්ම ඔවුන් නොදැනුවත්ව සිටිය දී ඔවුන්ගේ මෙම විෂයය සම්බන්ධයෙන් නුඹ ඔවුනට දන්වා සිටිනු ඇතැයි ද අපි ඔහු (යූසුෆ්) වෙත දන්වා සිටියෙමු
Surah Yusuf, Verse 15
وَجَآءُوٓ أَبَاهُمۡ عِشَآءٗ يَبۡكُونَ
තවද ඔවුහු හඩා වැළපෙමින් රෑ බෝවෙමින් තිබියදී ඔවුන්ගේ පියාණන් වෙත පැමිණියෝය
Surah Yusuf, Verse 16
قَالُواْ يَـٰٓأَبَانَآ إِنَّا ذَهَبۡنَا نَسۡتَبِقُ وَتَرَكۡنَا يُوسُفَ عِندَ مَتَٰعِنَا فَأَكَلَهُ ٱلذِّئۡبُۖ وَمَآ أَنتَ بِمُؤۡمِنٖ لَّنَا وَلَوۡ كُنَّا صَٰدِقِينَ
‘අපගේ පියාණනි, නියත වශයෙන්ම අපි ගොස් තරඟ වැදුනෙමු. අපගේ භාණ්ඩ සමග යූසුෆ් ව ද අත හැර දැමුවෙමු. එවිට වෘකයා ඔහු ව කා දැමුවේය. අපි සත්‍යවාදීන් ව සිටිය ද ඔබ අප ව විශ්වාස කරන්නකු නොවනු ඇතැයි’ ඔවුහු පැවසුවෝය
Surah Yusuf, Verse 17
وَجَآءُو عَلَىٰ قَمِيصِهِۦ بِدَمٖ كَذِبٖۚ قَالَ بَلۡ سَوَّلَتۡ لَكُمۡ أَنفُسُكُمۡ أَمۡرٗاۖ فَصَبۡرٞ جَمِيلٞۖ وَٱللَّهُ ٱلۡمُسۡتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ
ව්‍යාජ ලේ (පැල්ලමක්) ඔහුගේ කමිසය මත තවරා ගෙන ආවෝය. (එවිට) නුඹලාගේ ආත්මාවන් නුඹලාට මෙය අලංකාරවත් කළේය. එබැවින් (මා කළ යුත්තේ) අලංකාර ඉවසීමය. තවද අල්ලාහ් නුඹලා වර්ණනා කරන දෑ කෙරෙහි උදව් පතනු ලබන්නාය. (එහෙයින් මම ඔහුගෙන්ම උදව් පතමි.) යැයි ඔහු පැවසීය
Surah Yusuf, Verse 18
وَجَآءَتۡ سَيَّارَةٞ فَأَرۡسَلُواْ وَارِدَهُمۡ فَأَدۡلَىٰ دَلۡوَهُۥۖ قَالَ يَٰبُشۡرَىٰ هَٰذَا غُلَٰمٞۚ وَأَسَرُّوهُ بِضَٰعَةٗۚ وَٱللَّهُ عَلِيمُۢ بِمَا يَعۡمَلُونَ
තවද (වෙළෙඳ) නඩයක් පැමිණියේය. ඔවුනට ජලය සපයන්නා ව ඔවුහු එවුහ. එවිට ඔහු ඔහුගේ පනිට්ටු ව (ළිඳට) දැමුවේය. ‘අහෝ ශුභාරංචියකි. මෙන්න, දරුවෙකි’ යැයි ඔහු පැවසුවේය. තවද (ළිඳෙන් පිටත ගත්) ඔවුහු වෙළඳ භාණ්ඩයක් ලෙසින් ඔහු ව ද සඟවා ගත්තෝය. ඔවුන් සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව ඥානීය
Surah Yusuf, Verse 19
وَشَرَوۡهُ بِثَمَنِۭ بَخۡسٖ دَرَٰهِمَ مَعۡدُودَةٖ وَكَانُواْ فِيهِ مِنَ ٱلزَّـٰهِدِينَ
තවද ඔවුහු අඩු වටිනාකමට නියමිත රිදී කාසි වලට ඔහු ව විකුණා දැමුවෝය. තවද ඔහු සම්බන්ධයෙන් ඔවුහු උදාසීනයින් අතුරින් වූහ
Surah Yusuf, Verse 20
وَقَالَ ٱلَّذِي ٱشۡتَرَىٰهُ مِن مِّصۡرَ لِٱمۡرَأَتِهِۦٓ أَكۡرِمِي مَثۡوَىٰهُ عَسَىٰٓ أَن يَنفَعَنَآ أَوۡ نَتَّخِذَهُۥ وَلَدٗاۚ وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِي ٱلۡأَرۡضِ وَلِنُعَلِّمَهُۥ مِن تَأۡوِيلِ ٱلۡأَحَادِيثِۚ وَٱللَّهُ غَالِبٌ عَلَىٰٓ أَمۡرِهِۦ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ
ඊජිප්තුවේ ඔහු ව මිලට ගත් අය තම බිරිය අමතා මොහු ව මොහුගේ ස්ථානයේ සිට ආදරයෙන් රැක බලා ගන්න. මොහු අපට ප්‍රයෝජනවත් වන්නට පුළුවන. එසේ නැතහොත් අපගේ දරුවකු වශයෙන් ගනිමු යැයි පැවසුවේය. එලෙසය අපි යූසුෆ්ට පොළොවේ පහසුකම් සැලැස්වූයේ. තවද අපි ඔහුට සිදුවීම් වල යථාර්ථය (අවබෝධ කර ගන්නට) ඉගැන් වූයෙමු. තවද අල්ලාහ් ඔහුගේ නියෝගය (ක්‍රියාත්මක කිරීම) මත බලය දරන්නාය. නමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති
Surah Yusuf, Verse 21
وَلَمَّا بَلَغَ أَشُدَّهُۥٓ ءَاتَيۡنَٰهُ حُكۡمٗا وَعِلۡمٗاۚ وَكَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
ඔහු පරිණතභාවයට පත් වූ කල්හි අපි ඔහුට ප්‍රඥාව හා ඥානය පිරිනැමුවෙමු. එලෙසය දැහැමියන්ට අපි ප්‍රතිඵල පිරිනමනුයේ
Surah Yusuf, Verse 22
وَرَٰوَدَتۡهُ ٱلَّتِي هُوَ فِي بَيۡتِهَا عَن نَّفۡسِهِۦ وَغَلَّقَتِ ٱلۡأَبۡوَٰبَ وَقَالَتۡ هَيۡتَ لَكَۚ قَالَ مَعَاذَ ٱللَّهِۖ إِنَّهُۥ رَبِّيٓ أَحۡسَنَ مَثۡوَايَۖ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلظَّـٰلِمُونَ
ඇය ඇයගේ නිවසේ විසූ ඔහු ව (කාමයේ වරදවා හැසිරෙන්නට) පෙලඹුවාය. ඇය දොරටු වැසුවාය. තමන් අසලට පැමිණෙන්නැයි පැවසුවාය. අල්ලාහ්ගේ ආරක්ෂාව පතමි නියත වශයෙන්ම මාගේ පරමාධිපති මාගේ ස්ථානය අලංකාරවත් කළේය. නියත වශයෙන්ම අපරාධකරුවෝ ජය නොලබති යැයි ඔහු පැවසීය
Surah Yusuf, Verse 23
وَلَقَدۡ هَمَّتۡ بِهِۦۖ وَهَمَّ بِهَا لَوۡلَآ أَن رَّءَا بُرۡهَٰنَ رَبِّهِۦۚ كَذَٰلِكَ لِنَصۡرِفَ عَنۡهُ ٱلسُّوٓءَ وَٱلۡفَحۡشَآءَۚ إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُخۡلَصِينَ
ඇය ඔහු සමග (කාමයේ වරදවා හැසිරෙන්නට) උත්සාහ දැරුවාය. ඔහුගේ පරමාධිපතිගේ සාධක ඔහු නොදුටුවේ නම් ඔහු ද ඇය සමග නැඹුරු වන්නට තිබුණි. එලෙස (අපි සිදු කළේ) නපුර හා අශික්ෂිත දෑ ඔහුගෙන් අපි වෙනතකට යොමු කරනු පිණිසය. නියත වශයෙන්ම ඔහු අපගේ අවංක ගැත්තන් අතුරින් විය
Surah Yusuf, Verse 24
وَٱسۡتَبَقَا ٱلۡبَابَ وَقَدَّتۡ قَمِيصَهُۥ مِن دُبُرٖ وَأَلۡفَيَا سَيِّدَهَا لَدَا ٱلۡبَابِۚ قَالَتۡ مَا جَزَآءُ مَنۡ أَرَادَ بِأَهۡلِكَ سُوٓءًا إِلَّآ أَن يُسۡجَنَ أَوۡ عَذَابٌ أَلِيمٞ
දෙදෙනාම තරඟ වැඳ දොරටු ව වෙත ගියහ. ඇය ඔහුගේ කමිසය පිටුපසින් ඇද ඉරා දැමුවාය. දෙදෙනාම දොර අසල දී ඇයගේ ස්වාමියා හමු වූහ. ‘ඔබේ පවුලට නපුරක් අපේක්ෂා කළ අය සිරගත කරනු ලැබීම හෝ වේදනීය දඬුවමක් මිස වෙනත් කවර ප්‍රතිවිපාකයක් දැයි ඇය (එවිට ඇයගේ ස්වාමියාගෙන්) විමසුවාය
Surah Yusuf, Verse 25
قَالَ هِيَ رَٰوَدَتۡنِي عَن نَّفۡسِيۚ وَشَهِدَ شَاهِدٞ مِّنۡ أَهۡلِهَآ إِن كَانَ قَمِيصُهُۥ قُدَّ مِن قُبُلٖ فَصَدَقَتۡ وَهُوَ مِنَ ٱلۡكَٰذِبِينَ
මා පොලඹවාලීමට තැත් කළේ ඇයයි යැයි ඔහු (යූසුෆ්) පැවසුවේය. (එවිට) ඔහුගේ කමිසය ඉදිරියෙන් ඇද ඉරනු ලැබ තිබුණේ නම් ඇය සත්‍යය පවසා ඇත. තවද ඔහු මුසාවාදීන් අතුරිනි යැයි ඇයගේ පවුලෙන් වූ සාක්ෂිකරුවකු සාක්ෂි දැරුවේය
Surah Yusuf, Verse 26
وَإِن كَانَ قَمِيصُهُۥ قُدَّ مِن دُبُرٖ فَكَذَبَتۡ وَهُوَ مِنَ ٱلصَّـٰدِقِينَ
ඔහුගේ කමිසය පසුපසින් ඉරනු ලැබ තිබුණේ නම් එවිට ඇය බොරු පවසා ඇත. ඔහු සත්‍යවාදීන් අතුරිනි (යැයි තවදුරටත් පැවසුවේය)
Surah Yusuf, Verse 27
فَلَمَّا رَءَا قَمِيصَهُۥ قُدَّ مِن دُبُرٖ قَالَ إِنَّهُۥ مِن كَيۡدِكُنَّۖ إِنَّ كَيۡدَكُنَّ عَظِيمٞ
ඔහුගේ කමිසය පසුපසින් ඉරනු ලැබී තිබෙනු ඔහු දුටු කල්හි "නියත වශයෙන්ම මෙය කාන්තාවන්වූ නුඹලාගේ උපායකි. නියත වශයෙන්ම නුඹලාගේ උපාය අතිභයානකය" යැයි ඔහු පැවසුවේය
Surah Yusuf, Verse 28
يُوسُفُ أَعۡرِضۡ عَنۡ هَٰذَاۚ وَٱسۡتَغۡفِرِي لِذَنۢبِكِۖ إِنَّكِ كُنتِ مِنَ ٱلۡخَاطِـِٔينَ
තවද යූසුෆ්, එය නොසලකා හරිනු.(අහෝ ස්ත්‍රිය,) ඔබ ඔබේ පාපයට සමාව අයැදිනු. නියත වශයෙන්ම ඔබ වැරදිකරුවන් අතුරින් විය
Surah Yusuf, Verse 29
۞وَقَالَ نِسۡوَةٞ فِي ٱلۡمَدِينَةِ ٱمۡرَأَتُ ٱلۡعَزِيزِ تُرَٰوِدُ فَتَىٰهَا عَن نَّفۡسِهِۦۖ قَدۡ شَغَفَهَا حُبًّاۖ إِنَّا لَنَرَىٰهَا فِي ضَلَٰلٖ مُّبِينٖ
පාලකයාගේ බිරිය ඇයගේ (වහල්) තරුණයා සමග (කාමයේ වරදවා හැසිරීමට) තැත් කොට ඇත. ආලයෙන් ඇය ව වෙළා ඇත. සැබැවින්ම අපි ඇය පැහැදිලි මුළාවෙහි සිටිනු දකින්නෙමු යැයි නගරයේ කාන්තාවෝ පවසා සිටියහ
Surah Yusuf, Verse 30
فَلَمَّا سَمِعَتۡ بِمَكۡرِهِنَّ أَرۡسَلَتۡ إِلَيۡهِنَّ وَأَعۡتَدَتۡ لَهُنَّ مُتَّكَـٔٗا وَءَاتَتۡ كُلَّ وَٰحِدَةٖ مِّنۡهُنَّ سِكِّينٗا وَقَالَتِ ٱخۡرُجۡ عَلَيۡهِنَّۖ فَلَمَّا رَأَيۡنَهُۥٓ أَكۡبَرۡنَهُۥ وَقَطَّعۡنَ أَيۡدِيَهُنَّ وَقُلۡنَ حَٰشَ لِلَّهِ مَا هَٰذَا بَشَرًا إِنۡ هَٰذَآ إِلَّا مَلَكٞ كَرِيمٞ
ඔවුන්ගේ රහස් කතාවට ඇය (එම පාලකයාගේ බිරිඳ) සවන් දුන් කල්හි ඔවුන් වෙත පණිවිඩයක් යවා ඔවුනට හාන්සි (ව සිට බුක්ති විඳින) සංග්‍රහයක් සූදානම් කළාය. ඔවුන් අතුරින් සෑම කෙනෙකුටම පිහියක් බැගින් දුන්නාය. පසු ව ඔබ ඔවුන් ඉදිරියට පිට ව යනු යැයි (යූසුෆ්ට) ඇය පැවසුවාය. ඔවුහු ඔහු ව දුටු කල්හි ඔහු ගැන මහත් පුදුමයට පත් වූහ. ඔවුන්ගේ අත් (නොදැනුවත්වම) කපා ගත්හ. අල්ලාහ් අපව ආරක්ෂා කරත්වා! මොහු මිනිසෙකු නොවේ. මොහු ගෞරවනීය මලක්වරයකු මිස නැතැයි ඔවුහු පවසා සිටියහ
Surah Yusuf, Verse 31
قَالَتۡ فَذَٰلِكُنَّ ٱلَّذِي لُمۡتُنَّنِي فِيهِۖ وَلَقَدۡ رَٰوَدتُّهُۥ عَن نَّفۡسِهِۦ فَٱسۡتَعۡصَمَۖ وَلَئِن لَّمۡ يَفۡعَلۡ مَآ ءَامُرُهُۥ لَيُسۡجَنَنَّ وَلَيَكُونٗا مِّنَ ٱلصَّـٰغِرِينَ
නුඹලා කවර කරුණක් සම්බන්ධයෙන් මට දොස් නැගුවෙහුද එයයි මෙය. මම ඔහු සමග (කාමයේ වරදවා හැසිරෙන්නට) තැත් කළෙමි. නමුත් ඔහු සුරක්ෂිත විය. මා ඔහුට අණ කරන දෑ ඔහු ඉටු නොකළේ නම් ඔහු සිරගත කරනු ලබනු ඇත. තවද ඔහු පහත් අය අතුරින් වනු ඇත යැයි ඇය පැවසුවාය
Surah Yusuf, Verse 32
قَالَ رَبِّ ٱلسِّجۡنُ أَحَبُّ إِلَيَّ مِمَّا يَدۡعُونَنِيٓ إِلَيۡهِۖ وَإِلَّا تَصۡرِفۡ عَنِّي كَيۡدَهُنَّ أَصۡبُ إِلَيۡهِنَّ وَأَكُن مِّنَ ٱلۡجَٰهِلِينَ
මාගේ පරමාධිපතියාණෙනි, ඔවුන් කවර දෙයක් වෙත මා කැඳවන්නේ ද ඊට වඩා සිරගත වීම මට ප්‍රිය මනාපය. ඔවුන්ගේ උපායෙන් නුඹ මා වෙනතකට නොහරවන්නේ නම් ඔවුන් වෙත මම හසුවන්නෙමි. තවද මම අඥානයින් අතුරින් වෙමි යැයි ඔහු පැවසුවේය
Surah Yusuf, Verse 33
فَٱسۡتَجَابَ لَهُۥ رَبُّهُۥ فَصَرَفَ عَنۡهُ كَيۡدَهُنَّۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ
එවිට ඔහුගේ පරමාධිපති ඔහුට (ඔහුගේ ප්‍රාර්ථනාවට) පිළිතුරු දුන්නේය. ඔවුන්ගේ උපාය ඔහු ඔහුගෙන් වෙනතකට හැරෙව්වේය. නියත වශයෙන්ම ඔහුමය සර්ව ශ්‍රාවක සර්ව ඥානී වන්නේ
Surah Yusuf, Verse 34
ثُمَّ بَدَا لَهُم مِّنۢ بَعۡدِ مَا رَأَوُاْ ٱلۡأٓيَٰتِ لَيَسۡجُنُنَّهُۥ حَتَّىٰ حِينٖ
අනතුරු ව ඔවුන් (ඔහුගේ අවංකභාවයට) සාධක දුටු පසු ව මද කලකට ඔහු ව සිරභාරයට ගනු ලැබීම යහපත් යැයි ඔවුනට හෙළි විය
Surah Yusuf, Verse 35
وَدَخَلَ مَعَهُ ٱلسِّجۡنَ فَتَيَانِۖ قَالَ أَحَدُهُمَآ إِنِّيٓ أَرَىٰنِيٓ أَعۡصِرُ خَمۡرٗاۖ وَقَالَ ٱلۡأٓخَرُ إِنِّيٓ أَرَىٰنِيٓ أَحۡمِلُ فَوۡقَ رَأۡسِي خُبۡزٗا تَأۡكُلُ ٱلطَّيۡرُ مِنۡهُۖ نَبِّئۡنَا بِتَأۡوِيلِهِۦٓۖ إِنَّا نَرَىٰكَ مِنَ ٱلۡمُحۡسِنِينَ
තවද ඔහු සමග සිරගෙයට තරුණයින් දෙදෙනෙකු ද ඇතුළු වූහ. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු සැබැවින්ම මම මත්පැන් පෙරනු බව මම මා ගැන සිහිනයක් දුටුවෙමි යැයි පැවසුවේය. තවද අනෙකා සැබැවින්ම මම ද මාගේ හිසට ඉහළින් මා රොටියක් උසුලමින් සිටියෙමි. පක්ෂියකු ඉන් අනුභව කරනු මම මා ගැන සිහිනයක් දුටුවෙමි යැයි පැවසුවේය. එහි යථාර්ථය ඔබ අපට දන්වා සිටිනු. සැබැවින්ම අපි ඔබ ව දැහැමියන් අතුරින් දකිමු (යැයි තවදුරටත් පවසා සිටියහ)
Surah Yusuf, Verse 36
قَالَ لَا يَأۡتِيكُمَا طَعَامٞ تُرۡزَقَانِهِۦٓ إِلَّا نَبَّأۡتُكُمَا بِتَأۡوِيلِهِۦ قَبۡلَ أَن يَأۡتِيَكُمَاۚ ذَٰلِكُمَا مِمَّا عَلَّمَنِي رَبِّيٓۚ إِنِّي تَرَكۡتُ مِلَّةَ قَوۡمٖ لَّا يُؤۡمِنُونَ بِٱللَّهِ وَهُم بِٱلۡأٓخِرَةِ هُمۡ كَٰفِرُونَ
නුඹලා දෙදෙනාට පෝෂණය වශයෙන් දෙනු ලබන ආහාර නුඹලා වෙත නොපැමිණි නමුත් නුඹලා දෙදෙනාට එය පැමිණීමට පෙර එහි යථාර්ථය නුඹලා දෙදෙනාට දන්වමි යැයි ඔහු පැවසුවේය. එය මාගේ පරමාධිපති මට ඉගැන්වූ දැයිනි. අල්ලාහ් ව විශ්වාස නොකරන ජනයාගේ පිළිවෙත මම අත හැරියෙමි. තවද ඔවුහු පරමාන්ත දිනය පිළිබඳ ප්‍රතික්ෂේප කරන්නෝ වෙති
Surah Yusuf, Verse 37
وَٱتَّبَعۡتُ مِلَّةَ ءَابَآءِيٓ إِبۡرَٰهِيمَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَۚ مَا كَانَ لَنَآ أَن نُّشۡرِكَ بِٱللَّهِ مِن شَيۡءٖۚ ذَٰلِكَ مِن فَضۡلِ ٱللَّهِ عَلَيۡنَا وَعَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَشۡكُرُونَ
තවද මාගේ මුතුන්මිත්තන් වූ ඉබ්‍රාහීම, ඉස්හාක් හා යඃකූබ්ගේ පිළිවෙත මම අනුගමනය කරමි. කිසිවකින් අල්ලාහ්ට අප ආදේශ කිරීම අපට සුදුසු නොවීය. එය අප වෙත හා ජනයා වෙත වූ අල්ලාහ්ගේ භාග්‍යය අතුරිනි. නමුත් ජනයාගෙන් බහුතරයක් කෘතවේදී නොවෙති
Surah Yusuf, Verse 38
يَٰصَٰحِبَيِ ٱلسِّجۡنِ ءَأَرۡبَابٞ مُّتَفَرِّقُونَ خَيۡرٌ أَمِ ٱللَّهُ ٱلۡوَٰحِدُ ٱلۡقَهَّارُ
ආහෝ මාගේ මිතුරු සිරකරුවන් දෙදෙන, උතුම් වනුයේ (වෙන් වෙන් ව සිටින) විවිධ දෙවිවරුන් ද එසේ නැතහොත් බලපරාක්‍රමයාණන් වූ එකම දෙවිඳුන් අල්ලාහ් ද
Surah Yusuf, Verse 39
مَا تَعۡبُدُونَ مِن دُونِهِۦٓ إِلَّآ أَسۡمَآءٗ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٍۚ إِنِ ٱلۡحُكۡمُ إِلَّا لِلَّهِ أَمَرَ أَلَّا تَعۡبُدُوٓاْ إِلَّآ إِيَّاهُۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلۡقَيِّمُ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ
ඔහුගෙන් තොර ව නුඹලා නැමඳුම් කරන දෑ නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් විසින් ඒවාට නම් තැබූ නාමයන් මිස නොමැත. අල්ලාහ් ඒ පිළිබඳ ව කිසිදු බලයක් පහළ කළේ නැත. තීන්දු කිරීම අල්ලාහ්ට මිස නැත. නුඹලා ඔහුට පමණක් මිස (වෙනත් කිසිවකුට) නැමඳුම් නොකළ යුතු බවට ඔහු අණ කළේය. එයයි ඍජු දහම වනුයේ. නමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති
Surah Yusuf, Verse 40
يَٰصَٰحِبَيِ ٱلسِّجۡنِ أَمَّآ أَحَدُكُمَا فَيَسۡقِي رَبَّهُۥ خَمۡرٗاۖ وَأَمَّا ٱلۡأٓخَرُ فَيُصۡلَبُ فَتَأۡكُلُ ٱلطَّيۡرُ مِن رَّأۡسِهِۦۚ قُضِيَ ٱلۡأَمۡرُ ٱلَّذِي فِيهِ تَسۡتَفۡتِيَانِ
අහෝ මාගේ මිතුරු සිරකරුවන් දෙදෙන, නුඹලා දෙදෙනාගෙන් එක් අයකු වූ කලී ඔහු තම ස්වාමියාට මත්පැන් සපයනු ඇත. අනෙක් අය වූ කලී කුරුසයේ තබා බැද දමනු ලැබේ. එවිට ඔහුගේ හිස මත සිට පක්ෂියා අනුභව කරයි. කවර දෙයක් සම්බන්ධයෙන් නුඹලා දෙදෙනා විමසා සිටියේ ද එම කරුණ තීන්දු කරනු ලැබීය
Surah Yusuf, Verse 41
وَقَالَ لِلَّذِي ظَنَّ أَنَّهُۥ نَاجٖ مِّنۡهُمَا ٱذۡكُرۡنِي عِندَ رَبِّكَ فَأَنسَىٰهُ ٱلشَّيۡطَٰنُ ذِكۡرَ رَبِّهِۦ فَلَبِثَ فِي ٱلسِّجۡنِ بِضۡعَ سِنِينَ
ඔවුන් දෙදෙනාගෙන් සැබැවින්ම මොහු නිදහස් වනු ඇතැයි සිතූ පුද්ගලයා අමතා, නුඹේ ස්වාමියා අබියස මා ගැන මතක් කරන්න යැයි ඔහු (යූසුෆ්) පැවසුවේය. නමුත් තම ස්වාමියා වෙත මෙනෙහි කිරීමට ෂෙයිතාන් ඔහුට අමතක කර දැමීය. එහෙයින් ඔහු (තවත්) වසර කිහිපයක් සිරගෙහි රැඳුණේය
Surah Yusuf, Verse 42
وَقَالَ ٱلۡمَلِكُ إِنِّيٓ أَرَىٰ سَبۡعَ بَقَرَٰتٖ سِمَانٖ يَأۡكُلُهُنَّ سَبۡعٌ عِجَافٞ وَسَبۡعَ سُنۢبُلَٰتٍ خُضۡرٖ وَأُخَرَ يَابِسَٰتٖۖ يَـٰٓأَيُّهَا ٱلۡمَلَأُ أَفۡتُونِي فِي رُءۡيَٰيَ إِن كُنتُمۡ لِلرُّءۡيَا تَعۡبُرُونَ
තවද රජතෙම (තම ප්‍රධානීන් අමතා) ‘සැබැවින්ම පුෂ්ටිමත් ගවයන් හත් දෙනෙකුව වැහිරී ගිය (ගවයන්) හත් දෙනෙකු කා දැමීම ද, සාරවත් (ධාන්‍ය) කරල් හතක් හා අනෙක් ඒවා වියළි ලෙස තිබීම ද සත්‍යවශයෙන්ම මම (සිහිනෙන්) දුටුවෙම්. අහෝ ප්‍රධානියිනි, නුඹලා සිහින වලට පලාපල කියමින් සිටියෙහු නම් මාගේ මෙම සිහිනය පිළිබඳ ව මා හට විස්තර කරනු. (යැයි රජු පැවසුවේය)
Surah Yusuf, Verse 43
قَالُوٓاْ أَضۡغَٰثُ أَحۡلَٰمٖۖ وَمَا نَحۡنُ بِتَأۡوِيلِ ٱلۡأَحۡلَٰمِ بِعَٰلِمِينَ
මේවා ව්‍යාකූල සිහින වේ. තවද අපි සිහින වල අර්ථ පිළිබඳ දැනුමැත්තන් නොවන්නෙමු යැයි ඔවුහු පැවසූහ
Surah Yusuf, Verse 44
وَقَالَ ٱلَّذِي نَجَا مِنۡهُمَا وَٱدَّكَرَ بَعۡدَ أُمَّةٍ أَنَا۠ أُنَبِّئُكُم بِتَأۡوِيلِهِۦ فَأَرۡسِلُونِ
ඔවුන් දෙදෙනාගෙන් නිදහස් වූ අය ටික කලකට පසු ව (යූසුෆ් පිළිබඳ ව) මතක් වී එහි අර්ථය පිළිබඳ ව මම නුඹලාට දැනුම් දෙමි. එහෙයින් නුඹලා මා (යූසුෆ් වෙත) යවනු යැයි කීය
Surah Yusuf, Verse 45
يُوسُفُ أَيُّهَا ٱلصِّدِّيقُ أَفۡتِنَا فِي سَبۡعِ بَقَرَٰتٖ سِمَانٖ يَأۡكُلُهُنَّ سَبۡعٌ عِجَافٞ وَسَبۡعِ سُنۢبُلَٰتٍ خُضۡرٖ وَأُخَرَ يَابِسَٰتٖ لَّعَلِّيٓ أَرۡجِعُ إِلَى ٱلنَّاسِ لَعَلَّهُمۡ يَعۡلَمُونَ
අහෝ සත්‍යවාදී යූසුෆ්, පුෂ්ටිමත් ගවයන් හත් දෙනෙකු ව වැහිරී ගිය (ගවයන්) හත් දෙනෙකු කා දැමීම හා සාරවත් (ධාන්‍ය) කරල් හතක් හා අනෙක් ඒවා වියළි ව තිබීම ගැන මට විස්තර කරන්න. මම ජනයා වෙත හැරී ගොස් (දන්වමි) ඔවුන් එය දැන ගත හැකි වනු පිණිස
Surah Yusuf, Verse 46
قَالَ تَزۡرَعُونَ سَبۡعَ سِنِينَ دَأَبٗا فَمَا حَصَدتُّمۡ فَذَرُوهُ فِي سُنۢبُلِهِۦٓ إِلَّا قَلِيلٗا مِّمَّا تَأۡكُلُونَ
අවුරුදු හතක් දිගටම නුඹලා වගා කරනු ඇත. නුඹලා අස්වනු වශයෙන් නෙළාගන්නා දෑ නුඹලා අනුභව කරන ස්වල්ප ප්‍රමාණය හැර (අනෙක් ඒවා) එහි කරල් තුළම තිබෙන්නට හරිනු
Surah Yusuf, Verse 47
ثُمَّ يَأۡتِي مِنۢ بَعۡدِ ذَٰلِكَ سَبۡعٞ شِدَادٞ يَأۡكُلۡنَ مَا قَدَّمۡتُمۡ لَهُنَّ إِلَّا قَلِيلٗا مِّمَّا تُحۡصِنُونَ
ඉන් පසු ව දරුණු (සාගතයෙන් සපිරි වූ වසර) හතක් පැමිණෙයි. නුඹලා ඒ සඳහා (ධාන්‍ය අතුරින්) පෙර සූදානම් කළ දෑ අනුභව කරනු ඇත. නමුත් නුඹලා ගබඩා කරන දැයින් ස්වල්පයක් මිස
Surah Yusuf, Verse 48
ثُمَّ يَأۡتِي مِنۢ بَعۡدِ ذَٰلِكَ عَامٞ فِيهِ يُغَاثُ ٱلنَّاسُ وَفِيهِ يَعۡصِرُونَ
ඉන් පසු ව වසරක් පැමිණෙයි. ජනයා එහි වර්ෂාවෙන් ආශිර්වාද කරනු ලබනු අතර තවද ඔවුහු එහි (පලතුරු) යුෂ පෙරති
Surah Yusuf, Verse 49
وَقَالَ ٱلۡمَلِكُ ٱئۡتُونِي بِهِۦۖ فَلَمَّا جَآءَهُ ٱلرَّسُولُ قَالَ ٱرۡجِعۡ إِلَىٰ رَبِّكَ فَسۡـَٔلۡهُ مَا بَالُ ٱلنِّسۡوَةِ ٱلَّـٰتِي قَطَّعۡنَ أَيۡدِيَهُنَّۚ إِنَّ رَبِّي بِكَيۡدِهِنَّ عَلِيمٞ
‘ඔහු මා වෙත ගෙන එනු’ යැයි රජතෙම පැවසීය. නමුත් දූතයා ඔහු(යූසුෆ්) වෙත පැමිණි කල්හි ‘ඔබ ඔබේ ස්වාමියා වෙත හැරී ගොස් තම අත් කපා ගත් කාන්තාවන්ගේ තත්ත්වය කුමක් දැයි ඔහුගෙන් විමසනු. නියත වශයෙන්ම මාගේ පරමාධිපති ඔවුන්ගේ උපාය පිළිබඳ සර්ව ඥානීය’ යැයි පැවසුවේය
Surah Yusuf, Verse 50
قَالَ مَا خَطۡبُكُنَّ إِذۡ رَٰوَدتُّنَّ يُوسُفَ عَن نَّفۡسِهِۦۚ قُلۡنَ حَٰشَ لِلَّهِ مَا عَلِمۡنَا عَلَيۡهِ مِن سُوٓءٖۚ قَالَتِ ٱمۡرَأَتُ ٱلۡعَزِيزِ ٱلۡـَٰٔنَ حَصۡحَصَ ٱلۡحَقُّ أَنَا۠ رَٰوَدتُّهُۥ عَن نَّفۡسِهِۦ وَإِنَّهُۥ لَمِنَ ٱلصَّـٰدِقِينَ
‘නුඹලා යූසුෆ් පොලඹවා ගන්නට තැත් කළ අවස්ථාවේ නුඹලාට කුමක් වී දැ’යි (රජු) විමසුවේය. ‘අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමු. ඔහු ගැන කිසිදු අයහපතක් අපි නොදනිමු’ යැයි ඔවුහු පැවසුවෝය. ‘දැන් සත්‍යය පැහැදිලි විය. ඔහු ව (කාමයේ වරදවා හැසිරෙන්නට) තැත් කළේ මමයි. තවද නියත වශයෙන්ම ඔහු සත්‍යවාදීන් අතුරිනි’ යැයි අසීස්ගේ බිරිය පැවසුවාය
Surah Yusuf, Verse 51
ذَٰلِكَ لِيَعۡلَمَ أَنِّي لَمۡ أَخُنۡهُ بِٱلۡغَيۡبِ وَأَنَّ ٱللَّهَ لَا يَهۡدِي كَيۡدَ ٱلۡخَآئِنِينَ
එය(ට හේතුව, ඔහු) නොමැති තැන මම ඔහු(අසීස්)ට ද්‍රෝහිකම් නොකළ බවටත්, සැබැවින්ම අල්ලාහ් ද්‍රෝහිකම් කරන්නන්ගේ කුමන්ත්‍රණ වලට මග නොපෙන්වන බවත්, ඔහු දැන ගනු පිණිසය
Surah Yusuf, Verse 52
۞وَمَآ أُبَرِّئُ نَفۡسِيٓۚ إِنَّ ٱلنَّفۡسَ لَأَمَّارَةُۢ بِٱلسُّوٓءِ إِلَّا مَا رَحِمَ رَبِّيٓۚ إِنَّ رَبِّي غَفُورٞ رَّحِيمٞ
මා ගැන මම නිර්දෝෂි යැයි නොපවසමි. ආත්මය පව් කිරීමට දැඩි ලෙස පොලඹවන්නකි. නමුත් මාගේ පරමාධිපති ආශිර්වාද කළ දෑ(ආත්මය) හැර. නියත වශයෙන්ම මාගේ පරමාධිපති අති ක්ෂමාශීලීය. මහා කරුණා ගුණයෙන් යුක්තය (යැයි අසීස්ගේ බිරිඳ පැවසුවාය)
Surah Yusuf, Verse 53
وَقَالَ ٱلۡمَلِكُ ٱئۡتُونِي بِهِۦٓ أَسۡتَخۡلِصۡهُ لِنَفۡسِيۖ فَلَمَّا كَلَّمَهُۥ قَالَ إِنَّكَ ٱلۡيَوۡمَ لَدَيۡنَا مَكِينٌ أَمِينٞ
මාගේ විශේෂ කෙනෙකු ලෙස මා ඔහු ව පත් කර ගැනීමට මා වෙතට ඔහු ව ගෙන එනු යැයි රජු පැවසුවේය. රජු ඔහු සමග කථා කළ විට "නියත වශයෙන්ම ඔබ අද දින අප අතර විශ්වාසනීයත්වයක් ඇති කෙනෙකි" යැයි (රජු) පැවසුවේය
Surah Yusuf, Verse 54
قَالَ ٱجۡعَلۡنِي عَلَىٰ خَزَآئِنِ ٱلۡأَرۡضِۖ إِنِّي حَفِيظٌ عَلِيمٞ
මිහිතලයේ සම්පත් සඳහා ඔබ මා පත් කරනු. නියත වශයෙන්ම මම මනා දැනුමැති ආරක්ෂකයෙකි යැයි (යූසුෆ්) කීය
Surah Yusuf, Verse 55
وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِي ٱلۡأَرۡضِ يَتَبَوَّأُ مِنۡهَا حَيۡثُ يَشَآءُۚ نُصِيبُ بِرَحۡمَتِنَا مَن نَّشَآءُۖ وَلَا نُضِيعُ أَجۡرَ ٱلۡمُحۡسِنِينَ
එලෙස අපි යූසුෆ්ට එම දේශයේ ඔහු කැමති පරිදි එහි පදිංචි වන්නට ඉඩ සලසා දුනිමු. තවද අපි අභිමත කරන අයට අපගේ කරුණාව තුළින් පිරිනමන්නෙමු. දැහැමියන්ගේ ප්‍රතිඵල අපි නිෂ්ඵල නොකරන්නෙමු
Surah Yusuf, Verse 56
وَلَأَجۡرُ ٱلۡأٓخِرَةِ خَيۡرٞ لِّلَّذِينَ ءَامَنُواْ وَكَانُواْ يَتَّقُونَ
(සත්‍යය) විශ්වාස කළවුනට මතු ලොව ප්‍රතිඵල උතුම්ය. තවද ඔවුහු බිය හැඟීමෙන් කටයුතු කරන්නන් වූහ
Surah Yusuf, Verse 57
وَجَآءَ إِخۡوَةُ يُوسُفَ فَدَخَلُواْ عَلَيۡهِ فَعَرَفَهُمۡ وَهُمۡ لَهُۥ مُنكِرُونَ
තවද යූසුෆ්ගේ සහෝදරයෝ පැමිණ ඔහු වෙත ඇතුළු වූහ. එවිට ඔවුන් ඔහු ව නාඳුනන්නන් ලෙසින් සිටිය ද ඔහු (යූසුෆ්) ඔවුන් ව හඳුනා ගත්තේය
Surah Yusuf, Verse 58
وَلَمَّا جَهَّزَهُم بِجَهَازِهِمۡ قَالَ ٱئۡتُونِي بِأَخٖ لَّكُم مِّنۡ أَبِيكُمۡۚ أَلَا تَرَوۡنَ أَنِّيٓ أُوفِي ٱلۡكَيۡلَ وَأَنَا۠ خَيۡرُ ٱلۡمُنزِلِينَ
ඔවුනට සූදානම් කර දිය යුතු දෑ ඔවුනට ඔහු (යූසුෆ් විසින්) සූදානම් කර දී ( ඔවුන් පිටත්ව යන කල්හි) නුඹලාගේ පියාගෙන් වූ නුඹලාගේ සහෝදරයා මා වෙත ගෙන එනු. නියත වශයෙන්ම මම කිරුම පූර්ණ ව දෙන බවත්, සත්කාරයින් අතුරින් මම ශ්‍රේෂ්ඨයෙකු වන බවත් නුඹලා දුටුවා නොවේ දැයි පවසා සිටීය
Surah Yusuf, Verse 59
فَإِن لَّمۡ تَأۡتُونِي بِهِۦ فَلَا كَيۡلَ لَكُمۡ عِندِي وَلَا تَقۡرَبُونِ
එහෙයින් නුඹලා මා වෙත ඔහු නොගෙනාවෙහු නම් මා වෙතින් ඇති (ධන්‍ය වලින්) නුඹලාට කිසිදු කිරුමක් නොමැත. තවද නුඹලා මා වෙත සමීප නොවනු
Surah Yusuf, Verse 60
قَالُواْ سَنُرَٰوِدُ عَنۡهُ أَبَاهُ وَإِنَّا لَفَٰعِلُونَ
ඔහු(ව කැටුවා ගෙන ඒම) ගැන අපගේ පියාණන්ට අපි සැල කරන්නෙමු. තවද නියත වශයෙන්ම අප එය සිදු කරන්නෝමය යැයි ඔවුහු පැවසූහ
Surah Yusuf, Verse 61
وَقَالَ لِفِتۡيَٰنِهِ ٱجۡعَلُواْ بِضَٰعَتَهُمۡ فِي رِحَالِهِمۡ لَعَلَّهُمۡ يَعۡرِفُونَهَآ إِذَا ٱنقَلَبُوٓاْ إِلَىٰٓ أَهۡلِهِمۡ لَعَلَّهُمۡ يَرۡجِعُونَ
ඔවුන්ගේ භාණ්ඩ ඔවුන්ගේ ගමන් මලු වලම තබනු. ඔවුන් ඔවුන්ගේ පවුල වෙත හැරී ගිය විට ඔවුන් එය දැන, නැවත හැරී ආ හැකි වනු පිණිස යැයි ඔහු ඔහුගේ සේවකයින්ට කීය
Surah Yusuf, Verse 62
فَلَمَّا رَجَعُوٓاْ إِلَىٰٓ أَبِيهِمۡ قَالُواْ يَـٰٓأَبَانَا مُنِعَ مِنَّا ٱلۡكَيۡلُ فَأَرۡسِلۡ مَعَنَآ أَخَانَا نَكۡتَلۡ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ
ඔවුන් ඔවුන්ගේ පියාණන් වෙත නැවත ගිය කල්හි අපගේ පියාණනි, (මින් ඉදිරියට ධාන්‍ය) කිරා දීම අප වෙත වළක්වන ලදී. එබැවින් අප සමග අපගේ සහෝදරයා එවනු. අපි (ධාන්‍ය) කිරා ගන්නෙමු. තවද නියත වශයෙන්ම අපි ඔහු ව ආරක්ෂා කරන්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ
Surah Yusuf, Verse 63
قَالَ هَلۡ ءَامَنُكُمۡ عَلَيۡهِ إِلَّا كَمَآ أَمِنتُكُمۡ عَلَىٰٓ أَخِيهِ مِن قَبۡلُ فَٱللَّهُ خَيۡرٌ حَٰفِظٗاۖ وَهُوَ أَرۡحَمُ ٱلرَّـٰحِمِينَ
මීට පෙර නුඹලාගේ සහෝදරයා (යූසුෆ්) විෂයයෙහි නුඹලා ව මම විශ්වාස කළාක් මෙන් මිස මොහු කෙරෙහි ද නුඹලා ව මම විශ්වාස කළ යුතු ද? එහෙයින් ආරක්ෂකයා වශයෙන් අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය. තවද ඔහු කරුණාවන්තයින්ගෙන් මහා කරුණාවන්තයා ය
Surah Yusuf, Verse 64
وَلَمَّا فَتَحُواْ مَتَٰعَهُمۡ وَجَدُواْ بِضَٰعَتَهُمۡ رُدَّتۡ إِلَيۡهِمۡۖ قَالُواْ يَـٰٓأَبَانَا مَا نَبۡغِيۖ هَٰذِهِۦ بِضَٰعَتُنَا رُدَّتۡ إِلَيۡنَاۖ وَنَمِيرُ أَهۡلَنَا وَنَحۡفَظُ أَخَانَا وَنَزۡدَادُ كَيۡلَ بَعِيرٖۖ ذَٰلِكَ كَيۡلٞ يَسِيرٞ
ඔවුන්ගේ මලු ඔවුහු විවෘත කළ කල්හි ඔවුන් වෙත ආපසු දෙන ලද ඔවුන්ගේ භාණ්ඩ ඔවුහු දුටුවෝය. අපගේ පියාණනි, මෙය අපි නොපැතුවෙමු, අපගේ මෙම භාණ්ඩ අපට නැවත දෙන ලදී. තවද අපි අපගේ පවුලට ආහාර සපයන්නෙමු. තවද අපගේ සහෝදරයාව රැක බලා ගන්නෙමු. ඔටු (මත පටවන) බරට අපි අධික ව ලබා ගන්නෙමු. එය පහසු කිරුම් බරකි යැයි පැවසුවෝය
Surah Yusuf, Verse 65
قَالَ لَنۡ أُرۡسِلَهُۥ مَعَكُمۡ حَتَّىٰ تُؤۡتُونِ مَوۡثِقٗا مِّنَ ٱللَّهِ لَتَأۡتُنَّنِي بِهِۦٓ إِلَّآ أَن يُحَاطَ بِكُمۡۖ فَلَمَّآ ءَاتَوۡهُ مَوۡثِقَهُمۡ قَالَ ٱللَّهُ عَلَىٰ مَا نَقُولُ وَكِيلٞ
මොහු ව මා වෙත (නැවත) ගෙන එන බවට අල්ලාහ් වෙතින් නුඹලා මට ප්‍රතිඥාවක් දෙන තෙක් මම ඔහු ව නුඹලා සමග කිසිවිටෙක නොයවමි. නමුත් නුඹලාට (යම් නපුරක්) වට කර ගනු ලැබුවොත් මිස යැයි ඔහු පැවසීය. එහෙයින් ඔවුන්ගේ ප්‍රතිඥාව ඔවුහු ඔහුට දුන් කල්හි අප පවසන දෑ කෙරෙහි අල්ලාහ් භාරකරු යැයි ඔහු කීවේය
Surah Yusuf, Verse 66
وَقَالَ يَٰبَنِيَّ لَا تَدۡخُلُواْ مِنۢ بَابٖ وَٰحِدٖ وَٱدۡخُلُواْ مِنۡ أَبۡوَٰبٖ مُّتَفَرِّقَةٖۖ وَمَآ أُغۡنِي عَنكُم مِّنَ ٱللَّهِ مِن شَيۡءٍۖ إِنِ ٱلۡحُكۡمُ إِلَّا لِلَّهِۖ عَلَيۡهِ تَوَكَّلۡتُۖ وَعَلَيۡهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُتَوَكِّلُونَ
මාගේ දරුවනි, නුඹලා එකම දොරටුවකින් ඇතුළු නොවනු. විවිධ දොරටු වලින් ඇතුළු වනු. අල්ලාහ්ගෙන් වූ කිසිවකින් නුඹලා සඳහා කිසිදු ඵලක් මා විසින් ලබා දිය නොහැක. තීන්දුව අල්ලාහ් සතු ව මිස නැත. ඔහු වෙත මම භාර කළෙමි. තවද භාර කරන්නන් ද ඔහු වෙතම භාර කළ යුතුය
Surah Yusuf, Verse 67
وَلَمَّا دَخَلُواْ مِنۡ حَيۡثُ أَمَرَهُمۡ أَبُوهُم مَّا كَانَ يُغۡنِي عَنۡهُم مِّنَ ٱللَّهِ مِن شَيۡءٍ إِلَّا حَاجَةٗ فِي نَفۡسِ يَعۡقُوبَ قَضَىٰهَاۚ وَإِنَّهُۥ لَذُو عِلۡمٖ لِّمَا عَلَّمۡنَٰهُ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ
තවද ඔවුන්ගේ පියා ඔවුනට අණ කළ පරිදි ඔවුන් ඇතුළු වූ කල්හි යඃකූබ්ගේ මනස තුළ තිබූ අභිලාෂය ඉටු වීම මිස වෙනත් කිසිවක් අල්ලාහ්ගෙන් ඔවුනට ප්‍රයෝජනය ගෙන දෙන්නක් නොවීය. නියත වශයෙන්ම අපි ඔහුට ඉගැන් වූ දෑ පිළිබඳ ව ඔහු දැනුමැත්තෙකි. එනමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති
Surah Yusuf, Verse 68
وَلَمَّا دَخَلُواْ عَلَىٰ يُوسُفَ ءَاوَىٰٓ إِلَيۡهِ أَخَاهُۖ قَالَ إِنِّيٓ أَنَا۠ أَخُوكَ فَلَا تَبۡتَئِسۡ بِمَا كَانُواْ يَعۡمَلُونَ
ඔවුහු යූසුෆ් වෙත ඇතුළු වූ කල්හි ඔහු තම සහෝදරයා ව ළං කර ගෙන නියත වශයෙන්ම මම ඔබේ සහෝදරයා වෙමි. එබැවින් ඔවුන් සිදු කරමින් සිටින දෑ පිළිබඳව නුඹ දුක් නොවනු යැයි පැවසුවේය
Surah Yusuf, Verse 69
فَلَمَّا جَهَّزَهُم بِجَهَازِهِمۡ جَعَلَ ٱلسِّقَايَةَ فِي رَحۡلِ أَخِيهِ ثُمَّ أَذَّنَ مُؤَذِّنٌ أَيَّتُهَا ٱلۡعِيرُ إِنَّكُمۡ لَسَٰرِقُونَ
ඔවුනට සූදානම් කර දිය යුතු දෑ ඔවුනට සූදානම් කර දුන් කල්හි තම සහෝදරයාගේ ගමන් මලු ව තුළ ජල බඳුන තබන්නට ඔහු සැලැස්සුවේය. පසු ව අහෝ තවලම් කරුවනි, නියත වශයෙන්ම නුඹලා සොරුන් යැයි නිවේදකයකු දන්වා සිටියේය
Surah Yusuf, Verse 70
قَالُواْ وَأَقۡبَلُواْ عَلَيۡهِم مَّاذَا تَفۡقِدُونَ
ඔවුහු ඔවුන් වෙත හැරී නුඹලා නැති කර ගත්තේ කුමක් දැයි විමසුවෝය
Surah Yusuf, Verse 71
قَالُواْ نَفۡقِدُ صُوَاعَ ٱلۡمَلِكِ وَلِمَن جَآءَ بِهِۦ حِمۡلُ بَعِيرٖ وَأَنَا۠ بِهِۦ زَعِيمٞ
රජුගේ රන් කුසලානය (බඳුන) අපි අහිමි කර ගත්තෙමු. තවද එය ගෙන එන්නාට ඔටුවෙකු බරට (ධාන්‍ය) ඇත. තවද ඒ ගැන මම සහතික වෙමි යැයි ඔවුහු පැවසුවෝය
Surah Yusuf, Verse 72
قَالُواْ تَٱللَّهِ لَقَدۡ عَلِمۡتُم مَّا جِئۡنَا لِنُفۡسِدَ فِي ٱلۡأَرۡضِ وَمَا كُنَّا سَٰرِقِينَ
අල්ලාහ් මත දිවුරා පවසමු. මහපොළොවේ කලහකම් කිරීමට අපි නොපැමිණි බවත් අපි සොරුන් නොවන බවත් සැබැවින්ම නුඹලා දන්නෙහු යැයි ඔවුහු පැවසුවෝය
Surah Yusuf, Verse 73
قَالُواْ فَمَا جَزَـٰٓؤُهُۥٓ إِن كُنتُمۡ كَٰذِبِينَ
එසේ නම් නුඹලා බොරුකාරයින් වී නම් නුඹලාගේ ප්‍රතිවිපාකය කුමක් විය යුතු දැයි ඔවුහු විමසුවෝය
Surah Yusuf, Verse 74
قَالُواْ جَزَـٰٓؤُهُۥ مَن وُجِدَ فِي رَحۡلِهِۦ فَهُوَ جَزَـٰٓؤُهُۥۚ كَذَٰلِكَ نَجۡزِي ٱلظَّـٰلِمِينَ
එහි ප්‍රතිවිපාකය, එනම් කවරෙකුගේ ගමන් මල්ලෙහි එය සොයා ගනු ලබන්නේ ද එවිට ඔහුමය එහි ප්‍රතිවිපාකය විඳිය යුත්තේ. අපි අපරාධකරුවන්ට ප්‍රතිවිපාක ලබා දෙනුයේ එලෙසය යැයි ඔවුහු පැවසූහ
Surah Yusuf, Verse 75
فَبَدَأَ بِأَوۡعِيَتِهِمۡ قَبۡلَ وِعَآءِ أَخِيهِ ثُمَّ ٱسۡتَخۡرَجَهَا مِن وِعَآءِ أَخِيهِۚ كَذَٰلِكَ كِدۡنَا لِيُوسُفَۖ مَا كَانَ لِيَأۡخُذَ أَخَاهُ فِي دِينِ ٱلۡمَلِكِ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ نَرۡفَعُ دَرَجَٰتٖ مَّن نَّشَآءُۗ وَفَوۡقَ كُلِّ ذِي عِلۡمٍ عَلِيمٞ
තම සහෝදරයාගේ පොදියට පෙර ඔවුන්ගේ පොදි වලින් (සොයන්නට) පටන් ගත්තේය. පසු ව තම සහෝදරයාගේ පොදියෙන් එය එළියට ගත්තේය. එලෙසය අපි යූසුෆ්ට (සියල්ල) සැලසුම් කළේ. අල්ලාහ්ගේ කැමැත්තෙන් තොර ව, රජුගේ නීතිය තුළ ඔහුගේ සහෝදරයා ගැනීමට සුදුසු නොවීය. අපි අභිමත කරන අයට තරාතිරම් උසස් කරන්නෙමු. තවද දැනුමැති සියල්ලන්ට වඩා ඉහළින් මනා දැනුමැත්තකු ඇත
Surah Yusuf, Verse 76
۞قَالُوٓاْ إِن يَسۡرِقۡ فَقَدۡ سَرَقَ أَخٞ لَّهُۥ مِن قَبۡلُۚ فَأَسَرَّهَا يُوسُفُ فِي نَفۡسِهِۦ وَلَمۡ يُبۡدِهَا لَهُمۡۚ قَالَ أَنتُمۡ شَرّٞ مَّكَانٗاۖ وَٱللَّهُ أَعۡلَمُ بِمَا تَصِفُونَ
ඔහු සොරකම් කර ඇත්නම් (පුදුමයක් නොවේ.) මීට පෙර ඔහුගේම සහෝදරයා සොරකම් කර ඇත යැයි ඔවුහු පැවසුවෝය. නමුත් යූසුෆ් එය ඔවුනට හෙළි නොකර ඔහුගේ මනස තුළ එය සඟවා ගත්තේය. නුඹලා ස්ථානයෙන් නපුරුම අය වෙති. තවද නුඹලා වර්ණනා කරමින් පවසන දෑ පිළිබඳ ව අල්ලාහ් මැනවින් දන්නාය යැයි ඔහු පැවසීය
Surah Yusuf, Verse 77
قَالُواْ يَـٰٓأَيُّهَا ٱلۡعَزِيزُ إِنَّ لَهُۥٓ أَبٗا شَيۡخٗا كَبِيرٗا فَخُذۡ أَحَدَنَا مَكَانَهُۥٓۖ إِنَّا نَرَىٰكَ مِنَ ٱلۡمُحۡسِنِينَ
අහෝ උතුමාණනි, සැබැවින්ම මොහුට ඉතා වයස් ගත පියෙකු සිටියි. එබැවින් ඔහුගේ තැනට අප අතුරින් කෙනෙකු ගනු. නියත වශයෙන්ම අපි ඔබ ව දැහැමියන් අතුරින් කෙනෙකු ලෙස දකින්නෙමු යැයි ඔවුහු පැවසුවෝය
Surah Yusuf, Verse 78
قَالَ مَعَاذَ ٱللَّهِ أَن نَّأۡخُذَ إِلَّا مَن وَجَدۡنَا مَتَٰعَنَا عِندَهُۥٓ إِنَّآ إِذٗا لَّظَٰلِمُونَ
අපගේ භාණ්ඩ කවුරුන් වෙතින් අපි සොයා ගත්තෙමු ද ඔහු හැර (වෙනත් කෙනෙකු) අප ගැනීමෙන් අල්ලාහ් ආරක්ෂා කරත්වා, එවිට අපි නියත වශයෙන්ම අපරාධකරුවන් වෙමු යැයි ඔහු පැවසුවේය
Surah Yusuf, Verse 79
فَلَمَّا ٱسۡتَيۡـَٔسُواْ مِنۡهُ خَلَصُواْ نَجِيّٗاۖ قَالَ كَبِيرُهُمۡ أَلَمۡ تَعۡلَمُوٓاْ أَنَّ أَبَاكُمۡ قَدۡ أَخَذَ عَلَيۡكُم مَّوۡثِقٗا مِّنَ ٱللَّهِ وَمِن قَبۡلُ مَا فَرَّطتُمۡ فِي يُوسُفَۖ فَلَنۡ أَبۡرَحَ ٱلۡأَرۡضَ حَتَّىٰ يَأۡذَنَ لِيٓ أَبِيٓ أَوۡ يَحۡكُمَ ٱللَّهُ لِيۖ وَهُوَ خَيۡرُ ٱلۡحَٰكِمِينَ
ඔහු ගැන ඔවුහු බලාපොරොත්තු සුන් වූ කල්හි රහසින් සාකච්ඡා කිරීමට වෙන් ව ගියෝය. නියත වශයෙන්ම නුඹලාගේ පියා අල්ලාහ්ගෙන් වූ ප්‍රතිඥාවක් නුඹලා වෙතින් ගත් සැටිත් මීට පෙර යූසුෆ් විෂයෙහි (එවන් ප්‍රතිඥාවක්) නුඹලා කඩ කළ සැටිත් නුඹලා නොදන්නෙහුද? එහෙයින් මාගේ පියා මා හට අවසර දෙන තෙක් හෝ අල්ලාහ් මට තීන්දු දෙන තෙක් හෝ මම මෙම භූමියෙන් ඉවත නොයමි. තවද ඔහු තීන්දු දෙන්නන්ගෙන් අති ශ්‍රේෂ්ඨය යැයි ඔවුන් අතුරින් වැඩිමලා පැවසුවේය
Surah Yusuf, Verse 80
ٱرۡجِعُوٓاْ إِلَىٰٓ أَبِيكُمۡ فَقُولُواْ يَـٰٓأَبَانَآ إِنَّ ٱبۡنَكَ سَرَقَ وَمَا شَهِدۡنَآ إِلَّا بِمَا عَلِمۡنَا وَمَا كُنَّا لِلۡغَيۡبِ حَٰفِظِينَ
නුඹලා නුඹලාගේ පියා වෙත ආපසු ගොස් අපගේ පියාණනි, නියත වශයෙන්ම ඔබේ පුතා සොරකම් කළේය. අප දන්නා දෑ පිළිබඳ ව මිස අපි සාක්ෂි නොදරන්නෙමු. තවද අපි (අපට) නොපෙනෙන දෑ ආරක්ෂා කරන්නන් ලෙස නොසිටියෙමු යැයි නුඹලා පවසනු
Surah Yusuf, Verse 81
وَسۡـَٔلِ ٱلۡقَرۡيَةَ ٱلَّتِي كُنَّا فِيهَا وَٱلۡعِيرَ ٱلَّتِيٓ أَقۡبَلۡنَا فِيهَاۖ وَإِنَّا لَصَٰدِقُونَ
අපි එහි සිටි ගම්මානයෙන් හා එහි අපි මුණගැසුණු නඩයෙන් නුඹ විමසා බලනු. තවද නියත වශයෙන්ම අපි සත්‍යවාදීහුමය
Surah Yusuf, Verse 82
قَالَ بَلۡ سَوَّلَتۡ لَكُمۡ أَنفُسُكُمۡ أَمۡرٗاۖ فَصَبۡرٞ جَمِيلٌۖ عَسَى ٱللَّهُ أَن يَأۡتِيَنِي بِهِمۡ جَمِيعًاۚ إِنَّهُۥ هُوَ ٱلۡعَلِيمُ ٱلۡحَكِيمُ
නමුත් (මීට පෙර) නුඹලාගේ ආත්මාවන් නුඹලාට කරුණක් අලංකාරවත් කළේය. එහෙයින් අලංකාර ඉවසීමකි (වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ.) ඔවුන් සියල්ල මා වෙත ගෙන ඒමට අල්ලාහ්ට හැකිය. නියත වශයෙන්ම ඔහු සර්ව ඥානී සියුම් ඥානය ඇත්තාය යැයි ඔහු(පියා) පැවසීය
Surah Yusuf, Verse 83
وَتَوَلَّىٰ عَنۡهُمۡ وَقَالَ يَـٰٓأَسَفَىٰ عَلَىٰ يُوسُفَ وَٱبۡيَضَّتۡ عَيۡنَاهُ مِنَ ٱلۡحُزۡنِ فَهُوَ كَظِيمٞ
තවද ඔහු ඔවුන්ගෙන් හැරී අහෝ යූසුෆ් කෙරෙහි තිබූ මාගේ ශෝකයේ තරම යැයි පැවසීය. තවද දුකෙන් ඔහුගේ දෑස් සුදුමැලි විය. ඔහු (දුක) යටපත් කර ගත්තේය
Surah Yusuf, Verse 84
قَالُواْ تَٱللَّهِ تَفۡتَؤُاْ تَذۡكُرُ يُوسُفَ حَتَّىٰ تَكُونَ حَرَضًا أَوۡ تَكُونَ مِنَ ٱلۡهَٰلِكِينَ
අල්ලාහ් මත දිවුරා පවසන්නෙමු. ඔබ රෝගාතුරු වන තෙක් හෝ විනාශ වී යන්නන් අතුරින් වන තෙක් හෝ ඔබ යූසුෆ්ගේ මතකයෙන් ඉවත් නොවන්නේ මය යැයි ඔවුහු පැවසුවෝය
Surah Yusuf, Verse 85
قَالَ إِنَّمَآ أَشۡكُواْ بَثِّي وَحُزۡنِيٓ إِلَى ٱللَّهِ وَأَعۡلَمُ مِنَ ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ
මාගේ ශෝකය හා මාගේ දුක පිළිබඳ මම පැමිණිලි කරනුයේ අල්ලාහ් වෙතමය. තවද නුඹලා නොදන්නා දෑ මම අල්ලාහ්ගෙන් දැන ගනිමි යැයි ඔහු පැවසුවේය
Surah Yusuf, Verse 86
يَٰبَنِيَّ ٱذۡهَبُواْ فَتَحَسَّسُواْ مِن يُوسُفَ وَأَخِيهِ وَلَا تَاْيۡـَٔسُواْ مِن رَّوۡحِ ٱللَّهِۖ إِنَّهُۥ لَا يَاْيۡـَٔسُ مِن رَّوۡحِ ٱللَّهِ إِلَّا ٱلۡقَوۡمُ ٱلۡكَٰفِرُونَ
අහෝ මාගේ දරුවනි, නුඹලා ගොස් යූසුෆ් හා ඔහුගේ සහෝදරයා පිළිබඳ සොයා බලනු. අල්ලාහ්ගේ දයාව පිළිබඳ ව නුඹලා බලාපොරොත්තු සුන් කර නොගනු. නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන ජනයා මිස වෙනත් කිසිවකු අල්ලාහ්ගේ දයාව පිළිබඳ බලාපොරොත්තු සුන් කර නොගනිති
Surah Yusuf, Verse 87
فَلَمَّا دَخَلُواْ عَلَيۡهِ قَالُواْ يَـٰٓأَيُّهَا ٱلۡعَزِيزُ مَسَّنَا وَأَهۡلَنَا ٱلضُّرُّ وَجِئۡنَا بِبِضَٰعَةٖ مُّزۡجَىٰةٖ فَأَوۡفِ لَنَا ٱلۡكَيۡلَ وَتَصَدَّقۡ عَلَيۡنَآۖ إِنَّ ٱللَّهَ يَجۡزِي ٱلۡمُتَصَدِّقِينَ
ඔහු වෙත ඔවුන් ඇතුළු වූ කල්හි අහෝ පාලකතුමණි!, අප හා අපගේ පවුලට විපතක් සිදු වී ඇත. අපි අල්ප වටිනාකමින් යුත් භාණ්ඩ සමග පැමිණ ඇත්තෙමු. එබැවින් කිරුම් බර අපට පූර්ණ ව ලබා දී තවද අප හට (තවත් වැඩියෙන්) දන් දෙනු. නියත වශයෙන්ම අල්ලාහ් දන් දෙන්නන්හට කුසල් පිරිනමනු ඇත යැයි ඔවුහු පැවසුවෝය
Surah Yusuf, Verse 88
قَالَ هَلۡ عَلِمۡتُم مَّا فَعَلۡتُم بِيُوسُفَ وَأَخِيهِ إِذۡ أَنتُمۡ جَٰهِلُونَ
නුඹලා නොදන්නා කමින් සිටි අවස්ථාවේ යූසුෆ් හා ඔහුගේ සහෝදරයාට නුඹලා කළ දෑ නුඹලා දන්නෙහු දැයි ඔහු විමසුවේය
Surah Yusuf, Verse 89
قَالُوٓاْ أَءِنَّكَ لَأَنتَ يُوسُفُۖ قَالَ أَنَا۠ يُوسُفُ وَهَٰذَآ أَخِيۖ قَدۡ مَنَّ ٱللَّهُ عَلَيۡنَآۖ إِنَّهُۥ مَن يَتَّقِ وَيَصۡبِرۡ فَإِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجۡرَ ٱلۡمُحۡسِنِينَ
සැබැවින්ම ඔබ ද යූසුෆ් ? යැයි ඔවුහු විමසුවෝය. මම යූසුෆ්, මේ මාගේ සහෝදරයාය. අල්ලාහ් අප වෙත ආශිර්වාද කළේය. නියත වශයෙන්ම කරුණ නම් කවරෙකු අල්ලාහ්ට බිය බැතිමත් වී ඉවසීමෙන් කටයුතු කරන්නේ ද නියත වශයෙන්ම අල්ලාහ් දැහැමියන්ගේ කුලිය නිෂ්ඵල නොකරනු ඇතැයි ඔහු පැවසුවේය
Surah Yusuf, Verse 90
قَالُواْ تَٱللَّهِ لَقَدۡ ءَاثَرَكَ ٱللَّهُ عَلَيۡنَا وَإِن كُنَّا لَخَٰطِـِٔينَ
අල්ලාහ් මත දිවුරමු. තවද නියත වශයෙන්ම අපි වැරදි කරන්නන් ලෙස සිටියද අල්ලාහ් අපට වඩා ඔබ ව උසස් කළේය යැයි ඔවුහු පැවසුවෝය
Surah Yusuf, Verse 91
قَالَ لَا تَثۡرِيبَ عَلَيۡكُمُ ٱلۡيَوۡمَۖ يَغۡفِرُ ٱللَّهُ لَكُمۡۖ وَهُوَ أَرۡحَمُ ٱلرَّـٰحِمِينَ
අද දින නුඹලා කෙරෙහි කිසිදු දොසක් නැත. අල්ලාහ් නුඹලාට සමාව දෙනු ඇත. තවද ඔහු කරුණාවන්තයින්ගෙන් මහා කරුණාවන්තය යැයි ඔහු පැවසුවේය
Surah Yusuf, Verse 92
ٱذۡهَبُواْ بِقَمِيصِي هَٰذَا فَأَلۡقُوهُ عَلَىٰ وَجۡهِ أَبِي يَأۡتِ بَصِيرٗا وَأۡتُونِي بِأَهۡلِكُمۡ أَجۡمَعِينَ
නුඹලා මේ මාගේ කමිසය ගෙන ගොස් මාගේ පියාගේ මුහුණ මත දමනු. ඔහුට බැල්ම එනු ඇත. තවද නුඹලාගේ පවුලේ සියලු අය මා වෙත ගෙන එනු
Surah Yusuf, Verse 93
وَلَمَّا فَصَلَتِ ٱلۡعِيرُ قَالَ أَبُوهُمۡ إِنِّي لَأَجِدُ رِيحَ يُوسُفَۖ لَوۡلَآ أَن تُفَنِّدُونِ
එම නඩය (මිසරයෙන්) පිටත් ව ගිය කල්හි, ඔවුන්ගේ පියා (මෙසේ) පැවැසුවේය. නියත වශයෙන්ම මට යූසුෆ්ගේ සුවඳ දැනෙයි. නුඹලා මට දොස් නැගිය යුතු නොවේ දැයි ඔවුන්ගේ පියා විමසුවේය
Surah Yusuf, Verse 94
قَالُواْ تَٱللَّهِ إِنَّكَ لَفِي ضَلَٰلِكَ ٱلۡقَدِيمِ
අල්ලාහ් මත දිවුරමින් නියත වශයෙන්ම ඔබ (තවමත්) ඔබේ පැරණි මුළාවෙහිම පසුවන්නෙහි යැයි ඔවුහු පැවසුවෝය
Surah Yusuf, Verse 95
فَلَمَّآ أَن جَآءَ ٱلۡبَشِيرُ أَلۡقَىٰهُ عَلَىٰ وَجۡهِهِۦ فَٱرۡتَدَّ بَصِيرٗاۖ قَالَ أَلَمۡ أَقُل لَّكُمۡ إِنِّيٓ أَعۡلَمُ مِنَ ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ
පසු ව ශුභාරංචි දන්වන්නා පැමිණි කල්හි ඔහු ඔහුගේ මුහුණට එය දැමුවේය. එවිට ඔහු නැවත පෙනීම ඇත්තෙකු ලෙස පත් විය. නුඹලා නොදන්නා දෑ මම අල්ලාහ්ගෙන් දැන ගනිමි යැයි නුඹලාට මම නොකීවෙම්දැයි ඔහු විමසුවේය
Surah Yusuf, Verse 96
قَالُواْ يَـٰٓأَبَانَا ٱسۡتَغۡفِرۡ لَنَا ذُنُوبَنَآ إِنَّا كُنَّا خَٰطِـِٔينَ
අපගේ පියාණනි, අපගේ පාපයන් වලට ඔබ අප වෙනුවෙන් සමාව අයැද සිටිනු මැනව.නියත වශයෙන්ම අපි වැරදි කරන්නන් වූයෙමු යැයි ඔවුහු පැවසුවෝය
Surah Yusuf, Verse 97
قَالَ سَوۡفَ أَسۡتَغۡفِرُ لَكُمۡ رَبِّيٓۖ إِنَّهُۥ هُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ
මම මාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙනුවෙන් මතු සමාව අයැදිමි. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලී මහා කරුණාවන්තය
Surah Yusuf, Verse 98
فَلَمَّا دَخَلُواْ عَلَىٰ يُوسُفَ ءَاوَىٰٓ إِلَيۡهِ أَبَوَيۡهِ وَقَالَ ٱدۡخُلُواْ مِصۡرَ إِن شَآءَ ٱللَّهُ ءَامِنِينَ
ඔවුන් යූසුෆ් වෙත පිවිසුනු කල්හි තමන් වෙත තම දෙමාපියන් ඔහු ළං කර ගත්තේය. තවද අල්ලාහ් අභිමත කළේ නම් සුරක්ෂිතයින් ලෙසින් නුඹලා මිසරයට ඇතුළු වනු යැයි ඔහු පැවසුවේය
Surah Yusuf, Verse 99
وَرَفَعَ أَبَوَيۡهِ عَلَى ٱلۡعَرۡشِ وَخَرُّواْ لَهُۥ سُجَّدٗاۖ وَقَالَ يَـٰٓأَبَتِ هَٰذَا تَأۡوِيلُ رُءۡيَٰيَ مِن قَبۡلُ قَدۡ جَعَلَهَا رَبِّي حَقّٗاۖ وَقَدۡ أَحۡسَنَ بِيٓ إِذۡ أَخۡرَجَنِي مِنَ ٱلسِّجۡنِ وَجَآءَ بِكُم مِّنَ ٱلۡبَدۡوِ مِنۢ بَعۡدِ أَن نَّزَغَ ٱلشَّيۡطَٰنُ بَيۡنِي وَبَيۡنَ إِخۡوَتِيٓۚ إِنَّ رَبِّي لَطِيفٞ لِّمَا يَشَآءُۚ إِنَّهُۥ هُوَ ٱلۡعَلِيمُ ٱلۡحَكِيمُ
තවද ඔහු ඔහුගේ දෙමාපියන් රාජාසානය මත ඔසවා තැබුවේය. තවද ඔවුහු ඔහුට ( පෙර පැවැති චාරිත්‍රයට අනුව) සුජූද් කරමින් හිස නැමූහ. තවද මාගේ පියාණනි, මීට පෙර (මා දුටු) මාගේ සිහිනයේ යථාර්ථය මෙයයි. මාගේ පරමාධිපති එය සැබෑ ලෙසින්ම ඇති කළේය. සිරගෙයින් මා බැහැර කරන විට ද මා අතර හා මාගේ සහෝදරයින් අතර ෂෙයිතාන් කලහකම් ඇති කිරීමෙන් පසු පිටිසර ගම්මානයෙන් නුඹලා ව ගෙන ආ විටද ඔහු මා සමග යහපත් අයුරින් කටයුතු කළේය. නියත වශයෙන්ම මාගේ පරමාධිපති ඔහු අභිමත කරන දෑට කරුණාව දක්වන්නාව. නියත වශයෙන්ම සර්වඥානී සියුම් ඥානය ඇත්තා ඔහුමය
Surah Yusuf, Verse 100
۞رَبِّ قَدۡ ءَاتَيۡتَنِي مِنَ ٱلۡمُلۡكِ وَعَلَّمۡتَنِي مِن تَأۡوِيلِ ٱلۡأَحَادِيثِۚ فَاطِرَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ أَنتَ وَلِيِّۦ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۖ تَوَفَّنِي مُسۡلِمٗا وَأَلۡحِقۡنِي بِٱلصَّـٰلِحِينَ
මාගේ පරමාධිපතියාණෙනි, ඔබ මට රාජ්‍යය පිරිනැමුවෙහිය. තවද සිදුවීම් වල යථාර්ථය ඉගැන්වූවෙහිය. අහස් හා පොළොවේ නිර්මාපකයාණෙනි, මෙලොව හා මතු ලොවෙහි මාගේ භාරකරු ඔබය. මා (ඔබට) අවනත වන්නෙකු ලෙසින් මරණයට පත් කරනු මැනව තවද දැහැමියන් සමග මා එක් කරනු මැනව ( යනුවෙන් ඔහු ප්‍රාර්ථනා කළේය)
Surah Yusuf, Verse 101
ذَٰلِكَ مِنۡ أَنۢبَآءِ ٱلۡغَيۡبِ نُوحِيهِ إِلَيۡكَۖ وَمَا كُنتَ لَدَيۡهِمۡ إِذۡ أَجۡمَعُوٓاْ أَمۡرَهُمۡ وَهُمۡ يَمۡكُرُونَ
(නබිවරය,) මෙය අදෘෂ්‍යමාන පුවත් අතුරිනි. එය අපි නුඹ වෙත දන්වමු. ඔවුහු කුමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ විෂයය සඳහා එක් රැස් වූ අවස්ථාවේ නුඹ ඔවුන් අබියස නොවීය
Surah Yusuf, Verse 102
وَمَآ أَكۡثَرُ ٱلنَّاسِ وَلَوۡ حَرَصۡتَ بِمُؤۡمِنِينَ
තවද නුඹ (ඔවුන්ගේ විශ්වාසය ගැන කෙතරම්) අපේක්ෂා කළ ද ජනයා අතුරින් බහුතරයක් දෙනා දේව විශ්වාසවන්තයින් නොවේ
Surah Yusuf, Verse 103
وَمَا تَسۡـَٔلُهُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۚ إِنۡ هُوَ إِلَّا ذِكۡرٞ لِّلۡعَٰلَمِينَ
මේ සඳහා නුඹ කිසිදු කුලියක් ඔවුන්ගෙන් නොපතන්නෙහිය. මෙය ලෝවැසියන්ට මෙනෙහි කිරීමක් මිස නැත
Surah Yusuf, Verse 104
وَكَأَيِّن مِّنۡ ءَايَةٖ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ يَمُرُّونَ عَلَيۡهَا وَهُمۡ عَنۡهَا مُعۡرِضُونَ
අහස්හි හා මහපොළොවේ කෙතරම් නම් සාධක වී ද? නමුත් ඔවුහු ඒ ගැන පිටුපාමීන් ඒ හරහා ගමන් කරති
Surah Yusuf, Verse 105
وَمَا يُؤۡمِنُ أَكۡثَرُهُم بِٱللَّهِ إِلَّا وَهُم مُّشۡرِكُونَ
ඔවුන්ගෙන් බහුතරයක් දෙනා, ඔවුන් ආදේශ කරන්නන් මිස අල්ලාහ් ව විශ්වාස නොකරති
Surah Yusuf, Verse 106
أَفَأَمِنُوٓاْ أَن تَأۡتِيَهُمۡ غَٰشِيَةٞ مِّنۡ عَذَابِ ٱللَّهِ أَوۡ تَأۡتِيَهُمُ ٱلسَّاعَةُ بَغۡتَةٗ وَهُمۡ لَا يَشۡعُرُونَ
අල්ලාහ්ගේ දඬුවමින් වෙළාගන්නා වූ ව්‍යසනයක් ඔවුන් වෙත පැමිණීම ගැන හෝ ඔවුහු හැඟීමකින් තොරව සිටිය දී හදිසියේම පරමාන්ත මොහොත පැමිණීම ගැන හෝ ඔවුන් අභයදායී ව සිටින්නෝ ද
Surah Yusuf, Verse 107
قُلۡ هَٰذِهِۦ سَبِيلِيٓ أَدۡعُوٓاْ إِلَى ٱللَّهِۚ عَلَىٰ بَصِيرَةٍ أَنَا۠ وَمَنِ ٱتَّبَعَنِيۖ وَسُبۡحَٰنَ ٱللَّهِ وَمَآ أَنَا۠ مِنَ ٱلۡمُشۡرِكِينَ
මෙය මාගේ මාර්ගයයි. අල්ලාහ් වෙත මම ඇරයුම් කරමි. මා හා මා අනුගමනය කළවුන් පැහැදිලි සාධක මත සිටිමු. තවද අල්ලාහ් සුපිවිතුරුය. මම ආදේශ කරන්නන් අතුරින් කෙනෙකු නොවෙමි යැයි නුඹ පවසනු
Surah Yusuf, Verse 108
وَمَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ إِلَّا رِجَالٗا نُّوحِيٓ إِلَيۡهِم مِّنۡ أَهۡلِ ٱلۡقُرَىٰٓۗ أَفَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۗ وَلَدَارُ ٱلۡأٓخِرَةِ خَيۡرٞ لِّلَّذِينَ ٱتَّقَوۡاْۚ أَفَلَا تَعۡقِلُونَ
(නබිවරය) නුඹට පෙර (විවිධ ගම් පළාත්වලට) පණිවිඩකරුවන් (රසූල්වරුන්) ලෙස අප විසින් වහී (දේව වදන්) පහලකරන ලද සියල්ලන්ම පිරිමින් ලෙස හා එම නගරවලට අයත් පිරිසක් වූහ. ඔවුහු මහපොළොවෙහි සැරිසරා අධීක්ෂණය කර නොබලන්නෝද? එසේ කළේ නම් ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැයි ඔවුනට දැකගත හැකිව තිබුණි. බිය බැතිමත් අයට අවසන් නිවහන උතුම්ය. නුඹලා වටහා නොගන්නෙහු ද
Surah Yusuf, Verse 109
حَتَّىٰٓ إِذَا ٱسۡتَيۡـَٔسَ ٱلرُّسُلُ وَظَنُّوٓاْ أَنَّهُمۡ قَدۡ كُذِبُواْ جَآءَهُمۡ نَصۡرُنَا فَنُجِّيَ مَن نَّشَآءُۖ وَلَا يُرَدُّ بَأۡسُنَا عَنِ ٱلۡقَوۡمِ ٱلۡمُجۡرِمِينَ
රසූල්වරුන් බලාපොරොත්තු සුන් වූ විට නියත වශයෙන්ම තමන් බොරු කරනු ලැබූ බව සිතූහ. (එවිට) අපගේ උපකාරය ඔවුන් වෙත පැමිණියේය. අප අභිමත කරන අය ව මුදවා ගනු ලැබීය. අපගේ දඬුවම වැරදිකාර ජනයාගෙන් වළක්වනු නොලැබේ
Surah Yusuf, Verse 110
لَقَدۡ كَانَ فِي قَصَصِهِمۡ عِبۡرَةٞ لِّأُوْلِي ٱلۡأَلۡبَٰبِۗ مَا كَانَ حَدِيثٗا يُفۡتَرَىٰ وَلَٰكِن تَصۡدِيقَ ٱلَّذِي بَيۡنَ يَدَيۡهِ وَتَفۡصِيلَ كُلِّ شَيۡءٖ وَهُدٗى وَرَحۡمَةٗ لِّقَوۡمٖ يُؤۡمِنُونَ
සැබැවින්ම ඔවුන්ගේ කතා වස්තු වල බුද්ධිය ඇත්තවුනට පාඩමක් විය. එය ගොතනු ලැබූ කතාවක් නොවීය. එනමුත් ඔවුන් අතර ඇති දෑ තහවුරු කරන්නක් ද සියලු දෑ විස්තර කරන්නක් ද විශ්වාස කරන ජනයාට මග පෙන්වීමක් හා දයාවක් ද විය
Surah Yusuf, Verse 111