Surah Al-Baqara Verse 102 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَٱتَّبَعُواْ مَا تَتۡلُواْ ٱلشَّيَٰطِينُ عَلَىٰ مُلۡكِ سُلَيۡمَٰنَۖ وَمَا كَفَرَ سُلَيۡمَٰنُ وَلَٰكِنَّ ٱلشَّيَٰطِينَ كَفَرُواْ يُعَلِّمُونَ ٱلنَّاسَ ٱلسِّحۡرَ وَمَآ أُنزِلَ عَلَى ٱلۡمَلَكَيۡنِ بِبَابِلَ هَٰرُوتَ وَمَٰرُوتَۚ وَمَا يُعَلِّمَانِ مِنۡ أَحَدٍ حَتَّىٰ يَقُولَآ إِنَّمَا نَحۡنُ فِتۡنَةٞ فَلَا تَكۡفُرۡۖ فَيَتَعَلَّمُونَ مِنۡهُمَا مَا يُفَرِّقُونَ بِهِۦ بَيۡنَ ٱلۡمَرۡءِ وَزَوۡجِهِۦۚ وَمَا هُم بِضَآرِّينَ بِهِۦ مِنۡ أَحَدٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ وَيَتَعَلَّمُونَ مَا يَضُرُّهُمۡ وَلَا يَنفَعُهُمۡۚ وَلَقَدۡ عَلِمُواْ لَمَنِ ٱشۡتَرَىٰهُ مَا لَهُۥ فِي ٱلۡأٓخِرَةِ مِنۡ خَلَٰقٖۚ وَلَبِئۡسَ مَا شَرَوۡاْ بِهِۦٓ أَنفُسَهُمۡۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ
තවද (යුදෙව්වන් වන) ඔවුන් සුලෙයිමාන්ගේ රාජ්‍යය ගැන (ඔවුන්ට) ෂෙයිතාන්වරුන් කියවා (උගන්වා) දී තිබුණු (සූනියම් ආදී) දැය අනුගමනය කළහ. නමුත් සුලෙයිමාන් නම් කාෆිර් කෙනෙකු වශයෙන් සිටියේ නැත. ඇත්තෙන්ම එම ෂෙයිතාන්වරුන්ම කාෆිර්වරුන් වශයෙන් සිටියහ. (මන්දයත්) ඔවුන් මිනිසුන්ට සූනියමද බැබිලෝනියාව (නමැති නගරයෙන්) හාරූත්, මාරූත් නමැති මලායිකාවරුන් දෙදෙනාට පහළ කරනු ලැබ තිබුණි (යයි පවසා), බොහොමයක් දැයද උගන්වා දෙමින් සිටියහ. (තවද ඔවුන් මෙසේ පැවසූහ): ඒ දෙදෙනා නම්, (ඔවුන්ගෙන් සූනියම් ඉගෙන ගෙන ගිය මිනිසුන්ට) “අපි පිරික්සුමක් බවට සිටින්නෙමු. (මෙය ඉගෙන ගතහොත් ඔබ කාෆීර්වරුන් බවට පත් වන්නෙහුය. එබැවින් මෙය ඉගෙන ගෙන) ඔබ කාෆීර්වරුන් බවට පත් නොවනු” යයි පවසන තෙක්, ඔවුන් එය කිසිවෙකුටත් උගන්වා දෙන්නේම නැත (යයිද, මෙසේ පැවසීමෙන් පසුවද, මෙය ඉගෙන ගැනීමට කැමැත්තන්) ස්වාමිපුරුෂයාටත් බිරිඳටත් අතරේ වෙන්වීමක් ඇති කිරීමට සමත් උපාය මාර්ගය, මෙම දෙදෙනාගෙන් ඉගෙන ගන්නාහ (යයිද, පවසමින් සිටියහ). අල්ලාහ්ගේ නියෝගයක් නොමැතිව එමගින් ඔවුන් කිසිවෙකුටත් නපුරක් කළ නොහැකිය. තවද ඔවුන්ට කිසිම ප්‍රයෝජනයක් ගෙන නොදී නපුරක් කළ හැක්කේ කුමක්ද? එයම ඔවුන් ඉගෙන ගන්නාහ. තවද (විශ්වාසය වෙනුවට) එය (එම සූනියම) කවුරුන් මිලට ගත්තේද, ඔහුට පරලොවදී කිසිම භාග්‍යයක් නැත යන්න පැහැදිලිව සැකයෙන් තොර දැන ගෙන සිටින්නාහ. තවද තමන්වම විකුණා ඔවුන් කුමක් මිලදී ගත්තෝද, එය (ඉතාමත්) නපුරුය. ඔවුන් (මෙය) දැන ගත යුතු නොවේද