Surah Al-Baqara Verse 113 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَقَالَتِ ٱلۡيَهُودُ لَيۡسَتِ ٱلنَّصَٰرَىٰ عَلَىٰ شَيۡءٖ وَقَالَتِ ٱلنَّصَٰرَىٰ لَيۡسَتِ ٱلۡيَهُودُ عَلَىٰ شَيۡءٖ وَهُمۡ يَتۡلُونَ ٱلۡكِتَٰبَۗ كَذَٰلِكَ قَالَ ٱلَّذِينَ لَا يَعۡلَمُونَ مِثۡلَ قَوۡلِهِمۡۚ فَٱللَّهُ يَحۡكُمُ بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ
තවද ‘ක්‍රිස්තියානුවන් (කිසිම ධර්මයක) නැත’යි යුදෙව්වන් පවසන්නාහ. (එසේම) ‘යුදෙව්වන් (කිසිම ධර්මයක) නැත’යි ක්‍රිස්තියානුවන් පවසන්නාහ. නමුත් මොවුන් (තමන්ගේ මෙම කියමනට සාධකයන් වශයෙන් බයිබලයේ ‘පැරණි තෙස්තමේන්තුව’ නම් වූ තව්රාත් නමැති එකම) ධර්මයම කියවන්නාහ! මොවුන් පවසා ගන්නා ආකාරයටම (ධර්මය) දැන නොගත් (සමානයන් තබා නමදින්නන්) අය “(යුදෙව්වන්ද ක්‍රිස්තියානුවන්ද කිසිම ධර්මයකට අයත් අය නොවන්නාහ” යයි) පවසන්නාහ. නමුත් මොවුන් තර්ක කරමින් සිටින (මෙම කාරණාවන්) මේ ගැන විනිශ්චය දිනදී අල්ලාහ් මොවුන් අතරේ තීන්දුවක් දෙනු ඇත