Surah Al-Baqara Verse 124 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqara۞وَإِذِ ٱبۡتَلَىٰٓ إِبۡرَٰهِـۧمَ رَبُّهُۥ بِكَلِمَٰتٖ فَأَتَمَّهُنَّۖ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامٗاۖ قَالَ وَمِن ذُرِّيَّتِيۖ قَالَ لَا يَنَالُ عَهۡدِي ٱلظَّـٰلِمِينَ
තවද ඉබ්රාහීම්ව ඔහුගේ දෙවියන් (ඉමහත් පිරික්සුම් වන) විවිධ නියෝගයන් නිකුත් කර, පිරික්සුමට ලක් කළ අවස්ථාවේදී, ඔහු ඒ සියල්ල පූරණ වශයෙන්ම ඉටු කළේය. (එබැවින් දෙවියන් වහන්සේ ඔහුට) “නියත වශයෙන්ම මා ඔබව මිනිසුන්ට (ඍජු මාර්ගය පෙන්වීමට හැකි) ප්‍රධානියෙකු බවට පත් කරන්නෙමි” යයි පැවසුවේය. එයට (ඉබ්රාහීම්) “මගේ පරම්පරාවේ දරුවන්වත් (ප්‍රධානීන් බවට පත් කරන්නෙහිද)?”යි විමසුවේය. (එයට “ඔබගේ දරුවන්ගෙන් වූ) අපරාධකරුවන්ට මගේ (මෙම) පොරොන්දුව අත් වන්නේ නැත” යයි පැවසුවේය