Surah Al-Baqara Verse 125 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَإِذۡ جَعَلۡنَا ٱلۡبَيۡتَ مَثَابَةٗ لِّلنَّاسِ وَأَمۡنٗا وَٱتَّخِذُواْ مِن مَّقَامِ إِبۡرَٰهِـۧمَ مُصَلّٗىۖ وَعَهِدۡنَآ إِلَىٰٓ إِبۡرَٰهِـۧمَ وَإِسۡمَٰعِيلَ أَن طَهِّرَا بَيۡتِيَ لِلطَّآئِفِينَ وَٱلۡعَٰكِفِينَ وَٱلرُّكَّعِ ٱلسُّجُودِ
(මක්කාවෙහි ඉබ්රාහීම් ඉදි කළ කඃබා නමැති) නිවස මිනිසුන් සේන්දු වන ස්ථානයක් වශයෙන්ද, (ඔවුන්ට) ආරක්ෂාව සපයා දෙන (ස්ථානයක්) බවටද, අපි පත් කළ අවස්ථාවේදී “(විශ්වාසවන්තයිනි!) (එහි) ඉබ්රාහීම් සිටගෙන සිටි ස්ථානය ඔබ නමදින ස්ථානය බවට තබා ගනු” (යයි නියෝග කළෙමු). තවද “(හජ් කිරීමට එහි පැමිණ), එය වටා ගමන් (තවාෆ්) කරන්නන්ටද, දෙවියන්ව සිහි කිරීමට (එහි) රැඳී සිටින්නන්ටද, නැවී හිස නවා (එහි නමදි)න්නන්ටද මගේ (එම) නිවස පරිශුද්ධ ස්ථානයක් බවට පත් කර තබනු” යයි ඉබ්රාහීම් වෙතින්ද ඉස්මායීල් වෙතින්ද අපි පොරොන්දු ලබා ගත්තෙමු