Surah Al-Baqara Verse 61 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَإِذۡ قُلۡتُمۡ يَٰمُوسَىٰ لَن نَّصۡبِرَ عَلَىٰ طَعَامٖ وَٰحِدٖ فَٱدۡعُ لَنَا رَبَّكَ يُخۡرِجۡ لَنَا مِمَّا تُنۢبِتُ ٱلۡأَرۡضُ مِنۢ بَقۡلِهَا وَقِثَّآئِهَا وَفُومِهَا وَعَدَسِهَا وَبَصَلِهَاۖ قَالَ أَتَسۡتَبۡدِلُونَ ٱلَّذِي هُوَ أَدۡنَىٰ بِٱلَّذِي هُوَ خَيۡرٌۚ ٱهۡبِطُواْ مِصۡرٗا فَإِنَّ لَكُم مَّا سَأَلۡتُمۡۗ وَضُرِبَتۡ عَلَيۡهِمُ ٱلذِّلَّةُ وَٱلۡمَسۡكَنَةُ وَبَآءُو بِغَضَبٖ مِّنَ ٱللَّهِۚ ذَٰلِكَ بِأَنَّهُمۡ كَانُواْ يَكۡفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَيَقۡتُلُونَ ٱلنَّبِيِّـۧنَ بِغَيۡرِ ٱلۡحَقِّۚ ذَٰلِكَ بِمَا عَصَواْ وَّكَانُواْ يَعۡتَدُونَ
නමුත් ඔබ (මූසාට), ඕ මූසා! එකම (විදිහේ) ආහාර අනුභව කරමින් සිටීමට අපට නොහැක. භූමියෙහි වැඩෙන්නට හැකි පලා වර්ග, තියඹරා, ගොදම්බු, පරිප්පු, ළුනු (ආදිය) සොයා දෙන මෙන් ඔබගේ දෙවියන්ට අප වෙනුවෙන් ඔබ ඉල්ලා සිටිනු” යයි ඔහු වෙතින් ඉල්ලා සිටියහ. එයට (මූසා), “උසස් දැය වෙනුවට බාල දැය මාරු කර ගැනීමට (අදහස්) කරන්නෙහුද? (එසේ නම්) ඔබ කුමක් හෝ නගරයක බැස ගනු. ඔබ ඉල්ලා සිටින දැය නියත වශයෙන්ම (එහිම) ඔබට ලැඛෙනු ඇත” යයි පැවසුවේය. එබැවින් පහත වැටීමද, අවමානයද ඔවුන් කෙරෙහි නියම වී ගියේය. අල්ලාහ්ගේ කෝපයෙහිද ඔවුන් සෙන්දු වී ගියේය. ඇත්තෙන්ම ඔවුන් අල්ලාහ්ගේ ආයාවන් ප්‍රතික්ෂේප කරමින්ද, අසාධාරණයේ නබිවරුන්ව ඝාතනය කරමින්ද සිටීමම මෙයට හේතුව වේ. මෙයට (මෙතරම් විශාල පාපයන් කරන මෙන් පත් වීමට) හේතුව වූයේ, ඔවුන් (අල්ලාහ්ගේ නියෝගයන් විටින් විට) කඩ කර පාපයන් කරමින් සිටීමය