Surah An-Noor Verse 21 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noor۞يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّبِعُواْ خُطُوَٰتِ ٱلشَّيۡطَٰنِۚ وَمَن يَتَّبِعۡ خُطُوَٰتِ ٱلشَّيۡطَٰنِ فَإِنَّهُۥ يَأۡمُرُ بِٱلۡفَحۡشَآءِ وَٱلۡمُنكَرِۚ وَلَوۡلَا فَضۡلُ ٱللَّهِ عَلَيۡكُمۡ وَرَحۡمَتُهُۥ مَا زَكَىٰ مِنكُم مِّنۡ أَحَدٍ أَبَدٗا وَلَٰكِنَّ ٱللَّهَ يُزَكِّي مَن يَشَآءُۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٞ
විශ්වාසවන්තයිනි! ෂෙයිතාන්ගේ පා සටහන් අනුගමනය නොකරනු. (මන්දයත්) කවුරුන් ෂෙයිතාන්ගේ පා සටහන් අනුගමනය කර යන්නේද ඔහුව, ඔහු අවමන් ගෙන දෙන කාරණාවන්ද, පාපතර ක්‍රියාවන්ද කරන මෙන් නියත වශයෙන්ම පොළඹවමින්ම සිටිනු ඇත. අල්ලාහ්ගේ දයාවද කරුණාවද ඔබ කෙරෙහි නොතිබුණේ නම්, ඔබගෙන් කිසිවෙකුත් කිසි කලෙක පරිශුද්ධවන්තයෙකු වශයෙන් සිටිය නොහැක. එහෙත් අල්ලාහ් තමන් අදහස් කරන අයව පරිශුද්ධවන්තයින් බවට පත් කරන්නේය. අල්ලාහ් සවන් දෙන්නෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය