Surah Luqman - Sinhala Translation by Www.islamhouse.com
الٓمٓ
අලිෆ්, ලාම්, මීම්
Surah Luqman, Verse 1
تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ ٱلۡحَكِيمِ
ඒවා ප්‍රඥාවෙන් සපිරුණු දේව ග්‍රන්ථයේ වදන්ය
Surah Luqman, Verse 2
هُدٗى وَرَحۡمَةٗ لِّلۡمُحۡسِنِينَ
එය දැහැමියන්ට මගපෙන්වීමක් හා ආශිර්වාදයකි
Surah Luqman, Verse 3
ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلۡأٓخِرَةِ هُمۡ يُوقِنُونَ
ඔවුහු වනාහි සලාතය විධිමත් ව ඉටු කරති. තවද සකාත් ද පිරිනමති. තවද ඔවුහු මතු ලොව පිළිබඳ ව තරයේම විශ්වාස කරන්නෝ වෙති
Surah Luqman, Verse 4
أُوْلَـٰٓئِكَ عَلَىٰ هُدٗى مِّن رَّبِّهِمۡۖ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ
ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ මග පෙන්වීම මත වෙති. තවද ඔවුහුමය ජයග්‍රාහකයෝ
Surah Luqman, Verse 5
وَمِنَ ٱلنَّاسِ مَن يَشۡتَرِي لَهۡوَ ٱلۡحَدِيثِ لِيُضِلَّ عَن سَبِيلِ ٱللَّهِ بِغَيۡرِ عِلۡمٖ وَيَتَّخِذَهَا هُزُوًاۚ أُوْلَـٰٓئِكَ لَهُمۡ عَذَابٞ مُّهِينٞ
තවද ජනයා අතුරින් කිසිදු දැනුමකින් තොර ව අල්ලාහ්ගේ මාර්ගයෙන් මුළා කරනු වස් පුහු වදන් මිලට ගෙන ඒවා විහිළුවක් බවට ගන්නා අය ද වෙති. තමන් හට නින්දා සහගත දඬුවමක් ඇත්තෝ ඔවුහුමය
Surah Luqman, Verse 6
وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِ ءَايَٰتُنَا وَلَّىٰ مُسۡتَكۡبِرٗا كَأَن لَّمۡ يَسۡمَعۡهَا كَأَنَّ فِيٓ أُذُنَيۡهِ وَقۡرٗاۖ فَبَشِّرۡهُ بِعَذَابٍ أَلِيمٍ
තවද ඔහු වෙත අපගේ වදන් පාරායනා කර පෙන්වනු ලබන අවස්ථාවේ තම දෙකන්හි බිහිරි බව ඇත්තාක් මෙන් තමන්ට එය නොඇසුණාක් මෙන් අහංකාරයකු සේ හැරී ගියේය. එහෙයින් වේදනීය දඬුවම ගැන ඔහුට ශුභාරංචි දන්වනු
Surah Luqman, Verse 7
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَهُمۡ جَنَّـٰتُ ٱلنَّعِيمِ
නියත වශයෙන්ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට සුව පහසුකම් සහිත (ස්වර්ග) උයන් ඇත
Surah Luqman, Verse 8
خَٰلِدِينَ فِيهَاۖ وَعۡدَ ٱللَّهِ حَقّٗاۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
ඔවුන් එහි සදාතනිකයින්ය. අල්ලාහ්ගෙන් සැබෑ ප්‍රතිඥාවක් ලෙසිනි. තවද ඔහු සර්ව බලධාරීය මහා ප්‍රඥාවන්තය
Surah Luqman, Verse 9
خَلَقَ ٱلسَّمَٰوَٰتِ بِغَيۡرِ عَمَدٖ تَرَوۡنَهَاۖ وَأَلۡقَىٰ فِي ٱلۡأَرۡضِ رَوَٰسِيَ أَن تَمِيدَ بِكُمۡ وَبَثَّ فِيهَا مِن كُلِّ دَآبَّةٖۚ وَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ زَوۡجٖ كَرِيمٍ
නුඹලා එය දකින අයුරින් කිසිදු කුලුනකින් තොර ව අහස් ඔහු මැව්වේය. තවද (භූමිය) නුඹලාව නොසැළී සිටීම පිණිස මහපොළොවේ කඳු ඇති කළේය. තවද එහි සෑම ජීවියකුම ව්‍යාප්ත කළේය. තවද අපි අහසින් ජලය පහළ කොට එහි යහපත් සෑම ජෝඩුවකින්ම පැළෑටි හටගැන්වූයෙමු
Surah Luqman, Verse 10
هَٰذَا خَلۡقُ ٱللَّهِ فَأَرُونِي مَاذَا خَلَقَ ٱلَّذِينَ مِن دُونِهِۦۚ بَلِ ٱلظَّـٰلِمُونَ فِي ضَلَٰلٖ مُّبِينٖ
මෙය අල්ලාහ්ගේ මැවීමය. එහෙයින් ඔහුගෙන් තොරවූවන් මැව්වේ කුමක් ද? යන්න ඔබ මට පෙන්වනු. නමුත් අපරාධකරුවෝ පැහැදිලි මුළාවෙහිය
Surah Luqman, Verse 11
وَلَقَدۡ ءَاتَيۡنَا لُقۡمَٰنَ ٱلۡحِكۡمَةَ أَنِ ٱشۡكُرۡ لِلَّهِۚ وَمَن يَشۡكُرۡ فَإِنَّمَا يَشۡكُرُ لِنَفۡسِهِۦۖ وَمَن كَفَرَ فَإِنَّ ٱللَّهَ غَنِيٌّ حَمِيدٞ
තවද අල්ලාහ්ට කෘතවේදී වන්නට සැබැවින්ම අපි ලුක්මාන්ට ප්‍රඥාව පිරිනැමුවෙමු. තවද කවරෙකු කෘතවේදී වන්නේ ද එසේ ඔහු කෘතවේදී වනුයේ ඔහුටමය. තවද කවරෙකු ප්‍රතික්ෂේප කළේද එවිට නියත වශයෙන්ම අල්ලාහ් අවශ්‍යතාවන්ගෙන් තොරය ප්‍රශංසාලාභීය
Surah Luqman, Verse 12
وَإِذۡ قَالَ لُقۡمَٰنُ لِٱبۡنِهِۦ وَهُوَ يَعِظُهُۥ يَٰبُنَيَّ لَا تُشۡرِكۡ بِٱللَّهِۖ إِنَّ ٱلشِّرۡكَ لَظُلۡمٌ عَظِيمٞ
තවද ලුක්මාන් තම පුතණුවන්ට උපදෙස් දෙමින් ඔහු පැවසූ අවස්ථාව සිහියට නගනු. අහෝ මාගේ පුතණුවනි, ඔබ අල්ලාහ්ට ආදේශ නොකරනු. නියත වශයෙන්ම ආදේශ කිරීම මහත් වූ අපරාධයකි
Surah Luqman, Verse 13
وَوَصَّيۡنَا ٱلۡإِنسَٰنَ بِوَٰلِدَيۡهِ حَمَلَتۡهُ أُمُّهُۥ وَهۡنًا عَلَىٰ وَهۡنٖ وَفِصَٰلُهُۥ فِي عَامَيۡنِ أَنِ ٱشۡكُرۡ لِي وَلِوَٰلِدَيۡكَ إِلَيَّ ٱلۡمَصِيرُ
ඔහුගේ මව දුර්වලත්වයෙන් දුර්වලත්වයට පත්වෙමින් ඔහු ඉසිලුවාය. ඔහුට කිරිවැරීම වසර දෙකක් තුළ විය. මට හා ඔබේ දෙමාපියන්ට කෘතවේදී වනු. නැවත යොමු වීමේ ස්ථානය මා වෙතය යැයි මිනිසාට ඔහුගේ දෙමව්පියන් පිළිබඳ ව අපි උපදෙස් දුනිමු
Surah Luqman, Verse 14
وَإِن جَٰهَدَاكَ عَلَىٰٓ أَن تُشۡرِكَ بِي مَا لَيۡسَ لَكَ بِهِۦ عِلۡمٞ فَلَا تُطِعۡهُمَاۖ وَصَاحِبۡهُمَا فِي ٱلدُّنۡيَا مَعۡرُوفٗاۖ وَٱتَّبِعۡ سَبِيلَ مَنۡ أَنَابَ إِلَيَّۚ ثُمَّ إِلَيَّ مَرۡجِعُكُمۡ فَأُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ
ඔබට කවර දෙයක් ගැන දැනුම නැත්තේ ද එවන් දෑ මට ආදේශ කිරීමට ඔවුන් දෙදෙනා ඔබට උත්සාහ දැරුවේ නම් එවිට ඔබ ඔවුන් දෙදෙනාට අවනත නොවනු. තවද මෙලොවෙහි යහපත් අයුරින් ඔවුන් දෙදෙනා සමග මිත්‍රශීලී ව කටයුතු කරනු. තවද මා වෙත යොමුවූවන්ගේ මාර්ගය ඔබ අනුගමනය කරනු. පසු ව නුඹලාගේ නැවත හැරී එන ස්ථානය ඇත්තේ මා වෙතය. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ ව මම නුඹලාට දන්වමි
Surah Luqman, Verse 15
يَٰبُنَيَّ إِنَّهَآ إِن تَكُ مِثۡقَالَ حَبَّةٖ مِّنۡ خَرۡدَلٖ فَتَكُن فِي صَخۡرَةٍ أَوۡ فِي ٱلسَّمَٰوَٰتِ أَوۡ فِي ٱلۡأَرۡضِ يَأۡتِ بِهَا ٱللَّهُۚ إِنَّ ٱللَّهَ لَطِيفٌ خَبِيرٞ
අහෝ ! මාගේ පුතණුවනි, නියත වශයෙන්ම අඹ ඇටයක තරම් ප්‍රමාණකින් යමක් වී එය කළු ගලක් තුළ හෝ අහස් තුළ හෝ මහපොළොව තුළ හෝ තිබුණ ද අල්ලාහ් එය ගෙන එනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සූක්ෂමය, මහා ප්‍රඥාවන්තය
Surah Luqman, Verse 16
يَٰبُنَيَّ أَقِمِ ٱلصَّلَوٰةَ وَأۡمُرۡ بِٱلۡمَعۡرُوفِ وَٱنۡهَ عَنِ ٱلۡمُنكَرِ وَٱصۡبِرۡ عَلَىٰ مَآ أَصَابَكَۖ إِنَّ ذَٰلِكَ مِنۡ عَزۡمِ ٱلۡأُمُورِ
මාගේ පුතණුවනි, ඔබ සලාතය විධිමත් ව ඉටු කරනු. තවද යහපත් දෑ අණ කරනු. තවද පිළිකුල් සහගත දැයින් වළක්වනු. ඔබට ඇති වූ දෑ මත ඉවසීමෙන් කටයුතු කරනු. නියත වශයෙන්ම එය කරුණු වල අධිෂ්ඨාන පූර්වක කරුණකි
Surah Luqman, Verse 17
وَلَا تُصَعِّرۡ خَدَّكَ لِلنَّاسِ وَلَا تَمۡشِ فِي ٱلۡأَرۡضِ مَرَحًاۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ كُلَّ مُخۡتَالٖ فَخُورٖ
(උඬඟුකමින්) ඔබේ කම්මුල ජනයාට නොහරවනු. තවද මහපොළොවේ අහංකාරයෙන් ගමන් නොකරනු. උඩඟු ලීලාවෙන් උද්දච්චකමින් ගමන් කරන සෑම කෙනෙකුවම නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රිය නොකරයි
Surah Luqman, Verse 18
وَٱقۡصِدۡ فِي مَشۡيِكَ وَٱغۡضُضۡ مِن صَوۡتِكَۚ إِنَّ أَنكَرَ ٱلۡأَصۡوَٰتِ لَصَوۡتُ ٱلۡحَمِيرِ
තවද ඔබේ ගමනෙහි නිහතමානී වනු. තවද ඔබේ හඬ පහත් කරනු. නියත වශයෙන්ම හඬ අතුරින් වඩාත් පිළිකුල් සහගත (හඬ) වනුයේ බූරුවාගේ හඬය
Surah Luqman, Verse 19
أَلَمۡ تَرَوۡاْ أَنَّ ٱللَّهَ سَخَّرَ لَكُم مَّا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ وَأَسۡبَغَ عَلَيۡكُمۡ نِعَمَهُۥ ظَٰهِرَةٗ وَبَاطِنَةٗۗ وَمِنَ ٱلنَّاسِ مَن يُجَٰدِلُ فِي ٱللَّهِ بِغَيۡرِ عِلۡمٖ وَلَا هُدٗى وَلَا كِتَٰبٖ مُّنِيرٖ
අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ නියත වශයෙන්ම අල්ලාහ් නුඹලාට වසඟ කර දුන් බවත් ඔහුගේ ආශිර්වාදය නුඹලා වෙත මතුපිටින් ද ඇතුළාන්තයෙන් ද සම්පූර්ණ කර දී ඇති බවත් නුඹලා නොදුටුවෙහුද? කිසිදු දැනුමකින් හෝ මග පෙන්වීමකින් හෝ ආලෝකය ලබා දෙන දේව ග්‍රන්ථයකින් හෝ තොර ව අල්ලාහ් විෂයයෙහි තර්ක කරන්නෝ ද ජනයා අතුරින් වෙති
Surah Luqman, Verse 20
وَإِذَا قِيلَ لَهُمُ ٱتَّبِعُواْ مَآ أَنزَلَ ٱللَّهُ قَالُواْ بَلۡ نَتَّبِعُ مَا وَجَدۡنَا عَلَيۡهِ ءَابَآءَنَآۚ أَوَلَوۡ كَانَ ٱلشَّيۡطَٰنُ يَدۡعُوهُمۡ إِلَىٰ عَذَابِ ٱلسَّعِيرِ
තවද අල්ලාහ් පහළ කළ දෑ නුඹලා අනුගමනය කරනුයි ඔවුනට කියනු ලැබූ කල්හි අපගේ පියවරු කවර දෙයක් මත සිටිනු අප දුටුවෙමු ද එය අපි අනුගමනය කරන්නෙමු යැයි ඔවුහු පැවසූහ. ඇවිළෙන ගින්නේ දඬුවම වෙත ෂෙයිතාන් ඔවුන් ඇරයුම් කර සිටිය ද (ඔවුන් එසේ අනුගමනය කරයි ද)
Surah Luqman, Verse 21
۞وَمَن يُسۡلِمۡ وَجۡهَهُۥٓ إِلَى ٱللَّهِ وَهُوَ مُحۡسِنٞ فَقَدِ ٱسۡتَمۡسَكَ بِٱلۡعُرۡوَةِ ٱلۡوُثۡقَىٰۗ وَإِلَى ٱللَّهِ عَٰقِبَةُ ٱلۡأُمُورِ
තවද කවරෙකු දැහැමියකු ව සිට තම මුහුණ අල්ලාහ් වෙතට යටහත් කරන්නේ ද එවිට සැබැවින්ම ඔහු බලවත් බැඳියාවක් තදින් ග්‍රහණය කර ගත්තේය. තවද සියලු කරුණු වල අවසානය අල්ලාහ් වෙතය
Surah Luqman, Verse 22
وَمَن كَفَرَ فَلَا يَحۡزُنكَ كُفۡرُهُۥٓۚ إِلَيۡنَا مَرۡجِعُهُمۡ فَنُنَبِّئُهُم بِمَا عَمِلُوٓاْۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ
තවද කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුගේ ප්‍රතික්ෂේපය ඔබ දුකට පත් නොකළ යුතුය. ඔවුන් නැවත යොමු කරනු ලබන ස්ථානය අප වෙතය. එවිට ඔවුන් සිදු කළ දෑ පිළිබඳ ව අපි ඔවුනට දන්වා සිටිමු. නියත වශයෙන්ම අල්ලාහ් හදවත් තුළ ඇති දෑ පිළිබඳ ව සර්ව ඥානීය
Surah Luqman, Verse 23
نُمَتِّعُهُمۡ قَلِيلٗا ثُمَّ نَضۡطَرُّهُمۡ إِلَىٰ عَذَابٍ غَلِيظٖ
අපි ඔවුනට ටික කලක් භුක්ති විඳින්නට සලස්වමු. පසු ව අපි ඔවුන් දැඩි දඬුවමක් වෙත යොමු කරන්නෙමු
Surah Luqman, Verse 24
وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ لَيَقُولُنَّ ٱللَّهُۚ قُلِ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ
තවද අහස් හා මහපොළොව මැව්වේ කවුදැයි ඔබ ඔවුන්ගෙන් විමසුවේ නම් සැබැවින්ම අල්ලාහ් යැයි ඔවුහු පවසති. සියලු ප්‍රශංසා අල්ලාහ්ට යැයි ඔබ පවසනු. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති
Surah Luqman, Verse 25
لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ إِنَّ ٱللَّهَ هُوَ ٱلۡغَنِيُّ ٱلۡحَمِيدُ
අහස්හි හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ් සතුය. නියත වශයෙන්ම අල්ලාහ්, ඔහුමය අවශ්‍යතාවන්ගෙන් තොර වූ ප්‍රශංසාලාභී වනුයේ
Surah Luqman, Verse 26
وَلَوۡ أَنَّمَا فِي ٱلۡأَرۡضِ مِن شَجَرَةٍ أَقۡلَٰمٞ وَٱلۡبَحۡرُ يَمُدُّهُۥ مِنۢ بَعۡدِهِۦ سَبۡعَةُ أَبۡحُرٖ مَّا نَفِدَتۡ كَلِمَٰتُ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٞ
මහපොළොවේ ගස් (සියල්ල) පන්හිදවල් වී තවද මුහුද ද එයට පසු ව තවත් මුහුදු හතක් (තීන්ත බවට) එයට එකතු වුව ද අල්ලාහ්ගේ වදන් නිමා නොවනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරීය. මහා ප්‍රඥාවන්තය
Surah Luqman, Verse 27
مَّا خَلۡقُكُمۡ وَلَا بَعۡثُكُمۡ إِلَّا كَنَفۡسٖ وَٰحِدَةٍۚ إِنَّ ٱللَّهَ سَمِيعُۢ بَصِيرٌ
නුඹලා මැවීම හෝ නුඹලා නැවත නැගිටුවීම හෝ එකම ආත්මයක් මෙන් මිස නැත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය සර්ව නිරීක්ෂකය
Surah Luqman, Verse 28
أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ يُولِجُ ٱلَّيۡلَ فِي ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِي ٱلَّيۡلِ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ كُلّٞ يَجۡرِيٓ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى وَأَنَّ ٱللَّهَ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ
නියත වශයෙන්ම අල්ලාහ් රාත්‍රිය දහවල තුළ ඇතුළත් කරන බවත් දහවල රාත්‍රිය තුළ ඇතුළත් කරන බවත් ඔබ නොදුටුවෙහි ද? තවද හිරු හා සඳු ඔහු වසඟ කළේය. (එය) සියල්ල නියමිත කාලයක් දක්වා ගමන් කරයි. තවද නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය
Surah Luqman, Verse 29
ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ وَأَنَّ مَا يَدۡعُونَ مِن دُونِهِ ٱلۡبَٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلۡعَلِيُّ ٱلۡكَبِيرُ
නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුමය සත්‍යය. තවද නියත වශයෙන්ම ඔහුගෙන් තොර ව ඔවුන් ඇරයුම් කරන දෑ අසත්‍යය වේ. තවද නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුමය උත්තරීතර අතිමහත් වනුයේ
Surah Luqman, Verse 30
أَلَمۡ تَرَ أَنَّ ٱلۡفُلۡكَ تَجۡرِي فِي ٱلۡبَحۡرِ بِنِعۡمَتِ ٱللَّهِ لِيُرِيَكُم مِّنۡ ءَايَٰتِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّكُلِّ صَبَّارٖ شَكُورٖ
ඔහුගේ සංඥා අතුරින් නුඹලාට ඔහු (ගේ බලය) පෙන්වීම පිණිස නියත වශයෙන්ම අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් මුහුදෙහි ගමන් කරන නැව් ඔබ නොදුටුවෙහි ද? ඉවසිලිවන්ත කෘතගුණ සලකන සෑම කෙනෙකුටම එහි සංඥාවන් ඇත
Surah Luqman, Verse 31
وَإِذَا غَشِيَهُم مَّوۡجٞ كَٱلظُّلَلِ دَعَوُاْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ فَلَمَّا نَجَّىٰهُمۡ إِلَى ٱلۡبَرِّ فَمِنۡهُم مُّقۡتَصِدٞۚ وَمَا يَجۡحَدُ بِـَٔايَٰتِنَآ إِلَّا كُلُّ خَتَّارٖ كَفُورٖ
කඳු මෙන් රළ ඔවුන් වසා ගත් විට දහම අල්ලාහ්ට පමණක් පුද කරන්නන් ලෙසින් ඔවුහු ඔහු ඇරයුම් කළෝය. නමුත් ඔහු ඔවුන් ගොඩබිම වෙත මුදවාගෙන ආ කල්හි එවිට ඔවුන් අතුරින් මධ්‍යස්ථ ව කටයුතු කරන්නන් ද විය. එමෙන්ම වංචාකාර ගුණමකු සෑම කෙනෙකුම මිස අපගේ සංඥා පිටු නොදකිනු ඇත
Surah Luqman, Verse 32
يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُواْ رَبَّكُمۡ وَٱخۡشَوۡاْ يَوۡمٗا لَّا يَجۡزِي وَالِدٌ عَن وَلَدِهِۦ وَلَا مَوۡلُودٌ هُوَ جَازٍ عَن وَالِدِهِۦ شَيۡـًٔاۚ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞۖ فَلَا تَغُرَّنَّكُمُ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا وَلَا يَغُرَّنَّكُم بِٱللَّهِ ٱلۡغَرُورُ
අහෝ ! ජනයිනි, නුඹලාගේ පරමාධිපතිට නුඹලා බිය බැතිමත් වනු. තවද පියකු තම දරුවා සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි එමෙන්ම දරුවකුට තම පියා සම්බන්ධයෙන් කිසිවක් කටයුතු කරන්නකු විය නොහැකි දිනයකට නුඹලා බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. එහෙයින් මෙලොව ජීවිතය නුඹලාව මුළා කර නොදැමිය යුතුය. තවද මුළා කරන දෑද අල්ලාහ් ගැන නුඹලා මුළා කර නොදැමිය යුතුය
Surah Luqman, Verse 33
إِنَّ ٱللَّهَ عِندَهُۥ عِلۡمُ ٱلسَّاعَةِ وَيُنَزِّلُ ٱلۡغَيۡثَ وَيَعۡلَمُ مَا فِي ٱلۡأَرۡحَامِۖ وَمَا تَدۡرِي نَفۡسٞ مَّاذَا تَكۡسِبُ غَدٗاۖ وَمَا تَدۡرِي نَفۡسُۢ بِأَيِّ أَرۡضٖ تَمُوتُۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ خَبِيرُۢ
අවසන් හෝරාව පිළිබඳ දැනුම ඇත්තේ නියත වශයෙන්ම අල්ලාහ් වනාහි ඔහු අබියස ය. ඔහු වැසි පහළ කරයි. තවද ගර්භාෂයන් තුළ ඇති දෑ දනී. හෙට දින උපයනුයේ කුමක්දැයි කිසිදු ආත්මයක් නොදනී. තවද කවර භූමියක මරණයට පත් වන්නේ දැයි කිසිදු ආත්මයක් නොදනී. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය. අභිඥානවන්තය
Surah Luqman, Verse 34