Surah Al-Ahzab Verse 37 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabوَإِذۡ تَقُولُ لِلَّذِيٓ أَنۡعَمَ ٱللَّهُ عَلَيۡهِ وَأَنۡعَمۡتَ عَلَيۡهِ أَمۡسِكۡ عَلَيۡكَ زَوۡجَكَ وَٱتَّقِ ٱللَّهَ وَتُخۡفِي فِي نَفۡسِكَ مَا ٱللَّهُ مُبۡدِيهِ وَتَخۡشَى ٱلنَّاسَ وَٱللَّهُ أَحَقُّ أَن تَخۡشَىٰهُۖ فَلَمَّا قَضَىٰ زَيۡدٞ مِّنۡهَا وَطَرٗا زَوَّجۡنَٰكَهَا لِكَيۡ لَا يَكُونَ عَلَى ٱلۡمُؤۡمِنِينَ حَرَجٞ فِيٓ أَزۡوَٰجِ أَدۡعِيَآئِهِمۡ إِذَا قَضَوۡاْ مِنۡهُنَّ وَطَرٗاۚ وَكَانَ أَمۡرُ ٱللَّهِ مَفۡعُولٗا
අල්ලාහ් කවුරුන් හට දයාව පහළ කර, ඔබත් ඇය කෙරෙහි කරුණාව, දයාව දක්වමින් වට කරගෙන සිටියෙහිද, ඇය වෙත ඔබ අල්ලාහ්ට බිය වී (සයිනබ් වන) ඔබගේ භාර්යයාව (විවාහ බන්ධනයෙන් පහ නොකර) ඔබ වෙතම නවතා තබා ගනු” යයි පැවසූ අවස්ථාවේදී අල්ලාහ් එළිදරව් කිරීමට තිබූ දැය, මිනිසුන්ට බිය වී ඔබ, ඔබගේ මනසෙහි සඟවා තැබුවෙහිය. ඔබ බිය වීමට ඉතාමත් සුදුස්සා අල්ලාහ්ය. (මිනිසුන් නොව). සෙයිද් (නමැත්තාගේ සිත වෙනස් වී තම බිරිඳ වන) ඇයව තලාක් පැවසීමෙන් පසු, අපි ඇයව ඔබට විවාහ කර තැබුවෙමු. මන්දයත් විශ්වාසවන්තයින් විසින් (දරුකමට ගෙන) හදා වඩා ගනු ලැබූ අය, තමන්ගේ භාර්යයාවන්ව තලාක් පැවසුවහොත්, (ඔවුන්ව හදා වඩා ගත්) විශ්වාසවන්තයින්ට එම කාන්තාවන්ව විවාහ කර ගැනීමේදී කිසිම බාධාවක් ඇති නොවිය යුතුය යන්න සඳහාම (මෙය) අනිවාර්යයෙන්ම සිදු විය යුතුය යන අල්ලාහ්ගේ නියෝගයක් වශයෙන් තිබුණි