Surah Al-Ahzab Verse 50 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabيَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ إِنَّآ أَحۡلَلۡنَا لَكَ أَزۡوَٰجَكَ ٱلَّـٰتِيٓ ءَاتَيۡتَ أُجُورَهُنَّ وَمَا مَلَكَتۡ يَمِينُكَ مِمَّآ أَفَآءَ ٱللَّهُ عَلَيۡكَ وَبَنَاتِ عَمِّكَ وَبَنَاتِ عَمَّـٰتِكَ وَبَنَاتِ خَالِكَ وَبَنَاتِ خَٰلَٰتِكَ ٱلَّـٰتِي هَاجَرۡنَ مَعَكَ وَٱمۡرَأَةٗ مُّؤۡمِنَةً إِن وَهَبَتۡ نَفۡسَهَا لِلنَّبِيِّ إِنۡ أَرَادَ ٱلنَّبِيُّ أَن يَسۡتَنكِحَهَا خَالِصَةٗ لَّكَ مِن دُونِ ٱلۡمُؤۡمِنِينَۗ قَدۡ عَلِمۡنَا مَا فَرَضۡنَا عَلَيۡهِمۡ فِيٓ أَزۡوَٰجِهِمۡ وَمَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ لِكَيۡلَا يَكُونَ عَلَيۡكَ حَرَجٞۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا
(නබියේ!) නියත වශයෙන්ම ඔබගේ භාර්යයාවන්ගෙන් කවුරුන් හට ඔවුන්ගේ මහර් ලබා දී (ඔබ විවාහ කර ගෙන) සිටින්නෙහිද ඔවුන්වද, අල්ලාහ් ඔබට යුද්ධයේදී ලබා දී ඔබගේ දකුණත් හිමි කර ගත් කාන්තාවන්වද, අපි ඔබට අනුමත (හලාල්) කර ඇත්තෙමු. තවද ඔබගේ පියාගේ සහෝදරවරුන්ගේ ගැහැනු දරුවන්, ඔබගේ පියාගේ සහෝදරියන්ගේ ගැහැනු දරුවන්, ඔබගේ (මව් පාර්ශවයේ) මාමාගේ ගැහැනු දරුවන්, ඔබගේ මවගේ සහෝදරියන්ගේ ගැහැනු දරුවන්, ආදී මොවුන්ගෙන් කවුරුන් (මක්කාව අත්හැර) ඔබ සමග හිජ්රත් කරමින් පැමිණියෝද ඔවුන්වද, (මහර් ගෙවා ඔබට විවාහ කර ගැනීමට අපි ඔබට අනුමත කර තබා ඇත්තෙමු). තවද විශ්වාසය තැබූ යම්කිසි කාන්තාවක් තමන්ව (මහර් නොමැතිවම) නබිවරයාට කැප කර, නබිවරයාද ඇයව විවාහ කර ගැනීමට කැමති වුවහොත් ඇයවද, (ඔබට අනුමත කර තබා ඇත්තෙමු. නබියේ! මෙය) ඔබට (අපි ලබා දෙන) විශේෂ අයිතිවාසිකමක් වන්නේය. අනිත් විශ්වාසවන්තයින්ට නොව. (අනිත් විශ්වාසවන්තයින් නම්), ඔවුන්ගේ භාර්යයාවන්ගේ කාරණාවෙහිද, ඔවුන්ගේ දකුණත් හිමි කර ගත් කාන්තාවන්ගේ කාරණාවෙහිද, අපි ඔවුන් කෙරෙහි නියම කර ඇති නියෝගයන් අපි හොඳින් දනිමු. (එය ඔවුන් අනිවාර්යයෙන්ම ඉටු කළ යුතුය). ඔබට එවැනි බලකිරීම් ඇති නොවනු පිණිස, (එම නියමයන්ගෙන් ඔබව නිදහස් කළෙමු). අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය