Surah Al-Ahzab Verse 53 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَدۡخُلُواْ بُيُوتَ ٱلنَّبِيِّ إِلَّآ أَن يُؤۡذَنَ لَكُمۡ إِلَىٰ طَعَامٍ غَيۡرَ نَٰظِرِينَ إِنَىٰهُ وَلَٰكِنۡ إِذَا دُعِيتُمۡ فَٱدۡخُلُواْ فَإِذَا طَعِمۡتُمۡ فَٱنتَشِرُواْ وَلَا مُسۡتَـٔۡنِسِينَ لِحَدِيثٍۚ إِنَّ ذَٰلِكُمۡ كَانَ يُؤۡذِي ٱلنَّبِيَّ فَيَسۡتَحۡيِۦ مِنكُمۡۖ وَٱللَّهُ لَا يَسۡتَحۡيِۦ مِنَ ٱلۡحَقِّۚ وَإِذَا سَأَلۡتُمُوهُنَّ مَتَٰعٗا فَسۡـَٔلُوهُنَّ مِن وَرَآءِ حِجَابٖۚ ذَٰلِكُمۡ أَطۡهَرُ لِقُلُوبِكُمۡ وَقُلُوبِهِنَّۚ وَمَا كَانَ لَكُمۡ أَن تُؤۡذُواْ رَسُولَ ٱللَّهِ وَلَآ أَن تَنكِحُوٓاْ أَزۡوَٰجَهُۥ مِنۢ بَعۡدِهِۦٓ أَبَدًاۚ إِنَّ ذَٰلِكُمۡ كَانَ عِندَ ٱللَّهِ عَظِيمًا
විශ්වාසවන්තයිනි! ඔබව (ඔබගේ නබි) භෝජණ සංග්‍රහයකට ආරාධනා කළහොත් මිස, එය පිළියෙල වීම බලාපොරොත්තු-වෙන් (කළින්ම අනුමැතියෙන් තොර) නබිවරයාගේ නිවෙසට ඇතුළු නොවනු. ඔබව ආරාධනා කරනු ලැබුවහොත් ඇතුළු වනු. තවද ඔබ ආහාර අනුභව කළහොත් (එවෙලේම) එතැනින් පිටවී යනු. (එහි රැඳී සිටිමින්ම පුහු) කතා බහේ ගැලී නොයනු. (එසේ කළහොත්) නියත වශයෙන්ම එය නබිවරයාට කරදරයක් වනු ඇත. (මෙය) ඔබ වෙත (පැවසීමට) ඔහුට ලැජ්ජා ඇති විය හැක. එහෙත් සත්‍යය පැවසීමට අල්ලාහ් ලැජ්ජා වන්නේ නැත. (නබිවරයාගේ භාර්යයාවන් වන) ඔවුන් වෙත යම්කිසි භාණ්ඩයක් ඔබට ඉල්ලීමට (සිදු වුවහොත්) ඔබ තිරයෙන් පිටත සිටිමින්ම ඔවුන් වෙතින් ඉල්ලනු. මෙය ඔබගේ හෘදයන්ද, ඔවුන්ගේ හෘදයන්ද පරිශුද්ධ කර තබන්නේය. අල්ලාහ්ගේ දූතයාට ඔබ කරදර දීම, ඔබට සුදුසු දැයක් නොව. තවද ඔහුගේ භාර්යයාවන්ව ඔහුගෙන් පසු කිසි කලෙක ඔබ විවාහ කර ගැනීම වැරදිය. නියත වශයෙන්ම මෙය අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඉතාමත් ඉමහත් වූ (පාපතර) ක්‍රියාවකි