Surah Fatir Verse 37 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fatirوَهُمۡ يَصۡطَرِخُونَ فِيهَا رَبَّنَآ أَخۡرِجۡنَا نَعۡمَلۡ صَٰلِحًا غَيۡرَ ٱلَّذِي كُنَّا نَعۡمَلُۚ أَوَلَمۡ نُعَمِّرۡكُم مَّا يَتَذَكَّرُ فِيهِ مَن تَذَكَّرَ وَجَآءَكُمُ ٱلنَّذِيرُۖ فَذُوقُواْ فَمَا لِلظَّـٰلِمِينَ مِن نَّصِيرٍ
එහි ඔවුන් ඉමහත් සේ ශබ්ද නගා “අපගේ දෙවියනේ! (මෙයින්) අපව පිටමං කර හරිනු. අපි කරමින් තිබූ (නපුරු) දැය නොවන දැහැමි දැයම (මින් පසු) කරන්නෙමු” යයි පවසන්නාහ. (එයට දෙවියන් ඔවුන්ට) “හොඳ වැටහීමක් ලබා ගත හැකි අය, හොඳ වැටහීමක් ලබා ගන්නට ප්‍රමාණවත් දිර්ඝ කාලයක් දක්වා අපි ඔබව එහි (පණ පිටින්) අත්හැර දමා තිබුනේ නැද්ද? තවද (මෙම ධර්මය ගැන) ඔබට බිය ගන්වා අනතුරු අඟවන්නෙකු නිතැතින්ම ඔබ වෙත පැමිණියේය. (ඔහුව ඔබම ප්‍රතික්ෂේප කර හැරියෙහුය). එබැවින් (නිරයේ දඬුවම) ඔබ විඳිමින් සිටිනු. (ඔබ වැනි) අපරාධකරුවන්ට උදව් කරන්නන් කිසිවෙකුත් නැත” (යයි පවසනු ඇත)