Surah An-Nisa Verse 1 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaيَـٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُواْ رَبَّكُمُ ٱلَّذِي خَلَقَكُم مِّن نَّفۡسٖ وَٰحِدَةٖ وَخَلَقَ مِنۡهَا زَوۡجَهَا وَبَثَّ مِنۡهُمَا رِجَالٗا كَثِيرٗا وَنِسَآءٗۚ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِي تَسَآءَلُونَ بِهِۦ وَٱلۡأَرۡحَامَۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَيۡكُمۡ رَقِيبٗا
මිනිසුනේ! ඔබ ඔබගේ දෙවියන්ට බිය වී (කටයුතු) කරනු. ඔහු ඔබ සියල්ලන්වම එකම ආත්මයකින් උත්පාදනය කළේය. (ආරම්භයේදී එම එක්කෙනාව උත්පාදනය කර) ඔහුගෙන්, ඔහුගේ බිරිඳ උත්පාදනය කළේය. පසුව ඒ දෙදෙනාගෙන් බොහෝ පිරිමි, ගැහැනු (ඉකුත් කර) විසිරී යාමට සැලැස්සුවේය. එබැවින් එම අල්ලාහ්ට ඔබ බිය වී (කටයුතු) කරනු. ඔහු මගින්ම (ඔබ, ඔබ අතරේ) කෙනෙකුට කෙනෙකු (අවශ්‍ය දැය) ඉල්ලා ගන්නෙහුය. තවද (අල්ලාහ්ට බිය වී) ලේ මිශ්‍ර ඥාතීන්ටද (ගෞරව කරනු). නියත වශයෙන්ම අල්ලාහ් ඔබව අවධානය කරන්නෙකු වශයෙන්ම සිටින්නේය