Surah An-Nisa Verse 176 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaيَسۡتَفۡتُونَكَ قُلِ ٱللَّهُ يُفۡتِيكُمۡ فِي ٱلۡكَلَٰلَةِۚ إِنِ ٱمۡرُؤٌاْ هَلَكَ لَيۡسَ لَهُۥ وَلَدٞ وَلَهُۥٓ أُخۡتٞ فَلَهَا نِصۡفُ مَا تَرَكَۚ وَهُوَ يَرِثُهَآ إِن لَّمۡ يَكُن لَّهَا وَلَدٞۚ فَإِن كَانَتَا ٱثۡنَتَيۡنِ فَلَهُمَا ٱلثُّلُثَانِ مِمَّا تَرَكَۚ وَإِن كَانُوٓاْ إِخۡوَةٗ رِّجَالٗا وَنِسَآءٗ فَلِلذَّكَرِ مِثۡلُ حَظِّ ٱلۡأُنثَيَيۡنِۗ يُبَيِّنُ ٱللَّهُ لَكُمۡ أَن تَضِلُّواْۗ وَٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمُۢ
(නබියේ!) ධර්ම නීති රීති (කලාලා) ගැන ඔවුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: කලාලා -(එනම් පියා, සීයා, දරුවා, මුණුබුරා ආදී උරුමක්කාරයින් නොමැති දේපළ) ගැන අල්ලාහ් ඔබට මෙසේ නියෝග කරන්නේය: පරම්පරාවේ දරුවන් නොමැති මිනිසෙකු මරණයට පත් වීමෙන්, ඔහුට (එකම පියෙකුගෙන් එන) එක් සහෝදරියක් (පමණක්) සිටියහොත් ඇයට, ඔහු අත්හැර දමා ගිය දැයෙන් (දේපළින්) අඩක් ලැඛෙන්නේය. (මෙයට වෙනස්ව කාන්තාවක් මිය යාමෙන්) ඇයට දරුවන් නොමැතිව තිබී, (එකම පියෙකුගෙන් වූ එකම එක සහෝදරයෙකු පමණක්) සිටියහොත් ඇය අත්හැර දමා ගිය සියල්ල ඔහුට අත් වන්නේය. (පිරිමියෙකු නැතිව) කාන්තාවන් දෙදෙනෙකු (පමණක්) සිටියහොත් ඇය අත්හැර දමා ගිය දැයෙන් තුනෙන් දෙපංගුවක් මේ දෙදෙනාට අයිති වේ. තවද පිරිමිද, ගැහැනුද (වශයෙන් කිහිප දෙනෙකු) සහෝදරයින් වශයෙන් සිටියහොත් (මිය ගිය අය අත්හැර දමා ගිය දැයෙන්) පිරිමියාට, කාන්තාවට තිඛෙන්නාක් මෙන් පංගු දෙකක් ඇත. (එනම් කාන්තාවට එක් පංගුවක්ද, පිරිමියාට පංගු දෙකක්ද ලැඛෙන්නේය). ඔබ මාර්ගය වැරද නොගොස් සිටීමට (මේවා) අල්ලාහ් ඔබට (මෙසේ) පැහැදිලිව විවරණය කරන්නේය. අල්ලාහ් සියල්ල හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය