Surah An-Nisa Verse 94 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا ضَرَبۡتُمۡ فِي سَبِيلِ ٱللَّهِ فَتَبَيَّنُواْ وَلَا تَقُولُواْ لِمَنۡ أَلۡقَىٰٓ إِلَيۡكُمُ ٱلسَّلَٰمَ لَسۡتَ مُؤۡمِنٗا تَبۡتَغُونَ عَرَضَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا فَعِندَ ٱللَّهِ مَغَانِمُ كَثِيرَةٞۚ كَذَٰلِكَ كُنتُم مِّن قَبۡلُ فَمَنَّ ٱللَّهُ عَلَيۡكُمۡ فَتَبَيَّنُوٓاْۚ إِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعۡمَلُونَ خَبِيرٗا
විශ්වාසවන්තයිනි! අල්ලාහ්ගේ මාර්ගයෙහි (යුද්ධ කිරීම සඳහා) ඔබ ගියහොත් (යුද බිමෙහි ඔබ හමු වන අය විශ්වාසවන්තයින්ද, ප්‍රතික්ෂේප කරන්නන්ද යන්න) පැහැදිලිව දැන ගනු. (ඔවුන්ගෙන්) කවුරුන් හෝ (තමන්ව විශ්වාසවන්තයින් යයි ඔබට දැන්වීම පිණිස) ඔබට සලාම් කීවහොත් (ඔවුන් වෙත ඇති) මෙලොව ජීවිතයට අයත් (අල්ප) වස්තුව ඔබ සතු කර ගැනීමට අදහස් කර “ඔබ විශ්වාසවන්තයෙකු නොව” යයි පවසා (ඔහුව කපා) නොදමනු. අල්ලාහ්ගේ සන්නිධානයෙහි විශාල වස්තූන් කන්දරාවක් ඇත. (ඒවා ඔබට අත් කර ගත හැකිය). මෙයට පෙර ඔබත් මේ ආකාරයටම (බිය වෙමින්ම ඉස්ලාමය එළිදරව් කරමින්) සිටියෙහිය. අල්ලාහ් ඔබ කෙරෙහි දයාව පහළ කළේය. (ඉන් පසුවම ඔබ සත්‍ය විශ්වාසවන්තයින් බවට පත් විය. එබැවින් යුද්ධ කිරීමට කළින්ම ඔබ ඉදිරියේ සිටින්නන් විශ්වාසවන්තයින්ද, නැද්ද යන්න) පැහැදිලිව දැන ගනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය