Surah Ash-Shura Verse 45 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shuraوَتَرَىٰهُمۡ يُعۡرَضُونَ عَلَيۡهَا خَٰشِعِينَ مِنَ ٱلذُّلِّ يَنظُرُونَ مِن طَرۡفٍ خَفِيّٖۗ وَقَالَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ ٱلۡخَٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ وَأَهۡلِيهِمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ أَلَآ إِنَّ ٱلظَّـٰلِمِينَ فِي عَذَابٖ مُّقِيمٖ
තවද අවමන් විඳ හිස බිමට නවා ගත් අය වශයෙන්ද, (දඬුවම) හොරැහින් බලා ගත් වනම ඔවුන්ව නිරය ඉදිරියට ගෙන එනු ලැබීමද (නබියේ!) ඔබ දකින්නෙහිය. තවද විශ්වාසය තැබූවන් (ඔවුන්ට) “කවුරුන් තමන්ටත්, තම පවුලේ උදවියටත් (මෙලොවදී) පාඩුව සොයා ගත්තෝද, ඔවුන් විනිශ්චය දිනදී නියත වශයෙන්ම සම්පුර්ණයෙන්ම පරාජය අත් කර ගත් අය” යයි පවසන්නාහ. නියත වශයෙන්ම (මෙවැනි) අපරාධකාරයින් ස්ථීරවූ දඬුවමෙහි රැඳී සිටිනු ඇත යන්න දැන ගනු (මැනව)