Surah Al-Ahqaf Verse 8 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahqafأَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰهُۖ قُلۡ إِنِ ٱفۡتَرَيۡتُهُۥ فَلَا تَمۡلِكُونَ لِي مِنَ ٱللَّهِ شَيۡـًٔاۖ هُوَ أَعۡلَمُ بِمَا تُفِيضُونَ فِيهِۚ كَفَىٰ بِهِۦ شَهِيدَۢا بَيۡنِي وَبَيۡنَكُمۡۖ وَهُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ
(නබියේ!) ‘මෙය ඔහු බොරුවට මනක්කල්පිත කර ගත්තේය’ යයි (ඔබ ගැන) ඔවුන් පවසන්නෙහුද? (එසේ නම්, නබියේ!) ඔබ මෙසේ පවසනු: “මෙය බොරුවට මනක්කල්පිත කළේ නම්, (ඒ වෙනුවෙන්) අල්ලාහ් (මාව දඬුවම් නොකරනු ඇත්ද? ඒ අවස්ථාවේදී අල්ලාහ්)ට එරෙහිව ඔබ මා හට කිසිම (උදව්වක්) කරන්නට ශක්තියක් නොමැත්තන් (බවට පත් වනවා නොවෙද!) මේ ගැන (මට විරුද්ධව) ඔබ කුමක් නම් පවසන්නෙහුද, ඒවා ඔහු හොඳින් දැන සිටින්නේය. (එබැවින්) මටත් ඔබටත් අතරේ ඔහුම මෙයට ප්‍රමාණවත් සාක්ෂියක් වශයෙන් සිටින්නේය. ඔහුම ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය”