Surah Al-Fath Verse 16 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Fathقُل لِّلۡمُخَلَّفِينَ مِنَ ٱلۡأَعۡرَابِ سَتُدۡعَوۡنَ إِلَىٰ قَوۡمٍ أُوْلِي بَأۡسٖ شَدِيدٖ تُقَٰتِلُونَهُمۡ أَوۡ يُسۡلِمُونَۖ فَإِن تُطِيعُواْ يُؤۡتِكُمُ ٱللَّهُ أَجۡرًا حَسَنٗاۖ وَإِن تَتَوَلَّوۡاْ كَمَا تَوَلَّيۡتُم مِّن قَبۡلُ يُعَذِّبۡكُمۡ عَذَابًا أَلِيمٗا
(නබියේ! යුද්ධයට ඔබ සමග නොපැමිණ) පසුබැස රැඳී සිටි ගම්බද අරාබිවරුන්ට ඔබ මෙසේ පවසනු: “යුද්ධ කිරීමෙහි ඉතාමත් ශක්තිම්පන්නයන් වන ජනතාව සමග (යුද්ධ කිරීමට) ඉතාමත් ඉක්මනින් ඔබව කැඳවනු ලබන්නෙහුය. ඔවුන් සම්පූර්ණයෙන්ම අවනත වන තුරු ඔබට ඔවුන් සමග යුද්ධ කිරීමට සිදු වනු ඇත. (මෙහි) ඔබ (මට) අවනත වී කටයුතු කරන්නේ නම්, අල්ලාහ් ඔබට අලංකාරවත් ඵලවිපාක දෙනු ඇත. මීට පෙර ඔබ (යුද්ධ නොකර) හැරී ගිය අන්දමටම (ඒ අවස්ථාවේදීද යුද්ධ නොකර) ආපසු හැරී යන්නේ නම්, ඔහු ඔබව ඉතාමත් දරුණු වේදනා ගෙන දෙන දඬුවම් කරනු ඇත”