UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Al-Hujraat - Sinhala Translation by Www.islamhouse.com


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تُقَدِّمُواْ بَيۡنَ يَدَيِ ٱللَّهِ وَرَسُولِهِۦۖ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٞ

අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඉදිරියේ අබිබවා නොයනු. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය
Surah Al-Hujraat, Verse 1


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَرۡفَعُوٓاْ أَصۡوَٰتَكُمۡ فَوۡقَ صَوۡتِ ٱلنَّبِيِّ وَلَا تَجۡهَرُواْ لَهُۥ بِٱلۡقَوۡلِ كَجَهۡرِ بَعۡضِكُمۡ لِبَعۡضٍ أَن تَحۡبَطَ أَعۡمَٰلُكُمۡ وَأَنتُمۡ لَا تَشۡعُرُونَ

අහෝ විශ්වාස කළවුනි! නුඹලාගේ හඬවල් නබිවරයාගේ හඬට වඩා වැඩි නොකරනු. නුඹලා ඇතැමෙකු ඇතැමෙකුට සැරෙන් කතා කරනවාක් මෙන් ඔහුට හඬා නගා සැරෙන් කතා නොකරනු. එවිට නුඹලා නොදැනුවත්වම නුඹලාගේ ක්‍රියාවන් නිෂ්ඵල වී යනු ඇත
Surah Al-Hujraat, Verse 2


إِنَّ ٱلَّذِينَ يَغُضُّونَ أَصۡوَٰتَهُمۡ عِندَ رَسُولِ ٱللَّهِ أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ ٱمۡتَحَنَ ٱللَّهُ قُلُوبَهُمۡ لِلتَّقۡوَىٰۚ لَهُم مَّغۡفِرَةٞ وَأَجۡرٌ عَظِيمٌ

නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් අබියස ඔවුන්ගේ හඬ පහත් කරන්නන් වනාහි තම හදවත් බිය බැතිමත්භාවය සඳහා පරීක්ෂාවට ලක් කළවුන් ඔවුහුමය. ඔවුනට සමාව හා මහත් වූ ප්‍රතිඵල ඇත
Surah Al-Hujraat, Verse 3


إِنَّ ٱلَّذِينَ يُنَادُونَكَ مِن وَرَآءِ ٱلۡحُجُرَٰتِ أَكۡثَرُهُمۡ لَا يَعۡقِلُونَ

නියත වශයෙන්ම නවාතැන් වලට පසුපසින් සිට නුඹ ව අමතන්නන් වනාහි ඔවුන්ගෙන් බහුතරයක් දෙනා වටහා නොගනිති
Surah Al-Hujraat, Verse 4


وَلَوۡ أَنَّهُمۡ صَبَرُواْ حَتَّىٰ تَخۡرُجَ إِلَيۡهِمۡ لَكَانَ خَيۡرٗا لَّهُمۡۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ

තවද නුඹ ඔවුන් වෙත (නිවසින්) බැහැර ව පැමිණෙන තෙක් නියත වශයෙන්ම ඔවුන් ඉවසා සිටියේ නම් එය ඔවුනට යහපත් වනු ඇත. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය. මහාකරුණාන්විතය
Surah Al-Hujraat, Verse 5


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِن جَآءَكُمۡ فَاسِقُۢ بِنَبَإٖ فَتَبَيَّنُوٓاْ أَن تُصِيبُواْ قَوۡمَۢا بِجَهَٰلَةٖ فَتُصۡبِحُواْ عَلَىٰ مَا فَعَلۡتُمۡ نَٰدِمِينَ

අහෝ විශ්වාස කළවුනි! නුඹලා වෙත පාපියෙකු පුවතක් ගෙන ආවේ නම්, නොදැනුවත් ලෙසින් නුඹලා පිරිසකට හානියක් සිදු කොට පසු ව නුඹලා සිදු කළ දෑ ගැන පසුතැවිලිවන්නන් බවට පත් නොවනු පිණිස, නුඹලා (එය) පැහැදිලි කර ගනු
Surah Al-Hujraat, Verse 6


وَٱعۡلَمُوٓاْ أَنَّ فِيكُمۡ رَسُولَ ٱللَّهِۚ لَوۡ يُطِيعُكُمۡ فِي كَثِيرٖ مِّنَ ٱلۡأَمۡرِ لَعَنِتُّمۡ وَلَٰكِنَّ ٱللَّهَ حَبَّبَ إِلَيۡكُمُ ٱلۡإِيمَٰنَ وَزَيَّنَهُۥ فِي قُلُوبِكُمۡ وَكَرَّهَ إِلَيۡكُمُ ٱلۡكُفۡرَ وَٱلۡفُسُوقَ وَٱلۡعِصۡيَانَۚ أُوْلَـٰٓئِكَ هُمُ ٱلرَّـٰشِدُونَ

තවද නියත වශයෙන්ම නුඹලා අතර අල්ලාහ්ගේ දූතයාණන් සිටින බව දැන ගනු. කරුණු බොහෝමයක ඔහු නුඹලාට අවනත වූයේ නම් නුඹලා පීඩාවට ගොදුරු වනු ඇත. එනමුත් නුඹලා වෙත අල්ලාහ් දේව විශ්වාසය පිළිබඳ කැමැත්ත ඇති කළේය. තවද එය නුඹලාගේ හදවත් තුළ අලංකාරවත් කළේය. තවද නුඹලා වෙත දේව ප්‍රතික්ෂේපය, පාපකම හා පිටුපෑම ඔහු පිළිකුල් කෙරෙව්වේය. යහමග සිටින්නෝ ඔවුහුමය
Surah Al-Hujraat, Verse 7


فَضۡلٗا مِّنَ ٱللَّهِ وَنِعۡمَةٗۚ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ

(එය) අල්ලාහ්ගෙන් වූ අනුග්‍රහයක් හා ආශිර්වාදයක් වශයෙනි. තවද අල්ලාහ් සියුම් ඥානය ඇති සර්ව ඥානීය
Surah Al-Hujraat, Verse 8


وَإِن طَآئِفَتَانِ مِنَ ٱلۡمُؤۡمِنِينَ ٱقۡتَتَلُواْ فَأَصۡلِحُواْ بَيۡنَهُمَاۖ فَإِنۢ بَغَتۡ إِحۡدَىٰهُمَا عَلَى ٱلۡأُخۡرَىٰ فَقَٰتِلُواْ ٱلَّتِي تَبۡغِي حَتَّىٰ تَفِيٓءَ إِلَىٰٓ أَمۡرِ ٱللَّهِۚ فَإِن فَآءَتۡ فَأَصۡلِحُواْ بَيۡنَهُمَا بِٱلۡعَدۡلِ وَأَقۡسِطُوٓاْۖ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُقۡسِطِينَ

දේව විශ්වාසවන්තයින් අතුරින් දෙපිරිසක් සටන් ඇරඹුවේ නම්, ඒ දෙක අතර නුඹ සමාදානය ඇති කරනු. ඒ දෙපිරිසෙන් එකක් අනෙකා මත සීමාව ඉක්මවා කටයුතු කළේ නම් අල්ලාහ්ගේ නියෝගය වෙත නැඹුරු වන තෙක් සීමාව ඉක්මවා ගියවුන්ට එරෙහිව නුඹලා සටන් කරනු. නමුත් එය එකඟ වූයේ නම් ඒ දෙපිරිස අතර සාධාරණ ලෙසින් සමථය කරනු. තවද නුඹලා යුක්ති ගරුක ව කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් යුක්තිගරුක ව කටයුතු කරන්නන්ව ප්‍රිය කරයි
Surah Al-Hujraat, Verse 9


إِنَّمَا ٱلۡمُؤۡمِنُونَ إِخۡوَةٞ فَأَصۡلِحُواْ بَيۡنَ أَخَوَيۡكُمۡۚ وَٱتَّقُواْ ٱللَّهَ لَعَلَّكُمۡ تُرۡحَمُونَ

නියත වශයෙන්ම දේව විශ්වාසවන්තයෝ සහෝදරයෝය. එහෙයින් නුඹලාගේ (විවාද කරන) සහෝදරයින් අතර සමථය කරනු. තවද නුඹලා කරුණාව ලැබිය අල්ලාහ්ට බිය බැතිමත් වනු
Surah Al-Hujraat, Verse 10


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا يَسۡخَرۡ قَوۡمٞ مِّن قَوۡمٍ عَسَىٰٓ أَن يَكُونُواْ خَيۡرٗا مِّنۡهُمۡ وَلَا نِسَآءٞ مِّن نِّسَآءٍ عَسَىٰٓ أَن يَكُنَّ خَيۡرٗا مِّنۡهُنَّۖ وَلَا تَلۡمِزُوٓاْ أَنفُسَكُمۡ وَلَا تَنَابَزُواْ بِٱلۡأَلۡقَٰبِۖ بِئۡسَ ٱلِٱسۡمُ ٱلۡفُسُوقُ بَعۡدَ ٱلۡإِيمَٰنِۚ وَمَن لَّمۡ يَتُبۡ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ

අහෝ විශ්වාස කළවුනි! පිරිසක් තවත් පිරිසක් ගැන සමච්චල් නොකරනු. ඔවුන් මොවුනට වඩා යහපත් විය හැක. එමෙන්ම කාන්තාවෝ ද කාන්තාවන් ගැන සමච්චල් නොකරනු. ඔවුන් මොවුනට වඩා හොඳ විය හැක. තවද නුඹලා අපහාස නොකරනු. තවද පටබැඳි නම් වලින් නුඹලා එකිනෙකා ආමන්ත්‍රණය නොකරනු. දේව විශ්වාසයෙන් පසු ව එවන් පාපතර නාමයන් (පවසා ඇමතීම) නපුරුය. තවද කවරෙකු පාප සමාව අයැද නොසිටියේද එවිට ඔවුහුමය අපරාධකරුවෝ
Surah Al-Hujraat, Verse 11


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱجۡتَنِبُواْ كَثِيرٗا مِّنَ ٱلظَّنِّ إِنَّ بَعۡضَ ٱلظَّنِّ إِثۡمٞۖ وَلَا تَجَسَّسُواْ وَلَا يَغۡتَب بَّعۡضُكُم بَعۡضًاۚ أَيُحِبُّ أَحَدُكُمۡ أَن يَأۡكُلَ لَحۡمَ أَخِيهِ مَيۡتٗا فَكَرِهۡتُمُوهُۚ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ تَوَّابٞ رَّحِيمٞ

අහෝ විශ්වාස කළවුනි! සැකයන්ගෙන් බොහෝ දෙයින් නුඹලා වැළකී සිටිනු. නියත වශයෙන්ම සමහර සැකකිරීම් පාපයකි. තවද නුඹලා ඔත්තු නොසොයනු. තවද නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු ගැන කේලාම් නොකිව යුතුය. නුඹලා අතුරින් කිසිවෙකු හෝ මිය ගිය තම සහෝදරයාගේ මාංශ අනුභව කිරීමට ප්‍රිය කරන්නේ ද? නුඹලා එය පිළිකුල් කරන්නෙහුය. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නා මහා කරුණාන්විතය
Surah Al-Hujraat, Verse 12


يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّا خَلَقۡنَٰكُم مِّن ذَكَرٖ وَأُنثَىٰ وَجَعَلۡنَٰكُمۡ شُعُوبٗا وَقَبَآئِلَ لِتَعَارَفُوٓاْۚ إِنَّ أَكۡرَمَكُمۡ عِندَ ٱللَّهِ أَتۡقَىٰكُمۡۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ خَبِيرٞ

අහෝ මිනිසුනි! නියත වශයෙන්ම අපි පිරිමියකුගෙන් හා කාන්තාවකගෙන් නුඹලා ව මවා ඇත්තෙමු. තවද නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස ඔහු නුඹලා විවධ ජනවාර්ගිකයින් හා ගෝත්‍රිකයින් බවට පත් කළේය. නියත වශයෙන්ම අල්ලාහ් අබියස නුඹලාගෙන් වඩාත් උතුම් වනුයේ නුඹලා අතුරින් වඩාත් බියබැතිමත් වූවන්ය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය. අභිඥානවන්තය
Surah Al-Hujraat, Verse 13


۞قَالَتِ ٱلۡأَعۡرَابُ ءَامَنَّاۖ قُل لَّمۡ تُؤۡمِنُواْ وَلَٰكِن قُولُوٓاْ أَسۡلَمۡنَا وَلَمَّا يَدۡخُلِ ٱلۡإِيمَٰنُ فِي قُلُوبِكُمۡۖ وَإِن تُطِيعُواْ ٱللَّهَ وَرَسُولَهُۥ لَا يَلِتۡكُم مِّنۡ أَعۡمَٰلِكُمۡ شَيۡـًٔاۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٌ

“අපි විශ්වාස කළෙමු” යැයි ගැමි අරාබිවරුන් පැවසූහ. “නුඹලා විශ්වාස නොකළේමය. නමුත් අපි අවනත වූයෙමු යැයි නුඹලා පවසනු. නුඹලාගේ සිත් තුළට දේව විශ්වාසය ඇතුළු වූයේ නැත. තවද නුඹලා අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නෙහු නම් නුඹලාගේ ක්‍රියාවන්ගෙන් කිසිවක් ඔහු අඩු නොකරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. මහාකරුණාන්විතය.”
Surah Al-Hujraat, Verse 14


إِنَّمَا ٱلۡمُؤۡمِنُونَ ٱلَّذِينَ ءَامَنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ ثُمَّ لَمۡ يَرۡتَابُواْ وَجَٰهَدُواْ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡ فِي سَبِيلِ ٱللَّهِۚ أُوْلَـٰٓئِكَ هُمُ ٱلصَّـٰدِقُونَ

නියත වශයෙන්ම දේව විශ්වාසීන් වනුයේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ගැන විශ්වාස කොට පසු ව (ඒ ගැන) සැක නොකර තම ධනය හා තම ජීවිත අල්ලාහ්ගේ මාර්ගයේ කැප කළවුන් වෙති. ඔවුහුමය සත්‍යවාදීහු
Surah Al-Hujraat, Verse 15


قُلۡ أَتُعَلِّمُونَ ٱللَّهَ بِدِينِكُمۡ وَٱللَّهُ يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ وَٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ

“නුඹලාගේ දහම නුඹලා අල්ලාහ්ට උගන්වන්නෙහු දැ”යි (නබිවරය) නුඹ විමසනු. තවද අල්ලාහ් අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ දනී. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වඥය
Surah Al-Hujraat, Verse 16


يَمُنُّونَ عَلَيۡكَ أَنۡ أَسۡلَمُواْۖ قُل لَّا تَمُنُّواْ عَلَيَّ إِسۡلَٰمَكُمۖ بَلِ ٱللَّهُ يَمُنُّ عَلَيۡكُمۡ أَنۡ هَدَىٰكُمۡ لِلۡإِيمَٰنِ إِن كُنتُمۡ صَٰدِقِينَ

(නබිවරය,) ඔවුන් ඉස්ලාමය වැලඳ ගැනීම නුඹ වෙත කරන උපකාරයක් ලෙස ඔවුහු සලකති. නමුත්. “නුඹලා නුඹලාගේ ඉස්ලාමය මා වෙත කරන උපකාරයක් ලෙස නොසලකනු. නමුත් නුඹලා (කළ ප්‍රකාශයේ) සත්‍යවාදීන් නම් (දැන ගනු) දේව විශ්වාසය වෙත නුඹලාට අල්ලාහ් මග පෙන්වීමෙන් නුඹලා වෙත උපකාර කර ඇතැ”යි නුඹ පවසනු
Surah Al-Hujraat, Verse 17


إِنَّ ٱللَّهَ يَعۡلَمُ غَيۡبَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَٱللَّهُ بَصِيرُۢ بِمَا تَعۡمَلُونَ

නියත වශයෙන්ම අල්ලාහ් අහස්හි හා මහපොළොවේ අදෘශ්‍යමාන දෑ පිළිබඳ ව දනී. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව නිරීක්ෂකය
Surah Al-Hujraat, Verse 18


Author: Www.islamhouse.com


<< Surah 48
>> Surah 50

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai