Surah Al-Maeda Verse 83 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaوَإِذَا سَمِعُواْ مَآ أُنزِلَ إِلَى ٱلرَّسُولِ تَرَىٰٓ أَعۡيُنَهُمۡ تَفِيضُ مِنَ ٱلدَّمۡعِ مِمَّا عَرَفُواْ مِنَ ٱلۡحَقِّۖ يَقُولُونَ رَبَّنَآ ءَامَنَّا فَٱكۡتُبۡنَا مَعَ ٱلشَّـٰهِدِينَ
තවද (මෙවැන්නන්ගෙන් බොහොමයක් දෙනා අපගේ) දූතයා කෙරෙහි පහළ කරන ලද දැයට සවන් දුන්නහොත් සත්‍යය ඔවුන් වටහා ගන්නා හේතුවෙන් ඔවුන්ගේ ඇස්වලින් කඳුළු ගලනු දකින්නෙහිය. (තවද) “අපගේ දෙවියනේ! (මෙම ධර්මය) අපි විශ්වාස කළෙමු. එබැවින් (මෙම ධර්මය සත්‍යය යයි) සාක්ෂි දරන්නන් සමග අපවද ඔබ සටහන් කරනු මැනව!” යයි (ප්‍රාර්ථනා කරමින්) පවසන්නාහ