Surah Al-Maeda Verse 97 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maeda۞جَعَلَ ٱللَّهُ ٱلۡكَعۡبَةَ ٱلۡبَيۡتَ ٱلۡحَرَامَ قِيَٰمٗا لِّلنَّاسِ وَٱلشَّهۡرَ ٱلۡحَرَامَ وَٱلۡهَدۡيَ وَٱلۡقَلَـٰٓئِدَۚ ذَٰلِكَ لِتَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ وَأَنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٌ
පරිශුද්ධ වූ නිවස වන කඃබාව මිනිසුන්ට, අල්ලාහ් ආරක්ෂාව ලබා දිය හැකි ස්ථානයක් බවට පත් කර ඇත්තේය. (එසේම දුල් කඅදා, දුල් හජ්, මුහර්රම්, රජබ් ආදී මෙම මාස හතර) පරිශුද්ධ වූ මාසයන්ද, කුර්බානිද, (අල්ලාහ්ගේ පඬුර වශයෙන් යන්න) සළකුණු කරන ලද ගමේ සතුන්ද, (ආරක්ෂාව දෙනු ලැබූ දැය බවට පත් කර ඇත්තේය). අහස්හිද, භූමියෙහිද ඇති සියල්ලම නියත වශයෙන්ම අල්ලාහ් හොඳින් දන්නේය යන්න ඔබ දැන ගැනීම සඳහාම (මෙසේ කර ඇත්තේය). නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල හොඳින් දැන ගන්නේය