Surah Al-Anaam Verse 70 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَذَرِ ٱلَّذِينَ ٱتَّخَذُواْ دِينَهُمۡ لَعِبٗا وَلَهۡوٗا وَغَرَّتۡهُمُ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَاۚ وَذَكِّرۡ بِهِۦٓ أَن تُبۡسَلَ نَفۡسُۢ بِمَا كَسَبَتۡ لَيۡسَ لَهَا مِن دُونِ ٱللَّهِ وَلِيّٞ وَلَا شَفِيعٞ وَإِن تَعۡدِلۡ كُلَّ عَدۡلٖ لَّا يُؤۡخَذۡ مِنۡهَآۗ أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ أُبۡسِلُواْ بِمَا كَسَبُواْۖ لَهُمۡ شَرَابٞ مِّنۡ حَمِيمٖ وَعَذَابٌ أَلِيمُۢ بِمَا كَانُواْ يَكۡفُرُونَ
(නබියේ!) කවුරුන් මෙලොව ජීවිතයෙන් මත් වී තමන්ගේ ධර්මය පුහු සෙල්ලමක් වශයෙන්ද, (විහිළුවක් වශයෙන්ද) ඇර ගත්තෝද, ඔවුන්ව (ඔවුන්ගේ ගමනෙහි) අත්හැර දමනු. එහෙත් ‘සෑම ආත්මයක්ම තම (නපුරු) ක්‍රියාවන්ගේ හේතුවෙන් (විනිශ්චය දිනදී) විපතට ඇතුළු වනු ඇත’ යන සත්‍යය ඔබ (ඔවුන්ට) මතක් කර දෙනු. (එදින) එයට මැදිහත් වී කතා කරන්නන් හෝ උදව් කරන්නන් හෝ අල්ලාහ් මිස, කිසිවෙකුත් ඇත්තේ නැත. (පාපතරයන් තමන්ගේ දඬුවමට) වන්දි වශයෙන් (සරිලන) සියල්ලම ලබා දුන්නද, එය බාර ගනු ලබන්නේ නැත. ඔවුන් තමන්ගේ (නපුරු) ක්‍රියාවන්හි හේතුවෙන්ම විපතට ඇතුළු වූහ. ඔවුන්ගේ ප්‍රතික්ෂේපයේ හේතුවෙන් ඉතාමත් වේදනා ගෙනදෙන දඬුවමත් සමග (බීමට) උතුරණ පානයක්ද ලබන්නාහ