Surah Al-Anaam Verse 71 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamقُلۡ أَنَدۡعُواْ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُنَا وَلَا يَضُرُّنَا وَنُرَدُّ عَلَىٰٓ أَعۡقَابِنَا بَعۡدَ إِذۡ هَدَىٰنَا ٱللَّهُ كَٱلَّذِي ٱسۡتَهۡوَتۡهُ ٱلشَّيَٰطِينُ فِي ٱلۡأَرۡضِ حَيۡرَانَ لَهُۥٓ أَصۡحَٰبٞ يَدۡعُونَهُۥٓ إِلَى ٱلۡهُدَى ٱئۡتِنَاۗ قُلۡ إِنَّ هُدَى ٱللَّهِ هُوَ ٱلۡهُدَىٰۖ وَأُمِرۡنَا لِنُسۡلِمَ لِرَبِّ ٱلۡعَٰلَمِينَ
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “අපට කිසිම හොඳක්ද, නරකක්ද කිරීමට ශක්තියක් නැති අල්ලාහ් නොවන දැයද අපි ආරාධනා කරන්නේ? අල්ලාහ් අපව ඍජු මාර්ගයෙහි ඇතුළු කිරීමෙන් පසුවද, (අපි) අපගේ පස්ස පැත්තට හැරෙන්නෙමුද? (එසේ තිබියදී) කෙනෙකුට ඍජු මාර්ගයෙහි ආරාධනා කළ හැකි මිතුරන් තිබී, ඔහුව ඔවුන් තමන් වෙත එන මෙන් ආරාධනා කරමින් සිටියදී, ඔහු (එම මාර්ගයෙහි නොගොස්) ෂෙයිතාන්වරුන්ගේ උගුලෙහි පැටළී භූමියෙහි ඒ මේ අත මං මුළා වී හැසිරෙන්නෙකු බවට පත් වූවේද, ඔහුට සම වන කෙනෙකු බවට පත් වන්නෙමු”. (තවද) ඔබ මෙසේද පවසනු: “නියත වශයෙන්ම අල්ලාහ්ගේ මාර්ගයම ඍජු මාර්ගයයි. ලෝකවාසී සියල්ලන්ගේ දෙවියන් වන ඔහුටම සම්පූර්ණයෙන්ම හිස නැවිය යුතුය යයි අපට අණ කරනු ලැබ ඇත්තෙමු”