Surah Al-Mumtahana Verse 10 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mumtahanaيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا جَآءَكُمُ ٱلۡمُؤۡمِنَٰتُ مُهَٰجِرَٰتٖ فَٱمۡتَحِنُوهُنَّۖ ٱللَّهُ أَعۡلَمُ بِإِيمَٰنِهِنَّۖ فَإِنۡ عَلِمۡتُمُوهُنَّ مُؤۡمِنَٰتٖ فَلَا تَرۡجِعُوهُنَّ إِلَى ٱلۡكُفَّارِۖ لَا هُنَّ حِلّٞ لَّهُمۡ وَلَا هُمۡ يَحِلُّونَ لَهُنَّۖ وَءَاتُوهُم مَّآ أَنفَقُواْۚ وَلَا جُنَاحَ عَلَيۡكُمۡ أَن تَنكِحُوهُنَّ إِذَآ ءَاتَيۡتُمُوهُنَّ أُجُورَهُنَّۚ وَلَا تُمۡسِكُواْ بِعِصَمِ ٱلۡكَوَافِرِ وَسۡـَٔلُواْ مَآ أَنفَقۡتُمۡ وَلۡيَسۡـَٔلُواْ مَآ أَنفَقُواْۚ ذَٰلِكُمۡ حُكۡمُ ٱللَّهِ يَحۡكُمُ بَيۡنَكُمۡۖ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ
විශ්වාසවන්තයිනි! (ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් වූ) ගැහැනුන් විශ්වාසය තබා (තම ස්වාමිපරුෂයින්ව) පිළිකුල් කර, පිටමං වී ඔබ වෙත පැමිණියහොත් ඔවුන්ව පරීක්ෂා කර බලනු. ඔවුන්ගේ (සත්‍ය) විශ්වාසය අල්ලාහ්ම හොඳින් දන්නේය. එහෙත් (ඔබ පරීක්ෂා කිරීමේදී) ඔවුන් විශ්වාසවන්තයින්ම යයි ඔබ දැන ගතහොත් එම ගැහැනුන්ව (ඔවුන්ගේ ස්වාමිපරුෂයින් වන) ප්‍රතික්ෂේප කරන්නන් වෙත ආපසු හරවා නොයවනු. (මන්දයත් ඉස්ලාමයට පැමිණි) මෙම ගැහැනුන් ඔවුන්ට (භාර්යයාවන් වශයෙන්) සුදුසු අය නොව. ඔවුන් මොවුන්ට (ස්වාමිපුරුෂයින් වශයෙන්ද) සුදුසු අය නොව. (එහෙත් මෙම කාන්තාවන් වෙනුවෙන්) ඔවුන් වියදම් කර තිබූ දැය ඔවුන්ට ලබා දෙනු. ඔබ එම කාන්තාවන්ට ඔවුන්ගේ මහර් මුදල ලබා දී ඔවුන්ව විවාහ කර ගැනීම ඔබ කෙරෙහි වරදක් නැත. තවද (ඔබගේ කාන්තාවන්ගෙන් කවුරුන් හෝ විශ්වාසය නොතැබුවහොත්) විශ්වාස නොකළ එම කාන්තාවන්ගේ විවාහ බන්ධනය (පහ නොකර) ඔබ අල්ලා ගෙන නොසිටිනු. (ඔවුන්ව පහ කර, ඔවුන් වෙනුවෙන්) ඔබ වියදම් කළ දැය (එම කාන්තාවන් ගොස් සිටින ප්‍රතික්ෂේප කරන්නන්ගෙන්) ඉල්ලා සිටිනු. (එසේම විශ්වාසය තබා ඔබ වෙත පැමිණි ඔවුන්ගේ භාර්යයාවන්ට) තමන් වියදම් කළ දැය ඔවුන් (ඔබගෙන්) ඉල්ලා සිටිය හැකිය. මෙය අල්ලාහ්ගේ නියෝගයකි. ඔබ අතරේ ඔහු (සාධාරණ ලෙසම) තීන්දු දෙන්නේය. අල්ලාහ් (සියල්ල) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය