Surah Al-Mumtahana Verse 11 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mumtahanaوَإِن فَاتَكُمۡ شَيۡءٞ مِّنۡ أَزۡوَٰجِكُمۡ إِلَى ٱلۡكُفَّارِ فَعَاقَبۡتُمۡ فَـَٔاتُواْ ٱلَّذِينَ ذَهَبَتۡ أَزۡوَٰجُهُم مِّثۡلَ مَآ أَنفَقُواْۚ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِيٓ أَنتُم بِهِۦ مُؤۡمِنُونَ
ඔබගේ භාර්යයාවන්ගෙන් කවුරුන් හෝ ඔබගෙන් වෙන් වී ප්‍රතික්ෂේප කරන්නන් වෙත ගොස් (ඇයට වියදම් කළ වස්තුව ඔවුන් වෙතින් නොලැබී) තිබියදී ඒ වෙනුවෙන් (ඔවුන්ගේ විශ්වාසය තැබූ භාර්යයාවන් වෙනුවෙන් ලබා දිය යුතු දැයෙන්) කිසිවක් ඔබ නවතාගෙන සිටියහොත් (නැතහොත් ප්‍රතික්ෂේප කරන්නන් සමග යුද්ධයක් ඇති වී ඔවුන්ගේ වස්තුව ඔබ අත් කර ගත්තා වුවද), එයින් (ඔබගෙන්) කවුරුන්ගේ භාර්යයාවන් ප්‍රතික්ෂේප කරන්නන් වෙත ගියෝද, ඔවුන් වෙනුවෙන් (ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්) වියදම් කළ දැය මෙන් දැයක් ලබා දෙනු. ඔබ (මෙම කාරණාවෙහි) අල්ලාහ්ට බිය වනු. (මන්දයත්) ඔහුවම ඔබ විශ්වාස කර ඇත්තෙහුය