Surah Al-Mumtahana Verse 12 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mumtahanaيَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ إِذَا جَآءَكَ ٱلۡمُؤۡمِنَٰتُ يُبَايِعۡنَكَ عَلَىٰٓ أَن لَّا يُشۡرِكۡنَ بِٱللَّهِ شَيۡـٔٗا وَلَا يَسۡرِقۡنَ وَلَا يَزۡنِينَ وَلَا يَقۡتُلۡنَ أَوۡلَٰدَهُنَّ وَلَا يَأۡتِينَ بِبُهۡتَٰنٖ يَفۡتَرِينَهُۥ بَيۡنَ أَيۡدِيهِنَّ وَأَرۡجُلِهِنَّ وَلَا يَعۡصِينَكَ فِي مَعۡرُوفٖ فَبَايِعۡهُنَّ وَٱسۡتَغۡفِرۡ لَهُنَّ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ
නබියේ! විශ්වාසය තැබූ කාන්තාවන් ඔබ වෙත පැමිණ, “අල්ලාහ්ට කිසිවක් සමානයන් වශයෙන් තබන්නේ නැත. සොරකම් කරන්නේ නැත. අපචාරයේ හැසිරෙන්නේ නැත. තමන්ගේ (ගැහැනු) දරුවන්ව ඝාතනය කරන්නේ නැත. තමන්ගේ අත් පා අතරේ පාපයන් කර, මනක්කල්පිතව (ඒ ගැන) බොරු අපවාද පවසන්නේ නැත. ගෞරවණීය ක්‍රියාවන්හි ඔබට වෙනස්කම් කරන්නේ නැත” යයි ඔබ වෙත පොරොන්දු (බයිඅත්) දුන්නහොත් ඔවුන්ගේ පොරොන්දු ලබා ගෙන, ඔබ ඔවුන් වෙනුවෙන් (කළින් ඔවුන් කර තිබුණු වැරදි වෙනුවෙන්) අල්ලාහ් වෙතින් සමාව ඉල්ලා සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය