Surah Al-Araf Verse 143 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَلَمَّا جَآءَ مُوسَىٰ لِمِيقَٰتِنَا وَكَلَّمَهُۥ رَبُّهُۥ قَالَ رَبِّ أَرِنِيٓ أَنظُرۡ إِلَيۡكَۚ قَالَ لَن تَرَىٰنِي وَلَٰكِنِ ٱنظُرۡ إِلَى ٱلۡجَبَلِ فَإِنِ ٱسۡتَقَرَّ مَكَانَهُۥ فَسَوۡفَ تَرَىٰنِيۚ فَلَمَّا تَجَلَّىٰ رَبُّهُۥ لِلۡجَبَلِ جَعَلَهُۥ دَكّٗا وَخَرَّ مُوسَىٰ صَعِقٗاۚ فَلَمَّآ أَفَاقَ قَالَ سُبۡحَٰنَكَ تُبۡتُ إِلَيۡكَ وَأَنَا۠ أَوَّلُ ٱلۡمُؤۡمِنِينَ
අපි (සඳහන් කළ ස්ථානයට) සඳහන් කළ වේලාවට මූසා පැමිණි අවස්ථාවේදී, ඔහුගේ දෙවියන් ඔහු සමග කතා බහ කළේය. (එවිට මූසා තම දෙවියන්ට) “මගේ දෙවියනේ!මා ඔබව (මගේ දෑසෙන්) බැලීමට (ආශා කරන්නෙමි). ඔබ, ඔබව මා හට පෙන්වනු (මැනව!)” යයි කීවේය. (එයට දෙවියන්, “කෙළින්ම) මාව දැකීමට ඔබට කිසි කලෙකත් නොහැකිය. එහෙත් මෙම කන්ද ඔබ බලනු. එය තමන්ගේ ස්ථානයෙහි ස්ථාවරව සිටියහොත් පසුව ඔබ මාව දකින්නෙහිය” යයි පැවසුවේය. ඔහුගේ දෙවියන් එම කන්ද මත දිස්වූ වහාම එය සුණු විසුණු වී ගියේය. මූසා තිගැස්සී (සිහි මූර්ඡා වී) ඇද වැටුනේය. ඔහුට සිහිය පැමිණි පසු (දෙවියන්ට) “ඔබ ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. මා (ඔබව බැලීමට ඉල්ලීමේ වරදින් ඈත් වී) ඔබ වෙතින් සමාව ඇයද සිටින්නෙමි. තවද (ඔබව) විශ්වාස කරන්නන්ගෙන් මා පළමුවැන්නා වන්නෙමි” යයි කීවේය