Surah Al-Anfal Verse 48 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalوَإِذۡ زَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ أَعۡمَٰلَهُمۡ وَقَالَ لَا غَالِبَ لَكُمُ ٱلۡيَوۡمَ مِنَ ٱلنَّاسِ وَإِنِّي جَارٞ لَّكُمۡۖ فَلَمَّا تَرَآءَتِ ٱلۡفِئَتَانِ نَكَصَ عَلَىٰ عَقِبَيۡهِ وَقَالَ إِنِّي بَرِيٓءٞ مِّنكُمۡ إِنِّيٓ أَرَىٰ مَا لَا تَرَوۡنَ إِنِّيٓ أَخَافُ ٱللَّهَۚ وَٱللَّهُ شَدِيدُ ٱلۡعِقَابِ
ෂෙයිතාන් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුන්ට අලංකාරවත් කර පෙන්වා, “කිසිම මිනිසෙකු විසින් අද ඔබව ජයග්‍රහණය කළ නොහැකිය. නියත වශයෙන්ම මමත් ඔබට උදව්වට සිටින්නෙමි” යයි පවසමින් සිටීම ගැනද (නබියේ!) ඔබ සිතා බලනු. (මෙසේ පවසමින් සිටි) ඔහු සේනාවන් දෙක එකට එක මුණ ගැසුණු වහාම පිටුපස හරවා දිව ගොස් “නියත වශයෙන්ම මා ඔබගෙන් ඈත් වූවෙමි. ඔබට දැකිය නොහැකි දැයක් මා බලන්නෙමි. නියත වශයෙන්ම මා අල්ලාහ්ට බිය වන්නෙමි. දඬුවම් කිරීමෙහි අල්ලාහ් ඉතාමත් දරුණු කෙනෙකි” යයි පැවසුවේය