Surah Al-Anfal Verse 72 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalإِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَهَاجَرُواْ وَجَٰهَدُواْ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡ فِي سَبِيلِ ٱللَّهِ وَٱلَّذِينَ ءَاوَواْ وَّنَصَرُوٓاْ أُوْلَـٰٓئِكَ بَعۡضُهُمۡ أَوۡلِيَآءُ بَعۡضٖۚ وَٱلَّذِينَ ءَامَنُواْ وَلَمۡ يُهَاجِرُواْ مَا لَكُم مِّن وَلَٰيَتِهِم مِّن شَيۡءٍ حَتَّىٰ يُهَاجِرُواْۚ وَإِنِ ٱسۡتَنصَرُوكُمۡ فِي ٱلدِّينِ فَعَلَيۡكُمُ ٱلنَّصۡرُ إِلَّا عَلَىٰ قَوۡمِۭ بَيۡنَكُمۡ وَبَيۡنَهُم مِّيثَٰقٞۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ
නියත වශයෙන්ම කවුරුන් විශ්වාසය තබා (තමන්ගේ) රට ගම අත්හැර අල්ලාහ්ගේ මාර්ගයෙහි තමන්ගේ පණද වස්තූන්ද පූජා කර, යුද්ධ කළෝද ඔවුන්ද, කවුරුන් ඔවුන්ට (තමන්ගේ නිවෙස්හි) ඉඩ ලබා දී තබා ගෙන, උදව් උපකාර කළෝද ඔවුන්ද, ආදී මෙවැන්නන් කෙනෙකුට කෙනෙකු සුහදතාවයෙහි ඉතාමත් සමීපයින් වශයෙන් සිටින්නාහ. එහෙත් විශ්වාසය තැබූවන්ගෙන් කවුරුන් තවත් (තමන්ගේ) රට ගම අත්හැර පිටත් නොවී සිටින්නෝද, ඔවුන් (තමන්ගේ) රට ගම අත්හැර පිටත්ව යන තුරු ඔබ ඔවුන්ගේ කිසිම කාරණාවකට හෝ වගකිව යුත්තෙකු නොව. එහෙත් ඔවුන් ධර්ම කාරණාවන්හි ඔබගෙන් උදව් උපකාර ඉල්ලා සිටියහොත් හෝ (ඔවුන්ට) උදව් කිරීම ඔබ කෙරෙහි අනිවාර්යය යුතුකමක් වන්නේය. එහෙත් ඔබ සමග ගිවිසුම් ඇති කරගෙන සිටින එක් සමූහයකට විරුද්ධව (ඔවුන්ට උදව් කිරීම) නොකළ යුතුය. අල්ලාහ් ඔබ කරන දැය අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය