Surah Al-Bayyina - Sinhala Translation by Www.islamhouse.com
لَمۡ يَكُنِ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ وَٱلۡمُشۡرِكِينَ مُنفَكِّينَ حَتَّىٰ تَأۡتِيَهُمُ ٱلۡبَيِّنَةُ
වේද ග්‍රන්ථ සතු ජනයා හා ආදේශ තබන්නන් අතුරින් වූ ප්‍රතික්ෂේප කළ අය තමන් වෙත පැහැදිලි සාධකය පැමිණෙන තෙක් (ප්‍රතික්ෂේප කිරීමෙන්) ඉවත්වන්නෝ නොවූහ
Surah Al-Bayyina, Verse 1
رَسُولٞ مِّنَ ٱللَّهِ يَتۡلُواْ صُحُفٗا مُّطَهَّرَةٗ
එනම් පිවිතුරු කරන ලද පත්‍රිකා කියවන අල්ලාහ්ගෙන් (එම පැහැදිලි සාධකය) වූ දේව දූතයා ය
Surah Al-Bayyina, Verse 2
فِيهَا كُتُبٞ قَيِّمَةٞ
එහි නිවැරදි නීති රීති ඇත
Surah Al-Bayyina, Verse 3
وَمَا تَفَرَّقَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ إِلَّا مِنۢ بَعۡدِ مَا جَآءَتۡهُمُ ٱلۡبَيِّنَةُ
තවද වේද ග්‍රන්ථය පිරිනමනු ලැබූ ජනයා ඔවුනට පැහැදිලි සාධකය පැමිණීමෙන් පසු ව මිස ඔවුහු වෙන් ව නොගියහ
Surah Al-Bayyina, Verse 4
وَمَآ أُمِرُوٓاْ إِلَّا لِيَعۡبُدُواْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ حُنَفَآءَ وَيُقِيمُواْ ٱلصَّلَوٰةَ وَيُؤۡتُواْ ٱلزَّكَوٰةَۚ وَذَٰلِكَ دِينُ ٱلۡقَيِّمَةِ
පිවිතුරු දහම අල්ලාහ්ට පුද කරමින් ඔහු ව නැමදීමටත් සලාතය ස්ථාපිත කිරීමටත් zසකාත් පිරිනැමීමටත් මිස ඔවුහු අණ කරනු නොලැබුවෝය. තවද ඍජු දහම වනුයේ එයයි
Surah Al-Bayyina, Verse 5
إِنَّ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ وَٱلۡمُشۡرِكِينَ فِي نَارِ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَآۚ أُوْلَـٰٓئِكَ هُمۡ شَرُّ ٱلۡبَرِيَّةِ
සැබැවින්ම පුස්තක ලත් ජනයා හා ආදේශ තබන්නන් අතුරින් වූ ප්‍රතික්ෂේප කළවුන් නිරා ගින්නෙහිය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති. ඔවුන්මය මැවීම් අතුරින් ඉතා අයහපත්ම මැවීම වනුයේ
Surah Al-Bayyina, Verse 6
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ أُوْلَـٰٓئِكَ هُمۡ خَيۡرُ ٱلۡبَرِيَّةِ
සැබැවින්ම විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළවුන් වන ඔවුහුමය මැවීම් අතුරින් ශ්‍රේෂ්ඨ වන්නෝ
Surah Al-Bayyina, Verse 7
جَزَآؤُهُمۡ عِندَ رَبِّهِمۡ جَنَّـٰتُ عَدۡنٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ رَّضِيَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُواْ عَنۡهُۚ ذَٰلِكَ لِمَنۡ خَشِيَ رَبَّهُۥ
ඔවුන්ගේ පරමාධිපති අබියස වූ ඔවුන්ගේ ප්‍රතිඵල වනුයේ පහළින් ගංගාවන් ගලා බස්නා අද්න් නම් ස්වර්ග උයන්ය. ඔවුහු එහි සදහටම සදාතනිකයෝ වෙති. අල්ලාහ් ඔවුන් ව පිළිගත්තේය. ඔවුහුද ඔහු ව පිළිගත්තෝය. එය තම පරමාධිපතිට බිය වූ අයටය
Surah Al-Bayyina, Verse 8