UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Al-Bayyina - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel


لَمۡ يَكُنِ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ وَٱلۡمُشۡرِكِينَ مُنفَكِّينَ حَتَّىٰ تَأۡتِيَهُمُ ٱلۡبَيِّنَةُ

ධර්මය හිමි අයගෙන්ද, සමානයන් තබා නමදින්නන්ගෙන්ද, (මෙය) ප්‍රතික්ෂේප කරන්නන්ගෙන්ද බොහොමයක් දෙනා තමන් වෙත පැහැදිලි සාධකයන් පැමිණෙන තුරු (යම්කිසි සාධකයක් පැමිණියහොත් මෙය අනුගමනය කළ යුතුය යයි හොඳ අදහසින්) ඈත් නොවී (ස්ථීරව) සිටියහ
Surah Al-Bayyina, Verse 1


رَسُولٞ مِّنَ ٱللَّهِ يَتۡلُواْ صُحُفٗا مُّطَهَّرَةٗ

(ඔවුන් වෙත පැමිණ ඇති පැහැදිලි සාධකයා කවුරුන්දයත්, ඔවුන්ට) පරිශුද්ධ වූ ධර්මයන් සමුදීරණය කර පෙන්විය හැකි අල්ලාහ්ගේ (මෙම) දූතයාය
Surah Al-Bayyina, Verse 2


فِيهَا كُتُبٞ قَيِّمَةٞ

(ඔහු කියවා පෙන්වන) එහි ස්ථීර වූ නීති රීතිම සටහන් කරනු ලැබ ඇත්තේය
Surah Al-Bayyina, Verse 3


وَمَا تَفَرَّقَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ إِلَّا مِنۢ بَعۡدِ مَا جَآءَتۡهُمُ ٱلۡبَيِّنَةُ

(ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් ඔහුව අනුගමනය කිරීම සඳහා යයි පවසමින් සිටි) ධර්මය හිමි අය, තමන් වෙත පැහැදිලි සාධකයා (ආදී අපගේ දූතයා) පැමිණි පසු (ඔහුට) වෙනස්කම් කරන්නාහ
Surah Al-Bayyina, Verse 4


وَمَآ أُمِرُوٓاْ إِلَّا لِيَعۡبُدُواْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ حُنَفَآءَ وَيُقِيمُواْ ٱلصَّلَوٰةَ وَيُؤۡتُواْ ٱلزَّكَوٰةَۚ وَذَٰلِكَ دِينُ ٱلۡقَيِّمَةِ

(එහෙත් ඔවුන්ට නම්), දෙවියන්ගේ මිශ්‍ර නොවුන ධර්මයම අනුගමන කර, (අනිත් ධර්මයන්) ප්‍රතික්ෂේප කර, අල්ලාහ් එක් කෙනෙකුවම නැමද, සලාතයද නොකඩවා ඉටු කර, සකාතයද ගෙවා සිටින මෙන් මිස, (වෙන කිසිවක් මෙම දූතයා මගින්) අණ කරනු ලැබුවේ නැත. (මෙය ඔවුන්ගේ ධර්මයෙහිද අණ කරන ලද කාරණාවකි). මෙයම ස්ථීර වූ (නීති රීති වලින් යුත්) ධර්මයයි
Surah Al-Bayyina, Verse 5


إِنَّ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ وَٱلۡمُشۡرِكِينَ فِي نَارِ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَآۚ أُوْلَـٰٓئِكَ هُمۡ شَرُّ ٱلۡبَرِيَّةِ

එබැවින් ධර්මය හිමි අයගෙන්ද, සමානයන් තබා නමදින්නන්ගෙන්ද, (මෙම නබිවරයාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි අයගෙන්ද) කවුරුන් (ඔහුව) ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන් නියත වශයෙන්ම නිරා ගින්නෙහිම සිටින්නාහ. එහි ඔවුන් සදාකල්ම රැඳී සිටින්නාහ. මෙවැන්නන්ම උත්පාදනයන් සියල්ලගෙන් ඉමහත් නපුරන්ය
Surah Al-Bayyina, Verse 6


إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ أُوْلَـٰٓئِكَ هُمۡ خَيۡرُ ٱلۡبَرِيَّةِ

එහෙත් (මෙම නබිවරයාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි අයගෙන්) කවුරුන් (ඔහුව) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන් නියත වශයෙන්ම උත්පාදනයන් සියල්ලගෙන් ශ්‍රේෂ්ඨයන්ය
Surah Al-Bayyina, Verse 7


جَزَآؤُهُمۡ عِندَ رَبِّهِمۡ جَنَّـٰتُ عَدۡنٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ رَّضِيَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُواْ عَنۡهُۚ ذَٰلِكَ لِمَنۡ خَشِيَ رَبَّهُۥ

ඔවුන්ගේ ඵලවිපාක ඔවුන්ගේ දෙවියන්ගේ සන්නිධානයෙහි ඇති ස්ථීර වූ ස්වර්ගයන් වන්නේය. ඒවායෙහි දිය දහරා සදාකල් ගලමින්ම තිඛෙණු ඇත. සදාකල්ම ඔවුන් ඒවායෙහි රැඳී සිටිනු ඇත. අල්ලාහ්ද ඔවුන් ගැන තෘප්තියට පත් වන්නේය. ඔවුන්ද අල්ලාහ් ගැන තෘප්තියට පත් වන්නාහ. කවුරුන් තම දෙවියන්ට බිය වන්නෝද, ඔවුන්ටම (මෙවැනි භාග්‍යය ලැඛෙන්නේය)
Surah Al-Bayyina, Verse 8


Author: Naseem Ismail And Masoor Maulana, Kaleel


<< Surah 97
>> Surah 99

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai