Surah Al-Qadr - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
إِنَّآ أَنزَلۡنَٰهُ فِي لَيۡلَةِ ٱلۡقَدۡرِ
නියත වශයෙන්ම අපි මෙය (මෙම කුර්ආනය ඉතාමත් ගෞරවයෙන් පිරි) ලෙයිලතුල් කද්ර් නමැති එක් රාත්‍රියකදී (පළමුවෙන්ම) පහළ කර තැබුවෙමු
Surah Al-Qadr, Verse 1
وَمَآ أَدۡرَىٰكَ مَا لَيۡلَةُ ٱلۡقَدۡرِ
(නබියේ!) එම ගෞරවයෙන් පිරි රාත්‍රියේ (මහිමය) ඔබ දන්නෙහිද
Surah Al-Qadr, Verse 2
لَيۡلَةُ ٱلۡقَدۡرِ خَيۡرٞ مِّنۡ أَلۡفِ شَهۡرٖ
ගෞරවයෙන් පිරි එම රාත්‍රිය මාසයන් දහසකට වඩා ඉතාමත් උසස් වන්නේය
Surah Al-Qadr, Verse 3
تَنَزَّلُ ٱلۡمَلَـٰٓئِكَةُ وَٱلرُّوحُ فِيهَا بِإِذۡنِ رَبِّهِم مِّن كُلِّ أَمۡرٖ
එහි මලායිකාවරුන්ද, (ජිබ්රීල් වන පරිශුද්ධ) ආත්මයද, තම දෙවියන්ගේ නියෝගයට අනුව (සිදු විය යුතු) සියලූ කාරණාවන් සමග පහළ වන්නාහ
Surah Al-Qadr, Verse 4
سَلَٰمٌ هِيَ حَتَّىٰ مَطۡلَعِ ٱلۡفَجۡرِ
ශාන්තිය හා සමාදානය සමග- (එම රාත්‍රිය) අළුයම් කාලය උදා වන තුරුය
Surah Al-Qadr, Verse 5