Surah Al-Zalzala - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
إِذَا زُلۡزِلَتِ ٱلۡأَرۡضُ زِلۡزَالَهَا
බලවත් භූමි කම්පාව ඇති වී
Surah Al-Zalzala, Verse 1
وَأَخۡرَجَتِ ٱلۡأَرۡضُ أَثۡقَالَهَا
භූමිය, තමන් උසුළාගෙන සිටින දැය (සියල්ල පිටතට) වීසි කර දමන අවස්ථාවේදී
Surah Al-Zalzala, Verse 2
وَقَالَ ٱلۡإِنسَٰنُ مَا لَهَا
මිනිසා (තිගැස්සී) මෙයට කුමක් නම් සිදු වී ඇත්ද? (කුමක් නිසා මෙසේ වෙව්ලන්නේද?)’යි විමසනු ඇත
Surah Al-Zalzala, Verse 3
يَوۡمَئِذٖ تُحَدِّثُ أَخۡبَارَهَا
එදිනදී එය තම කාරණාවන් (සියල්ල) දැනුම් දෙනු ඇත
Surah Al-Zalzala, Verse 4
بِأَنَّ رَبَّكَ أَوۡحَىٰ لَهَا
මන්දයත් (මෙසේම) ඔබගේ දෙවියන් වහී මගින් තමන්ට නියෝග කළේය (යයි කියනු ඇත)
Surah Al-Zalzala, Verse 5
يَوۡمَئِذٖ يَصۡدُرُ ٱلنَّاسُ أَشۡتَاتٗا لِّيُرَوۡاْ أَعۡمَٰلَهُمۡ
එදිනදී මිනිසුන් (හොඳ හෝ නරක හෝ) තමන්ගේ විපත් දකිනු පිණිස (විවිධ කොටස් වශයෙන් ඛෙදී) සමූහ සමූහයන් වශයෙන් (විනිශ්චය සඳහා) පැමිණෙනු ඇත
Surah Al-Zalzala, Verse 6
فَمَن يَعۡمَلۡ مِثۡقَالَ ذَرَّةٍ خَيۡرٗا يَرَهُۥ
එබැවින් කවුරුන් එක් අනු ප්‍රමාණයක් හෝ පිනක් කර තිබුණේ නම්, ඔහු (එහිදී) එය දැක ගන්නේය
Surah Al-Zalzala, Verse 7
وَمَن يَعۡمَلۡ مِثۡقَالَ ذَرَّةٖ شَرّٗا يَرَهُۥ
(එසේම) කවුරුන් එක් අනු ප්‍රමාණයක් හෝ පාපයක් කර තිබුනේද එයද ඔහු (එහිදී) දැක ගන්නේය
Surah Al-Zalzala, Verse 8