Surah Ibrahim - Sinhala Translation by Www.islamhouse.com
الٓرۚ كِتَٰبٌ أَنزَلۡنَٰهُ إِلَيۡكَ لِتُخۡرِجَ ٱلنَّاسَ مِنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ بِإِذۡنِ رَبِّهِمۡ إِلَىٰ صِرَٰطِ ٱلۡعَزِيزِ ٱلۡحَمِيدِ
අලිෆ්, ලාම්, රා (නබිවරය) අපි මෙය නුඹ වෙත පහළ දේව ග්‍රන්ථයයි. ( ජනයා) ඔවුන්ගේ පරමාධිපතිගේ අනුහසින් අන්ධකාරයන්ගෙන් ආලෝකයට ප්‍රශංසාලාභී, සර්ව බලධාරියාගේ මාර්ගය වෙත නුඹ ඔවුන් යොමු කරනු පිණිස
Surah Ibrahim, Verse 1
ٱللَّهِ ٱلَّذِي لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ وَوَيۡلٞ لِّلۡكَٰفِرِينَ مِنۡ عَذَابٖ شَدِيدٍ
එම අල්ලාහ් කෙබඳුද යත් අහස් තුළ ඇති දෑ ද මහපොළොව තුළ ඇති දෑ ද ඔහු සතුය. දේව ප්‍රතික්ෂේපකයින්ට දැඩි දඬුවමින් යුත් විනාශය ඇත
Surah Ibrahim, Verse 2
ٱلَّذِينَ يَسۡتَحِبُّونَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا عَلَى ٱلۡأٓخِرَةِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَيَبۡغُونَهَا عِوَجًاۚ أُوْلَـٰٓئِكَ فِي ضَلَٰلِۭ بَعِيدٖ
මතු ලොවට වඩා මෙලොව ජීවිතයට ප්‍රිය කරමින් අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) වළක්වා එහි අඩුපාඩු සොයන ඔවුහු අන්ත මුළාවෙහිය
Surah Ibrahim, Verse 3
وَمَآ أَرۡسَلۡنَا مِن رَّسُولٍ إِلَّا بِلِسَانِ قَوۡمِهِۦ لِيُبَيِّنَ لَهُمۡۖ فَيُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
තවද කිසිදු රසූල්වරයකු ඔහුගේ ජනයාගේ බසින් මිස අපි නොඑව්වෙමු. ඔවුනට ඔහු (දේව පණිවිඩ) පැහැදිලි කරනු පිණිසය. එවිට අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග යොමු කරයි. තමන් අභිමත කරන අය යහ මග යොමු කරයි. තවද ඔහු සර්ව බලධාරීය. සර්ව ප්‍රඥාවන්තය
Surah Ibrahim, Verse 4
وَلَقَدۡ أَرۡسَلۡنَا مُوسَىٰ بِـَٔايَٰتِنَآ أَنۡ أَخۡرِجۡ قَوۡمَكَ مِنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ وَذَكِّرۡهُم بِأَيَّىٰمِ ٱللَّهِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّكُلِّ صَبَّارٖ شَكُورٖ
තවද නුඹගේ ජනයා අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත බැහැර කරනු. තවද අල්ලාහ්ගේ ගෙවී ගිය දිනයන් පිළිබඳ ව ඔවුනට මතක් කර දෙනු යැයි (අණ කරමින්) මූසා ව සැබැවින්ම අපි අපේ ප්‍රාතිහාර්යයන් සමග එව්වෙමු. නියත වශයෙන්ම එහි කෘතවේදී ඉවසිලිවන්ත සෑම කෙනෙකුටම සංඥාවන් ඇත
Surah Ibrahim, Verse 5
وَإِذۡ قَالَ مُوسَىٰ لِقَوۡمِهِ ٱذۡكُرُواْ نِعۡمَةَ ٱللَّهِ عَلَيۡكُمۡ إِذۡ أَنجَىٰكُم مِّنۡ ءَالِ فِرۡعَوۡنَ يَسُومُونَكُمۡ سُوٓءَ ٱلۡعَذَابِ وَيُذَبِّحُونَ أَبۡنَآءَكُمۡ وَيَسۡتَحۡيُونَ نِسَآءَكُمۡۚ وَفِي ذَٰلِكُم بَلَآءٞ مِّن رَّبِّكُمۡ عَظِيمٞ
නුඹලාගේ පිරිමි දරුවන් ඝාතනය කර දමා නුඹලාගේ කාන්තාවන්ට ජීවිත දානය දෙමින් සිටි ෆිර්අවුන්ගේ පැළැන්තියෙන් නුඹලා ව මුදවා ගත් අවස්ථාවේ නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් මෙනෙහි කරනු යැයි මූසා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. තවද මේවායෙහි නුඹලාගේ සර්ව බලධාරී අල්ලාහ්ගෙන් වූ පරීක්ෂණයක් ඇත
Surah Ibrahim, Verse 6
وَإِذۡ تَأَذَّنَ رَبُّكُمۡ لَئِن شَكَرۡتُمۡ لَأَزِيدَنَّكُمۡۖ وَلَئِن كَفَرۡتُمۡ إِنَّ عَذَابِي لَشَدِيدٞ
නුඹලා කෘතවේදී වූයෙහු නම් සැබැවින්ම මම නුඹලාට අධික කර දෙමි. නමුත් නුඹලා ගුණමකු වූයෙහු නම් නියත වශයෙන්ම මාගේ දඬුවම ඉතා දැඩි යැයි නුඹලාගේ පරමාධිපති දන්වා සිටි අවස්ථාව මෙනෙහි කරනු
Surah Ibrahim, Verse 7
وَقَالَ مُوسَىٰٓ إِن تَكۡفُرُوٓاْ أَنتُمۡ وَمَن فِي ٱلۡأَرۡضِ جَمِيعٗا فَإِنَّ ٱللَّهَ لَغَنِيٌّ حَمِيدٌ
මූසා තම ජනයාට මෙසේ කී අවස්ථාව සිහිපත් කරනු. "නුඹලා සහ මිහිතලයේ සිටින සියලු දෙනා (අල්ලාහ් ව) ප්‍රතික්ෂේප කරන්නෙහු නම් නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රශංසාලාභීය. අවශ්‍යතාවන්ගෙන් තොර යැයි දැන ගනු
Surah Ibrahim, Verse 8
أَلَمۡ يَأۡتِكُمۡ نَبَؤُاْ ٱلَّذِينَ مِن قَبۡلِكُمۡ قَوۡمِ نُوحٖ وَعَادٖ وَثَمُودَ وَٱلَّذِينَ مِنۢ بَعۡدِهِمۡ لَا يَعۡلَمُهُمۡ إِلَّا ٱللَّهُۚ جَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَرَدُّوٓاْ أَيۡدِيَهُمۡ فِيٓ أَفۡوَٰهِهِمۡ وَقَالُوٓاْ إِنَّا كَفَرۡنَا بِمَآ أُرۡسِلۡتُم بِهِۦ وَإِنَّا لَفِي شَكّٖ مِّمَّا تَدۡعُونَنَآ إِلَيۡهِ مُرِيبٖ
නුඹලාට පෙර වූ නූහ් ආද් හා සමූද් ජනයාගේ ද ඔවුනට පසුවූවන්ගේ ද පුවත් නුඹලා වෙත නොපැමිණියේ ද? ඔවුන් ගැන අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනී. ඔවුන්ගේ රසූල්වරුන් ඔවුන් වෙත පැහැදිලි සාධක සමඟ පැමිණියෝය. නමුත් ඔවුන් ඔවුන්ගේ අත් ඔවුන්ගේ මුව මත තබා ‘නුඹලාට කවර දෙයක් එවනු ලැබුවේ ද සැබැවින්ම අපි එය ප්‍රතික්ෂේප කළෙමු. තවද නුඹලා කවර කරුණක් වෙත අප ව ඇරයුම් කරන්නේ ද ඒ පිළිබඳ ව අපි දැඩි ලෙස සැකයෙහි පසුවෙමු’ යැයි පැවසූහ
Surah Ibrahim, Verse 9
۞قَالَتۡ رُسُلُهُمۡ أَفِي ٱللَّهِ شَكّٞ فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ يَدۡعُوكُمۡ لِيَغۡفِرَ لَكُم مِّن ذُنُوبِكُمۡ وَيُؤَخِّرَكُمۡ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗىۚ قَالُوٓاْ إِنۡ أَنتُمۡ إِلَّا بَشَرٞ مِّثۡلُنَا تُرِيدُونَ أَن تَصُدُّونَا عَمَّا كَانَ يَعۡبُدُ ءَابَآؤُنَا فَأۡتُونَا بِسُلۡطَٰنٖ مُّبِينٖ
අහස් හා මහපොළොවේ නිර්මාපකයාණන් වූ අල්ලාහ් සම්බන්ධයෙන් සැකයක් ඇත්තේ ද? නුඹලාට ඔහු සමාව දෙනු පිණිස ද නුඹලා ව නියමිත කාලයක් ප්‍රමාද කර දෙනු පිණිස ද ඔහු නුඹලා ව ඇරයුම් කරයි යනුවෙන් ඔවුන්ගේ රසූල්වරුන් පැවසූහ. නුඹලා අප මෙන් මිනිසුන් මිස නැත. අපගේ මුතුන් මිත්තන් නැමදුම් කරමින් සිටි දැයින් නුඹලා අප ව වළක්වන්නෙහු ය. එසේ නම් අප වෙත පැහැදිලි සාක්ෂියක් ගෙන එනු යැයි ඔවුහු පැවසූහ
Surah Ibrahim, Verse 10
قَالَتۡ لَهُمۡ رُسُلُهُمۡ إِن نَّحۡنُ إِلَّا بَشَرٞ مِّثۡلُكُمۡ وَلَٰكِنَّ ٱللَّهَ يَمُنُّ عَلَىٰ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦۖ وَمَا كَانَ لَنَآ أَن نَّأۡتِيَكُم بِسُلۡطَٰنٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ
අපි නුඹලා මෙන් මිනිසුන් මිස නැත. එනමුත් අල්ලාහ් තම ගැත්තන් අතුරින් තමන් අභිමත අයට (දේව දූත මෙහෙවර)පිරිනමනු ඇත. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර ව අප නුඹලා වෙත ගෙන ඒමට කිසිදු සාක්ෂියක් අපට නොවීය. තවද අල්ලාහ් වෙතම විශ්වාසවන්තයෝ (සියල්ල) භාර කරත්වා
Surah Ibrahim, Verse 11
وَمَا لَنَآ أَلَّا نَتَوَكَّلَ عَلَى ٱللَّهِ وَقَدۡ هَدَىٰنَا سُبُلَنَاۚ وَلَنَصۡبِرَنَّ عَلَىٰ مَآ ءَاذَيۡتُمُونَاۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُتَوَكِّلُونَ
අල්ලාහ් වෙත භාර නොකර සිටීමට අපට කුමක් වීද? තවද සැබැවින්ම ඔහු අපට අපගේ මාර්ග පෙන්වීය. තවද නුඹලා අප වෙත කරන පීඩාවන් අපි ඉවසා දරා ගන්නෙමු. තවද භාර කරන්නන් අල්ලාහ් වෙතම භාර කරත්වා
Surah Ibrahim, Verse 12
وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لِرُسُلِهِمۡ لَنُخۡرِجَنَّكُم مِّنۡ أَرۡضِنَآ أَوۡ لَتَعُودُنَّ فِي مِلَّتِنَاۖ فَأَوۡحَىٰٓ إِلَيۡهِمۡ رَبُّهُمۡ لَنُهۡلِكَنَّ ٱلظَّـٰلِمِينَ
සැබැවින්ම අපි නුඹලා ව අපගේ ප්‍රදේශයෙන් පිටුවහල් කරන්නෙමු. එසේ නැතහොත් නුඹලා අපගේ පිළිවෙත තුළට නැවත පැමිණිය යුතුය යැයි ප්‍රතික්ෂේප කළවුන් ඔවුන්ගේ රසූල්වරුන්ට පැවසූහ. එහෙයින් ඔවුන්ගේ පරමාධිපති සැබැවින්ම අපි අපාරධකරුවන් විනාශ කරන්නෙමු යැයි ඔවුනට දන්වා සිටියේය
Surah Ibrahim, Verse 13
وَلَنُسۡكِنَنَّكُمُ ٱلۡأَرۡضَ مِنۢ بَعۡدِهِمۡۚ ذَٰلِكَ لِمَنۡ خَافَ مَقَامِي وَخَافَ وَعِيدِ
තවද ඔවුන්ගෙන් පසු ව අපි නුඹලා ව එම ප්‍රදේශයේ පදිංචි කරවන්නෙමු. එය මා ඉදිරියේ (විනිශ්චය සඳහා) සිට ගැනීමට බිය වන්නන් හා මාගේ අවවාදයට බිය වන්නන් හටය
Surah Ibrahim, Verse 14
وَٱسۡتَفۡتَحُواْ وَخَابَ كُلُّ جَبَّارٍ عَنِيدٖ
තවද ඔවුහු උදව් පැතූහ. තවද මුරණ්ඩු අහංකාරකම් පෑ සෑම කෙනෙකුම විනාශයට පත් විය
Surah Ibrahim, Verse 15
مِّن وَرَآئِهِۦ جَهَنَّمُ وَيُسۡقَىٰ مِن مَّآءٖ صَدِيدٖ
ඔහු ඉදිරියෙන් නිරය ඇත. සැරව දියෙන් ඔහුට පොවනු ලැබේ
Surah Ibrahim, Verse 16
يَتَجَرَّعُهُۥ وَلَا يَكَادُ يُسِيغُهُۥ وَيَأۡتِيهِ ٱلۡمَوۡتُ مِن كُلِّ مَكَانٖ وَمَا هُوَ بِمَيِّتٖۖ وَمِن وَرَآئِهِۦ عَذَابٌ غَلِيظٞ
ඔහු විටින් විට එය ගිලියි. නමුත් එය පිළිගැනීමට අපොහොසත් වෙයි. (එවිට) සෑම තැනකින්ම ඔහු වෙත මරණය පැමිණෙයි. නමුත් ඔහු මිය යන්නෙකු නොවේ. ඔහු පසුපසින් දැඩි දඬුවමක් ඇත
Surah Ibrahim, Verse 17
مَّثَلُ ٱلَّذِينَ كَفَرُواْ بِرَبِّهِمۡۖ أَعۡمَٰلُهُمۡ كَرَمَادٍ ٱشۡتَدَّتۡ بِهِ ٱلرِّيحُ فِي يَوۡمٍ عَاصِفٖۖ لَّا يَقۡدِرُونَ مِمَّا كَسَبُواْ عَلَىٰ شَيۡءٖۚ ذَٰلِكَ هُوَ ٱلضَّلَٰلُ ٱلۡبَعِيدُ
තම පරමාධිපති ව ප්‍රතික්ෂේප කළවුන්ගේ උපමාව ඔවුන්ගේ ක්‍රියාවන් චණ්ඩ මාරුතයක් සහිත දිනක දී සුළඟ දැඩි ලෙස හසුකර ගත් අළු බඳුය. ඔවුන් ඉපැයූ දැයින් කිසිවක් මත ඔවුහු ශක්තිය නොදරති. එය අන්ත මුළාවක්මය
Surah Ibrahim, Verse 18
أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۚ إِن يَشَأۡ يُذۡهِبۡكُمۡ وَيَأۡتِ بِخَلۡقٖ جَدِيدٖ
නියත වශයෙන්ම අල්ලාහ් අහස් හා මහපොළොව සත්‍යයෙන් යුතු ව මැවු බව නුඹ නුදුටුවෙහි ද? ඔහු අභිමත කරන්නේ නම් නුඹලා ව ඉවත් කොට නව මැවීමක් ගෙන එනු ඇත
Surah Ibrahim, Verse 19
وَمَا ذَٰلِكَ عَلَى ٱللَّهِ بِعَزِيزٖ
තවද එය අල්ලාහ් වෙත බැරෑරුම් (කරුණක්) නොවේ
Surah Ibrahim, Verse 20
وَبَرَزُواْ لِلَّهِ جَمِيعٗا فَقَالَ ٱلضُّعَفَـٰٓؤُاْ لِلَّذِينَ ٱسۡتَكۡبَرُوٓاْ إِنَّا كُنَّا لَكُمۡ تَبَعٗا فَهَلۡ أَنتُم مُّغۡنُونَ عَنَّا مِنۡ عَذَابِ ٱللَّهِ مِن شَيۡءٖۚ قَالُواْ لَوۡ هَدَىٰنَا ٱللَّهُ لَهَدَيۡنَٰكُمۡۖ سَوَآءٌ عَلَيۡنَآ أَجَزِعۡنَآ أَمۡ صَبَرۡنَا مَا لَنَا مِن مَّحِيصٖ
සියල්ලන් අල්ලාහ් වෙත හෙළි වෙයි. එවිට දුර්වලයින් උඩඟුකම් පෑ අය දෙස බලා නියත වශයෙන්ම නුඹලාව අපි අනුගමනය කරන්නන් ලෙස සිටියෙමු. අල්ලාහ්ගෙන් වූ දඬුවමින් කිසිවක් හෝ අපගෙන් නැති කිරීමට නුඹලාට හැකි දැයි විමසති. ඔවුහු අල්ලාහ් අපට මග පෙන් වූයේ නම් සැබැවින්ම අප නුඹලාට මග පෙන්වන්නට තිබුණි. අපි වැලපුණ ද ඉවසා දරා ගත්තද අප වෙත එක සමානය. කිසිදු මිදීමක් අප වෙත නොමැත යැයි ඔවුහු පවසති
Surah Ibrahim, Verse 21
وَقَالَ ٱلشَّيۡطَٰنُ لَمَّا قُضِيَ ٱلۡأَمۡرُ إِنَّ ٱللَّهَ وَعَدَكُمۡ وَعۡدَ ٱلۡحَقِّ وَوَعَدتُّكُمۡ فَأَخۡلَفۡتُكُمۡۖ وَمَا كَانَ لِيَ عَلَيۡكُم مِّن سُلۡطَٰنٍ إِلَّآ أَن دَعَوۡتُكُمۡ فَٱسۡتَجَبۡتُمۡ لِيۖ فَلَا تَلُومُونِي وَلُومُوٓاْ أَنفُسَكُمۖ مَّآ أَنَا۠ بِمُصۡرِخِكُمۡ وَمَآ أَنتُم بِمُصۡرِخِيَّ إِنِّي كَفَرۡتُ بِمَآ أَشۡرَكۡتُمُونِ مِن قَبۡلُۗ إِنَّ ٱلظَّـٰلِمِينَ لَهُمۡ عَذَابٌ أَلِيمٞ
(ස්වර්ගස්තවූවන් සහ අපාගතවූවන් පිළබඳ) නියෝගය තීන්දු කරනු ලැබූ කල්හි ෂයිතාන් (අපාගතවූවන් අමතා) මෙසේ පවසයි. නියත වශයෙන්ම අල්ලාහ් සැබෑ ප්‍රතිඥාවකින් නුඹලාට ප්‍රතිඥා දුන්නේය. තවද මමද නුඹලාට ප්‍රතිඥා දුනිමි. නමුත් මම නුඹලාට එය කඩ කළෙමි. නුඹලා ව ඇරයුම් කිරීම මිස වෙනත් කිසිදු බලයක් නුඹලාට එරෙහි ව මා වෙත නොවීය. එබැවින් නුඹලා මට දොස් නොපවරනු. නුඹලා නුඹලාටම දොස් පවරා ගනු. මම නුඹලාගේ ගැලවුම්කරු නොවෙමි. නුඹලා ද මාගේ ගැලවුම්කරුවන් නොවෙති. නියත වශයෙන්ම මීට පෙර නුඹලා මට කළ ආදේශයන් මම ප්‍රතික්ෂේප කළෙමි. නියත වශයෙන්ම අපරාධකරුවන් වන ඔවුනට වේදනීය දඬුවමක් ඇත
Surah Ibrahim, Verse 22
وَأُدۡخِلَ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَا بِإِذۡنِ رَبِّهِمۡۖ تَحِيَّتُهُمۡ فِيهَا سَلَٰمٌ
විශ්වාස කොට දැහැමි ක්‍රියා කළවුන් ඊට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන් වලට ඇතුළත් කරනු ලැබීය. ඔවුන්ගේ පරමාධිපතිගේ අනුමැතියෙන් ඔවුන් එහි සදාතනිකයින් විය. එහි ඔවුන්ගේ පැතුම සලාම් (ශාන්තිය වේවා යන්න)ය
Surah Ibrahim, Verse 23
أَلَمۡ تَرَ كَيۡفَ ضَرَبَ ٱللَّهُ مَثَلٗا كَلِمَةٗ طَيِّبَةٗ كَشَجَرَةٖ طَيِّبَةٍ أَصۡلُهَا ثَابِتٞ وَفَرۡعُهَا فِي ٱلسَّمَآءِ
යහපත් වදනට අල්ලාහ් උපමාවක් ගෙන හැර දක්වා ඇත්තේ කෙසේදැයි නුඹ නොදුටුවෙහි ද? එය සාරවත් ගසක් මෙනි. එහි මුල ස්ථාවරය. එමෙන්ම එහි අතු අහසෙහි (විහිදී) ඇත
Surah Ibrahim, Verse 24
تُؤۡتِيٓ أُكُلَهَا كُلَّ حِينِۭ بِإِذۡنِ رَبِّهَاۗ وَيَضۡرِبُ ٱللَّهُ ٱلۡأَمۡثَالَ لِلنَّاسِ لَعَلَّهُمۡ يَتَذَكَّرُونَ
එය එහි පරමාධිපතිගේ අනුමැතියෙන් සෑම මොහොතකම එහි ආහාර ලබා දෙයි. ඔවුන් මෙනෙහි කර ගත හැකි වනු පිණිස අල්ලාහ් ජනයාට උපමාවන් ගෙන හැර දක්වයි
Surah Ibrahim, Verse 25
وَمَثَلُ كَلِمَةٍ خَبِيثَةٖ كَشَجَرَةٍ خَبِيثَةٍ ٱجۡتُثَّتۡ مِن فَوۡقِ ٱلۡأَرۡضِ مَا لَهَا مِن قَرَارٖ
තවද නපුරු වදනට උපමාව මහපොළොව මතු පිටින් උදුරා දමන ලද නිසරු ගසක් මෙනි. එයට කිසිදු ස්ථාවරයක් නොමැත
Surah Ibrahim, Verse 26
يُثَبِّتُ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ بِٱلۡقَوۡلِ ٱلثَّابِتِ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَفِي ٱلۡأٓخِرَةِۖ وَيُضِلُّ ٱللَّهُ ٱلظَّـٰلِمِينَۚ وَيَفۡعَلُ ٱللَّهُ مَا يَشَآءُ
මෙලොව ජීවිතයේ හා මතු ලොවෙහි විශ්වාස කළවුන් ව ස්ථාවර ප්‍රකාශයෙන් අල්ලාහ් ස්ථාවර කරයි. තවද අපරාධකරුවන් ව අල්ලාහ් මුළා කරයි. තවද අල්ලාහ් තමන් අභිමත කරන දෑ සිදු කරයි
Surah Ibrahim, Verse 27
۞أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ بَدَّلُواْ نِعۡمَتَ ٱللَّهِ كُفۡرٗا وَأَحَلُّواْ قَوۡمَهُمۡ دَارَ ٱلۡبَوَارِ
අල්ලාහ්ගේ ආශිර්වාදයන් ප්‍රතික්ෂේපයක් බවට පෙරළා තම ජනයාට විනාශයේ නිවහන අනුමත කර දුන් අය ව නුඹ නුදුටුවෙහි ද
Surah Ibrahim, Verse 28
جَهَنَّمَ يَصۡلَوۡنَهَاۖ وَبِئۡسَ ٱلۡقَرَارُ
එය නිරයයි. එහි ඔවුහු පිවිස දැවෙති. එම නිවහන නපුරු විය
Surah Ibrahim, Verse 29
وَجَعَلُواْ لِلَّهِ أَندَادٗا لِّيُضِلُّواْ عَن سَبِيلِهِۦۗ قُلۡ تَمَتَّعُواْ فَإِنَّ مَصِيرَكُمۡ إِلَى ٱلنَّارِ
ඔවුහු අල්ලාහ්ට සමානයන් පත් කළෝය. එය ඔහුගේ මාර්ගයෙන් (ජනයා) මුළා කරනු පිණිසය. නුඹලා භුක්ති විඳිනු. නියත වශයෙන්ම නුඹලා යොමු කරනු ලබනුයේ (නිරා) ගින්න වෙතය යැයි (නබිවරය) නුඹ පවසනු
Surah Ibrahim, Verse 30
قُل لِّعِبَادِيَ ٱلَّذِينَ ءَامَنُواْ يُقِيمُواْ ٱلصَّلَوٰةَ وَيُنفِقُواْ مِمَّا رَزَقۡنَٰهُمۡ سِرّٗا وَعَلَانِيَةٗ مِّن قَبۡلِ أَن يَأۡتِيَ يَوۡمٞ لَّا بَيۡعٞ فِيهِ وَلَا خِلَٰلٌ
කිසිදු ගනු දෙනුවක් හෝ කිසිදු මිත්‍රත්වයක් නොමැති දිනයක් පැමිණීමට පෙර සලාතය විධිමත් ව ඉටු කරන මෙන් ද ඔවුනට අපි පෝෂණය කළ දැයින් රහසිගත ව ද එළිපිට ද වියදම් කරන මෙන් ද විශ්වාස කළවුන් වන මාගේ ගැත්තන්හට (නබිවරය) නුඹ පවසනු
Surah Ibrahim, Verse 31
ٱللَّهُ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجَ بِهِۦ مِنَ ٱلثَّمَرَٰتِ رِزۡقٗا لَّكُمۡۖ وَسَخَّرَ لَكُمُ ٱلۡفُلۡكَ لِتَجۡرِيَ فِي ٱلۡبَحۡرِ بِأَمۡرِهِۦۖ وَسَخَّرَ لَكُمُ ٱلۡأَنۡهَٰرَ
අල්ලාහ් වනාහි ඔහු අහස් හා මහපොළොව මැව්වේය. තවද අහසින් ජලය පහළ කළේය. එමගින් ඔහු නුඹලාට පෝෂණය වශයෙන් බවභෝග පිට කළේය. තවද ඔහුගේ අනුමැතියෙන් මුහුදේ ගමන් කරනු වස් නුඹලාට නැව් වසඟ කර දුන්නේය. තවද නුඹලාට ගංගාවන් ද වසඟ කර දුන්නේය
Surah Ibrahim, Verse 32
وَسَخَّرَ لَكُمُ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَ دَآئِبَيۡنِۖ وَسَخَّرَ لَكُمُ ٱلَّيۡلَ وَٱلنَّهَارَ
තවද හිරු හා සඳු ගමන් කරන්නක් වශයෙන් නුඹලාට ඔහු වසඟ කර දුන්නේය. තවද රාත්‍රිය හා දහවල ද නුඹලාට වසඟ කර දුන්නේය
Surah Ibrahim, Verse 33
وَءَاتَىٰكُم مِّن كُلِّ مَا سَأَلۡتُمُوهُۚ وَإِن تَعُدُّواْ نِعۡمَتَ ٱللَّهِ لَا تُحۡصُوهَآۗ إِنَّ ٱلۡإِنسَٰنَ لَظَلُومٞ كَفَّارٞ
නුඹලා ඉල්ලා සිටි සියලු දැයින් ඔහු නුඹලාට පිරිනැමුවේය. නුඹලා අල්ලාහ්ගේ ආශිර්වාදයන් ගණන් කළද නුඹලා එය තක්සේරු නොකරනු ඇත. නියත වශයෙන්ම මිනිසා අයුක්ති සහගතය. මහා ගුණමකුය
Surah Ibrahim, Verse 34
وَإِذۡ قَالَ إِبۡرَٰهِيمُ رَبِّ ٱجۡعَلۡ هَٰذَا ٱلۡبَلَدَ ءَامِنٗا وَٱجۡنُبۡنِي وَبَنِيَّ أَن نَّعۡبُدَ ٱلۡأَصۡنَامَ
මාගේ පරමාධිපතියාණනි, මෙම නගරය අභයදායී ලෙස පත් කරනු මැනව ! තවද මා හා මාගේ පුතණුවන් පිළිම වලට නැමදීමෙන් අපව දුරස් කරනු මනැව
Surah Ibrahim, Verse 35
رَبِّ إِنَّهُنَّ أَضۡلَلۡنَ كَثِيرٗا مِّنَ ٱلنَّاسِۖ فَمَن تَبِعَنِي فَإِنَّهُۥ مِنِّيۖ وَمَنۡ عَصَانِي فَإِنَّكَ غَفُورٞ رَّحِيمٞ
මාගේ පරමාධිපතියාණෙනි, නියත වශයෙන්ම ඒවා ජනයා අතුරින් බොහෝ දෙනකු මුළා කර ඇත. එහෙයින් කවරෙකු මා අනුගමනය කළේ ද එවිට සැබැවින්ම ඔහු මාගෙන් කෙනෙකි. නමුත් කවරෙකු මට පිටුපෑවේ ද එවිට නියත වශයෙන්ම ඔබ අති ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය
Surah Ibrahim, Verse 36
رَّبَّنَآ إِنِّيٓ أَسۡكَنتُ مِن ذُرِّيَّتِي بِوَادٍ غَيۡرِ ذِي زَرۡعٍ عِندَ بَيۡتِكَ ٱلۡمُحَرَّمِ رَبَّنَا لِيُقِيمُواْ ٱلصَّلَوٰةَ فَٱجۡعَلۡ أَفۡـِٔدَةٗ مِّنَ ٱلنَّاسِ تَهۡوِيٓ إِلَيۡهِمۡ وَٱرۡزُقۡهُم مِّنَ ٱلثَّمَرَٰتِ لَعَلَّهُمۡ يَشۡكُرُونَ
අපගේ පරමාධිපයොණෙනි, ඔබගේ පාරිශුද්ධ නිවස අසල කිසිදු වගාවකින් තොර වූ මිටියාවතක මම මාගේ පරපුර පදිංචි කළෙමි. අපගේ පරමාධිපතියාණෙනි, එය ඔවුන් සලාතය විධිමත් ව ඉටු කරනු පිණිසය. එහෙයින් ජනයාගෙන් ඔවුන් වෙත නැඹුරුවන්නට ඇතැම් හදවත් (ඇත්තන්) පත් කරනු මැනව ! තවද බවභෝගයන්ගෙන් ඔවුනට පෝෂණය කරනු මැනව ! ඔවුන් කෘතවේදී විය හැකිවනු පිණිස
Surah Ibrahim, Verse 37
رَبَّنَآ إِنَّكَ تَعۡلَمُ مَا نُخۡفِي وَمَا نُعۡلِنُۗ وَمَا يَخۡفَىٰ عَلَى ٱللَّهِ مِن شَيۡءٖ فِي ٱلۡأَرۡضِ وَلَا فِي ٱلسَّمَآءِ
අපගේ පරමාධිපතියාණෙනි, අපි සඟවන දෑ ද අපි දන්වා සිටින දෑ ද ඔබ දන්නෙහිය. මහපොළොවේ හෝ අහසෙහි හෝ ඇති කිසිවක් අල්ලාහ් වෙත සැඟවෙන්නේ නැත
Surah Ibrahim, Verse 38
ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي وَهَبَ لِي عَلَى ٱلۡكِبَرِ إِسۡمَٰعِيلَ وَإِسۡحَٰقَۚ إِنَّ رَبِّي لَسَمِيعُ ٱلدُّعَآءِ
මහලු වියෙහි මා හට ඉස්මාඊල් හා ඉස්හාක් පිරිනැමූ අල්ලාහ්ට සියලු ප්‍රශංසා. නියත වශයෙන්ම මාගේ පරමාධිපති ප්‍රාර්ථනාවට සවන් දෙන්නාය
Surah Ibrahim, Verse 39
رَبِّ ٱجۡعَلۡنِي مُقِيمَ ٱلصَّلَوٰةِ وَمِن ذُرِّيَّتِيۚ رَبَّنَا وَتَقَبَّلۡ دُعَآءِ
මාගේ පරමාධිපතියාණෙනි, මා සලාතය විධිමත් ව ඉටු කරන්නෙකු බවට පත් කරනු මැනව ! තවද මාගේ පරපුරින් ද (සලාතය විධිමත් ව ඉටු කරන්නෙකු බවට පත් කරනු මැනව!) අපගේ පරමාධිපතියාණෙනි, මාගේ ප්‍රාර්ථනාව පිළිගනු මැනව
Surah Ibrahim, Verse 40
رَبَّنَا ٱغۡفِرۡ لِي وَلِوَٰلِدَيَّ وَلِلۡمُؤۡمِنِينَ يَوۡمَ يَقُومُ ٱلۡحِسَابُ
අපගේ පරමාධිපතියාණනි, විනිශ්චය ක්‍රියාත්මක වන දිනයේ මාහට ද මාගේ දෙමාපියන්ට ද දේව විශ්වාසවන්තයින්ට ද සමාව දෙනු මැනව
Surah Ibrahim, Verse 41
وَلَا تَحۡسَبَنَّ ٱللَّهَ غَٰفِلًا عَمَّا يَعۡمَلُ ٱلظَّـٰلِمُونَۚ إِنَّمَا يُؤَخِّرُهُمۡ لِيَوۡمٖ تَشۡخَصُ فِيهِ ٱلۡأَبۡصَٰرُ
අපරාධකරුවන් කරන දෑ පිළිබඳ ව අනවධානී ව සිටින්නෙකු ලෙසින් නුඹ අල්ලාහ් ව නොසිතනු. ඔහු ඔවුනට ප්‍රමාද කරනුයේ තම බැල්ම ඉවත් කළ නොහැකි ව පවතින දිනයක් වෙනුවෙනි
Surah Ibrahim, Verse 42
مُهۡطِعِينَ مُقۡنِعِي رُءُوسِهِمۡ لَا يَرۡتَدُّ إِلَيۡهِمۡ طَرۡفُهُمۡۖ وَأَفۡـِٔدَتُهُمۡ هَوَآءٞ
ඔවුන්ගේ හිස් ඔසවා ගනිමින් වේගයෙන් දුවන්නන් වෙති. ඔවුන්ගේ බැල්ම ඔවුන් වෙත නැවත හැරී නොඑයි. තවද ඔවුන්ගේ හදවත් හිස් ව පවතී
Surah Ibrahim, Verse 43
وَأَنذِرِ ٱلنَّاسَ يَوۡمَ يَأۡتِيهِمُ ٱلۡعَذَابُ فَيَقُولُ ٱلَّذِينَ ظَلَمُواْ رَبَّنَآ أَخِّرۡنَآ إِلَىٰٓ أَجَلٖ قَرِيبٖ نُّجِبۡ دَعۡوَتَكَ وَنَتَّبِعِ ٱلرُّسُلَۗ أَوَلَمۡ تَكُونُوٓاْ أَقۡسَمۡتُم مِّن قَبۡلُ مَا لَكُم مِّن زَوَالٖ
ඔවුන් වෙත දඬුවම පැමිණෙන දිනය පිළිබඳ නුඹ ජනයාට අවවාද කරනු. එවිට අපගේ පරමාධිපතියාණෙනි, නියමිත කාලයකට අප ව ප්‍රමාද කරනු මැනව ! ඔබේ ඇරයුමට අපි පිළිතුරු දෙන්නෙමු. (රසූල්වරුන්) පණිවිඩකරුවන් ව අනුගමනය කරන්නෙමු යැයි අපරාධ කළවුන් පවසති. නුඹලාට කිසිදු විනාශයක් නොවනු ඇතැයි මීට පෙර නුඹලා දිවුරා නොසිටියෙහු ද
Surah Ibrahim, Verse 44
وَسَكَنتُمۡ فِي مَسَٰكِنِ ٱلَّذِينَ ظَلَمُوٓاْ أَنفُسَهُمۡ وَتَبَيَّنَ لَكُمۡ كَيۡفَ فَعَلۡنَا بِهِمۡ وَضَرَبۡنَا لَكُمُ ٱلۡأَمۡثَالَ
තමන්ටම අපරාධ කළවුන්ගේ වාසස්ථාන වල නුඹලා වාසය කළාහුය. ඔවුනට අප සිදු කළේ කෙසේදැයි නුඹලාට පැහැදිලි විය. තවද අපි නුඹලාට උදාහරණ ගෙන හැර පෑවෙමු. (යැයි ඔවුනට කියනු ලැබේ)
Surah Ibrahim, Verse 45
وَقَدۡ مَكَرُواْ مَكۡرَهُمۡ وَعِندَ ٱللَّهِ مَكۡرُهُمۡ وَإِن كَانَ مَكۡرُهُمۡ لِتَزُولَ مِنۡهُ ٱلۡجِبَالُ
ඔවුහු ඔවුන්ගේ කුමන්ත්‍රණය සැලසුම් කළෝය. තවද ඔවුන්ගේ කුමන්ත්‍රණය ඉන් කඳු ඉවත් වන තරම් වුව ද ඔවුන්ගේ කුමන්ත්‍රණය ඇත්තේ අල්ලාහ් අබියසය
Surah Ibrahim, Verse 46
فَلَا تَحۡسَبَنَّ ٱللَّهَ مُخۡلِفَ وَعۡدِهِۦ رُسُلَهُۥٓۚ إِنَّ ٱللَّهَ عَزِيزٞ ذُو ٱنتِقَامٖ
තම (රසූල්වරුන්) පණිවිඩකරුවන් ට කළ ප්‍රතිඥාව කඩ කරන්නෙකු ලෙස නුඹ අල්ලාහ් ව නොසිතනු. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරීය. පළිගන්නාය
Surah Ibrahim, Verse 47
يَوۡمَ تُبَدَّلُ ٱلۡأَرۡضُ غَيۡرَ ٱلۡأَرۡضِ وَٱلسَّمَٰوَٰتُۖ وَبَرَزُواْ لِلَّهِ ٱلۡوَٰحِدِ ٱلۡقَهَّارِ
එදින මහපොළොව මහපොළොව නොවන්නක් ලෙස ද අහස් ද පෙරළනු ලැබේ. තවද බල පවත්වන්නා වූ එකීය අල්ලාහ් ඉදිරියෙහි ඔවුහු බැහැර ව පැමිණෙති
Surah Ibrahim, Verse 48
وَتَرَى ٱلۡمُجۡرِمِينَ يَوۡمَئِذٖ مُّقَرَّنِينَ فِي ٱلۡأَصۡفَادِ
එදින යදම් වල බැඳ දමනු ලැබූවන් ලෙසින් අපරාධකරුවන් නුඹ දකිනු ඇත
Surah Ibrahim, Verse 49
سَرَابِيلُهُم مِّن قَطِرَانٖ وَتَغۡشَىٰ وُجُوهَهُمُ ٱلنَّارُ
ඔවුන්ගේ ඇඟලුම් ලෝ දියෙනි. තවද (නිරා) ගින්න ඔවුන්ගේ මුහුණු වෙළා ගනී
Surah Ibrahim, Verse 50
لِيَجۡزِيَ ٱللَّهُ كُلَّ نَفۡسٖ مَّا كَسَبَتۡۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلۡحِسَابِ
සෑම ආත්මයකටම එය ඉපැයූ දෑ සඳහා අල්ලාහ් ප්‍රතිඵල දෙනු පිණිසය. නියත වශයෙන්ම අල්ලාහ් විනිශ්චය කිරීමේ දී ඉතා වේගවත්ය
Surah Ibrahim, Verse 51
هَٰذَا بَلَٰغٞ لِّلنَّاسِ وَلِيُنذَرُواْ بِهِۦ وَلِيَعۡلَمُوٓاْ أَنَّمَا هُوَ إِلَٰهٞ وَٰحِدٞ وَلِيَذَّكَّرَ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ
මෙය ජනයා වෙත කෙරෙන දැනුම් දීමකි. තවද එමගින් ඔවුන් අවවාද ලබනු පිණිස ද නියත වශයෙන්ම ඔහු ඒකීය දෙවිඳුන් යැයි ඔවුන් දැන ගනු පිණිස ද බුද්ධිය ඇත්තවුන් මෙනෙහි කරනු ලබනු පිණිස ද වේ
Surah Ibrahim, Verse 52