Surah Al-Hijr - Sinhala Translation by Www.islamhouse.com
الٓرۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ وَقُرۡءَانٖ مُّبِينٖ
අලිෆ්, ලාම්, රා. එය දේව ග්‍රන්ථයේ හා පැහැදිලි කුර්ආනයේ වදන් වේ
Surah Al-Hijr, Verse 1
رُّبَمَا يَوَدُّ ٱلَّذِينَ كَفَرُواْ لَوۡ كَانُواْ مُسۡلِمِينَ
(මෙලොවදී) තමන් මුස්ලිම්වරුන් ලෙස සිටියේ නම් (කෙතරම් අගනේ ද) යැයි ප්‍රතික්ෂේප කළවුන් (එදින) ඉමහත් සේ ප්‍රිය කරනු ඇත
Surah Al-Hijr, Verse 2
ذَرۡهُمۡ يَأۡكُلُواْ وَيَتَمَتَّعُواْ وَيُلۡهِهِمُ ٱلۡأَمَلُۖ فَسَوۡفَ يَعۡلَمُونَ
ඔවුහු අනුභව කරමින් භුක්ති විඳින්නට නුඹ ඔවුන් අත හැර දමනු. තවද මනෝ ආශාවන් ඔවුන් ව වෙනතකට යොමු කරයි. එවිට ඔවුහු මතු දැන ගනු ඇත
Surah Al-Hijr, Verse 3
وَمَآ أَهۡلَكۡنَا مِن قَرۡيَةٍ إِلَّا وَلَهَا كِتَابٞ مَّعۡلُومٞ
තවද අපි කිසිදු ගම්මානයක් එයට නියම කරන ලද නියමයක් ලබා දෙමින් මිස විනාශ නොකළෙමු
Surah Al-Hijr, Verse 4
مَّا تَسۡبِقُ مِنۡ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسۡتَـٔۡخِرُونَ
කිසිදු සමූහයක් එහි කාල සීමාව ඉක්මන් නොකරයි. තවද ඔවුහු ප්‍රමාද ද නොවෙති
Surah Al-Hijr, Verse 5
وَقَالُواْ يَـٰٓأَيُّهَا ٱلَّذِي نُزِّلَ عَلَيۡهِ ٱلذِّكۡرُ إِنَّكَ لَمَجۡنُونٞ
තවද ( අල්කුර්ආනය හෙවත්) දේව ග්‍රන්ථය කවරෙකුට පහළ කරනු ලැබූවේද එම තැනැත්තාණෙනි, නියත වශයෙන් ඔබ උන්මත්තකයෙකි යැයි ඔවුහු පැවසූහ
Surah Al-Hijr, Verse 6
لَّوۡمَا تَأۡتِينَا بِٱلۡمَلَـٰٓئِكَةِ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ
නුඹ සත්‍යවාදීන් අතුරින් නම් නුඹ අප වෙත මලක්වරුන් ගෙන ආ යුතු නොවේ ද
Surah Al-Hijr, Verse 7
مَا نُنَزِّلُ ٱلۡمَلَـٰٓئِكَةَ إِلَّا بِٱلۡحَقِّ وَمَا كَانُوٓاْ إِذٗا مُّنظَرِينَ
(නබිවරය) සත්‍යය හේතුවකින් තොරව අපි මලක්වරුන් පහළ නොකරන්නෙමු. (ඔවුහු වේදනාව දීම සම්බන්ධයෙන් එවනු ලබන්නේ නම්) එවිට ඔවුහු අවකාශ දෙනු ලබන්නන් නොවෙති
Surah Al-Hijr, Verse 8
إِنَّا نَحۡنُ نَزَّلۡنَا ٱلذِّكۡرَ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ
නියත වශයෙන්ම අපමය ( අද් දික්ර් හෙවත්) දේව ග්‍රන්ථය (අල් කුර්ආනය) පහළ කළේ. තවද නියත වශයෙන්ම අපි එය ආරක්ෂා කරන්නන් වෙමු
Surah Al-Hijr, Verse 9
وَلَقَدۡ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ فِي شِيَعِ ٱلۡأَوَّلِينَ
තවද නුඹට පෙර වූ පැරණි පිරිස් අතරට ද සැබැවින්ම අපි (රසූල්වරුන්) පණිවිඩකරුවන් එව්වෙමු
Surah Al-Hijr, Verse 10
وَمَا يَأۡتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ
තවද ඔවුන් වෙත (අපගේ) කවර හෝ (රසූල්වරයෙකු) පණිවිඩකරුවෙකු පැමිණි විට ඔවුහු ඔහුට සමච්චල් කළහ
Surah Al-Hijr, Verse 11
كَذَٰلِكَ نَسۡلُكُهُۥ فِي قُلُوبِ ٱلۡمُجۡرِمِينَ
වැරදිකරුවන්ගේ හදවත් තුළට අපි එය කාවද්දනුයේ එලෙසය
Surah Al-Hijr, Verse 12
لَا يُؤۡمِنُونَ بِهِۦ وَقَدۡ خَلَتۡ سُنَّةُ ٱلۡأَوَّلِينَ
ඔවුහු එය විශ්වාස නොකරති. තවද සැබැවින්ම පැරැණ්නන්ගේ සිරිත් ඉකුත් වී ගොස් ඇත
Surah Al-Hijr, Verse 13
وَلَوۡ فَتَحۡنَا عَلَيۡهِم بَابٗا مِّنَ ٱلسَّمَآءِ فَظَلُّواْ فِيهِ يَعۡرُجُونَ
තවද අපි ඔවුන් වෙත අහසින් දොරටුවක් විවෘත කොට එහි ඔවුහු ආරෝහණය වන්නන් බවට පත් වුව ද (ඔවුහු විශ්වාස නොකරති)
Surah Al-Hijr, Verse 14
لَقَالُوٓاْ إِنَّمَا سُكِّرَتۡ أَبۡصَٰرُنَا بَلۡ نَحۡنُ قَوۡمٞ مَّسۡحُورُونَ
නියත වශයෙන්ම (කිසිවක් නොපෙනෙන සේ ) අපගේ ඇස් බන්දනය කරනු ලැබ ඇත. (එපමණක්) නොව අපි හූනියම් කරනු ලැබූ පිරිසකි යැයි ඔවුහු (අසත්‍යවාදීන්) පවසති
Surah Al-Hijr, Verse 15
وَلَقَدۡ جَعَلۡنَا فِي ٱلسَّمَآءِ بُرُوجٗا وَزَيَّنَّـٰهَا لِلنَّـٰظِرِينَ
තවද සැබැවින්ම අපි අහසෙහි තාරකා මණ්ඩල ඇති කළෙමු. තවද බලන්නන්හට අපි එය අලංකාරවක් කළෙමු
Surah Al-Hijr, Verse 16
وَحَفِظۡنَٰهَا مِن كُلِّ شَيۡطَٰنٖ رَّجِيمٍ
තවද පලවා හරිනු ලැබූ සෑම ෂෙයිතානුවකුගෙන්ම අපි එය ආරක්ෂා කළෙමු
Surah Al-Hijr, Verse 17
إِلَّا مَنِ ٱسۡتَرَقَ ٱلسَّمۡعَ فَأَتۡبَعَهُۥ شِهَابٞ مُّبِينٞ
නමුත් සවන් දී (තොරතුරු) සොරකම් කරන්නා හැර. එවිට පැහැදිලි ගිනි උල්කාවක් ඔහු පසුපස ලුහුබඳිනු ඇත
Surah Al-Hijr, Verse 18
وَٱلۡأَرۡضَ مَدَدۡنَٰهَا وَأَلۡقَيۡنَا فِيهَا رَوَٰسِيَ وَأَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ شَيۡءٖ مَّوۡزُونٖ
තවද අපි මහපොළොව ව්‍යාප්ත කර හැරියෙමු. එහි අපි කඳුහෙල් ඇති කළෙමු. තවද අපි එහි සෑම වස්තුවකින්ම නියමිත ආකාරයට පැළවෙන්නට සලස්වන්නෙමු
Surah Al-Hijr, Verse 19
وَجَعَلۡنَا لَكُمۡ فِيهَا مَعَٰيِشَ وَمَن لَّسۡتُمۡ لَهُۥ بِرَٰزِقِينَ
තවද අපි එහි නුඹලාටත් නුඹලා කවරෙකුට පෝෂකයින් ලෙස නොසිටියේ ද එවන් අයටද ජීවන පහසුකම් ඇති කළෙමු
Surah Al-Hijr, Verse 20
وَإِن مِّن شَيۡءٍ إِلَّا عِندَنَا خَزَآئِنُهُۥ وَمَا نُنَزِّلُهُۥٓ إِلَّا بِقَدَرٖ مَّعۡلُومٖ
කුමන දෙයක් වුවද එහි ගබඩාවන් අප සතුව ඇත. අපි එය නියමිත ප්‍රමාණයකින් මිස පහළ නොකරන්නෙමු
Surah Al-Hijr, Verse 21
وَأَرۡسَلۡنَا ٱلرِّيَٰحَ لَوَٰقِحَ فَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَسۡقَيۡنَٰكُمُوهُ وَمَآ أَنتُمۡ لَهُۥ بِخَٰزِنِينَ
තවද අපි සුළඟ පිරිසිදු (ජලය උසුලන) අයුරින් එව්වෙමු. පසු ව අහසින් ජලය පහළ කළෙමු. පසු ව නුඹලා එයට රැස් කරන්නන් ලෙස නොසිටි තත්තවයේ අපි එය නුඹලාට සැපයූවෙමු
Surah Al-Hijr, Verse 22
وَإِنَّا لَنَحۡنُ نُحۡيِۦ وَنُمِيتُ وَنَحۡنُ ٱلۡوَٰرِثُونَ
තවද නියත වශයෙන්ම ජීවය දෙන්නේද තවද මරණයට පත් කරන්නේද අපමය. තවද අපි උරුමක්කරුවෝ වෙමු
Surah Al-Hijr, Verse 23
وَلَقَدۡ عَلِمۡنَا ٱلۡمُسۡتَقۡدِمِينَ مِنكُمۡ وَلَقَدۡ عَلِمۡنَا ٱلۡمُسۡتَـٔۡخِرِينَ
සැබැවින්ම අපි නුඹලා අතුරින් පෙර ගියවුන් පිළිබඳ ව දනිමු. එමෙන්ම පසු පැමිණෙන්නවුන් පිළිබඳ ව ද අපි දනිමු
Surah Al-Hijr, Verse 24
وَإِنَّ رَبَّكَ هُوَ يَحۡشُرُهُمۡۚ إِنَّهُۥ حَكِيمٌ عَلِيمٞ
තවද නියත වශයෙන්ම නුඹේ පරමාධිපති වන ඔහු (මතු ලොවෙහි) ඔවුන් ව එක්රැස් කරනු ඇත. නියත වශයෙන්ම ඔහු සියුම් ඥානය ඇති සර්වඥානීය
Surah Al-Hijr, Verse 25
وَلَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ مِن صَلۡصَٰلٖ مِّنۡ حَمَإٖ مَّسۡنُونٖ
සැබැවින්ම විවිධ (වර්ගයෙන්) වූ කළු මැටියෙන් මිනිස් වර්ගයා අපි මැව්වෙමු
Surah Al-Hijr, Verse 26
وَٱلۡجَآنَّ خَلَقۡنَٰهُ مِن قَبۡلُ مِن نَّارِ ٱلسَّمُومِ
මීට පෙර දැඩි උණුසුම් ගින්නෙන් අපි ජින් වර්ගයා මැව්වෙමු
Surah Al-Hijr, Verse 27
وَإِذۡ قَالَ رَبُّكَ لِلۡمَلَـٰٓئِكَةِ إِنِّي خَٰلِقُۢ بَشَرٗا مِّن صَلۡصَٰلٖ مِّنۡ حَمَإٖ مَّسۡنُونٖ
නියත වශයෙන්ම මම විවිධ (වර්ගයෙන්) වූ කළු මැටියෙන් මිනිසා මවමි යැයි නුඹේ පරමාධිපති මලක්වරුන්ට පැවසූ අවස්ථාව සිහියට නගනු
Surah Al-Hijr, Verse 28
فَإِذَا سَوَّيۡتُهُۥ وَنَفَخۡتُ فِيهِ مِن رُّوحِي فَقَعُواْ لَهُۥ سَٰجِدِينَ
පසු ව මම ඔහු ව විධිමත් ව සකසා මාගේ ප්‍රාණයෙන් මම ඔහු තුළ පිඹුවෙමි. එවිට නුඹලා සිරස නමමින් සුජූද් කරන්නන් ලෙස වැටෙනු. ( යැයි නුඹගේ පරමාධිපති පැවසීය)
Surah Al-Hijr, Verse 29
فَسَجَدَ ٱلۡمَلَـٰٓئِكَةُ كُلُّهُمۡ أَجۡمَعُونَ
එවිට මලක්වරුන් වන ඔවුන් සියලු දෙනාම සිරස නමා සුජූද් කළහ
Surah Al-Hijr, Verse 30
إِلَّآ إِبۡلِيسَ أَبَىٰٓ أَن يَكُونَ مَعَ ٱلسَّـٰجِدِينَ
ඉබ්ලීස් හැර. ඔහු සුජූද් කරන්නන් සමග වීමට පිටුපෑවේය
Surah Al-Hijr, Verse 31
قَالَ يَـٰٓإِبۡلِيسُ مَا لَكَ أَلَّا تَكُونَ مَعَ ٱلسَّـٰجِدِينَ
අහෝ ! ඉබ්ලීස්, නුඹ සුජූද් කරන්නන් සමග නොවීමට නුඹට කුමක් වී දැයි ඔහු විමසුවේය
Surah Al-Hijr, Verse 32
قَالَ لَمۡ أَكُن لِّأَسۡجُدَ لِبَشَرٍ خَلَقۡتَهُۥ مِن صَلۡصَٰلٖ مِّنۡ حَمَإٖ مَّسۡنُونٖ
විවිධ (වර්ගයෙන්) වූ කළු මැටියෙන් නුඹ මැවූ මිනිසාට මා සුජූද් කිරීමට මම (සූදානම්) නොවෙමි යැයි ඔහු පැවසුවේය
Surah Al-Hijr, Verse 33
قَالَ فَٱخۡرُجۡ مِنۡهَا فَإِنَّكَ رَجِيمٞ
එසේ නම් නුඹ මින් බැහැර ව යනු. නියත වශයෙන්ම නුඹ පලවා හරිනු ලැබූවෙකි යැයි ඔහු පැවසුවේය
Surah Al-Hijr, Verse 34
وَإِنَّ عَلَيۡكَ ٱللَّعۡنَةَ إِلَىٰ يَوۡمِ ٱلدِّينِ
තවද විනිශ්චය දිනය දක්වා නුඹට එරෙහි ව ශාපය ඇත
Surah Al-Hijr, Verse 35
قَالَ رَبِّ فَأَنظِرۡنِيٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ
මාගේ පරමාධිපතියාණෙනි, ඔවුන් නැවත නැගිටුවනු ලබන දිනය තෙක් මට නුඹ අවකාශය දෙනු යැයි ඔහු පැවසුවේය
Surah Al-Hijr, Verse 36
قَالَ فَإِنَّكَ مِنَ ٱلۡمُنظَرِينَ
එසේනම් නියත වශයෙන්ම නුඹ අවකාශය දෙනු ලැබූ අය අතුරිනි යැයි ඔහු පැවසුවේය
Surah Al-Hijr, Verse 37
إِلَىٰ يَوۡمِ ٱلۡوَقۡتِ ٱلۡمَعۡلُومِ
නියමිත වේලාවේ දිනය දක්වා
Surah Al-Hijr, Verse 38
قَالَ رَبِّ بِمَآ أَغۡوَيۡتَنِي لَأُزَيِّنَنَّ لَهُمۡ فِي ٱلۡأَرۡضِ وَلَأُغۡوِيَنَّهُمۡ أَجۡمَعِينَ
මාගේ පරමාධිපතියාණෙනි, නුඹ මා නොමග යොමු කළ බැවින් මහපොළොවේ (ඇති දෑ) ඔවුනට මම අලංකාරවත් කරන්නෙමි. තවද සැබැවින්ම මම ඔවුන් සියලු දෙනා නොමග යවන්නෙමි යැයි ඔහු (ෂයිතාන්) කීවේය
Surah Al-Hijr, Verse 39
إِلَّا عِبَادَكَ مِنۡهُمُ ٱلۡمُخۡلَصِينَ
නමුත් ඔවුන් අතුරින් වූ නුඹේ අවංක ගැත්තන් හැර
Surah Al-Hijr, Verse 40
قَالَ هَٰذَا صِرَٰطٌ عَلَيَّ مُسۡتَقِيمٌ
මෙය මා වෙත (පැමිණිය හැකි) ඍජු මාර්ගය වේ" යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේය
Surah Al-Hijr, Verse 41
إِنَّ عِبَادِي لَيۡسَ لَكَ عَلَيۡهِمۡ سُلۡطَٰنٌ إِلَّا مَنِ ٱتَّبَعَكَ مِنَ ٱلۡغَاوِينَ
නියත වශයෙන්ම මාගේ ගැත්තන් වන ඔවුනට එරෙහිව කිසිදු ආධිපත්‍යයක් නුඹට නැත. නමුත් සීමාව ඉක්මවා ගියවුන් අතුරින් නුඹව පිළිපදින්නන්ට හැර
Surah Al-Hijr, Verse 42
وَإِنَّ جَهَنَّمَ لَمَوۡعِدُهُمۡ أَجۡمَعِينَ
තවද නියත වශයෙන්ම නිරය (සීමාව ඉක්මවා ගිය) සියලු දෙනා හටම ප්‍රතිඥා දෙනු ලැබූ ස්ථානයයි
Surah Al-Hijr, Verse 43
لَهَا سَبۡعَةُ أَبۡوَٰبٖ لِّكُلِّ بَابٖ مِّنۡهُمۡ جُزۡءٞ مَّقۡسُومٌ
එයට දොරටු හතක් ඇත. සෑම දොරටුවක් සඳහාම ඔවුන් (ෂයිතාන්ගේ ගමන් මග අනුගමනයකළ අය) අතුරින් (පිරිසකට විශේෂයෙන්) වෙන් කරන ලද කොටසක් ඇත" (යැයි අල්ලාහ් පවසයි)
Surah Al-Hijr, Verse 44
إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّـٰتٖ وَعُيُونٍ
නියත වශයෙන්ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන් හා දිය උල්පත් වල (සතුටින්) සිටිති
Surah Al-Hijr, Verse 45
ٱدۡخُلُوهَا بِسَلَٰمٍ ءَامِنِينَ
නුඹලා එහි නිර්භය ව සාමයෙන් පිවිසෙනු
Surah Al-Hijr, Verse 46
وَنَزَعۡنَا مَا فِي صُدُورِهِم مِّنۡ غِلٍّ إِخۡوَٰنًا عَلَىٰ سُرُرٖ مُّتَقَٰبِلِينَ
ඔවුන්ගේ හදවත් තුළ ඇති ක්‍රෝධය අපි ඉවත් කළෙමු. ඔවුහු යහනාවන් මත මුහුණට මුහුණලා සහෝදරයින් ලෙස සිටිති
Surah Al-Hijr, Verse 47
لَا يَمَسُّهُمۡ فِيهَا نَصَبٞ وَمَا هُم مِّنۡهَا بِمُخۡرَجِينَ
එහි ඔවුනට කිසිදු වෙහෙසක් ඇති නොවේ. ඔවුන් ඉන් බැහැර කරනු ලබන්නන් ද නොවෙති
Surah Al-Hijr, Verse 48
۞نَبِّئۡ عِبَادِيٓ أَنِّيٓ أَنَا ٱلۡغَفُورُ ٱلرَّحِيمُ
නියත වශයෙන්ම මම අති ක්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්ත බවත් මාගේ ගැත්තන්හට (නබිවරය,) නුඹ දන්වා සිටිනු
Surah Al-Hijr, Verse 49
وَأَنَّ عَذَابِي هُوَ ٱلۡعَذَابُ ٱلۡأَلِيمُ
තවද නියත වශයෙන්ම මාගේ දඬුවම වන එය වේදනීය දඬුවම බවද ඔවුනට දන්වා සිටිනු
Surah Al-Hijr, Verse 50
وَنَبِّئۡهُمۡ عَن ضَيۡفِ إِبۡرَٰهِيمَ
තවද නුඹ ඉබ්‍රාහීම්ගේ ආගන්තුකයින් පිළිබඳ ව ඔවුනට දන්වා සිටිනු
Surah Al-Hijr, Verse 51
إِذۡ دَخَلُواْ عَلَيۡهِ فَقَالُواْ سَلَٰمٗا قَالَ إِنَّا مِنكُمۡ وَجِلُونَ
ඔවුහු (දේවදූතයින්) ඔහු (ඉබ්රාහීම්) වෙත පිවිසි කල්හි ශාන්තිය අත්වේවා යැයි ඔවුහු පැවසුවෝය. නියත වශයෙන්ම අපි නුඹලා පිළිබඳ ව තැති ගන්නන් වෙමු යැයි ඔහු පැවසුවේය
Surah Al-Hijr, Verse 52
قَالُواْ لَا تَوۡجَلۡ إِنَّا نُبَشِّرُكَ بِغُلَٰمٍ عَلِيمٖ
නුඹ (අප ගැන) තැති නොගනු. නියත වශයෙන්ම අපි නුඹට ඥානවත් දරුවකු පිළිබඳ ව ශුභාරංචි දන්වා සිටිමු යැයි ඔවුහු පැවසුවෝය
Surah Al-Hijr, Verse 53
قَالَ أَبَشَّرۡتُمُونِي عَلَىٰٓ أَن مَّسَّنِيَ ٱلۡكِبَرُ فَبِمَ تُبَشِّرُونَ
මහලු විය මා වෙළා ගෙන තිබිය දී නුඹලා මට ශුභාරංචි දන්වා සිටින්නෙහු ද? එහෙයින් නුඹලා කුමක් ගැන ද මට ශුභාරංචි දන්වා සිටිනුයේ යැයි ඔහු විමසුවේය
Surah Al-Hijr, Verse 54
قَالُواْ بَشَّرۡنَٰكَ بِٱلۡحَقِّ فَلَا تَكُن مِّنَ ٱلۡقَٰنِطِينَ
අපි නුඹට සැබෑ ව ශුභාරංචි වශයෙන් දන්වා සිටියෙමු. එහෙයින් නුඹ අපේක්ෂාභංග වූවන් අතුරින් නොවනු
Surah Al-Hijr, Verse 55
قَالَ وَمَن يَقۡنَطُ مِن رَّحۡمَةِ رَبِّهِۦٓ إِلَّا ٱلضَّآلُّونَ
නොමග ගියවුන් මිස තම පරමාධිපතිගේ දයාව ගැන අපේක්ෂා රහිත වනුයේ කවුරුන්දැයි ඔහු පැවසුවේය
Surah Al-Hijr, Verse 56
قَالَ فَمَا خَطۡبُكُمۡ أَيُّهَا ٱلۡمُرۡسَلُونَ
අහෝ ! ( දෙවියන් විසින්) එවනු ලැබූවනි, නුඹලාගේ දෙසුම කුමක් දැයි ඔහු විමසුවේය
Surah Al-Hijr, Verse 57
قَالُوٓاْ إِنَّآ أُرۡسِلۡنَآ إِلَىٰ قَوۡمٖ مُّجۡرِمِينَ
නියත වශයෙන්ම අපි අපරාධකාරී පිරිසක් වෙත එවනු ලැබුවෙමු යැයි ඔවුහු පැවසුවෝය
Surah Al-Hijr, Verse 58
إِلَّآ ءَالَ لُوطٍ إِنَّا لَمُنَجُّوهُمۡ أَجۡمَعِينَ
ලූත්ගේ පරපුර වෙත හැර. නියත වශයෙන්ම ඔවුන් සියලු දෙනා ව අපි මුදවා ගන්නන් වෙමු
Surah Al-Hijr, Verse 59
إِلَّا ٱمۡرَأَتَهُۥ قَدَّرۡنَآ إِنَّهَا لَمِنَ ٱلۡغَٰبِرِينَ
නමුත් ඔහුගේ බිරිය හැර. නියත වශයෙන්ම ඇය ඉතිරිවූවන් අතුරින් යැයි අපි තීන්දු කළෙමු
Surah Al-Hijr, Verse 60
فَلَمَّا جَآءَ ءَالَ لُوطٍ ٱلۡمُرۡسَلُونَ
එවිට දූතයෝ ලූත්ගේ පරපුර වෙත පැමිණි කල්හි
Surah Al-Hijr, Verse 61
قَالَ إِنَّكُمۡ قَوۡمٞ مُّنكَرُونَ
නියත වශයෙන්ම නුඹලා නාඳුනන පිරිසක් යැයි ඔහු පැවසුවේය
Surah Al-Hijr, Verse 62
قَالُواْ بَلۡ جِئۡنَٰكَ بِمَا كَانُواْ فِيهِ يَمۡتَرُونَ
නමුත් ඔවුන් කවර විෂයක සැක කරමින් සිටියේ ද එය සමග අපි ඔබ වෙත පැමිණියෙමු යැයි ඔවුහු පැවසුවෝය
Surah Al-Hijr, Verse 63
وَأَتَيۡنَٰكَ بِٱلۡحَقِّ وَإِنَّا لَصَٰدِقُونَ
තවද සත්‍යය සමග ඔබ වෙත අපි පැමිණියෙමු. තවද නියත වශයෙන්ම අපි සත්‍යවාදීහුමය
Surah Al-Hijr, Verse 64
فَأَسۡرِ بِأَهۡلِكَ بِقِطۡعٖ مِّنَ ٱلَّيۡلِ وَٱتَّبِعۡ أَدۡبَٰرَهُمۡ وَلَا يَلۡتَفِتۡ مِنكُمۡ أَحَدٞ وَٱمۡضُواْ حَيۡثُ تُؤۡمَرُونَ
එහෙයින් රාත්‍රියේ කොටසක නුඹ නුඹගේ පවුල සමග විගස යනු. ඔවුන්ගේ පසුපසින් නුඹද පරව යනු. නුඹලා අතුරින් කිසිවකු හෝ හැරී නොබැලිය යුතුය. නුඹලා අණ කරනු ලැබූ තැනට ගමන් කරනු
Surah Al-Hijr, Verse 65
وَقَضَيۡنَآ إِلَيۡهِ ذَٰلِكَ ٱلۡأَمۡرَ أَنَّ دَابِرَ هَـٰٓؤُلَآءِ مَقۡطُوعٞ مُّصۡبِحِينَ
නියත වශයෙන්ම උදෑසන මොවුන් මුලින් උපුටා දමනු ඇතැයි යන එම නියෝගය අපි ඔහුට දන්වා සිටියෙමු
Surah Al-Hijr, Verse 66
وَجَآءَ أَهۡلُ ٱلۡمَدِينَةِ يَسۡتَبۡشِرُونَ
(ලූත් නබිගේ) නගර වැසියෝ (කාමයේ වරදවා හැසිරීමේ අදහසින්) සතුටට පත්වෙමින් පැමිණියහ
Surah Al-Hijr, Verse 67
قَالَ إِنَّ هَـٰٓؤُلَآءِ ضَيۡفِي فَلَا تَفۡضَحُونِ
නියත වශයෙන්ම මොවුහු මාගේ ආගන්තුකයින් වෙති. එබැවින් නුඹලා මා අවමානයට පත් නොකරනු යැයි ඔහු (ලූත් නබිවරයා) පැවසුවේය
Surah Al-Hijr, Verse 68
وَٱتَّقُواْ ٱللَّهَ وَلَا تُخۡزُونِ
තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මා දුකට පත් නොකරනු.(යැයි ලූත් නබිවරයා පැවසුවේය)
Surah Al-Hijr, Verse 69
قَالُوٓاْ أَوَلَمۡ نَنۡهَكَ عَنِ ٱلۡعَٰلَمِينَ
(එවිට) ඔවුහු ලෝවැසියන්ගෙන් අපි නුඹ ව නොවැළැක්වෙමු දැයි (ලූත් නබිවරයාගෙන්) විමසුවෝය
Surah Al-Hijr, Verse 70
قَالَ هَـٰٓؤُلَآءِ بَنَاتِيٓ إِن كُنتُمۡ فَٰعِلِينَ
නුඹලා එසේ (ලිංගික ආශාවන් ඉටු) කරන්නන් ලෙස සිටියෙහු නම් (නීත්‍යානුකූලව අවශ්‍යතා ඉටුකිරීමට) මේ මාගේ දියණිවරුන් වෙති යැයි ඔහු (ලූත් නබිවරයා) පැවසුවේය
Surah Al-Hijr, Verse 71
لَعَمۡرُكَ إِنَّهُمۡ لَفِي سَكۡرَتِهِمۡ يَعۡمَهُونَ
(නබිවරය) නුඹගේ ප්‍රාණය වෙත දිවුරමින් (පවසමි) නියත වශයෙන්ම ඔවුහු ඔවුන්ගේ (මනෝ ආශාවන්හි) මනස අවුල් වියවුල්වී සිහිසුන්ව සිටිති
Surah Al-Hijr, Verse 72
فَأَخَذَتۡهُمُ ٱلصَّيۡحَةُ مُشۡرِقِينَ
එබැවින්, හිරු උදා වෙත්ම මහා හඬ ඔවුන් ව ග්‍රහණය කළේය
Surah Al-Hijr, Verse 73
فَجَعَلۡنَا عَٰلِيَهَا سَافِلَهَا وَأَمۡطَرۡنَا عَلَيۡهِمۡ حِجَارَةٗ مِّن سِجِّيلٍ
එවිට අපි එහි උඩු තලය එහි යටි තලය බවට පත් කළෙමු. තවද අපි ඔවුන් වෙත රත් කරනු ලැබූ ගල් වර්ෂාවක් වැස්සවීමු
Surah Al-Hijr, Verse 74
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّلۡمُتَوَسِّمِينَ
නියත වශයෙන්ම මෙහි සිතා බලන්නන්හට සංඥාවන් ඇත
Surah Al-Hijr, Verse 75
وَإِنَّهَا لَبِسَبِيلٖ مُّقِيمٍ
තවද නියත වශයෙන්ම එය ප්‍රධාන මාර්ගයේ විය
Surah Al-Hijr, Verse 76
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّلۡمُؤۡمِنِينَ
නියත වශයෙන්ම එහි දේව විශ්වාසවන්තයින් හට සංඥාවක් ඇත
Surah Al-Hijr, Verse 77
وَإِن كَانَ أَصۡحَٰبُ ٱلۡأَيۡكَةِ لَظَٰلِمِينَ
තවද සැබැවින්ම අයිකා වැසියෝ ද අපරාධකරුවන් වූහ
Surah Al-Hijr, Verse 78
فَٱنتَقَمۡنَا مِنۡهُمۡ وَإِنَّهُمَا لَبِإِمَامٖ مُّبِينٖ
එහෙයින් අපි ඔවුන්ගෙන් ද පළිගත්තෙමු. නියත වශයෙන්ම මෙ(ම ජන සමූහයන්) දෙක ප්‍රකට මාවතක් විය
Surah Al-Hijr, Verse 79
وَلَقَدۡ كَذَّبَ أَصۡحَٰبُ ٱلۡحِجۡرِ ٱلۡمُرۡسَلِينَ
තවද සැබැවින්ම හිජ්ර් වැසියෝ ද රසූල්වරුන් (පණිවිඩකරුවන්) ව බොරු කළෝය
Surah Al-Hijr, Verse 80
وَءَاتَيۡنَٰهُمۡ ءَايَٰتِنَا فَكَانُواْ عَنۡهَا مُعۡرِضِينَ
තවද අපි අපගේ වදන් ඔවුනට පිරිනැමුවෙමු. එවිට ඔවුහු ඒවා නොසලකන්නන් වූහ
Surah Al-Hijr, Verse 81
وَكَانُواْ يَنۡحِتُونَ مِنَ ٱلۡجِبَالِ بُيُوتًا ءَامِنِينَ
තවද ඔවුහු වාසස්ථාන වශයෙන් කඳු වල ලෙන් හාරා සුරක්ෂිතයින් වූහ
Surah Al-Hijr, Verse 82
فَأَخَذَتۡهُمُ ٱلصَّيۡحَةُ مُصۡبِحِينَ
එවිට ඔවුන් අලුයම උදාවෙත්ම මහා හඬ ඔවුන් ව ග්‍රහණය කළේය
Surah Al-Hijr, Verse 83
فَمَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يَكۡسِبُونَ
එවිට ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට ඵලක් නොවීය
Surah Al-Hijr, Verse 84
وَمَا خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَآ إِلَّا بِٱلۡحَقِّۗ وَإِنَّ ٱلسَّاعَةَ لَأٓتِيَةٞۖ فَٱصۡفَحِ ٱلصَّفۡحَ ٱلۡجَمِيلَ
අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද සත්‍යයෙන් මිස අපි නොමැව්වෙමු. තවද නියත වශයෙන්ම අවසන් හෝරාව පැමිණෙන්නේමය. එහෙයින් අලංකාර සමාවකින් නුඹ (ඔවුන් ව) නොසලකා හරිනු
Surah Al-Hijr, Verse 85
إِنَّ رَبَّكَ هُوَ ٱلۡخَلَّـٰقُ ٱلۡعَلِيمُ
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහුමය සර්ව ඥානී වූ මහා මැවුම්කරු
Surah Al-Hijr, Verse 86
وَلَقَدۡ ءَاتَيۡنَٰكَ سَبۡعٗا مِّنَ ٱلۡمَثَانِي وَٱلۡقُرۡءَانَ ٱلۡعَظِيمَ
තවද (නබිවරය,) සැබැවින්ම අපි සබ්අන් මිනල් මසානී (හෙවත් නැවත නැවත පාරායනය කරන දැයින් හතක්) ද අතිමහත් කුර්ආනය ද අපි නුඹට පිරිනැමුවෙමු
Surah Al-Hijr, Verse 87
لَا تَمُدَّنَّ عَيۡنَيۡكَ إِلَىٰ مَا مَتَّعۡنَا بِهِۦٓ أَزۡوَٰجٗا مِّنۡهُمۡ وَلَا تَحۡزَنۡ عَلَيۡهِمۡ وَٱخۡفِضۡ جَنَاحَكَ لِلۡمُؤۡمِنِينَ
ඔවුන් අතුරින් පිරිසකට අපි කවර දෙයක් භුක්ති විඳීමට සැලැස්වූයේ ද ඒ දෙසට නුඹේ දෑස් දිගු නොකරනු. තවද ඔවුන් පිළිබඳ ව නුඹ දුක් නොවනු. දේව විශ්වාසවන්තයින් හට නුඹගේ පියාපත් පහත් කරනු
Surah Al-Hijr, Verse 88
وَقُلۡ إِنِّيٓ أَنَا ٱلنَّذِيرُ ٱلۡمُبِينُ
නියත වශයෙන්ම පැහැදිලි අවවාද කරන්නා මම ම වෙමි යැයි නුඹ පවසනු
Surah Al-Hijr, Verse 89
كَمَآ أَنزَلۡنَا عَلَى ٱلۡمُقۡتَسِمِينَ
බෙදුම්වාදීන් කෙරෙහි අපි පහළ කළාක් මෙන්
Surah Al-Hijr, Verse 90
ٱلَّذِينَ جَعَلُواْ ٱلۡقُرۡءَانَ عِضِينَ
ඔවුහු වනාහි අල් කුර්ආනය කොටස් බවට පත් කළෝය
Surah Al-Hijr, Verse 91
فَوَرَبِّكَ لَنَسۡـَٔلَنَّهُمۡ أَجۡمَعِينَ
එහෙයින් නුඹගේ පරමාධිපති මත දිවුරමින් ඔවුන් සියල්ලන්ගෙන්ම අපි විමසන්නෙමු
Surah Al-Hijr, Verse 92
عَمَّا كَانُواْ يَعۡمَلُونَ
ඔවුහු සිදුකරමින් සිටි දෑ පිළිබඳ ව (විමසන්නෙමු)
Surah Al-Hijr, Verse 93
فَٱصۡدَعۡ بِمَا تُؤۡمَرُ وَأَعۡرِضۡ عَنِ ٱلۡمُشۡرِكِينَ
එහෙයින් නුඹට අණ කරනු ලබන දෑ නුඹ හෙළිපිටම පවසනු. තවද දේව ආදේශයකින් ගැන නුඹ නොසලකා හරිනු
Surah Al-Hijr, Verse 94
إِنَّا كَفَيۡنَٰكَ ٱلۡمُسۡتَهۡزِءِينَ
සමච්චල් කරන්නන් සම්බන්ධයෙන්, නියත වශයෙන්ම අපි නුඹට ප්‍රමාණවත් වන්නෙමු
Surah Al-Hijr, Verse 95
ٱلَّذِينَ يَجۡعَلُونَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَۚ فَسَوۡفَ يَعۡلَمُونَ
ඔවුහු වනාහි අල්ලාහ් සමග වෙනත් දෙවිඳෙකු පත් කළෝය. එහෙයින් ඔවුහු මතු දැන ගනු ඇත
Surah Al-Hijr, Verse 96
وَلَقَدۡ نَعۡلَمُ أَنَّكَ يَضِيقُ صَدۡرُكَ بِمَا يَقُولُونَ
තවද නියත වශයෙන්ම නුඹේ හදවත ඔවුන් පවසන දැයින් පීඩනයට පත් ව ඇති බව සැබැවින්ම අපි දනිමු
Surah Al-Hijr, Verse 97
فَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ وَكُن مِّنَ ٱلسَّـٰجِدِينَ
එහෙයින් නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්‍රසංශා ව තුළින් පිවිතුරු කරනු. තවද නුඹ සිරස නමා සුජූද් කරන්නන් සමග වනු
Surah Al-Hijr, Verse 98
وَٱعۡبُدۡ رَبَّكَ حَتَّىٰ يَأۡتِيَكَ ٱلۡيَقِينُ
තවද ස්ථීර අවසානය නුඹ වෙත පැමිණෙන තෙක් නුඹේ පරමාධිපතිට නුඹ නැමදුම් කරනු
Surah Al-Hijr, Verse 99