Surah An-Nahl - Sinhala Translation by Www.islamhouse.com
أَتَىٰٓ أَمۡرُ ٱللَّهِ فَلَا تَسۡتَعۡجِلُوهُۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ
අල්ලාහ්ගේ නියෝගය පැමිණ ඇත. එහෙයින් නුඹලා එය ඉක්මනින් නොපතනු. ඔවුහු ආදේශ කරන දැයින් ඔහු සුපිවිතුරුය. තවද උත්තරීතරය
Surah An-Nahl, Verse 1
يُنَزِّلُ ٱلۡمَلَـٰٓئِكَةَ بِٱلرُّوحِ مِنۡ أَمۡرِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦٓ أَنۡ أَنذِرُوٓاْ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱتَّقُونِ
නියත වශයෙන්ම මා හැර වෙනත් දෙවිඳෙකු නොමැති බවටත් එහෙයින් නුඹලා මට බිය බැතිමත් විය යුතු බවටත් (පවසා) නුඹලා අවවාද කිරීම සඳහා ඔහුගේ ගැත්තන් අතුරින් ඔහු අභිමත කරන අය වෙත ඔහුගේ නියෝගයෙන් ජීවමාන(දේව පණිවිඩ)ය රැගත් මලක්වරුන් ඔහු පහළ කරයි
Surah An-Nahl, Verse 2
خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۚ تَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ
සත්‍යය ලෙස, අහස් හා මහපොළොව ඔහු මැව්වේය. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතරය
Surah An-Nahl, Verse 3
خَلَقَ ٱلۡإِنسَٰنَ مِن نُّطۡفَةٖ فَإِذَا هُوَ خَصِيمٞ مُّبِينٞ
ශුක්‍රාණු බිඳුවකින් ඔහු මිනිසා ව මැව්වේය. නමුත් ඔහු දැන් පැහැදිලි වාද කරන්නෙකු වී ඇත
Surah An-Nahl, Verse 4
وَٱلۡأَنۡعَٰمَ خَلَقَهَاۖ لَكُمۡ فِيهَا دِفۡءٞ وَمَنَٰفِعُ وَمِنۡهَا تَأۡكُلُونَ
තවද ගොවිපළ සතුන් ද ඔහු ඒවා නුඹලා වෙනුවෙන් මැව්වේය. එහි නුඹලාට ආරක්ෂිත ඇඟලුම් හා ප්‍රයෝජන ඇත. තවද නුඹලා එවායින් අනුභව කරන්නෙහුය
Surah An-Nahl, Verse 5
وَلَكُمۡ فِيهَا جَمَالٌ حِينَ تُرِيحُونَ وَحِينَ تَسۡرَحُونَ
විවේකය සඳහා සවස් වරුවේ ගාල් කරන විට ද උදෑසන තණ බුදින්නට දක්කාගෙන යන විට ද නුඹලාට එහි අලංකාරය ඇත
Surah An-Nahl, Verse 6
وَتَحۡمِلُ أَثۡقَالَكُمۡ إِلَىٰ بَلَدٖ لَّمۡ تَكُونُواْ بَٰلِغِيهِ إِلَّا بِشِقِّ ٱلۡأَنفُسِۚ إِنَّ رَبَّكُمۡ لَرَءُوفٞ رَّحِيمٞ
නුඹලා අසීරුවෙන් මිස ඒ වෙත ගෙන යාමට නොහැකි වූ ගමකට උන් නුඹලාගේ බඩුබාහිරාදිය උසුලාගෙන යති. නියත වශයෙන්ම නුඹලාගේ පරමාධිපති සානුකම්පිතය. මහා කාරුණිකය
Surah An-Nahl, Verse 7
وَٱلۡخَيۡلَ وَٱلۡبِغَالَ وَٱلۡحَمِيرَ لِتَرۡكَبُوهَا وَزِينَةٗۚ وَيَخۡلُقُ مَا لَا تَعۡلَمُونَ
තවද අලංකාරයක් ලෙස ද ඒවායෙහි නැග ප්‍රවාහනය කරනු පිණිස ද අශ්වයින් කොටළුවන් හා බූරුවන් ද (ඔහු මැව්වේය.) තවද නුඹලා නොදන්නා දෑ ද ඔහු මවන්නේය
Surah An-Nahl, Verse 8
وَعَلَى ٱللَّهِ قَصۡدُ ٱلسَّبِيلِ وَمِنۡهَا جَآئِرٞۚ وَلَوۡ شَآءَ لَهَدَىٰكُمۡ أَجۡمَعِينَ
ඍජු මාර්ගය හා එහි මුළාව ඇත්තේ අල්ලාහ් සතුවය. තවද ඔහු අභිමත කළේ නම් ඔහු නුඹලා සියලු දෙනාට මග පෙන්වන්නට තිබුණි
Surah An-Nahl, Verse 9
هُوَ ٱلَّذِيٓ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗۖ لَّكُم مِّنۡهُ شَرَابٞ وَمِنۡهُ شَجَرٞ فِيهِ تُسِيمُونَ
අහසින් ජලය පහළ කළේ ඔහුමය. ඉන් නුඹලාට පානය ඇත. තවද එහි නුඹලා (සතුන්ට) බුදින්නට දෙන ගස් ද ඇත
Surah An-Nahl, Verse 10
يُنۢبِتُ لَكُم بِهِ ٱلزَّرۡعَ وَٱلزَّيۡتُونَ وَٱلنَّخِيلَ وَٱلۡأَعۡنَٰبَ وَمِن كُلِّ ٱلثَّمَرَٰتِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ
ඔහු නුඹලාට එමගින් ගොයම ද ඔලිව් ද ඉඳි ද මිදි ද සෑම බවභෝගයකින්ම ද හට ගන්වයි. සිතා බලන ජනයාට නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත
Surah An-Nahl, Verse 11
وَسَخَّرَ لَكُمُ ٱلَّيۡلَ وَٱلنَّهَارَ وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ وَٱلنُّجُومُ مُسَخَّرَٰتُۢ بِأَمۡرِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَعۡقِلُونَ
රාත්‍රිය හා දහවල ද හිරු හා සඳු ද ඔහු නුඹලාට වසඟ කර දුන්නේය. තවද සියලු තාරකා ඔහුගේ අණසකට වසඟ කරනු ලැබීය. වටහා ගන්නා ජනයාට නියත වශයෙන්ම එහි සංඥාවන් ඇත
Surah An-Nahl, Verse 12
وَمَا ذَرَأَ لَكُمۡ فِي ٱلۡأَرۡضِ مُخۡتَلِفًا أَلۡوَٰنُهُۥٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَذَّكَّرُونَ
මහපොළොවේ නුඹලාට එහි විවිධ වර්ගයෙන් වූ දෑ ද (ඔහු වසඟ කර දුන්නේය.) මෙනෙහි කරන ජනයාට නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත
Surah An-Nahl, Verse 13
وَهُوَ ٱلَّذِي سَخَّرَ ٱلۡبَحۡرَ لِتَأۡكُلُواْ مِنۡهُ لَحۡمٗا طَرِيّٗا وَتَسۡتَخۡرِجُواْ مِنۡهُ حِلۡيَةٗ تَلۡبَسُونَهَاۖ وَتَرَى ٱلۡفُلۡكَ مَوَاخِرَ فِيهِ وَلِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ
තවද ඔහු වනාහි මහ මුහුද වසඟ කර දුන්නේය. නුඹලා එයින් නැවුම් මස් අනුභව කරනු පිණිස ද එයින් නුඹලා පලඳින ආභරණ ගොඩ ගනු පිණිස ද තවද එහි (රළ) හාන නැව් ද නුඹ දකිනු ඇත. එමෙන්ම ඔහුගේ භාග්‍යය නුඹලා සොයනු පිණිස ද වේ. තවද (එය) නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිසය
Surah An-Nahl, Verse 14
وَأَلۡقَىٰ فِي ٱلۡأَرۡضِ رَوَٰسِيَ أَن تَمِيدَ بِكُمۡ وَأَنۡهَٰرٗا وَسُبُلٗا لَّعَلَّكُمۡ تَهۡتَدُونَ
තවද එය නුඹලා සමග කම්පනය නොවනු වස් මහපොළොවේ කඳුහෙල් ඔහු හෙළුවේය. තවද ගංගා හා මාර්ග ද (ඇති කළේය) නුඹලා නිසිමග ලැබිය හැකි වනු පිණිස
Surah An-Nahl, Verse 15
وَعَلَٰمَٰتٖۚ وَبِٱلنَّجۡمِ هُمۡ يَهۡتَدُونَ
තවද සලකුණු ද (ඔහු ඇති කළේය) තරු මගින් ඔවුහු නිසිමග දැන ගනු ඇත
Surah An-Nahl, Verse 16
أَفَمَن يَخۡلُقُ كَمَن لَّا يَخۡلُقُۚ أَفَلَا تَذَكَّرُونَ
එහෙයින් මවන්නා නොමවන අය මෙන් වේවීද? එහෙයින් නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද
Surah An-Nahl, Verse 17
وَإِن تَعُدُّواْ نِعۡمَةَ ٱللَّهِ لَا تُحۡصُوهَآۗ إِنَّ ٱللَّهَ لَغَفُورٞ رَّحِيمٞ
අල්ලාහ්ගේ ආශිර්වාද නුඹලා ගණන් කළ ද නුඹලා ඒවා තක්සේරු නොකරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය
Surah An-Nahl, Verse 18
وَٱللَّهُ يَعۡلَمُ مَا تُسِرُّونَ وَمَا تُعۡلِنُونَ
තවද නුඹලා සඟවන දෑ ද නුඹලා දන්වා සිටින දෑ ද අල්ලාහ් දනී
Surah An-Nahl, Verse 19
وَٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِ ٱللَّهِ لَا يَخۡلُقُونَ شَيۡـٔٗا وَهُمۡ يُخۡلَقُونَ
අල්ලාහ්ගෙන් තොර ව ඔවුන් අයැද සිටින අය කිසිවක් උත්පාදනය නොකරති. ඔවුහු ද (අල්ලාහ් විසින්) මවනු ලබන්නෝ වෙති
Surah An-Nahl, Verse 20
أَمۡوَٰتٌ غَيۡرُ أَحۡيَآءٖۖ وَمَا يَشۡعُرُونَ أَيَّانَ يُبۡعَثُونَ
ඔවුහු ප්‍රාණයෙන් තොර වූ මළවුන් ය. තවද ඔවුහු නැවත නැගිටුවනු ලබනුයේ කවදා දැයි යන්න පිළිබඳ නොදනිති
Surah An-Nahl, Verse 21
إِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞۚ فَٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ قُلُوبُهُم مُّنكِرَةٞ وَهُم مُّسۡتَكۡبِرُونَ
නුඹලාගේ දෙවිඳු එකම දෙවිඳාය. එහෙයින් පරමාන්ත දිනය පිළිබඳ ව විශ්වාස නොකරන්නන් වන ඔවුන්ගේ හදවත් (එය විශ්වාස කිරීමට) පිළිකුල් කරයි. තවද ඔවුහු අහංකාරකම් පාන්නන්ය
Surah An-Nahl, Verse 22
لَا جَرَمَ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا يُسِرُّونَ وَمَا يُعۡلِنُونَۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلۡمُسۡتَكۡبِرِينَ
(එහි) වරදක් නැත. ඔවුන් සඟවන දෑ ද, ඔවුන් නිවේදනය කරන දෑ ද, නියත වශයෙන්ම අල්ලාහ් දනී. නියත වශයෙන්ම ඔහු අහංකාරකම් පාන්නන් ප්‍රිය නොකරයි
Surah An-Nahl, Verse 23
وَإِذَا قِيلَ لَهُم مَّاذَآ أَنزَلَ رَبُّكُمۡ قَالُوٓاْ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ
නුඹලාගේ පරමාධිපති පහළ කළේ කුමක්දැයි ඔවුන් විමසනු ලැබූ විට මුතුන්මිත්තන්ගේ ප්‍රබන්ධයන් යැයි ඔවුහු පැවසූහ
Surah An-Nahl, Verse 24
لِيَحۡمِلُوٓاْ أَوۡزَارَهُمۡ كَامِلَةٗ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَمِنۡ أَوۡزَارِ ٱلَّذِينَ يُضِلُّونَهُم بِغَيۡرِ عِلۡمٍۗ أَلَا سَآءَ مَا يَزِرُونَ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ බර හා ඔවුන් කිසිදු දැනුමකින් තොර ව නොමග හැරියවුන්ගේ බර ඔවුන් පූර්ණ ලෙස උසුලනු පිණිසය. දැන ගනු ඔවුන් උසුලන දෑ නපුරුය
Surah An-Nahl, Verse 25
قَدۡ مَكَرَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَأَتَى ٱللَّهُ بُنۡيَٰنَهُم مِّنَ ٱلۡقَوَاعِدِ فَخَرَّ عَلَيۡهِمُ ٱلسَّقۡفُ مِن فَوۡقِهِمۡ وَأَتَىٰهُمُ ٱلۡعَذَابُ مِنۡ حَيۡثُ لَا يَشۡعُرُونَ
ඔවුනට පෙර සිටියවුන් සැබැවින්ම කුමන්ත්‍රණ කළෝය. එහෙයින් අල්ලාහ් ඔවුන්ගේ ගොඩනැගිල්ල මුලිනුපුටා දැමුවේය. එවිට ඔවුනට ඉහළින් ඔවුන් මත (ගොඩනැගිලි) වියන ඇද වැටිණ. තවද ඔවුන් නොසිතූ අයුරින් දඬුවම ඔවුන් වෙත පැමිණියේය
Surah An-Nahl, Verse 26
ثُمَّ يَوۡمَ ٱلۡقِيَٰمَةِ يُخۡزِيهِمۡ وَيَقُولُ أَيۡنَ شُرَكَآءِيَ ٱلَّذِينَ كُنتُمۡ تُشَـٰٓقُّونَ فِيهِمۡۚ قَالَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ إِنَّ ٱلۡخِزۡيَ ٱلۡيَوۡمَ وَٱلسُّوٓءَ عَلَى ٱلۡكَٰفِرِينَ
පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු (අල්ලාහ්) ඔවුන්ව අවමානයට ලක් කරයි. තවද (විශ්වාසවන්තයින් සමග මගේ යැයි) නුඹලා තර්ක කරමින් සිටි එවන් මගේ හවුල්කරුවන් කොහේ දැයි විමසයි. නියත වශයෙන්ම අද දින නින්දාව හා නපුර දේව ප්‍රතික්ෂේපකයින් වෙත යැයි ඥානය දෙනු ලැබූවන් පවසති
Surah An-Nahl, Verse 27
ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلۡمَلَـٰٓئِكَةُ ظَالِمِيٓ أَنفُسِهِمۡۖ فَأَلۡقَوُاْ ٱلسَّلَمَ مَا كُنَّا نَعۡمَلُ مِن سُوٓءِۭۚ بَلَىٰٓۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِمَا كُنتُمۡ تَعۡمَلُونَ
ඔවුන් තමන් විසින්ම තමන්ට අපරාධ කරමින් සිටිය දී දේවදූතයින් ඔවුන් ව මරණයට පත් කරති. එවිට ඔවුන් (දේවදූතයින් වෙත) "අපි කිසිදු නපුරක් නොකළෙමු" යැයි පවසමින් යටහත්භාවය දක්වති. එසේ නොව නුඹලා කරමින් සිටි දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව ඥානීය
Surah An-Nahl, Verse 28
فَٱدۡخُلُوٓاْ أَبۡوَٰبَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَاۖ فَلَبِئۡسَ مَثۡوَى ٱلۡمُتَكَبِّرِينَ
එහෙයින් නුඹලා නිරයේ දොරටු වලින් එහි සදාතනිකයින් ලෙසින් ඇතුලු වනු. එවිට එම අහංකාරයින්ගේ නවාතැන නපුර විය
Surah An-Nahl, Verse 29
۞وَقِيلَ لِلَّذِينَ ٱتَّقَوۡاْ مَاذَآ أَنزَلَ رَبُّكُمۡۚ قَالُواْ خَيۡرٗاۗ لِّلَّذِينَ أَحۡسَنُواْ فِي هَٰذِهِ ٱلدُّنۡيَا حَسَنَةٞۚ وَلَدَارُ ٱلۡأٓخِرَةِ خَيۡرٞۚ وَلَنِعۡمَ دَارُ ٱلۡمُتَّقِينَ
නුඹලාගේ පරමාධිපති පහළ කළේ කුමක්දැයි බිය හැඟීමෙන් යුතු ව කටයුතු කළවුන්ගෙන් විමසනු ලැබීය. යහපතය යැයි ඔවුහු පැවසූහ. දැහැමි දෑ කළවුනට මෙලොවෙහි යහපත ඇත. එමෙන්ම මතු ලොව උතුම්ය. බිය බැතිමතුන්ගේ නිවහන යහපත් විය
Surah An-Nahl, Verse 30
جَنَّـٰتُ عَدۡنٖ يَدۡخُلُونَهَا تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ لَهُمۡ فِيهَا مَا يَشَآءُونَۚ كَذَٰلِكَ يَجۡزِي ٱللَّهُ ٱلۡمُتَّقِينَ
අද්න් (නම් සදා ස්ථීරව පවතින ස්වර්ග) උයන් ඇත. ඔවුහු එහි පිවිසෙති. ඒවාට පහළින් ගංගාවෝ ගලා බසිති. ඔවුන්ට කැමති දෑ එහි ඔවුනට ඇත. බිය බැතිමතුන්හට අල්ලාහ් ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය
Surah An-Nahl, Verse 31
ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلۡمَلَـٰٓئِكَةُ طَيِّبِينَ يَقُولُونَ سَلَٰمٌ عَلَيۡكُمُ ٱدۡخُلُواْ ٱلۡجَنَّةَ بِمَا كُنتُمۡ تَعۡمَلُونَ
ඔවුන් දැහැමියන්ව සිටිය දී මලක්වරුන් (දේවදූතයින්) ඔවුන්ගේ ප්‍රාණය අත්පත් කරගනිති. නුඹලාට සලාම් (ශාන්තිය) අත්වේවා! නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් (ස්වර්ග) උයනට නුඹලා පිවිසෙනු යැයි ඔවුහු පවසති
Surah An-Nahl, Verse 32
هَلۡ يَنظُرُونَ إِلَّآ أَن تَأۡتِيَهُمُ ٱلۡمَلَـٰٓئِكَةُ أَوۡ يَأۡتِيَ أَمۡرُ رَبِّكَۚ كَذَٰلِكَ فَعَلَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ وَمَا ظَلَمَهُمُ ٱللَّهُ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ
ඔවුන් වෙත මලක්වරුන් පැමිණීම හෝ නුඹගේ පරමාධිපතිගේ නියෝගය පැමිණීම හෝ හැර වෙනෙකක් බලාපොරොත්තු වන්නෝද ? ඔවුනට පෙර සිටියවුන් සිදු කළේ ද මෙලෙසමය. අල්ලාහ් ඔවුනට අපරාධ නොකළේය. එනමුත් ඔවුහු ඔවුන්ටම අපරාධ කර ගත්තෝය
Surah An-Nahl, Verse 33
فَأَصَابَهُمۡ سَيِّـَٔاتُ مَا عَمِلُواْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ
එහෙයින් ඔවුන් සිදු කළ දෑහි නපුරු විපාක ඔවුනට අත් විය. ඔවුන් කවර දෙයක් පිළිබඳ සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටකර ගත්තේය
Surah An-Nahl, Verse 34
وَقَالَ ٱلَّذِينَ أَشۡرَكُواْ لَوۡ شَآءَ ٱللَّهُ مَا عَبَدۡنَا مِن دُونِهِۦ مِن شَيۡءٖ نَّحۡنُ وَلَآ ءَابَآؤُنَا وَلَا حَرَّمۡنَا مِن دُونِهِۦ مِن شَيۡءٖۚ كَذَٰلِكَ فَعَلَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ فَهَلۡ عَلَى ٱلرُّسُلِ إِلَّا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ
අල්ලාහ් අභිමත කළේ නම් අප හෝ අපගේ මුතුන්මිත්තන් හෝ ඔහු හැර වෙනත් කිසිවකු නොනමදින්නට තිබුණි. ඔහුගෙන් තොර ව කිසිවක් තහනම් නොකරන්නට තිබුණි යැයි අල්ලාහ්ට ආදේශ කළවුන් පැවසූහ. ඔවුනට පෙර සිටියවුන් සිදු කළේ ද එලෙසමය. පැහැදිලි ව දන්වා සිටීම මිස වෙනත් කිසිදු වගකීමක් රසූල්වරුන් (පණිවිඩකරුවන්) වෙත වීද
Surah An-Nahl, Verse 35
وَلَقَدۡ بَعَثۡنَا فِي كُلِّ أُمَّةٖ رَّسُولًا أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱجۡتَنِبُواْ ٱلطَّـٰغُوتَۖ فَمِنۡهُم مَّنۡ هَدَى ٱللَّهُ وَمِنۡهُم مَّنۡ حَقَّتۡ عَلَيۡهِ ٱلضَّلَٰلَةُۚ فَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُكَذِّبِينَ
නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. නපුරු බලවේග වලින් වැළකෙනු යැයි (ජනයාට අණ කරනු වස්) සැබැවින්ම අපි සෑම සමූහයකටම රසූල්වරයකු එව්වෙමු. එහෙයින් ඔවුන් අතුරින් අල්ලාහ් මග පෙන්වූවන් වෙති. එමෙන්ම ඔවුන් අතුරින් තමන් වෙත මුළාව නියම වූවන් ද වෙති. එහෙයින් නුඹලා මහපොළොවේ සැරිසරා බොරුකළවුන්ගේ අවසානය කෙසේ වී දැයි අවධානයෙන් බලනු
Surah An-Nahl, Verse 36
إِن تَحۡرِصۡ عَلَىٰ هُدَىٰهُمۡ فَإِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَن يُضِلُّۖ وَمَا لَهُم مِّن نَّـٰصِرِينَ
ඔවුන්ගේ යහ මග පිළිබඳ නුඹ ආශා කළ ද නියත වශයෙන්ම අල්ලාහ් නොමග හැරියවුනට මග නොපෙන්වනු ඇත. තවද ඔවුනට උදව්කරුවන්ද නොමැත
Surah An-Nahl, Verse 37
وَأَقۡسَمُواْ بِٱللَّهِ جَهۡدَ أَيۡمَٰنِهِمۡ لَا يَبۡعَثُ ٱللَّهُ مَن يَمُوتُۚ بَلَىٰ وَعۡدًا عَلَيۡهِ حَقّٗا وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ
තවද මියැදෙන්නන් අල්ලාහ් අවදි නොකරනු ඇතැයි ඔවුන් ස්ථීර විශ්වාසයෙන් යුතු ව අල්ලාහ් මත දිවුරා පවසති. එසේ නොව එය ඔහු වෙත වූ සැබෑ ප්‍රතිඥාවකි. එනමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති
Surah An-Nahl, Verse 38
لِيُبَيِّنَ لَهُمُ ٱلَّذِي يَخۡتَلِفُونَ فِيهِ وَلِيَعۡلَمَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَنَّهُمۡ كَانُواْ كَٰذِبِينَ
ඔවුහු කවර විෂයක මත ගැටුම් ඇති කර ගත්තෝ ද එය ඔවුනට ඔහු පැහැදිලි කරනු පිණිස ද නියත වශයෙන්ම තමන් මුසාවාදීහු යැයි ප්‍රතික්ෂේප කළවුන් දැන ගනු පිණිස ද (එලෙස මළවුන් කෙරෙන් අවදි කරනු ලබනු ඇත)
Surah An-Nahl, Verse 39
إِنَّمَا قَوۡلُنَا لِشَيۡءٍ إِذَآ أَرَدۡنَٰهُ أَن نَّقُولَ لَهُۥ كُن فَيَكُونُ
යම් දෙයක් අපි අභිමත කළ විට ඒ සඳහා අපගේ ප්‍රකාශය වනුයේ ‘කුන්’ (වනු) යැයි පැවසීමය. එවිට එය සිදු වනු ඇත
Surah An-Nahl, Verse 40
وَٱلَّذِينَ هَاجَرُواْ فِي ٱللَّهِ مِنۢ بَعۡدِ مَا ظُلِمُواْ لَنُبَوِّئَنَّهُمۡ فِي ٱلدُّنۡيَا حَسَنَةٗۖ وَلَأَجۡرُ ٱلۡأٓخِرَةِ أَكۡبَرُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ
අපරාධ කරනු ලැබූවායින් පසු ව අල්ලාහ් විෂයයෙහි නික්ම ගියවුන් වන ඔවුනට මෙලොව යහපත අපි සලසා දෙන්නෙමු. මතු ලොව ප්‍රතිඵල අතිමහත්ය. ඔවුහු එය දැන සිටියාහු නම්
Surah An-Nahl, Verse 41
ٱلَّذِينَ صَبَرُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ
ඔවුන් වනාහි ඉවසා දර ගත් අය වෙති. එමෙන්ම තම පරමාධිපති වෙත (සියල්ල) භාරකරන්නන් වෙති
Surah An-Nahl, Verse 42
وَمَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ إِلَّا رِجَالٗا نُّوحِيٓ إِلَيۡهِمۡۖ فَسۡـَٔلُوٓاْ أَهۡلَ ٱلذِّكۡرِ إِن كُنتُمۡ لَا تَعۡلَمُونَ
නුඹට පෙර සිටම අපි ඔවුන් වෙත දේව පණිවිඩ දන්වමින් පැහැදිලි සාධක හා (පෙර ආගමික) විස්තර සමග (රසූල්වරුන් ලෙස) එවන ලද සියල්ල පිරිමින් මිස නැත. එහෙයින් නුඹලා නොදැන සිටියෙහු නම් දැනුමැත්තන්ගෙන් විමසනු
Surah An-Nahl, Verse 43
بِٱلۡبَيِّنَٰتِ وَٱلزُّبُرِۗ وَأَنزَلۡنَآ إِلَيۡكَ ٱلذِّكۡرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيۡهِمۡ وَلَعَلَّهُمۡ يَتَفَكَّرُونَ
පෙර විසූ රසූල්වරුන්ට පැහැදිලි සාධකයන්ද, ධර්ම ග්‍රන්ථයන්ද තවද ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ ජනයාට නුඹ පැහැදිලි කරනු පිණිස නුඹ වෙත (අල් කුර්ආනය නොහොත්) මෙම උපදේශනය අපි පහළ කළෙමු. එය ඔවුන් මෙනෙහි කිරීම පිණිසය
Surah An-Nahl, Verse 44
أَفَأَمِنَ ٱلَّذِينَ مَكَرُواْ ٱلسَّيِّـَٔاتِ أَن يَخۡسِفَ ٱللَّهُ بِهِمُ ٱلۡأَرۡضَ أَوۡ يَأۡتِيَهُمُ ٱلۡعَذَابُ مِنۡ حَيۡثُ لَا يَشۡعُرُونَ
නපුරුකම් ( කිරීමට) කුමන්ත්‍රණය කළවුන් අල්ලාහ් ඔවුන් ව මහපොළොවෙහි ගිලා බැස්සවීම පිළිබඳ ව හෝ ඔවුන් නොසිතූ අයුරින් දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන හෝ ඔවුන් නිර්භිය ව සිටිත් ද
Surah An-Nahl, Verse 45
أَوۡ يَأۡخُذَهُمۡ فِي تَقَلُّبِهِمۡ فَمَا هُم بِمُعۡجِزِينَ
එසේ නැතහොත් ඔවුන් සැරිසැරීමේ දී ඔවුන් ව ග්‍රහණය කිරීම ගැන (ඔවුන් නිර්භිය ව සිටිත් ද? එහෙයින් ඔවුහු (දඬුවමින්) ගැලවීමට හැකියාව දරන්නන් නොවෙති
Surah An-Nahl, Verse 46
أَوۡ يَأۡخُذَهُمۡ عَلَىٰ تَخَوُّفٖ فَإِنَّ رَبَّكُمۡ لَرَءُوفٞ رَّحِيمٌ
එසේ නොමැති නම් බියෙන් පසුවෙමින් සිටිය දී ඔවුන් ව ඔහු ග්‍රහණය කිරීම ගැන (ඔවුන් නිර්භිය ව සිටිත් ද?) නමුත් නුඹගේ පරමාධිපති අතිසෙනෙහෙවන්තය මහා කරුණා ගුණයෙන් යුක්තය
Surah An-Nahl, Verse 47
أَوَلَمۡ يَرَوۡاْ إِلَىٰ مَا خَلَقَ ٱللَّهُ مِن شَيۡءٖ يَتَفَيَّؤُاْ ظِلَٰلُهُۥ عَنِ ٱلۡيَمِينِ وَٱلشَّمَآئِلِ سُجَّدٗا لِّلَّهِ وَهُمۡ دَٰخِرُونَ
අල්ලාහ් කවර දෙයක් මැව්වේ ද (ඒ) කිසිවක් දෙස ඔවුහු (අවධානයෙන්) නොබැලුවෝ ද? එහි සෙවණැල්ල දකුණතට හා වම්පැති වලට නැඹුරු වී යටහත් පහත් ව අල්ලාහ්ට සිරස නමා වැඳ වැටෙයි
Surah An-Nahl, Verse 48
وَلِلَّهِۤ يَسۡجُدُۤ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ مِن دَآبَّةٖ وَٱلۡمَلَـٰٓئِكَةُ وَهُمۡ لَا يَسۡتَكۡبِرُونَ
ප්‍රාණීන්ගෙන් අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ ද මලක්වරුන්ද අල්ලාහ්ට සුජූද් කරති. ඔවුහු උඩඟු නොවෙති
Surah An-Nahl, Verse 49
يَخَافُونَ رَبَّهُم مِّن فَوۡقِهِمۡ وَيَفۡعَلُونَ مَا يُؤۡمَرُونَ۩
ඔවුනට ඉහළින් වූ ඔවුන්ගේ පරමාධිපතිට ඔවුහු බිය වෙති. තවද ඔවුනට අණ කරනු ලබන දෑ ඔවුහු සිදු කරති
Surah An-Nahl, Verse 50
۞وَقَالَ ٱللَّهُ لَا تَتَّخِذُوٓاْ إِلَٰهَيۡنِ ٱثۡنَيۡنِۖ إِنَّمَا هُوَ إِلَٰهٞ وَٰحِدٞ فَإِيَّـٰيَ فَٱرۡهَبُونِ
තවද නුඹලා දෙවියන් දෙදෙනෙකු වශයෙන් නොගනු. නියත වශයෙන්ම ඔහු එකම දෙවිඳාය. එබැවින් මට ම නුඹලා බිය වනු යැයි අල්ලාහ් පැවසුවේය
Surah An-Nahl, Verse 51
وَلَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَلَهُ ٱلدِّينُ وَاصِبًاۚ أَفَغَيۡرَ ٱللَّهِ تَتَّقُونَ
අහස්හි හා මහපොළොවේ ඇති දෑ ඔහු සතුය. තවද සදා අවනතභාවය ද ඔහු සතුය. එහෙයින් නුඹලා අල්ලාහ් නොවන දෑට බිය බැතිමත් වන්නෙහු ද
Surah An-Nahl, Verse 52
وَمَا بِكُم مِّن نِّعۡمَةٖ فَمِنَ ٱللَّهِۖ ثُمَّ إِذَا مَسَّكُمُ ٱلضُّرُّ فَإِلَيۡهِ تَجۡـَٔرُونَ
නුඹලාට කවර හෝ ආශිර්වාදයක් වී නම් එය අල්ලාහ්ගෙනි. පසු ව නුඹලාට යම් පීඩාවක් වැලඳුණු විට නුඹලා විලාප නගනුයේ ඔහු වෙතමය
Surah An-Nahl, Verse 53
ثُمَّ إِذَا كَشَفَ ٱلضُّرَّ عَنكُمۡ إِذَا فَرِيقٞ مِّنكُم بِرَبِّهِمۡ يُشۡرِكُونَ
පසු ව නුඹලාගෙන් එම පීඩාව ඔහු ඉවත් කළ විට නුඹලා අතුරින් පිරිසක් එවිට ඔවුන්ගේ පරමාධිපතිට ආදේශ කරති
Surah An-Nahl, Verse 54
لِيَكۡفُرُواْ بِمَآ ءَاتَيۡنَٰهُمۡۚ فَتَمَتَّعُواْ فَسَوۡفَ تَعۡلَمُونَ
අපි ඔවුනට පිරිනැමූ දෑ ඔවුන් ප්‍රතික්ෂේප කරනු පිණිසය. එහෙයින් නුඹලා භුක්ති විඳිනු. නුඹලා මතු දැන ගනු ඇත
Surah An-Nahl, Verse 55
وَيَجۡعَلُونَ لِمَا لَا يَعۡلَمُونَ نَصِيبٗا مِّمَّا رَزَقۡنَٰهُمۡۗ تَٱللَّهِ لَتُسۡـَٔلُنَّ عَمَّا كُنتُمۡ تَفۡتَرُونَ
අපි ඔවුනට පෝෂණය වශයෙන් දුන් දැයින් කොටසක් ඔවුන් නොදන්නා දෑට ( හෙවත් දෙවියන්ට) තබති. අල්ලාහ් මත දිවුරමින් නුඹලා ගොතමින් සිටි දෑ පිළිබඳ ව නියත වශයෙන්ම නුඹලා විමසනු ලැබේ
Surah An-Nahl, Verse 56
وَيَجۡعَلُونَ لِلَّهِ ٱلۡبَنَٰتِ سُبۡحَٰنَهُۥ وَلَهُم مَّا يَشۡتَهُونَ
අල්ලාහ්ට දූවරුන් පත් කොට ඔවුනට ඔවුන් ප්‍රිය කරන දෑ පත් කර ගනිති. (ඔවුන් සිතන දැයින්) ඔහු සුවිශුද්ධය
Surah An-Nahl, Verse 57
وَإِذَا بُشِّرَ أَحَدُهُم بِٱلۡأُنثَىٰ ظَلَّ وَجۡهُهُۥ مُسۡوَدّٗا وَهُوَ كَظِيمٞ
ඔවුන්ගෙන් එක් අයකුට ගැහැනු දරුවකු පිළිබඳ ශුභාරංචි දන්වනු ලැබුවේ නම් ඔහු කෝපයට පත්වෙමින් ඔහුගේ මුහුණ කළු පැහැ ගැන්වේ
Surah An-Nahl, Verse 58
يَتَوَٰرَىٰ مِنَ ٱلۡقَوۡمِ مِن سُوٓءِ مَا بُشِّرَ بِهِۦٓۚ أَيُمۡسِكُهُۥ عَلَىٰ هُونٍ أَمۡ يَدُسُّهُۥ فِي ٱلتُّرَابِۗ أَلَا سَآءَ مَا يَحۡكُمُونَ
කවර දෙයක් පිළිබඳ ව ඔහුට ශුභාරංචි දෙනු ලැබුවේ ද එහි අසුබකම හේතුවෙන් එය අවමානය සමග රඳවා තබා ගන්නේ ද එසේ නැතහොත් වැල්ලෙහි සඟවන්නේ දැයි සිතා ජනයාගෙන් ඔහු සැඟවෙන්නට බලයි. දැන ගනු ඔවුන් තීන්දු කරන දෑ නපුරු විය
Surah An-Nahl, Verse 59
لِلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ مَثَلُ ٱلسَّوۡءِۖ وَلِلَّهِ ٱلۡمَثَلُ ٱلۡأَعۡلَىٰۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
මතු ලොව පිළිබඳ විශ්වාස නොකළවුනට ඇත්තේ නපුරු ආදර්ශයකි. අල්ලාහ්ට ඇත්තේ උදාර ආදර්ශයකි. තවද ඔහු සර්ව බලධාරීය. සියුම් ඥානය ඇත්තාය
Surah An-Nahl, Verse 60
وَلَوۡ يُؤَاخِذُ ٱللَّهُ ٱلنَّاسَ بِظُلۡمِهِم مَّا تَرَكَ عَلَيۡهَا مِن دَآبَّةٖ وَلَٰكِن يُؤَخِّرُهُمۡ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗىۖ فَإِذَا جَآءَ أَجَلُهُمۡ لَا يَسۡتَـٔۡخِرُونَ سَاعَةٗ وَلَا يَسۡتَقۡدِمُونَ
ජනයාගේ අපරාධ හේතුවෙන් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කරන්නේ නම් ඒ මත කිසිදු ප්‍රාණියෙක් ඔහු අත් හැර දමන්නට නොතිබුණි. එනමුත් නියමිත කාලයකට ඔහු ඔවුන්ව ප්‍රමාද කරයි. ඔවුන්ගේ කාලය පැමිණි විට මොහොතක් හෝ ඔවුන් ප්‍රමාද නොවන අතර ඔවුන් ඉක්මන් ද නොවනු ඇත
Surah An-Nahl, Verse 61
وَيَجۡعَلُونَ لِلَّهِ مَا يَكۡرَهُونَۚ وَتَصِفُ أَلۡسِنَتُهُمُ ٱلۡكَذِبَ أَنَّ لَهُمُ ٱلۡحُسۡنَىٰۚ لَا جَرَمَ أَنَّ لَهُمُ ٱلنَّارَ وَأَنَّهُم مُّفۡرَطُونَ
ඔවුන් පිළිකුල් කරන දෑ අල්ලාහ්ට තබති. නියත වශයෙන්ම තමන්ට යහපත හිමි යැයි ඔවුන්ගේ දිවවල් බොරුව වර්ණනා කරති. කිසිදු සැකයක් නොමැත. නියත වශයෙන්ම ඔවුනට (නිරා) ගින්න ඇත. තවද නියත වශයෙන්ම ඔවුන් (නිරා ගින්නේ) අත් හැර දමනු ලැබූවන්ය
Surah An-Nahl, Verse 62
تَٱللَّهِ لَقَدۡ أَرۡسَلۡنَآ إِلَىٰٓ أُمَمٖ مِّن قَبۡلِكَ فَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ أَعۡمَٰلَهُمۡ فَهُوَ وَلِيُّهُمُ ٱلۡيَوۡمَ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ
අල්ලාහ් මත දිවුරමින්. නුඹට පෙර සිටම සැබැවින්ම අපි සමූහයන් වෙත ධර්ම දූතයින් එව්වෙමු. නමුත් ෂෙයිතාන් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුන්ට අලංකාරවත් කළේය. එහෙයින් අද දින ඔවුන්ගේ භාරකරු ඔහුය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත
Surah An-Nahl, Verse 63
وَمَآ أَنزَلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ إِلَّا لِتُبَيِّنَ لَهُمُ ٱلَّذِي ٱخۡتَلَفُواْ فِيهِ وَهُدٗى وَرَحۡمَةٗ لِّقَوۡمٖ يُؤۡمِنُونَ
කවර දෙයක ඔවුන් මත ගැටුම් ඇති කර ගත්තේ ද එය ඔවුනට නුඹ පැහැදිලි කරනු පිණිස ද විශ්වාස කරන ජනයාට මග පෙන්වීමක් හා ආශිර්වාදයක් වනු පිණිස ද මිස අපි නුඹ වෙත දේව ග්‍රන්ථය පහළ නොකළෙමු
Surah An-Nahl, Verse 64
وَٱللَّهُ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَآۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَسۡمَعُونَ
තවද අල්ලාහ් අහසින් ජලය පහළ කළේය. මහපොළොව මිය ගිය පසු ව එමගින් ඔහු එය ප්‍රාණවත් කරයි. සවන් දෙන ජනයාට නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත
Surah An-Nahl, Verse 65
وَإِنَّ لَكُمۡ فِي ٱلۡأَنۡعَٰمِ لَعِبۡرَةٗۖ نُّسۡقِيكُم مِّمَّا فِي بُطُونِهِۦ مِنۢ بَيۡنِ فَرۡثٖ وَدَمٖ لَّبَنًا خَالِصٗا سَآئِغٗا لِّلشَّـٰرِبِينَ
තවද නියත වශයෙන්ම ගොවිපළ සතුන් තුළ නුඹලාට ආදර්ශයක් ඇත. උන්ගේ කුස තුළ මල හා ලේ අතර වූ දැයින් පානය කරන්නන්හට රසවත් පිරිසිදු කිරි අපි නුඹලාට පානය කිරීමට සපයන්නෙමු
Surah An-Nahl, Verse 66
وَمِن ثَمَرَٰتِ ٱلنَّخِيلِ وَٱلۡأَعۡنَٰبِ تَتَّخِذُونَ مِنۡهُ سَكَرٗا وَرِزۡقًا حَسَنًاۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَعۡقِلُونَ
තවද ඉඳි හා මිදි (වැනි) පලතුරු වලින් ද (පානය කිරීමට සපයන්නෙමු.) නුඹලා ඉන් මත් පැන් හා හොද ආහාර ගන්නෙහුය. නියත වශයෙන්ම එහි අවබෝධ කර ගන්නා ජනයාට පාඩමක් ඇත
Surah An-Nahl, Verse 67
وَأَوۡحَىٰ رَبُّكَ إِلَى ٱلنَّحۡلِ أَنِ ٱتَّخِذِي مِنَ ٱلۡجِبَالِ بُيُوتٗا وَمِنَ ٱلشَّجَرِ وَمِمَّا يَعۡرِشُونَ
කඳු වලද ගස් වලද ඔවුන් ඉදි කරන දෑහි ද නුඹ නිවෙස් තනා ගනුයි මී මැස්සියට නුඹගේ පරමාධිපති දේවානුභාවයෙන් ලබාදුන්නේය
Surah An-Nahl, Verse 68
ثُمَّ كُلِي مِن كُلِّ ٱلثَّمَرَٰتِ فَٱسۡلُكِي سُبُلَ رَبِّكِ ذُلُلٗاۚ يَخۡرُجُ مِنۢ بُطُونِهَا شَرَابٞ مُّخۡتَلِفٌ أَلۡوَٰنُهُۥ فِيهِ شِفَآءٞ لِّلنَّاسِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ
පසු ව නුඹලා සියලු පලතුරු වලින් අනුභව කර නුඹගේ පරමාධිපතිගේ මං මාවත් වල පහසුවෙන් ගමන් ගනු. උගේ කුස තුළින් එහි විවිධ වර්ගයෙන් වූ පානය පිටවෙයි. එහි ජනයාට සුවය ඇත. නියත වශයෙන්ම එහි සිතා බලන ජනයා හට සංඥාවක් ඇත
Surah An-Nahl, Verse 69
وَٱللَّهُ خَلَقَكُمۡ ثُمَّ يَتَوَفَّىٰكُمۡۚ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرۡذَلِ ٱلۡعُمُرِ لِكَيۡ لَا يَعۡلَمَ بَعۡدَ عِلۡمٖ شَيۡـًٔاۚ إِنَّ ٱللَّهَ عَلِيمٞ قَدِيرٞ
තවද අල්ලාහ් නුඹලා ව මැව්වේය. පසු ව නුඹලා ව ඔහු මරණයට පත් කරන්නේය. දැනුම ලැබුවායින් පසු කිසිවක් නොදන්නා අයුරින් දුබල වියට පත් කරනු ලබන්නන් ද නුඹලා අතර වෙති. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය. මහා ශක්තිවන්තය
Surah An-Nahl, Verse 70
وَٱللَّهُ فَضَّلَ بَعۡضَكُمۡ عَلَىٰ بَعۡضٖ فِي ٱلرِّزۡقِۚ فَمَا ٱلَّذِينَ فُضِّلُواْ بِرَآدِّي رِزۡقِهِمۡ عَلَىٰ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ فَهُمۡ فِيهِ سَوَآءٌۚ أَفَبِنِعۡمَةِ ٱللَّهِ يَجۡحَدُونَ
තවද අල්ලාහ් නුඹලාගෙන් ඇතැමෙකු ව ඇතැමෙකුට වඩා සම්පත් වලින් උසස් කළේය. එසේ උසස් කරනු ලැබූවන් ඔවුන්ගේ සම්පත් ඔවුන්ගේ දකුණත් හිමිකර ගත් අයට දීමෙන් වළක්වන්නන් වෙති. එහෙයින් ඔවුහු එහි (ඒවා ලැබීමෙහි) එක සමානය. එහෙයින් අල්ලාහ්ගේ ආශිර්වාදය ඔවුහු ප්‍රතික්ෂේප කරන්නෝ ද
Surah An-Nahl, Verse 71
وَٱللَّهُ جَعَلَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجٗا وَجَعَلَ لَكُم مِّنۡ أَزۡوَٰجِكُم بَنِينَ وَحَفَدَةٗ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِۚ أَفَبِٱلۡبَٰطِلِ يُؤۡمِنُونَ وَبِنِعۡمَتِ ٱللَّهِ هُمۡ يَكۡفُرُونَ
තවද නුඹලා විසින්ම නුඹලාට අඹුවන් අල්ලාහ් ඇති කළේය. තවද නුඹලාගේ අඹුවන් විසින් නුඹලාට දරුවන් හා මුණුබුරන් ඇති කළේය. තවද නුඹලාට යහපත් දැයින් පෝෂණය කළේය. එහෙයින් ඔවුහු විශ්වාස කරනුයේ අසත්‍යය ද? තවද අල්ලාහ්ගේ ආශිර්වාදයන් ඔවුහු ප්‍රතික්ෂේප කරන්නෝ ද
Surah An-Nahl, Verse 72
وَيَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَمۡلِكُ لَهُمۡ رِزۡقٗا مِّنَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ شَيۡـٔٗا وَلَا يَسۡتَطِيعُونَ
අල්ලාහ් නොවන, අහස් වලින් හෝ මහපොළොවෙන් හෝ කිසිදු පෝෂණයකට හිමිකම් නොමැති එමෙන්ම (කිසිදු) හැකියාවක් නොමැති දෑට ඔවුහු වන්දනාමානය කරන්නෝ ද
Surah An-Nahl, Verse 73
فَلَا تَضۡرِبُواْ لِلَّهِ ٱلۡأَمۡثَالَۚ إِنَّ ٱللَّهَ يَعۡلَمُ وَأَنتُمۡ لَا تَعۡلَمُونَ
එහෙයින් නුඹලා අල්ලාහ්ට උපමාවන් ගෙන හැර නොදක්වනු. නියත වශයෙන්ම ඔහු දනී. නමුත් නුඹලා නොදන්නෙහුය
Surah An-Nahl, Verse 74
۞ضَرَبَ ٱللَّهُ مَثَلًا عَبۡدٗا مَّمۡلُوكٗا لَّا يَقۡدِرُ عَلَىٰ شَيۡءٖ وَمَن رَّزَقۡنَٰهُ مِنَّا رِزۡقًا حَسَنٗا فَهُوَ يُنفِقُ مِنۡهُ سِرّٗا وَجَهۡرًاۖ هَلۡ يَسۡتَوُۥنَۚ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ
කිසිවක් මත ශක්තිය නොදරන වෙනත් කෙනෙකුට සතු වූ වහලෙකු හා අපගෙන් වූ යහපත් පෝෂණයෙන් අපි ඔහුට පිරිනැමූ එයින් රහසිගත ව හා ප්‍රසිද්ධියේ විය පැහැදම් කරන්නෙකුට අල්ලාහ් උපමා ගෙන හැර දක්වයි. ඔවුහු එක සමාන වන්නෝ ද? සියලු ප්‍රශංසා අල්ලාහ්ටය. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති
Surah An-Nahl, Verse 75
وَضَرَبَ ٱللَّهُ مَثَلٗا رَّجُلَيۡنِ أَحَدُهُمَآ أَبۡكَمُ لَا يَقۡدِرُ عَلَىٰ شَيۡءٖ وَهُوَ كَلٌّ عَلَىٰ مَوۡلَىٰهُ أَيۡنَمَا يُوَجِّههُّ لَا يَأۡتِ بِخَيۡرٍ هَلۡ يَسۡتَوِي هُوَ وَمَن يَأۡمُرُ بِٱلۡعَدۡلِ وَهُوَ عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ
තවද අල්ලාහ් මිනිසුන් දෙදෙනෙකු උපමාවක් වශයෙන් ගෙන හැර දැක්වීය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු කිසිවක් මත ශක්තිය නොදරන ගොළුවෙකි. ඔහුගේ ස්වාමියාට ඔහු බරකි. ඔහු ඔහු ව කොතැනකට යොමු කළ ද ඔහු යහපතක් ගෙන එන්නේ නැත. එවන් ඔහු හා ඍජු මාර්ගය මත වී යුක්තිය අනුව නියෝග කරන්නා එක සමාන වේවිද
Surah An-Nahl, Verse 76
وَلِلَّهِ غَيۡبُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَمَآ أَمۡرُ ٱلسَّاعَةِ إِلَّا كَلَمۡحِ ٱلۡبَصَرِ أَوۡ هُوَ أَقۡرَبُۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
අහස්හි හා මහපොළොවේ අදෘශ්‍යමාන දෑ අල්ලාහ් සතුය. අවසන් හෝරාවේ කරුණ ඇසිපිය හෙළන්නාක් මෙන් මිස නොමැත. එසේ නැතහොත් ඊටත් වඩා සමීපය. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි මහා ශක්තිවන්තය
Surah An-Nahl, Verse 77
وَٱللَّهُ أَخۡرَجَكُم مِّنۢ بُطُونِ أُمَّهَٰتِكُمۡ لَا تَعۡلَمُونَ شَيۡـٔٗا وَجَعَلَ لَكُمُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَٱلۡأَفۡـِٔدَةَ لَعَلَّكُمۡ تَشۡكُرُونَ
නුඹලාගේ මව්වරුන්ගේ කුස් තුළින් නුඹලා කිසිවක් නොදැන සිටි තත්ත්වයේ නුඹලා ව බැහැර කළේ අල්ලාහ්ය. තවද ඔහු නුඹලාට ශ්‍රවණය ද බැල්ම ද හදවත් ද ඇති කළේය. නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස
Surah An-Nahl, Verse 78
أَلَمۡ يَرَوۡاْ إِلَى ٱلطَّيۡرِ مُسَخَّرَٰتٖ فِي جَوِّ ٱلسَّمَآءِ مَا يُمۡسِكُهُنَّ إِلَّا ٱللَّهُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ
අහස් ගැබෙහි වසඟ කරන ලද්දා වූ පක්ෂියා දෙස ඔහු නොබැලුවේ ද අල්ලාහ් හැර වෙනත් කිසිවකු ඒවා රඳවන්නේ නැත. නියත වශයෙන්ම විශ්වාස කරන ජනයාට එහි සංඥාවන් ඇත
Surah An-Nahl, Verse 79
وَٱللَّهُ جَعَلَ لَكُم مِّنۢ بُيُوتِكُمۡ سَكَنٗا وَجَعَلَ لَكُم مِّن جُلُودِ ٱلۡأَنۡعَٰمِ بُيُوتٗا تَسۡتَخِفُّونَهَا يَوۡمَ ظَعۡنِكُمۡ وَيَوۡمَ إِقَامَتِكُمۡ وَمِنۡ أَصۡوَافِهَا وَأَوۡبَارِهَا وَأَشۡعَارِهَآ أَثَٰثٗا وَمَتَٰعًا إِلَىٰ حِينٖ
තවද නුඹලාගේ නිවෙස් තුළින් නුඹලාට සෙවණක් අල්ලාහ් නුඹලාට ඇති කළේය. තවද නුඹලා ගමන් බිමන් යන දිනක හෝ නුඹලා නැවතී සිටින දිනක එය (රැගෙන යාමට) නුඹලාට පහසු වන නිවෙස් ගොවිපළ සතුන්ගේ සමින් නුඹලාට ඇති කළේය. තවද උන්ගේ ලොම් උන්ගේ හම් හා උන්ගේ රෝම වලින් භාණ්ඩ හා මද කලකට භුක්ති විඳීමක් ද (ඇති කළේය)
Surah An-Nahl, Verse 80
وَٱللَّهُ جَعَلَ لَكُم مِّمَّا خَلَقَ ظِلَٰلٗا وَجَعَلَ لَكُم مِّنَ ٱلۡجِبَالِ أَكۡنَٰنٗا وَجَعَلَ لَكُمۡ سَرَٰبِيلَ تَقِيكُمُ ٱلۡحَرَّ وَسَرَٰبِيلَ تَقِيكُم بَأۡسَكُمۡۚ كَذَٰلِكَ يُتِمُّ نِعۡمَتَهُۥ عَلَيۡكُمۡ لَعَلَّكُمۡ تُسۡلِمُونَ
තවද අල්ලාහ් තමන් මැවූ දැයින් නුඹලාට සෙවණ ඇති කළේය. තවද ඔහු නුඹලාට කඳු වලින් වාසස්ථාන ද ඇති කළේය. උණුසුමින් නුඹලා ව ආරක්ෂා කරන කබා හා (යුද්ධයේ දී) නුඹලාට ඇති වන අනතුරු වලින් ආරක්ෂා කරන කබා ද ඔහු නුඹලාට ඇති කළේය. එලෙස නුඹලා යටහත් විය හැකි වනු පිණිස ඔහු ඔහුගේ ආශිර්වාදය නුඹලාට සම්පූර්ණ (ලෙස පැහැදිලි) කරන්නේය
Surah An-Nahl, Verse 81
فَإِن تَوَلَّوۡاْ فَإِنَّمَا عَلَيۡكَ ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ
නමුත් ඔවුහු පිටුපෑවෙහු නම් එවිට නියත වශයෙන්ම නුඹ වෙත පැවරෙනුයේ (ඔවුනට) පැහැදිලි ව දන්වා සිටීම පමණි. (යැයි නුඹ දැන ගනු)
Surah An-Nahl, Verse 82
يَعۡرِفُونَ نِعۡمَتَ ٱللَّهِ ثُمَّ يُنكِرُونَهَا وَأَكۡثَرُهُمُ ٱلۡكَٰفِرُونَ
අල්ලාහ්ගේ ආශිර්වාදය ඔවුහු දනිති. පසු ව ඔවුහු එය ප්‍රතික්ෂේප කරති. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේව ප්‍රතික්ෂේපකයෝය
Surah An-Nahl, Verse 83
وَيَوۡمَ نَبۡعَثُ مِن كُلِّ أُمَّةٖ شَهِيدٗا ثُمَّ لَا يُؤۡذَنُ لِلَّذِينَ كَفَرُواْ وَلَا هُمۡ يُسۡتَعۡتَبُونَ
එදින සෑම සමූහයකින්ම සාක්ෂිකරුවකු අප නැගිටුවන්නෙමු. පසු ව ප්‍රතික්ෂේප කළවුනට (කිසිදු කටයුත්තක් සඳහා) අවසර දෙනු නොලැබේ. තවද ඔවුහු (අල්ලාහ් වෙත නැඹුරුවන මෙන්) ඉල්ලීම් කරනු ලබන්නන් ද නොවෙති
Surah An-Nahl, Verse 84
وَإِذَا رَءَا ٱلَّذِينَ ظَلَمُواْ ٱلۡعَذَابَ فَلَا يُخَفَّفُ عَنۡهُمۡ وَلَا هُمۡ يُنظَرُونَ
තවද අපරාධ කළවුන් එම දඬුවම දුටු විට ඔවුන්ගෙන් එය සැහැල්ලු කරනු නොලැබේ. තවද ඔවුහු අවකාශය දෙනු ලබන්නන් ද නොවෙති
Surah An-Nahl, Verse 85
وَإِذَا رَءَا ٱلَّذِينَ أَشۡرَكُواْ شُرَكَآءَهُمۡ قَالُواْ رَبَّنَا هَـٰٓؤُلَآءِ شُرَكَآؤُنَا ٱلَّذِينَ كُنَّا نَدۡعُواْ مِن دُونِكَۖ فَأَلۡقَوۡاْ إِلَيۡهِمُ ٱلۡقَوۡلَ إِنَّكُمۡ لَكَٰذِبُونَ
(අල්ලාහ්ගේ දේවත්වයට) සමානයන් තබා වන්දනාමානය කරන්නන් ඔවුන්ගේ (එම) සම දෙවිවරුන් දුටු විට, අපගේ පරමාධිපතියාණෙනි, නුඹෙන් තොර ව අප ඇරයුම් කරමින් සිටි අපගේ සම දෙවිවරුන් මොවුන්ය. එවිට නියත වශයෙන්ම නුඹලා මුසාවාදීහුය යැයි ඔවුහු ඔවුනට ප්‍රකාශ කරනු ඇත
Surah An-Nahl, Verse 86
وَأَلۡقَوۡاْ إِلَى ٱللَّهِ يَوۡمَئِذٍ ٱلسَّلَمَۖ وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَفۡتَرُونَ
එදින යටහත්භාවය අල්ලාහ් වෙත ඔවුහු ඉදිරිපත් කරති. තවද ඔවුහු ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළා වී යති
Surah An-Nahl, Verse 87
ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ زِدۡنَٰهُمۡ عَذَابٗا فَوۡقَ ٱلۡعَذَابِ بِمَا كَانُواْ يُفۡسِدُونَ
ප්‍රතික්ෂේප කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) වැළැක්වූවන්ට ඔවුන් කලහකම් කරමින් සිටි බැවින් ඔවුනට අපි එම දඬුවමට ඉහළින් දඬුවම අධික කරන්නෙමු
Surah An-Nahl, Verse 88
وَيَوۡمَ نَبۡعَثُ فِي كُلِّ أُمَّةٖ شَهِيدًا عَلَيۡهِم مِّنۡ أَنفُسِهِمۡۖ وَجِئۡنَا بِكَ شَهِيدًا عَلَىٰ هَـٰٓؤُلَآءِۚ وَنَزَّلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ تِبۡيَٰنٗا لِّكُلِّ شَيۡءٖ وَهُدٗى وَرَحۡمَةٗ وَبُشۡرَىٰ لِلۡمُسۡلِمِينَ
තවද (නබිවරය! මරණින් මතු දිනය ගැන ඔවුන්ට අනතුරු අඟවන්න) එම දිනයේදී සෑම සමූහයකටම ඔවුනට එරෙහි ව සාක්ෂිකරුවකු ඔවුන් අතුරින් නැගිටවන්නෙමු. මෙම ජනයා සම්බන්ධයෙන් මොවුනට එරෙහි ව අපි නුඹ ව සාක්ෂිකරුවකු වශයෙන් ගෙන එන්නෙමු. තවද සියලු දෑ පැහැදිලි කරන්නක් වශයෙන් ද මග පෙන්වීමක් වශයෙන් ද ආශිර්වාදයක් වශයෙන් ද (අල්ලාහ්ට) අවනත වන අයට ශුභාරංචි දන්වන්නක් වශයෙන් ද දේව ග්‍රන්ථය අපි නුඹ වෙත පහළ කළෙමු
Surah An-Nahl, Verse 89
۞إِنَّ ٱللَّهَ يَأۡمُرُ بِٱلۡعَدۡلِ وَٱلۡإِحۡسَٰنِ وَإِيتَآيِٕ ذِي ٱلۡقُرۡبَىٰ وَيَنۡهَىٰ عَنِ ٱلۡفَحۡشَآءِ وَٱلۡمُنكَرِ وَٱلۡبَغۡيِۚ يَعِظُكُمۡ لَعَلَّكُمۡ تَذَكَّرُونَ
නියත වශයෙන්ම අල්ලාහ් සාධාරණත්වය ඉටු කරන ලෙසද, කාරුණිකත්වය පෙන්වන ලෙසද, සමීප ඥාතීන්ට ( අත්‍යවශ්‍ය භාණ්ඩ) පිරිනැමීමට ද නියෝග කරයි. එමෙන්ම අශික්ෂිත දැයින් ද පිළිකුල් සහගත දැයින් ද අපරාධකාරී දැයින් ද ඔහු වළක්වයි. තවද නුඹලා මෙනෙහි කරන්නට හැකි වනු පිණිස ඔහු නුඹලාට උපදෙස් දෙයි
Surah An-Nahl, Verse 90
وَأَوۡفُواْ بِعَهۡدِ ٱللَّهِ إِذَا عَٰهَدتُّمۡ وَلَا تَنقُضُواْ ٱلۡأَيۡمَٰنَ بَعۡدَ تَوۡكِيدِهَا وَقَدۡ جَعَلۡتُمُ ٱللَّهَ عَلَيۡكُمۡ كَفِيلًاۚ إِنَّ ٱللَّهَ يَعۡلَمُ مَا تَفۡعَلُونَ
නුඹලා ගිවිස ගත් විට අල්ලාහ්ගේ ගිවිසුම නුඹලා පූර්ණ ව ඉටු කරනු. තවද නුඹලා වෙත භාරකරු වශයෙන් නුඹලා අල්ලාහ් ව පත් කර තිබිය දී නුඹලා දිවුරුම එය තහවුරු කිරීමෙන් පසු ව කඩ නොකරනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ දනී
Surah An-Nahl, Verse 91
وَلَا تَكُونُواْ كَٱلَّتِي نَقَضَتۡ غَزۡلَهَا مِنۢ بَعۡدِ قُوَّةٍ أَنكَٰثٗا تَتَّخِذُونَ أَيۡمَٰنَكُمۡ دَخَلَۢا بَيۡنَكُمۡ أَن تَكُونَ أُمَّةٌ هِيَ أَرۡبَىٰ مِنۡ أُمَّةٍۚ إِنَّمَا يَبۡلُوكُمُ ٱللَّهُ بِهِۦۚ وَلَيُبَيِّنَنَّ لَكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ مَا كُنتُمۡ فِيهِ تَخۡتَلِفُونَ
ශක්තිමත් ව ගෙතුවායින් පසුව ඇයගේ ගෙතුම දැඩි ලෙස කඩා දමන්නියක් ලෙස නුඹලා නොවනු. එක් සමූහයකට වඩා තවත් සමූහයකට වාසිදායී වනු අයුරින් නුඹලාගේ දිවුරුම් නුඹලා අතර ප්‍රවේශයක් වශයෙන් නුඹලා ගත්තෙහුය. එමගින් අල්ලාහ් නුඹලා ව පරීක්ෂා කරනු ඇත. තවද නුඹලා කවර විෂයක මත ගැටුම් ඇති කර ගත්තේ ද එය මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දිනයේ ඔහු නුඹලාට පැහැදිලි කරනු ඇත
Surah An-Nahl, Verse 92
وَلَوۡ شَآءَ ٱللَّهُ لَجَعَلَكُمۡ أُمَّةٗ وَٰحِدَةٗ وَلَٰكِن يُضِلُّ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَلَتُسۡـَٔلُنَّ عَمَّا كُنتُمۡ تَعۡمَلُونَ
අල්ලාහ් අභිමත කර ඇත්නම් එකම සමූහයක් බවට නුඹලා ව පත් කරන්නට තිබුණි. එනමුත් ඔහු අභිමත කරන අය ව නොමඟට යොමු කරයි. තවද ඔහු අභිමත කරන අය ව යහ මග යොමු කරයි. නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ ව සැබැවින්ම නුඹලා ප්‍රශ්න කරනු ලබන්නෙහුය
Surah An-Nahl, Verse 93
وَلَا تَتَّخِذُوٓاْ أَيۡمَٰنَكُمۡ دَخَلَۢا بَيۡنَكُمۡ فَتَزِلَّ قَدَمُۢ بَعۡدَ ثُبُوتِهَا وَتَذُوقُواْ ٱلسُّوٓءَ بِمَا صَدَدتُّمۡ عَن سَبِيلِ ٱللَّهِ وَلَكُمۡ عَذَابٌ عَظِيمٞ
නුඹලාගේ දිවුරුම් (වංචා සහගත ලෙස) නුඹලා අතර ප්‍රවේශයක් වශයෙන් නුඹලා නොගනු. එවිට නුඹලාගේ පාද එය ස්ථීර ව තැබූ පසු ව ලිස්සා යනු ඇත. තවද නුඹලා අල්ලාහ්ගේ මාර්ගයෙන් වැළැක් වූ හෙයින් නුඹලා නපුර භුක්ති විඳිනු ඇත. තවද නුඹලාට අතිමහත් දඬුවමක් ඇත
Surah An-Nahl, Verse 94
وَلَا تَشۡتَرُواْ بِعَهۡدِ ٱللَّهِ ثَمَنٗا قَلِيلًاۚ إِنَّمَا عِندَ ٱللَّهِ هُوَ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ
තවද අල්ලාහ්ගේ ගිවිසුම අල්ප මිලකට නොවිකුණනු. නුඹලා දැන සිටියෙහු නම් නියත වශයෙන්ම අල්ලාහ් සතුව ඇති දෙයම නුඹලාට වඩාත් උතුම් වනුයේ
Surah An-Nahl, Verse 95
مَا عِندَكُمۡ يَنفَدُ وَمَا عِندَ ٱللَّهِ بَاقٖۗ وَلَنَجۡزِيَنَّ ٱلَّذِينَ صَبَرُوٓاْ أَجۡرَهُم بِأَحۡسَنِ مَا كَانُواْ يَعۡمَلُونَ
නුඹලා වෙත ඇති දෑ විනාශ වී යනු ඇත. නමුත් අල්ලාහ් වෙත ඇති දෑ ඉතිරි ව පවතින්නකි. ඉවසා දරා ගත් අයට ඔවුන් සිදුකරමින් සිටි දෑට ඉතා යහපත් අයුරින් ඔවුන්ගේ ප්‍රතිඵල අපි පිරිනමන්නෙමු
Surah An-Nahl, Verse 96
مَنۡ عَمِلَ صَٰلِحٗا مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنٞ فَلَنُحۡيِيَنَّهُۥ حَيَوٰةٗ طَيِّبَةٗۖ وَلَنَجۡزِيَنَّهُمۡ أَجۡرَهُم بِأَحۡسَنِ مَا كَانُواْ يَعۡمَلُونَ
යම් පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා දේව විශ්වාසවන්තයකු ලෙස සිට යමෙකු දැහැමි කටයුත්තක් කළේ ද එවිට යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා අපි ඔහු ව ජීවත් කරවන්නෙමු. තවද ඔවුන් සිදු කරමින් සිටි දෑට ඉතා යහපත් අයුරින් ඔවුන්ගේ ප්‍රතිඵල වලට අපි ඔවුනට යහපත පිරිනමන්නෙමු
Surah An-Nahl, Verse 97
فَإِذَا قَرَأۡتَ ٱلۡقُرۡءَانَ فَٱسۡتَعِذۡ بِٱللَّهِ مِنَ ٱلشَّيۡطَٰنِ ٱلرَّجِيمِ
එහෙයින් නුඹ අල් කුර්ආනය පාරායනය කරන විට පලවා හරින ලද ෂෙයිතාන් කෙරෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතනු
Surah An-Nahl, Verse 98
إِنَّهُۥ لَيۡسَ لَهُۥ سُلۡطَٰنٌ عَلَى ٱلَّذِينَ ءَامَنُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ
නියත වශයෙන්ම ඔහු විශ්වාස කොට තම පරමාධිපති කෙරෙහි (සියල්ල) භාර කරන්නන් වෙත බලපෑමක් කිරීමට ඔහුට හැකියාවක් නොමැත
Surah An-Nahl, Verse 99
إِنَّمَا سُلۡطَٰنُهُۥ عَلَى ٱلَّذِينَ يَتَوَلَّوۡنَهُۥ وَٱلَّذِينَ هُم بِهِۦ مُشۡرِكُونَ
ඔහුගේ බලය බල පවත්වනුයේ ඔහු ව භාරකරු බවට පත් කර ගත් අය කෙරෙහි හා ඔවුහු ඔහු (අල්ලාහ්) ට සමානයන් තබන්නන් කෙරෙහිය
Surah An-Nahl, Verse 100
وَإِذَا بَدَّلۡنَآ ءَايَةٗ مَّكَانَ ءَايَةٖ وَٱللَّهُ أَعۡلَمُ بِمَا يُنَزِّلُ قَالُوٓاْ إِنَّمَآ أَنتَ مُفۡتَرِۭۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ
එක් වදනක් වෙනුවට තවත් වදනක් අපි පහළ කළේ නම් - පහළ කළ යුත්තේ කුමක්ද පිළිබඳ ව ඔහු මැනවින් දන්නාය. - නියත වශයෙන්ම නුඹ ගොතා පවසන්නෙකු යැයි ඔවුහු පැවසූහ. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (සත්‍යය) නොදනිති
Surah An-Nahl, Verse 101
قُلۡ نَزَّلَهُۥ رُوحُ ٱلۡقُدُسِ مِن رَّبِّكَ بِٱلۡحَقِّ لِيُثَبِّتَ ٱلَّذِينَ ءَامَنُواْ وَهُدٗى وَبُشۡرَىٰ لِلۡمُسۡلِمِينَ
විශ්වාස කළවුන් ස්ථාවර කරනු වස් ද මුස්ලිම්වරුන්ට මග පෙන්වීමක් හා ශුභාරංචියක් වශයෙන් ද නුඹගේ පරමාධිපති වෙතින් පාරිශුද්ධ ආත්මය එය සත්‍යයෙන් යුතු ව පහළ කළේ යැයි නුඹ පවසනු
Surah An-Nahl, Verse 102
وَلَقَدۡ نَعۡلَمُ أَنَّهُمۡ يَقُولُونَ إِنَّمَا يُعَلِّمُهُۥ بَشَرٞۗ لِّسَانُ ٱلَّذِي يُلۡحِدُونَ إِلَيۡهِ أَعۡجَمِيّٞ وَهَٰذَا لِسَانٌ عَرَبِيّٞ مُّبِينٌ
ඇත්තෙන්ම එය උගන්වනුයේ මිනිසෙකි යැයි නියත වශයෙන්ම ඔවුහු පවසන බව සැබැවින්ම අපි දනිමු. ඔවුන් කවරෙකු වෙත සම්බන්ධ කරමින් පවසන්නේ ද ඔහුගේ භාෂාව අරාබි නොවන භාෂාවයි. නමුත් මෙය පැහැදිලි අරාබි භාෂාවයි
Surah An-Nahl, Verse 103
إِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِـَٔايَٰتِ ٱللَّهِ لَا يَهۡدِيهِمُ ٱللَّهُ وَلَهُمۡ عَذَابٌ أَلِيمٌ
නියත වශයෙන්ම අල්ලාහ්ගේ වදන් විශ්වාස නොකරන්නන් වන ඔවුනට ඔහු මග නොපෙන්වයි. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත
Surah An-Nahl, Verse 104
إِنَّمَا يَفۡتَرِي ٱلۡكَذِبَ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِـَٔايَٰتِ ٱللَّهِۖ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡكَٰذِبُونَ
එසේ බොරු ගොතනුයේ අල්ලාහ්ගේ වදන් විශ්වාස නොකරන්නන්ය. තවද ඔවුහුමය මුසාවාදීහූ
Surah An-Nahl, Verse 105
مَن كَفَرَ بِٱللَّهِ مِنۢ بَعۡدِ إِيمَٰنِهِۦٓ إِلَّا مَنۡ أُكۡرِهَ وَقَلۡبُهُۥ مُطۡمَئِنُّۢ بِٱلۡإِيمَٰنِ وَلَٰكِن مَّن شَرَحَ بِٱلۡكُفۡرِ صَدۡرٗا فَعَلَيۡهِمۡ غَضَبٞ مِّنَ ٱللَّهِ وَلَهُمۡ عَذَابٌ عَظِيمٞ
අල්ලාහ් පිළිබඳ විශ්වාස කිරීමෙන් පසු ව කවරෙකු ඔහු ව ප්‍රතික්ෂේප කළේ ද (එවන් අය අතුරින්) තම සිත දේව විශ්වාසයේ තැන්පත් ව තිබිය දී බල කරනු ලැබූ අය හැර. එනමුත් හදවත දේව ප්‍රතික්ෂේපයෙන් විවෘත කළවුන් වන ඔවුනට අල්ලාහ් වෙතින් වූ කෝපය ඇත. එමෙන්ම ඔවුනට අතිමහත් වූ දඬුවමක් ද ඇත
Surah An-Nahl, Verse 106
ذَٰلِكَ بِأَنَّهُمُ ٱسۡتَحَبُّواْ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا عَلَى ٱلۡأٓخِرَةِ وَأَنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡكَٰفِرِينَ
එය ඔවුහු මතු ලොවට වඩා මෙලොව ජීවිතය ප්‍රිය කළ බැවිනි. තවද නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන ජනයාට අල්ලාහ් මග නොපෙන්වයි
Surah An-Nahl, Verse 107
أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ طَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمۡ وَسَمۡعِهِمۡ وَأَبۡصَٰرِهِمۡۖ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡغَٰفِلُونَ
ඔවුහු කව්රුන්ද යත් අල්ලාහ් ඔවුන්ගේ හදවත්, ඔවුන්ගේ සවන් හා ඔවුන්ගේ බැල්ම මත මුද්‍රා තැබුවේය. තවද ඔවුහුමය නොසලකා හරින්නෝ
Surah An-Nahl, Verse 108
لَا جَرَمَ أَنَّهُمۡ فِي ٱلۡأٓخِرَةِ هُمُ ٱلۡخَٰسِرُونَ
නියත වශයෙන්ම මතු ලොවෙහි පරාජිතයෝ ඔවුහුමය යන්නට කිසිදු සැකයක් නොමැත
Surah An-Nahl, Verse 109
ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ هَاجَرُواْ مِنۢ بَعۡدِ مَا فُتِنُواْ ثُمَّ جَٰهَدُواْ وَصَبَرُوٓاْ إِنَّ رَبَّكَ مِنۢ بَعۡدِهَا لَغَفُورٞ رَّحِيمٞ
අනතුරු ව නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ඔවුහු පරීක්ෂාවට ලක් කරනු ලැබූ පසුව නික්ම ගොස් (තම ජීවිත) කැප කොට ඉවසා දරා ගත්තවුනට ඉන්පසු ව ද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති අති ක්ෂමාශීලීය. මහා කරුණා ගුණයෙන් යුක්තය
Surah An-Nahl, Verse 110
۞يَوۡمَ تَأۡتِي كُلُّ نَفۡسٖ تُجَٰدِلُ عَن نَّفۡسِهَا وَتُوَفَّىٰ كُلُّ نَفۡسٖ مَّا عَمِلَتۡ وَهُمۡ لَا يُظۡلَمُونَ
එදින සෑම ආත්මයක්ම තමන් ගැන වාද කරමින් පැමිණෙති. තවද සෑම ආත්මයක්ම තමන් කළ දෑට පූර්ණ ව ප්‍රතිඵල දෙනු ලබති. තවද ඔවුහු අපරාධ කරනු නොලබති
Surah An-Nahl, Verse 111
وَضَرَبَ ٱللَّهُ مَثَلٗا قَرۡيَةٗ كَانَتۡ ءَامِنَةٗ مُّطۡمَئِنَّةٗ يَأۡتِيهَا رِزۡقُهَا رَغَدٗا مِّن كُلِّ مَكَانٖ فَكَفَرَتۡ بِأَنۡعُمِ ٱللَّهِ فَأَذَٰقَهَا ٱللَّهُ لِبَاسَ ٱلۡجُوعِ وَٱلۡخَوۡفِ بِمَا كَانُواْ يَصۡنَعُونَ
තවද අල්ලාහ් ගම්මානයක් උපමාවක් ලෙස ගෙන හැර පෙන්වීය. එය සුරක්ෂිත සාමකාමී විය. සෑම තැනකින්ම පෝෂණය ඒ වෙත පැමිණියේය. නමුත් එය (ගම් වාසීහු) අල්ලාහ්ගේ ආශිර්වාදයට ගුණ මකු විය. එවිට ඔවුන් සිදු කරමින් සිටි දෑ හේතුවෙන් සාගින්නෙහි හා බියෙහි වස්ත්‍රය එයට විඳවන්නට සැලස් විය
Surah An-Nahl, Verse 112
وَلَقَدۡ جَآءَهُمۡ رَسُولٞ مِّنۡهُمۡ فَكَذَّبُوهُ فَأَخَذَهُمُ ٱلۡعَذَابُ وَهُمۡ ظَٰلِمُونَ
ඔවුන් අතුරින් දූතයකු ඔවුන් වෙත සැබැවින්ම පැමිණියේය. නමුත් ඔවුහු ඔහු ව බොරු කළෝය. එවිට ඔවුන් අපරාධකරුවන් ව සිටිය දී දඬුවම ඔවුන් ව ග්‍රහණය කළේය
Surah An-Nahl, Verse 113
فَكُلُواْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ حَلَٰلٗا طَيِّبٗا وَٱشۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ إِن كُنتُمۡ إِيَّاهُ تَعۡبُدُونَ
එහෙයින් අල්ලාහ් නුඹලාට පෝෂණය කළ දැයින් පිවිතුරු, අනුමත දෑ නුඹලා අනුභව කරනු. තවද නුඹලා අල්ලාහ්ටම වන්දනාමානය කරමින් සිටියෙහු නම් ඔහුගේ ආශිර්වාදයට නුඹලා කෘතඥ වනු
Surah An-Nahl, Verse 114
إِنَّمَا حَرَّمَ عَلَيۡكُمُ ٱلۡمَيۡتَةَ وَٱلدَّمَ وَلَحۡمَ ٱلۡخِنزِيرِ وَمَآ أُهِلَّ لِغَيۡرِ ٱللَّهِ بِهِۦۖ فَمَنِ ٱضۡطُرَّ غَيۡرَ بَاغٖ وَلَا عَادٖ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ
නියත වශයෙන්ම නුඹලා වෙත ඔහු තහනම් කර ඇත්තේ මළ දෑ, රුධිරය, ශූකර මාංශ හා කවර දෙයක් අල්ලාහ් නොවන දෑට කපන ලද්දේ ද ඒවාය. නමුත් කවරෙකු හෝ බල කරනු ලැබුවේ නම් ඔහු සීමාව ඉක්මවන්නෙකු හා අබිබවා නොයන්නෙකු ලෙසින් තොර ව (එය අනුභව කිරීමට අනුමැතිය ඇත.) නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්තය.
Surah An-Nahl, Verse 115
وَلَا تَقُولُواْ لِمَا تَصِفُ أَلۡسِنَتُكُمُ ٱلۡكَذِبَ هَٰذَا حَلَٰلٞ وَهَٰذَا حَرَامٞ لِّتَفۡتَرُواْ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَۚ إِنَّ ٱلَّذِينَ يَفۡتَرُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ لَا يُفۡلِحُونَ
මෙය අනුමතය. මෙය තහනම්ය යැයි අල්ලාහ් කෙරෙහි නුඹලා බොරු ගොතනු වස් නුඹලාගේ දිව වල් වර්ණනා කරන දෑ නුඹලා නොපවසනු. නියත වශයෙන්ම අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නන් ජය නොලබති
Surah An-Nahl, Verse 116
مَتَٰعٞ قَلِيلٞ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ
ස්වල්ප භුක්ති විඳීමකි. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත
Surah An-Nahl, Verse 117
وَعَلَى ٱلَّذِينَ هَادُواْ حَرَّمۡنَا مَا قَصَصۡنَا عَلَيۡكَ مِن قَبۡلُۖ وَمَا ظَلَمۡنَٰهُمۡ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ
මීට පෙර අපි නුඹ වෙත පැවසූ දෑ යුදෙව්වූවන් වෙත අපි තහනම් කළෙමු. තවද අපි ඔවුනට අපරාධ නොකළෙමු. එනමුත් ඔවුහු ඔවුන්ටම අපරාධ කර ගන්නවුන් වූහ
Surah An-Nahl, Verse 118
ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ عَمِلُواْ ٱلسُّوٓءَ بِجَهَٰلَةٖ ثُمَّ تَابُواْ مِنۢ بَعۡدِ ذَٰلِكَ وَأَصۡلَحُوٓاْ إِنَّ رَبَّكَ مِنۢ بَعۡدِهَا لَغَفُورٞ رَّحِيمٌ
පසු ව නියත වශයෙන්ම අනුවන කමින් නපුරක් සිදු කොට ඉන් පසු ව පශ්චාත්තාප වී තමන් හැඩ ගස්වා ගත් අයට නුඹගේ පරමාධිපති (තිළිණ පිරිනමනු) ඇත. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ඉන් පසු ව පවා අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය
Surah An-Nahl, Verse 119
إِنَّ إِبۡرَٰهِيمَ كَانَ أُمَّةٗ قَانِتٗا لِّلَّهِ حَنِيفٗا وَلَمۡ يَكُ مِنَ ٱلۡمُشۡرِكِينَ
නියත වශයෙන්ම ඉබ්‍රාහීම් අල්ලාහ්ට අවංක ව අවනත වූ සමූහයක් (මෙන්) විය. තවද ඔහු ආදේශ කරන්නන් අතුරින් නොවීය
Surah An-Nahl, Verse 120
شَاكِرٗا لِّأَنۡعُمِهِۚ ٱجۡتَبَىٰهُ وَهَدَىٰهُ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ
ඔහුගේ ආශිර්වාද වලට කෘතවේදියකු විය. ඔහු ව ඔහු තෝරා ගෙන ඍජු මාර්ගය වෙත මග පෙන්වීය
Surah An-Nahl, Verse 121
وَءَاتَيۡنَٰهُ فِي ٱلدُّنۡيَا حَسَنَةٗۖ وَإِنَّهُۥ فِي ٱلۡأٓخِرَةِ لَمِنَ ٱلصَّـٰلِحِينَ
මෙලොව යහපත අපි ඔහුට පිරිනැමුවෙමු. තවද නියත වශයෙන්ම ඔහු මතු ලොවෙහි දැහැමියන් අතර වෙති
Surah An-Nahl, Verse 122
ثُمَّ أَوۡحَيۡنَآ إِلَيۡكَ أَنِ ٱتَّبِعۡ مِلَّةَ إِبۡرَٰهِيمَ حَنِيفٗاۖ وَمَا كَانَ مِنَ ٱلۡمُشۡرِكِينَ
පසු ව නුඹ ඉබ්‍රාහීම්ගේ අවංක වූ පිළිවෙත අනුගමනය කරනු. ඔහු ආදේශ කරන්නන් අතුරින් නොවීය. යැයි අපි නුඹ වෙත දේව පණිවිඩය දන්වා සිටියෙමු
Surah An-Nahl, Verse 123
إِنَّمَا جُعِلَ ٱلسَّبۡتُ عَلَى ٱلَّذِينَ ٱخۡتَلَفُواْ فِيهِۚ وَإِنَّ رَبَّكَ لَيَحۡكُمُ بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ
නියත වශයෙන්ම සෙනසුරාදා දින සීමාව නියම කරනු ලැබුවේ එහි මත භේද ඇති කර ගත්තවුන් කෙරෙහිය. තවද මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දිනයේ නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ඔවුන් කවර විෂයයක මත භේද ඇති කර ගනිමින් සිටියේ ද ඒ සම්බන්ධයෙන් ඔවුන් අතර තීන්දු කරනු ඇත
Surah An-Nahl, Verse 124
ٱدۡعُ إِلَىٰ سَبِيلِ رَبِّكَ بِٱلۡحِكۡمَةِ وَٱلۡمَوۡعِظَةِ ٱلۡحَسَنَةِۖ وَجَٰدِلۡهُم بِٱلَّتِي هِيَ أَحۡسَنُۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِٱلۡمُهۡتَدِينَ
නුඹේ පරමාධිපතිගේ මාර්ගය වෙත ඥානයෙන් යුතු ව හා යහපත් උපදෙස් මගින් නුඹ ඇරයුම් කරනු. තවද වඩාත් යහපත් දැයින් ඔවුන් සමග නුඹ තර්ක කරනු. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ඔහුගේ මාර්ගයෙන් නොමග ගියවුන් පිළිබඳ ව මැනවින් දන්නාය. තවද යහ මග ගියවුන් පිළිබඳ ව ද මැනවින් දන්නාය
Surah An-Nahl, Verse 125
وَإِنۡ عَاقَبۡتُمۡ فَعَاقِبُواْ بِمِثۡلِ مَا عُوقِبۡتُم بِهِۦۖ وَلَئِن صَبَرۡتُمۡ لَهُوَ خَيۡرٞ لِّلصَّـٰبِرِينَ
තවද නුඹලා දඬුවම් කරන්නෙහු නම් නුඹලා කවර දෙයකින් දඬුවම් කරනු ලැබුවේ ද ඒ හා සමාන ව නුඹලා දඬුවම් කරනු. තවද නුඹලා ඉවසා දරා ගත්තෙහු නම් ඉවසිලිවන්තයින්හට එය උතුම්ය
Surah An-Nahl, Verse 126
وَٱصۡبِرۡ وَمَا صَبۡرُكَ إِلَّا بِٱللَّهِۚ وَلَا تَحۡزَنۡ عَلَيۡهِمۡ وَلَا تَكُ فِي ضَيۡقٖ مِّمَّا يَمۡكُرُونَ
තවද නුඹ ඉවසා දරා ගනු. තවද නුඹේ ඉවසීම අල්ලාහ් සම්බන්ධයෙන් මිස නොවිය යුතුය. තවද නුඹ ඔවුන් ගැන දුක් නොවනු. තවද ඔවුන් කුමන්ත්‍රණ කරන දැයින් නුඹ පීඩනයක පසු නොවනු
Surah An-Nahl, Verse 127
إِنَّ ٱللَّهَ مَعَ ٱلَّذِينَ ٱتَّقَواْ وَّٱلَّذِينَ هُم مُّحۡسِنُونَ
නියත වශයෙන්ම අල්ලාහ් බිය හැඟීමෙන් යුතු ව කටයුතු කළවුන් හා දැහැමි කටයුතු කළවුන් වන ඔවුන් සමගය
Surah An-Nahl, Verse 128