Surah Al-Hijr - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
الٓرۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ وَقُرۡءَانٖ مُّبِينٖ
අලිෆ්. ලාම්. රා. (නබියේ!) මේවා පැහැදිලි කුර්ආනය නමැති (මෙම) ධර්මයෙහි ඇති ආයාවන් වන්නේය
Surah Al-Hijr, Verse 1
رُّبَمَا يَوَدُّ ٱلَّذِينَ كَفَرُواْ لَوۡ كَانُواْ مُسۡلِمِينَ
තමන්ද මුස්ලිම්වරුන් වශයෙන් සිටිය යුතු නොවේදැයි ප්‍රතික්ෂේප කරන්නන් (පරලොවදී) ඉමහත් සේ කැමති වන්නාහ
Surah Al-Hijr, Verse 2
ذَرۡهُمۡ يَأۡكُلُواْ وَيَتَمَتَّعُواْ وَيُلۡهِهِمُ ٱلۡأَمَلُۖ فَسَوۡفَ يَعۡلَمُونَ
(නබියේ!) ඔවුන් (හොඳින්) අනුභව කරමින්ද, (තමන්ගේ කැමැත්තට අනුව) සුවය විඳිමින්ද සිටියදී (දැනට) ඔබ ඔවුන්ව අත්හැර දමනු. (ඔවුන්ගේ පුහු) විශ්වාසයන් (පරලොව ගැන) ඔවුන් අමතක කර දැමුවේය. (මෙහි ඵලවිපාක) පසුව ඔවුන් හොඳින් දැන ගනු ඇත
Surah Al-Hijr, Verse 3
وَمَآ أَهۡلَكۡنَا مِن قَرۡيَةٍ إِلَّا وَلَهَا كِتَابٞ مَّعۡلُومٞ
(පාපයෙහි ගැලී ගිය) කිසිම රටවැසියෙකුව ඔවුන්ට නියමිත කාල අවකාශයෙහි මිස, අපි (ඔවුන්ව) විනාශ කර දැමුවේ නැත
Surah Al-Hijr, Verse 4
مَّا تَسۡبِقُ مِنۡ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسۡتَـٔۡخِرُونَ
සෑම සමූහයක්ම තමන්ගේ නියමිත කාලය කළින් හෝ ප්‍රමාද වී හෝ වන්නේ නැත
Surah Al-Hijr, Verse 5
وَقَالُواْ يَـٰٓأَيُّهَا ٱلَّذِي نُزِّلَ عَلَيۡهِ ٱلذِّكۡرُ إِنَّكَ لَمَجۡنُونٞ
(නබියේ! ඔබට) ඔවුන් මෙසේ පවසන්නාහ. “(මතක් කර දෙන) ධර්මය පහළ කරනු ලැබූවනි! ඔබ නියත වශයෙන්ම පිස්සෙකි”
Surah Al-Hijr, Verse 6
لَّوۡمَا تَأۡتِينَا بِٱلۡمَلَـٰٓئِكَةِ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ
“(ඇත්තෙන්ම) ඔබ ඇත්ත කියන්නෙකු වශයෙන් සිටින්නෙහි නම්, (ඔබට සාක්ෂි වශයෙන්) ඔබ අප වෙත මලායිකාවරුන්ව කැඳවාගෙන පැමිණිය යුතු නොවේද?” (යයිද පවසන්නාහ)
Surah Al-Hijr, Verse 7
مَا نُنَزِّلُ ٱلۡمَلَـٰٓئِكَةَ إِلَّا بِٱلۡحَقِّ وَمَا كَانُوٓاْ إِذٗا مُّنظَرِينَ
(නබියේ!) අපි මලායිකාවරුන්ව පහළ කරනු ලබන්නේ, නියමිත කාරණාවක් සඳහාය. (කවුරුන්ගේ හෝ කාරණාවක් අවසන් කර දැමීමට අදහස් කළහොත් මලායිකාවරයෙකු යවන්නෙමු). ඒ අවස්ථාවේදී ඔවුන්ට පොඩියක් හෝ අවකාශයක් දෙනු ලබන්නේ නැත. (එවෙලේම විනාශ කර දමනු ලබන්නාහ)
Surah Al-Hijr, Verse 8
إِنَّا نَحۡنُ نَزَّلۡنَا ٱلذِّكۡرَ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ
නියත වශයෙන්ම අපිම මෙම ධර්මය (ඔබ කෙරෙහි) පහළ කළෙමු. එබැවින් (එහි කිසිම වෙනස්වීමක් හෝ විනාශයක් හෝ ඇති නොවන සේ) නියත වශයෙන්ම අපිම එය ආරක්ෂා කර ගන්නෙමු
Surah Al-Hijr, Verse 9
وَلَقَدۡ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ فِي شِيَعِ ٱلۡأَوَّلِينَ
(නබියේ!) ඔබට පෙර ඉකුත්ව ගිය සමූහයන්ටද නියත වශයෙන්ම අපි දූතයින් බොහොමයක් දෙනාව යැව්වෙමු
Surah Al-Hijr, Verse 10
وَمَا يَأۡتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ
එහෙත් ඔවුන් වෙත (අපගේ) කුමන දූතයෙකු පැමිණියා වුවද, ඔවුන් ඔහුව සමච්චල් නොකර සිටියේ නැත
Surah Al-Hijr, Verse 11
كَذَٰلِكَ نَسۡلُكُهُۥ فِي قُلُوبِ ٱلۡمُجۡرِمِينَ
(ඔවුන්ගේ හෘදයන්හි තිබූ ප්‍රතික්ෂේපය) මෙන්ම මෙම වැරදිකරුවන්ගේ හෘදයන්හිද, එය ඇතුළු කර හැරියෙමු
Surah Al-Hijr, Verse 12
لَا يُؤۡمِنُونَ بِهِۦ وَقَدۡ خَلَتۡ سُنَّةُ ٱلۡأَوَّلِينَ
(එබැවින්) මොවුන් එය විශ්වාස කරන්නේම නැත. මොවුන්ට පෙර ඉකුත් වූවන් (විනාශ වූ) උදාහරණය අනිවාර්යයෙ-න්ම සිදු වී ඇත්තේය. (ඔවුන් මෙන් මොවුන්ද විනාශ වී යනු ඇත)
Surah Al-Hijr, Verse 13
وَلَوۡ فَتَحۡنَا عَلَيۡهِم بَابٗا مِّنَ ٱلسَّمَآءِ فَظَلُّواْ فِيهِ يَعۡرُجُونَ
අහස්හි යම්කිසි ෙදාරටුවක් මොවුන්ට තමන් විවෘත කර දමා, එහි දහවල් කාලයෙහිම මොවුන් නැග ගත්තා වුවද, (ඔවුන් විශ්වාස කරන්නේම නැත)
Surah Al-Hijr, Verse 14
لَقَالُوٓاْ إِنَّمَا سُكِّرَتۡ أَبۡصَٰرُنَا بَلۡ نَحۡنُ قَوۡمٞ مَّسۡحُورُونَ
එහෙත් ඔවුන් (අහස්හි නැග ගත් පසුවද) “අපගේ ඇස් රැවටී ගියේය. අපි සූනියමට ඇතුළු වී ගියෙමු” යයිම පවසන්නාහ
Surah Al-Hijr, Verse 15
وَلَقَدۡ جَعَلۡنَا فِي ٱلسَّمَآءِ بُرُوجٗا وَزَيَّنَّـٰهَا لِلنَّـٰظِرِينَ
නියත වශයෙන්ම අපිම අහස්හි (අති විශාල) ග්‍රහ ලෝකයන් නිර්මාණය කර, බලන්නන්ට එය අලංකාරවත් ලෙසටද පත් කර ඇත්තෙමු
Surah Al-Hijr, Verse 16
وَحَفِظۡنَٰهَا مِن كُلِّ شَيۡطَٰنٖ رَّجِيمٍ
එළවන ලද ෂෙයිතාන්වරුන් සියල්ලන්ම ඒවාට සමීප නොවී ආරක්ෂා කර ගත්තෙමු
Surah Al-Hijr, Verse 17
إِلَّا مَنِ ٱسۡتَرَقَ ٱلسَّمۡعَ فَأَتۡبَعَهُۥ شِهَابٞ مُّبِينٞ
(එබැවින් මලායිකාවරුන්ගෙන්) යම්කිසි වදනක් හොර රහසේ අසාගෙන යනවා මිස, (ෂෙයිතාන් ඒවාට ළං වීමට නොහැක. එසේ ෂෙයිතාන් ළං වුවහොත්) ගිනි පුපුරු විසිරෙන (දැවෙන) ගිනි ජාලාවක් ඔහුව (ලූහු බැඳ) පසුපස එළවාගෙන යනු ඇත
Surah Al-Hijr, Verse 18
وَٱلۡأَرۡضَ مَدَدۡنَٰهَا وَأَلۡقَيۡنَا فِيهَا رَوَٰسِيَ وَأَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ شَيۡءٖ مَّوۡزُونٖ
අපි භූමිය විස්තීරණය කර, එහි නොසෙළවෙන කඳු සිටෙව්වෙමු. සෑම බීජයක්ම (එයට හිමි) නියමිත ආකාරයට එහි අපි පැළවෙන්නට සැලැස්සුවෙමු
Surah Al-Hijr, Verse 19
وَجَعَلۡنَا لَكُمۡ فِيهَا مَعَٰيِشَ وَمَن لَّسۡتُمۡ لَهُۥ بِرَٰزِقِينَ
ඔබටද, ඔබ ආහාර දී (හදා වඩා) නොගන්නා වූ (අහස්හිද, භූමියෙහිද වාසය කරන) ජීවීන් සියල්ලටද ජීවත් වීමට අවශ්‍ය වස්තූන්ද අපිම එහි සැලසුම් කළෙමු
Surah Al-Hijr, Verse 20
وَإِن مِّن شَيۡءٍ إِلَّا عِندَنَا خَزَآئِنُهُۥ وَمَا نُنَزِّلُهُۥٓ إِلَّا بِقَدَرٖ مَّعۡلُومٖ
සෑම වස්තුවකම භාණ්ඩාගාරයන් අප වෙතම ඇත්තේය. එහෙත් ඒවා (ඒ ඒ කාලයන්ට ඒ ඒ දැයට) නියමිත ප්‍රමාණයෙන්ම අපි පහළ කර තබන්නෙමු
Surah Al-Hijr, Verse 21
وَأَرۡسَلۡنَا ٱلرِّيَٰحَ لَوَٰقِحَ فَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَسۡقَيۡنَٰكُمُوهُ وَمَآ أَنتُمۡ لَهُۥ بِخَٰزِنِينَ
වලාකුළු උසුළාගෙන යන සුළඟද අපිම යැව්වෙමු. එම වලාකුළෙන් වැස්සද අපිම වසින්නට සලස්වන්නෙමු. එය අපිම ඔබට පොවන්නෙමු. (වැස්සෙහි ජලය වලාකුළෙහි) ඔබ එක්රැස් කර තැබුවේ නැත. (අපිම එක්රැස් කරමු)
Surah Al-Hijr, Verse 22
وَإِنَّا لَنَحۡنُ نُحۡيِۦ وَنُمِيتُ وَنَحۡنُ ٱلۡوَٰرِثُونَ
(ඔබට) නියත වශයෙන්ම අපිම පණ දුන්නෙමු. අපිම (ඔබව) මරණයට පත් කරමු. සියල්ලටම උරුමක්කාරයන් අපිමය
Surah Al-Hijr, Verse 23
وَلَقَدۡ عَلِمۡنَا ٱلۡمُسۡتَقۡدِمِينَ مِنكُمۡ وَلَقَدۡ عَلِمۡنَا ٱلۡمُسۡتَـٔۡخِرِينَ
ඔබට පෙර ඉකුත්ව ගිය අයවද නියත වශයෙන්ම අපි හඳුනන්නෙමු. (ඔබගෙන්) පසු පැමිණෙන අයවද නියත වශයෙන්ම අපි දන්නෙමු
Surah Al-Hijr, Verse 24
وَإِنَّ رَبَّكَ هُوَ يَحۡشُرُهُمۡۚ إِنَّهُۥ حَكِيمٌ عَلِيمٞ
(නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන්ම මොවුන් සියල්ලන්වම (ප්‍රශ්න කිරීම සඳහා විනිශ්චය දිනදී තමන් ඉදිරියේ) ඒකරාශී කරනු ඇත. නියත වශයෙන්ම ඔහු ඥානවන්තයෙකු හා (සියල්ලම) හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය
Surah Al-Hijr, Verse 25
وَلَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ مِن صَلۡصَٰلٖ مِّنۡ حَمَإٖ مَّسۡنُونٖ
(වියළී ගියහොත් ටං ටං යන) ශබ්දය ගෙන දෙන ඇලෙන සුළු කිරි මැටියෙන් නියත වශයෙන්ම අපිම (ඔබගේ මුල් පියා වන පළමු) මිනිසාව උත්පාදනය කළෙමු
Surah Al-Hijr, Verse 26
وَٱلۡجَآنَّ خَلَقۡنَٰهُ مِن قَبۡلُ مِن نَّارِ ٱلسَّمُومِ
(එයට) පෙර ජින්වරුන්ව දරුණු උෂ්ණත්වයෙන් යුත් ගින්දරෙන් උත්පාදනය කළෙමු
Surah Al-Hijr, Verse 27
وَإِذۡ قَالَ رَبُّكَ لِلۡمَلَـٰٓئِكَةِ إِنِّي خَٰلِقُۢ بَشَرٗا مِّن صَلۡصَٰلٖ مِّنۡ حَمَإٖ مَّسۡنُونٖ
(නබියේ!) ඔබගේ දෙවියන් මලායිකාවරුන්ට “නියත වශයෙන්ම මා මිනිසාව, (වියළී ගියහොත්) ශබ්දයක් ගෙන දෙන ඇලෙන සුළු කිරි මැටියෙන් උත්පාදනය කිරීමට යන්නෙමි” යයි පැවසූ අවස්ථාවේදී
Surah Al-Hijr, Verse 28
فَإِذَا سَوَّيۡتُهُۥ وَنَفَخۡتُ فِيهِ مِن رُّوحِي فَقَعُواْ لَهُۥ سَٰجِدِينَ
“මා මිනිසාව නිර්මාණය කර එහි (ජීවයට අවශ්‍ය) මගේ ආත්මය ඇතුළු කළහොත් -ඔහුට (ගෞරව කිරීමට) - ඔබ (නළල බිම තබා) සුජූද් කරනු” (යයි අණ කළේය)
Surah Al-Hijr, Verse 29
فَسَجَدَ ٱلۡمَلَـٰٓئِكَةُ كُلُّهُمۡ أَجۡمَعُونَ
ඒ ආකාරයටම මලායිකාවරුන් සියල්ලන්ම (ඔහුට ගෞරව කිරීම සඳහා) සුජූද් කළහ
Surah Al-Hijr, Verse 30
إِلَّآ إِبۡلِيسَ أَبَىٰٓ أَن يَكُونَ مَعَ ٱلسَّـٰجِدِينَ
ඉබ්ලීස් හැර. ඔහු සුජූද් කරන්නන් සමග එක්කාසු වී සුජූද් නොකර ඈත් වූවේය
Surah Al-Hijr, Verse 31
قَالَ يَـٰٓإِبۡلِيسُ مَا لَكَ أَلَّا تَكُونَ مَعَ ٱلسَّـٰجِدِينَ
(එයට ඔබගේ දෙවියන් ඉබ්ලීස්ට) “ඕ ඉබ්ලීස්! සුජූද් කළ අය සමග එක්කාසු වී ඔබත් සුජූද් නොකර සිටීමට හේතුව කුමක්ද?”යි විමසුවේය
Surah Al-Hijr, Verse 32
قَالَ لَمۡ أَكُن لِّأَسۡجُدَ لِبَشَرٍ خَلَقۡتَهُۥ مِن صَلۡصَٰلٖ مِّنۡ حَمَإٖ مَّسۡنُونٖ
එයට ඔහු “(වියළී ගියහොත්) ශබ්දයක් ගෙන දෙන ඇලෙන සුළු කිරි මැටියෙන් ඔබ නිර්මාණය කළ මිනිසාට, (ගින්දරෙන් උත්පාදනය කරන ලද) මා සුජූද් කිරීමට ඉඩක් නැත. (මන්දයත් මා ඔහුට වඩා උසස් කෙනෙකි)” යයි කිවේය
Surah Al-Hijr, Verse 33
قَالَ فَٱخۡرُجۡ مِنۡهَا فَإِنَّكَ رَجِيمٞ
එයට දෙවියන් “ඔබ මෙතැනින් ඉවත්ව යනු. නියත වශයෙන්ම ඔබ (අපගේ සන්නිධානයෙන්) එළවනු ලැබීය” යයි පැවසුවේය
Surah Al-Hijr, Verse 34
وَإِنَّ عَلَيۡكَ ٱللَّعۡنَةَ إِلَىٰ يَوۡمِ ٱلدِّينِ
තවද “විනිශ්චය දිනය (පැමිණෙන) තුරු ඔබ කෙරෙහි නියත වශයෙන්ම (මගේ) ශාපයද (කෝපයද) අත් වේවා!” (යයිද පැවසුවේය)
Surah Al-Hijr, Verse 35
قَالَ رَبِّ فَأَنظِرۡنِيٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ
එයට ඔහු “මගේ දෙවියනේ (මරණයට පත් වූවන්) නැගිට්ටවනු ලබන දින (පැමිණෙන) තුරු ඔබ මා හට කල් දෙනු (මැනව!)” යයි ඉල්ලා සිටියේය
Surah Al-Hijr, Verse 36
قَالَ فَإِنَّكَ مِنَ ٱلۡمُنظَرِينَ
එයට දෙවියන් “නියත වශයෙන්ම (ඒ ආකාරයටම) නියමිත
Surah Al-Hijr, Verse 37
إِلَىٰ يَوۡمِ ٱلۡوَقۡتِ ٱلۡمَعۡلُومِ
එම දින දක්වා ඔබට කාල අවකාශයක් දෙන ලදී” යයි කීවේය
Surah Al-Hijr, Verse 38
قَالَ رَبِّ بِمَآ أَغۡوَيۡتَنِي لَأُزَيِّنَنَّ لَهُمۡ فِي ٱلۡأَرۡضِ وَلَأُغۡوِيَنَّهُمۡ أَجۡمَعِينَ
එයට ඔහු “මගේ දෙවියනේ! ඔබ මගේ මාර්ගය වළක්වා දැමු හේතුවෙන් භූමියෙහි ඇති (වස්තූන් ආදී) දැය මා ඔවුන්ට අලංකාරවත් කර පෙන්වා ඔවුන් සියල්ලන්වම මාර්ගය වැරද යාමට සලස්වන්නෙමි”
Surah Al-Hijr, Verse 39
إِلَّا عِبَادَكَ مِنۡهُمُ ٱلۡمُخۡلَصِينَ
“එහෙත් ඔවුන්ගෙන් කළවම් නොවුන (පරිශුද්ධ) මනසින් වූ ඔබගේ (හොඳ) වහලූන්ව හැර. (ඔවුන්ව මාර්ගය වැරද යාමට සැලැස්වීමට මට නොහැක)” යයි කිවේය
Surah Al-Hijr, Verse 40
قَالَ هَٰذَا صِرَٰطٌ عَلَيَّ مُسۡتَقِيمٌ
(එයට) දෙවියන් මෙසේ පැවසීය: “එයයි මා වෙත (ඒමට හැකි) ඍජු මාර්ගය”
Surah Al-Hijr, Verse 41
إِنَّ عِبَادِي لَيۡسَ لَكَ عَلَيۡهِمۡ سُلۡطَٰنٌ إِلَّا مَنِ ٱتَّبَعَكَ مِنَ ٱلۡغَاوِينَ
“(කළවම් නොවුන) මගේ වහලූන් වෙත නියත වශයෙන්ම ඔබට කිසිම වැදගැම්මක් නොතිඛෙණු ඇත. දුර්මාර්ගයෙහි ඔබව අනුගමනය කරන්නන් හැර”
Surah Al-Hijr, Verse 42
وَإِنَّ جَهَنَّمَ لَمَوۡعِدُهُمۡ أَجۡمَعِينَ
“(ඔබව අනුගමනය කරන) ඔවුන් කිසිවෙකුටත් පොරොන්දු දෙන ලද ස්ථානය, නියත වශයෙන්ම නිරයයි”
Surah Al-Hijr, Verse 43
لَهَا سَبۡعَةُ أَبۡوَٰبٖ لِّكُلِّ بَابٖ مِّنۡهُمۡ جُزۡءٞ مَّقۡسُومٌ
“එම නිරයට දෝරටු හතක් ඇත. සෑම දෝරටුවෙන්ම (ඇතුළු වීමට හැකි වන සේ) ඔවුන් විවිධ සමූහයන් වශයෙන් කොටස් කරනු ලබන්නාහ”
Surah Al-Hijr, Verse 44
إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّـٰتٖ وَعُيُونٍ
නියත වශයෙන්ම භය භක්තිකයින් නම්, ස්වර්ගයන්හිද, (එහි ඇති) දිය දහරාවන්හිද, (ඉතාමත් සතුටින්) සිටිනු ඇත
Surah Al-Hijr, Verse 45
ٱدۡخُلُوهَا بِسَلَٰمٍ ءَامِنِينَ
(ඔවුන්ට) “ඔබ ශාන්තියෙන් පිරි, බියෙන් තොර අය වශයෙන්ද මෙහි ඇතුළු වනු” (යයි කියනු ලබන්නාහ)
Surah Al-Hijr, Verse 46
وَنَزَعۡنَا مَا فِي صُدُورِهِم مِّنۡ غِلٍّ إِخۡوَٰنًا عَلَىٰ سُرُرٖ مُّتَقَٰبِلِينَ
(කෙනෙකුට කෙනෙකු කෙරෙහි මෙලොවදී) ඔවුන්ගේ මනසෙහි තිබූ ක්‍රෝධයන් අපි පහ කර හරින්නෙමු. (ඔවුන්ද සත්‍ය) සහෝදරයින් වශයෙන් කෙනෙකු අනිත් කෙනාගේ මුහුණට මුහුණ ලා යහනාවන්හි (සතුටින් හාන්සි වී) සිටිනු ඇත
Surah Al-Hijr, Verse 47
لَا يَمَسُّهُمۡ فِيهَا نَصَبٞ وَمَا هُم مِّنۡهَا بِمُخۡرَجِينَ
එහි ඔවුන්ට කිසිම අමාරුකමක් ළඟා වන්නේ නැත. එයින් ඔවුන්ව පිටමං කරනු ලබන්නේද නැත
Surah Al-Hijr, Verse 48
۞نَبِّئۡ عِبَادِيٓ أَنِّيٓ أَنَا ٱلۡغَفُورُ ٱلرَّحِيمُ
(නබියේ!) ඔබ මගේ වහලූන්ට මෙසේ දැනුම් දෙනු: “නියත වශයෙන්ම මා ඉතාමත් ක්ෂමා කරන කරුණාවන්තයෙකි”
Surah Al-Hijr, Verse 49
وَأَنَّ عَذَابِي هُوَ ٱلۡعَذَابُ ٱلۡأَلِيمُ
“(එහෙත්) මගේ දඬුවමද නියත වශයෙන්ම ඉතාමත් දරුණුය!”
Surah Al-Hijr, Verse 50
وَنَبِّئۡهُمۡ عَن ضَيۡفِ إِبۡرَٰهِيمَ
(නබියේ!) ඉබ්රාහිම්ගේ අමුත්තන්ගේ ඉතිහාසය ඔබ ඔවුන්ට දැනුම් දෙනු
Surah Al-Hijr, Verse 51
إِذۡ دَخَلُواْ عَلَيۡهِ فَقَالُواْ سَلَٰمٗا قَالَ إِنَّا مِنكُمۡ وَجِلُونَ
ඔවුන් ඉබ්රාහිම් වෙත ගොස්, සලාමුන් (ඔබට ශාන්තිය හා සමාදානය අත් වේවා!) යයි පැවසීමට, ඔහු “නියත වශයෙන්ම මා ඔබ ගැන බිය වන්නෙමි” යයි කීවේය
Surah Al-Hijr, Verse 52
قَالُواْ لَا تَوۡجَلۡ إِنَّا نُبَشِّرُكَ بِغُلَٰمٍ عَلِيمٖ
එයට ඔවුන් “ඔබ බිය නොවනු. නියත වශයෙන්ම අපි ඔබට ඉතාමත් ඥානයෙන් පිරි එක් පුත්‍රයෙකු මගින් ශුභාරංචි පවසන්නෙමු” යයි පැවසූහ
Surah Al-Hijr, Verse 53
قَالَ أَبَشَّرۡتُمُونِي عَلَىٰٓ أَن مَّسَّنِيَ ٱلۡكِبَرُ فَبِمَ تُبَشِّرُونَ
එයට ඔහු “මෙම මහළු වියෙහිද ඔබ මා හට (පුත්‍රයෙකු මගින්) ශුභාරංචි පවසන්නේ! කුමක් මගින් ඔබ ශුභාරංචි පවසන්නෙහුද?”යි විමසුවේය
Surah Al-Hijr, Verse 54
قَالُواْ بَشَّرۡنَٰكَ بِٱلۡحَقِّ فَلَا تَكُن مِّنَ ٱلۡقَٰنِطِينَ
එයට ඔවුන් “(සමච්චලයට නොව); ඇත්තෙන්ම අපි ඔබට (පුතෙකු ගැන) ශුභාරංචි පවසන්නෙමු. (ඒ ගැන) ඔබ අවිශ්වාස නොකරනු” යයි පැවසූහ
Surah Al-Hijr, Verse 55
قَالَ وَمَن يَقۡنَطُ مِن رَّحۡمَةِ رَبِّهِۦٓ إِلَّا ٱلضَّآلُّونَ
එයට ඔහු “මාර්ගය වැරද ගිය අය හැර, තමන්ගේ දෙවියන්ගේ වරප්‍රසාදයන් ගැන කවුරුන් නම් අවිශ්වාස කරන්නට හැකිද?”යි කීවේය
Surah Al-Hijr, Verse 56
قَالَ فَمَا خَطۡبُكُمۡ أَيُّهَا ٱلۡمُرۡسَلُونَ
(පසුව මලායිකාවරුන්ට “දෙවියන් වහන්සේ විසින්) යවනු ලැබූවනි! ඔබගේ කාරණාව කුමක්ද?”යි විමසුවේය
Surah Al-Hijr, Verse 57
قَالُوٓاْ إِنَّآ أُرۡسِلۡنَآ إِلَىٰ قَوۡمٖ مُّجۡرِمِينَ
එයට ඔවුන් මෙසේ පැවසූහ: “(අති ඉමහත්) වැරදි කරමින් සිටින ජනතාව වෙත ඇත්තෙන්ම (ඔවුන්ව විනාශ කර දැමීමට) අපව යවනු ලැබ ඇත්තෙමු”
Surah Al-Hijr, Verse 58
إِلَّآ ءَالَ لُوطٍ إِنَّا لَمُنَجُّوهُمۡ أَجۡمَعِينَ
“එහෙත් ලුත්ගේ පරම්පරාවේ දරුවන්ව හැර, (අන් සියල්ලන්වම විනාශ කර දමන්නෙමු). නියත වශයෙන්ම අපි ඔහුගේ (පරම්පරාවේ දරුවන්) සියල්ලන්වම බේරා ගන්නෙමු”
Surah Al-Hijr, Verse 59
إِلَّا ٱمۡرَأَتَهُۥ قَدَّرۡنَآ إِنَّهَا لَمِنَ ٱلۡغَٰبِرِينَ
“එහෙත් ඔහුගේ බිරිඳ හැර. නියත වශයෙන්ම ඇය, (එම පාපතරයන් සමග) රැඳී සිටිනු ඇත යයි අපි මනක්කල්පිත කර ඇත්තෙමු” (යයි දෙවියන් වහන්සේ පැවසුවේය යයි පැවසූහ)
Surah Al-Hijr, Verse 60
فَلَمَّا جَآءَ ءَالَ لُوطٍ ٱلۡمُرۡسَلُونَ
(දෙවියන් වහන්සේ විසින්) එවන ලද (එම) මලායිකාවරුන් ලුත්ගේ පවුලේ උදවිය වෙත පැමිණි අවස්ථාවේදී
Surah Al-Hijr, Verse 61
قَالَ إِنَّكُمۡ قَوۡمٞ مُّنكَرُونَ
ඔහු (ඔවුන්ට) “නියත වශයෙන්ම ඔබ (මා) නොදන්නා ජනතාවක් වශයෙන් සිටින්නෙහුය!” යයි පැවසුවේය
Surah Al-Hijr, Verse 62
قَالُواْ بَلۡ جِئۡنَٰكَ بِمَا كَانُواْ فِيهِ يَمۡتَرُونَ
එයට ඔවුන් මෙසේ පැවසූහ: “(ඔබගේ ජනතාව වන) මොවුන් කුමක් ගැන සැක සිතමින් සිටියෝද, එය අපි ඔබ වෙත ගෙනැවිත් ඇත්තෙමු”
Surah Al-Hijr, Verse 63
وَأَتَيۡنَٰكَ بِٱلۡحَقِّ وَإِنَّا لَصَٰدِقُونَ
“සත්‍ය කාරණාවක්ම අපි ඔබ වෙත ගෙනැවිත් ඇත්තෙමු. නියත වශයෙන්ම අපි (ඔවුන්ව විනාශ කර දමන්නෙමු යයි ඔබට) සත්‍යයම පවසන්නෙමු”
Surah Al-Hijr, Verse 64
فَأَسۡرِ بِأَهۡلِكَ بِقِطۡعٖ مِّنَ ٱلَّيۡلِ وَٱتَّبِعۡ أَدۡبَٰرَهُمۡ وَلَا يَلۡتَفِتۡ مِنكُمۡ أَحَدٞ وَٱمۡضُواْ حَيۡثُ تُؤۡمَرُونَ
“එබැවින් අද රාත්‍රියෙහි ටික වේලාවක් ඉතිරිව තිබියදීම ඔබ, ඔබගේ පවුලේ උදවිය කැඳවාගෙන (ඔවුන් ඉදිරියෙන්ද), ඔබ පසුපසින්ද සිටින සේ පිටත්ව යනු. ඔබගෙන් කිසිවෙකුත් හැරී නොබලා ඔබට නියෝග කරන ලද ස්ථානයට යනු” (යයි පැවසූහ)
Surah Al-Hijr, Verse 65
وَقَضَيۡنَآ إِلَيۡهِ ذَٰلِكَ ٱلۡأَمۡرَ أَنَّ دَابِرَ هَـٰٓؤُلَآءِ مَقۡطُوعٞ مُّصۡبِحِينَ
තවද “නියත වශයෙන්ම මොවුන් සියල්ලන්ම හිරු උදාවීමට මත්තෙන් මුලින් උපුටා දමනු ලබන්නාහ” යයිද අපි (එම මලායිකාවරුන් මගින්) ඔහුට දැනුම් දුන්නෙමු
Surah Al-Hijr, Verse 66
وَجَآءَ أَهۡلُ ٱلۡمَدِينَةِ يَسۡتَبۡشِرُونَ
(මේ අතර ලුත් නබිගේ නිවසට තරුණයින් සමහරෙක් පැමිණ සිටිනු දැනගත්) එම රටවැසියන් ඉතාමත් සතුටින් (ලුත් නබිගේ නිවසට) පැමිණ ඒකරාශී වූහ
Surah Al-Hijr, Verse 67
قَالَ إِنَّ هَـٰٓؤُلَآءِ ضَيۡفِي فَلَا تَفۡضَحُونِ
(ලුත් නබි ඔවුන්ට) “නියත වශයෙන්ම මොවුන් මගේ අමුත්තන්ය. එබැවින් (ඔවුන් ඉදිරියේ) ඔබ මාව අවමන් නොකරනු”
Surah Al-Hijr, Verse 68
وَٱتَّقُواْ ٱللَّهَ وَلَا تُخۡزُونِ
“තවද ඔබ අල්ලාහ්ට බිය වනු. මාව අවමන් නොකරනු” යයි පැවසුවේය
Surah Al-Hijr, Verse 69
قَالُوٓاْ أَوَلَمۡ نَنۡهَكَ عَنِ ٱلۡعَٰلَمِينَ
එයට ඔවුන් “ලොවෙහි කවුරුන් වුවද, (රෙකමදාරුවට) ඔබ නොපැමිණිය යුතුය යයි අපි ඔබව වැළැක්වූවේ නැද්ද?”යි පැවසූහ
Surah Al-Hijr, Verse 70
قَالَ هَـٰٓؤُلَآءِ بَنَاتِيٓ إِن كُنتُمۡ فَٰعِلِينَ
එයට ඔහු “මෙන්න! මගේ ගැහැනු දරුවන් සිටින්නාහ. ඔබ (කුමක් හෝ යමක්) අනිවාර්යයෙන්ම කළ යුතුය යයි අදහස් කරන්නේ නම්, (මොවුන්ව විවාහ) කර ගත හැකිය” යයි පැවසුවේය
Surah Al-Hijr, Verse 71
لَعَمۡرُكَ إِنَّهُمۡ لَفِي سَكۡرَتِهِمۡ يَعۡمَهُونَ
(නබියේ!) ඔබ මත සත්තකින්ම! ඔවුන් මනස විකෘත්ති වී (දුර්මාර්ගයෙහි) දඟලමින් සිටියහ. (එබැවින් එයට සවන් දුන්නේ නැත)
Surah Al-Hijr, Verse 72
فَأَخَذَتۡهُمُ ٱلصَّيۡحَةُ مُشۡرِقِينَ
එබැවින් සූර්ය උදා වන විට, ඔවුන්ව ඉමහත් වූ (හෙණ) හඞ අල්ලා ගත්තේය
Surah Al-Hijr, Verse 73
فَجَعَلۡنَا عَٰلِيَهَا سَافِلَهَا وَأَمۡطَرۡنَا عَلَيۡهِمۡ حِجَارَةٗ مِّن سِجِّيلٍ
ඒ අවස්ථාවේදී ඔවුන් මත පුළුස්සන ලද ගඩොල් කැට වැසීමට සලස්වා, ඔවුන්ගේ ගම උඩු යටිකුරු වන සේ පෙරළා දැමුවෙමු
Surah Al-Hijr, Verse 74
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّلۡمُتَوَسِّمِينَ
සත්‍යය දැක, දැන ගන්නන්ට නියත වශයෙන්ම මෙහි බොහොමයක් සාධකයන් ඇත්තේය
Surah Al-Hijr, Verse 75
وَإِنَّهَا لَبِسَبِيلٖ مُّقِيمٍ
නියත වශයෙන්ම එම ගම (ඔබ වන්ඳනාවේ) යන එන මාර්ගයෙහිම (දැනටත්) ඇත්තේය
Surah Al-Hijr, Verse 76
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّلۡمُؤۡمِنِينَ
නියත වශයෙන්ම මෙහි විශ්වාසවන්තයින්ට එක් (හොඳ) පාඩමක් ඇත
Surah Al-Hijr, Verse 77
وَإِن كَانَ أَصۡحَٰبُ ٱلۡأَيۡكَةِ لَظَٰلِمِينَ
(මොවුන් මෙන්ම ෂුඅයිබ්ගේ ජනතාව වන) අයිකාවාසීන්ද නියත වශයෙන්ම අපරාධකරුවන් වශයෙන්ම සිටියහ
Surah Al-Hijr, Verse 78
فَٱنتَقَمۡنَا مِنۡهُمۡ وَإِنَّهُمَا لَبِإِمَامٖ مُّبِينٖ
එබැවින් ඔවුන්ගෙන්ද අපි පළි ගත්තෙමු. (විනාශ වී ගිය) මෙම (ජනතාවගෙන් වූ) දෙරටම ප්‍රසිද්ධ මාර්ගයෙහිම ඇත්තේය
Surah Al-Hijr, Verse 79
وَلَقَدۡ كَذَّبَ أَصۡحَٰبُ ٱلۡحِجۡرِ ٱلۡمُرۡسَلِينَ
(මෙසේම) හිජ්ර් (ගල් තලාව) නමැති ස්ථානයේ සිටි (සමූද් නමැති) ජනතාවද (අපගේ) දූතයින්ව බොරු කරමින්ම සිටියහ
Surah Al-Hijr, Verse 80
وَءَاتَيۡنَٰهُمۡ ءَايَٰتِنَا فَكَانُواْ عَنۡهَا مُعۡرِضِينَ
අපි ඔවුන්ට සාධකයන් බොහොමයක් ලබා දී තිබුණද, ඒවා ඔවුන් ප්‍රතික්ෂේප කරමින්ම සිටියහ
Surah Al-Hijr, Verse 81
وَكَانُواْ يَنۡحِتُونَ مِنَ ٱلۡجِبَالِ بُيُوتًا ءَامِنِينَ
නොබියව වාසය කළ හැකිය යයි සිතා ඔවුන් කඳු හාරා නිවාස තනා ගත්හ
Surah Al-Hijr, Verse 82
فَأَخَذَتۡهُمُ ٱلصَّيۡحَةُ مُصۡبِحِينَ
ඔවුන්වද අළුයම් කාලයේදී ඉමහත් වූ ශබ්දය අල්ලා ගත්තේය
Surah Al-Hijr, Verse 83
فَمَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يَكۡسِبُونَ
ඔවුන් (තමන්ව බේරා ගැනීමට) සාදාගෙන තිබූ කිසිවක්, ඔවුන්ට ප්‍රයෝජනයක් ගෙන දුන්නේ නැත
Surah Al-Hijr, Verse 84
وَمَا خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَآ إِلَّا بِٱلۡحَقِّۗ وَإِنَّ ٱلسَّاعَةَ لَأٓتِيَةٞۖ فَٱصۡفَحِ ٱلصَّفۡحَ ٱلۡجَمِيلَ
අහස්ද, භූමියද හා මේවා අතර ඇති දැයද නියමිත කාරණාවකට මිස, අපි උත්පාදනය කළේ නැත. (නබියේ! මොවුන්ගේ දඬුවමට අයත්) කාලය නියත වශයෙන්ම පැමිණෙන්නේය! (ඒ වන තුරු මෙම අපරාධකරුවන්ගේ අපරාධයන්) ඔබ ගෞරවාන්විත අන්දමට ප්‍රතික්ෂේප කරමින් සිටිනු
Surah Al-Hijr, Verse 85
إِنَّ رَبَّكَ هُوَ ٱلۡخَلَّـٰقُ ٱلۡعَلِيمُ
ඔබගේ දෙවියන්ම (සියල්ල) උත්පාදනය කළ අයද, (මොවුන් සියල්ලන්වම) හොඳින් දන්නෙකුද වශයෙන් සිටින්නේය
Surah Al-Hijr, Verse 86
وَلَقَدۡ ءَاتَيۡنَٰكَ سَبۡعٗا مِّنَ ٱلۡمَثَانِي وَٱلۡقُرۡءَانَ ٱلۡعَظِيمَ
(නබියේ!) නියත වශයෙන්ම අපි ඔබට නැවත නැවතත් සමුදීරණය කළ හැකි ආයාවන් හතකින් (යුත් අල්හම්දු නමැති පරිච්ඡේදය)ද, මෙම ශ්‍රේෂ්ඨ කුර්ආනයද පහළ කර ඇත්තෙමු
Surah Al-Hijr, Verse 87
لَا تَمُدَّنَّ عَيۡنَيۡكَ إِلَىٰ مَا مَتَّعۡنَا بِهِۦٓ أَزۡوَٰجٗا مِّنۡهُمۡ وَلَا تَحۡزَنۡ عَلَيۡهِمۡ وَٱخۡفِضۡ جَنَاحَكَ لِلۡمُؤۡمِنِينَ
(පාපතරයින් වන) මොවුන් (මෙලොවදී) විවිධ අන්දමින් සුවය විඳීමට මොවුන්ට අපි ලබා දී ඇති දැය ඔබ ඇස් ලොකු කර නොබලනු. ඔබ, මොවුන් වෙනුවෙන් කණගාටුද නොවනු. එහෙත් ඔබ විශ්වාසවන්තයින්ට ඔබගේ ආදර කරුණාව පෙන්වනු
Surah Al-Hijr, Verse 88
وَقُلۡ إِنِّيٓ أَنَا ٱلنَّذِيرُ ٱلۡمُبِينُ
තවද “නියත වශයෙන්ම මා ප්‍රසිද්ධියේම බිය ගන්වා අනතුරු අඟවන්නෙකු” යයිද පවසනු මැනව
Surah Al-Hijr, Verse 89
كَمَآ أَنزَلۡنَا عَلَى ٱلۡمُقۡتَسِمِينَ
(නබියේ! පෙර තිබූ ධර්මයන්) විවිධ ආකාරයට ඛෙදා වෙන්කරන ලද අය මත, කළින් අපි (දඬුවම්) පහළ කළ ආකාරයටම
Surah Al-Hijr, Verse 90
ٱلَّذِينَ جَعَلُواْ ٱلۡقُرۡءَانَ عِضِينَ
මෙම කුර්ආනය විවිධ ආකාරයට ඛෙදා වෙන් කරන්නන් මතද (දඬුවම පහළ කරන්නෙමු)
Surah Al-Hijr, Verse 91
فَوَرَبِّكَ لَنَسۡـَٔلَنَّهُمۡ أَجۡمَعِينَ
එබැවින් ඔබ දෙවියන් මත සත්තකින්ම! (ඔවුන් සියල්ලන්වම අප වෙත ඒකරාශී කර), නියත වශයෙන්ම ඔවුන්ගෙන් ප්‍රශ්න (ගණනය) කරන්නෙමු
Surah Al-Hijr, Verse 92
عَمَّا كَانُواْ يَعۡمَلُونَ
“ඔවුන් කුමක් කරමින් සිටියෙහුද?”
Surah Al-Hijr, Verse 93
فَٱصۡدَعۡ بِمَا تُؤۡمَرُ وَأَعۡرِضۡ عَنِ ٱلۡمُشۡرِكِينَ
එබැවින් ඔබට නියෝග කරනු ලැබූ දැය (කිසි පැකිළීමක් නොමැතිව) ඔබ ඔවුන්ට විවරණය කර දැනුම් දීමෙන් අනතුරුව, සමානයන් තබා නමදින මොවුන්ව ඔබ ප්‍රතික්ෂේප කර හරිනු
Surah Al-Hijr, Verse 94
إِنَّا كَفَيۡنَٰكَ ٱلۡمُسۡتَهۡزِءِينَ
(මොවුන්ගේ විපත් වැළැක්වීමට) සමච්චල් කරන්නන්ට වඩා අපිම ඔබට ප්‍රමාණවත්ව සිටින්නෙමු
Surah Al-Hijr, Verse 95
ٱلَّذِينَ يَجۡعَلُونَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَۚ فَسَوۡفَ يَعۡلَمُونَ
මොවුන් (ඔබව සමච්චල් කරනවා පමණක්ද?) අල්ලාහ්ට වෙනත් (ව්‍යාජ) දෙවියෙකුව එක්කාසු කරන්නාහ. (මෙහි ඵලවිපාක) පසුව මොවුන් දැන ගන්නාහ
Surah Al-Hijr, Verse 96
وَلَقَدۡ نَعۡلَمُ أَنَّكَ يَضِيقُ صَدۡرُكَ بِمَا يَقُولُونَ
(නබියේ! ඔබ ගැන) ඔවුන් (කුණුහරුප වශයෙන්) පවසන දැය, ඔබගේ හෘදයට ළඟා වන බව නියත වශයෙන්ම අපි දන්නෙමු. (එය ඔබ පොඩියක් හෝ ගණනයට නොගනු)
Surah Al-Hijr, Verse 97
فَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ وَكُن مِّنَ ٱلسَّـٰجِدِينَ
ඔබ ඔබගේ දෙවියන්ව සුවිශුද්ධ කර, ප්‍රශංසා කර, හිස නවා සුජූද් කරන්නන්ගෙන් ඔබත් කෙනෙකු බවට පත් වනු
Surah Al-Hijr, Verse 98
وَٱعۡبُدۡ رَبَّكَ حَتَّىٰ يَأۡتِيَكَ ٱلۡيَقِينُ
ඔබට යකීන් (නමැති මරණය) ඇති වන තුරු (මේ අන්දමටම) ඔබගේ දෙවියන්ව නමදිමින් සිටිනු මැනව
Surah Al-Hijr, Verse 99