Surah An-Noor Verse 33 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorوَلۡيَسۡتَعۡفِفِ ٱلَّذِينَ لَا يَجِدُونَ نِكَاحًا حَتَّىٰ يُغۡنِيَهُمُ ٱللَّهُ مِن فَضۡلِهِۦۗ وَٱلَّذِينَ يَبۡتَغُونَ ٱلۡكِتَٰبَ مِمَّا مَلَكَتۡ أَيۡمَٰنُكُمۡ فَكَاتِبُوهُمۡ إِنۡ عَلِمۡتُمۡ فِيهِمۡ خَيۡرٗاۖ وَءَاتُوهُم مِّن مَّالِ ٱللَّهِ ٱلَّذِيٓ ءَاتَىٰكُمۡۚ وَلَا تُكۡرِهُواْ فَتَيَٰتِكُمۡ عَلَى ٱلۡبِغَآءِ إِنۡ أَرَدۡنَ تَحَصُّنٗا لِّتَبۡتَغُواْ عَرَضَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۚ وَمَن يُكۡرِههُّنَّ فَإِنَّ ٱللَّهَ مِنۢ بَعۡدِ إِكۡرَٰهِهِنَّ غَفُورٞ رَّحِيمٞ
(දරිද්‍රතාවයෙන්) විවාහ කර ගැනීමට ශක්තියක් නොමැති අය, අල්ලාහ් තමන්ගේ දයාව මගින් (ඔවුන්ගේ දිළිඳුකම පහ කර) වස්තුව ලබා දෙන තුරු ඔවුන් (උපවාසයේ යෙදෙමින්) ස්ථීරව තමන්ගේ පතිවත ආරක්ෂා කර ගත යුතුය. ඔබගේ වහලූන්ගෙන් කවුරුන් හෝ (එක්තරා නියමිත මුදලක් එක්කාසු කර ලබා දෙන බවටද, තමන්ව නිදහස් කර හරින ලෙසටද පවසා, එයට අයත්) හිමිකම් පත්‍රය ලියන මෙන් කැමති වී, එහි ඔවුන් වෙත යහපතක් ඔබ දුටුවහොත් (එනම් නිදහස් වූ පසු ඔවුන් ගෞරවණීය අන්දමට තම ජීවිතය ගත කරනු ඇතියි ඔබ දුටුවහොත්) හිමිකම් පත්‍රය ඔවුන්ට ලියා දෙනු. (විශ්වාසවන්තයිනි!) අල්ලාහ් ඔබට ලබා දී ඇති වස්තුවෙන් ඔබ ඔවුන්ට දී, (ඔවුන්ට නිදහස් වීමට උදව්) කරනු. තම පතිවත රකිමින් සිටින ඔබගේ වහල් ස්ත්‍රීන් මෙලොව ජීවිතයට අයත් එක් අල්ප වස්තුව ඔබට ලබා ගැනීම පිණිස, අපචාරයේ හැසිරෙන ලෙස ඔබ බල නොකරනු. ඔවුන්ව කවුරුන් හෝ බල කිරීමට ලක් කළහොත් නියත වශයෙන්ම බල කිරීමට ලක් වූ ඔවුන්ට අල්ලාහ් ඉතාමත් සමාව දෙන්නෙකු හා කරුණාවන්තවද සිටින්නේය. (එහෙත් බල කළ අය ඉමහත් පාපතරයෙකු වන්නේය)