Surah An-Noor Verse 58 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لِيَسۡتَـٔۡذِنكُمُ ٱلَّذِينَ مَلَكَتۡ أَيۡمَٰنُكُمۡ وَٱلَّذِينَ لَمۡ يَبۡلُغُواْ ٱلۡحُلُمَ مِنكُمۡ ثَلَٰثَ مَرَّـٰتٖۚ مِّن قَبۡلِ صَلَوٰةِ ٱلۡفَجۡرِ وَحِينَ تَضَعُونَ ثِيَابَكُم مِّنَ ٱلظَّهِيرَةِ وَمِنۢ بَعۡدِ صَلَوٰةِ ٱلۡعِشَآءِۚ ثَلَٰثُ عَوۡرَٰتٖ لَّكُمۡۚ لَيۡسَ عَلَيۡكُمۡ وَلَا عَلَيۡهِمۡ جُنَاحُۢ بَعۡدَهُنَّۚ طَوَّـٰفُونَ عَلَيۡكُم بَعۡضُكُمۡ عَلَىٰ بَعۡضٖۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلۡأٓيَٰتِۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ
විශ්වාසවන්තයිනි! ඔබගේ වහලූන්ද, ඔබගෙන් වැඩි වියට පත් නොවුන (කුඩා) දරුවන්ද, (ඔබ තිරය පිටුපස රහසිගතව සිටින අවස්ථාවන්හිදී) ඔබ වෙත (පැමිණෙන්නේ නම්, ඔබගේ) අනුමැතිය තුන් වරක් ඔවුන් ඉල්ලා සිටිය යුතුය. (එම කාලයන් නම්), ෆජ්රු සලාතයට පෙරද, (නින්දට යාම සඳහා ඔබගේ වැඩිපුර) ඇඳුම් ගලවා සිටින අවස්ථාව වන ලූහර් කාලයේදීද, ඉෂා සලාතයෙන් පසුවද ආදී (මෙම) කාලයන් තුනේදීම ඔබ තිරය පිටුපස රහසිගතව සිටින අවස්ථාවන්ය. මේවා හැර, (අන් අවස්ථාවන්හිදී ඔබගේ අනුමැතිය නැතිවම ඔවුන් ඔබ වෙත පැමිණීම) ඔවුන් කෙරෙහිද වරදක් නැත. ඔබ කෙරෙහිද වරදක් නැත. (මන්දයත්) මොවුන් වරින් වර ඔබ වෙත පැමිණිය යුතු අය වශයෙන්ද, ඔබගෙන් කෙනෙකු අනිත් කෙනා වෙත යා යුතු අය වශයෙන්ද සිටින බැවින් (වරින් වර අනුමැතිය ඉල්ලා සිටීමට අවශ්‍ය නැත). මෙසේ අල්ලාහ් සියල්ල හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය