Surah Ghafir - Sinhala Translation by Www.islamhouse.com
حمٓ
හා මීම්
Surah Ghafir, Verse 1
تَنزِيلُ ٱلۡكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡعَلِيمِ
දේව ග්‍රන්ථයේ පහළ කිරීම සර්ව බලධාරී, සර්වඥානී, අල්ලාහ්ගෙනි
Surah Ghafir, Verse 2
غَافِرِ ٱلذَّنۢبِ وَقَابِلِ ٱلتَّوۡبِ شَدِيدِ ٱلۡعِقَابِ ذِي ٱلطَّوۡلِۖ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ إِلَيۡهِ ٱلۡمَصِيرُ
(ඔහු) පාපයට සමාව දෙන්නාය. පාපක්ෂමාව පිළිගන්නාය. දැඩි ලෙස දඬුවම් කරන්නාය. ත්‍යාගශීලීය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. නැවත යොමු වීම ඔහු වෙතමය
Surah Ghafir, Verse 3
مَا يُجَٰدِلُ فِيٓ ءَايَٰتِ ٱللَّهِ إِلَّا ٱلَّذِينَ كَفَرُواْ فَلَا يَغۡرُرۡكَ تَقَلُّبُهُمۡ فِي ٱلۡبِلَٰدِ
දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් හැර (වෙනත් කිසිවකු) අල්ලාහ්ගේ වදන් සම්බන්ධයෙන් තර්ක නොකරනු ඇත. එහෙයින් නගරවල්වල ඔවුන්ගේ සැරිසැරීම ඔබ ව නොරැවටිය යුතුය
Surah Ghafir, Verse 4
كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ وَٱلۡأَحۡزَابُ مِنۢ بَعۡدِهِمۡۖ وَهَمَّتۡ كُلُّ أُمَّةِۭ بِرَسُولِهِمۡ لِيَأۡخُذُوهُۖ وَجَٰدَلُواْ بِٱلۡبَٰطِلِ لِيُدۡحِضُواْ بِهِ ٱلۡحَقَّ فَأَخَذۡتُهُمۡۖ فَكَيۡفَ كَانَ عِقَابِ
ඔවුනට පෙර වූ නූහ්ගේ ජනයා ද ඔවුනට පසු වූ සතුරු කණ්ඩායම් ද (ඔවුන්ගේ දහම් දූතවරුන්) බොරු කළෝය. සෑම සමූහයක්ම තමන්ගේ දහම් දූතයාණන්ව ග්‍රහණය කිරීමට තැත් කළෝය. තවද ඔවුන් සත්‍යය විනාශ කරනු පිණිස අසත්‍යය ගෙන එමගින් තර්ක කළෝය. එහෙයින් මම ඔවුන් ග්‍රහණය කළෙමි. එවිට මාගේ දඬුවම කෙසේ වීද
Surah Ghafir, Verse 5
وَكَذَٰلِكَ حَقَّتۡ كَلِمَتُ رَبِّكَ عَلَى ٱلَّذِينَ كَفَرُوٓاْ أَنَّهُمۡ أَصۡحَٰبُ ٱلنَّارِ
එලෙසම නියත වශයෙන්ම ඔවුහු (නිරා) ගින්නේ සගයෝ වෙතැයි දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් කෙරෙහි ඔබේ පරමාධිපතිගේ ප්‍රකාශය නියම විය
Surah Ghafir, Verse 6
ٱلَّذِينَ يَحۡمِلُونَ ٱلۡعَرۡشَ وَمَنۡ حَوۡلَهُۥ يُسَبِّحُونَ بِحَمۡدِ رَبِّهِمۡ وَيُؤۡمِنُونَ بِهِۦ وَيَسۡتَغۡفِرُونَ لِلَّذِينَ ءَامَنُواْۖ رَبَّنَا وَسِعۡتَ كُلَّ شَيۡءٖ رَّحۡمَةٗ وَعِلۡمٗا فَٱغۡفِرۡ لِلَّذِينَ تَابُواْ وَٱتَّبَعُواْ سَبِيلَكَ وَقِهِمۡ عَذَابَ ٱلۡجَحِيمِ
අර්ෂය උසුලා ගෙන සිටින්නන් හා ඒ අවට සිටින්නන් ඔවුන්ගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරති. තවද ඔහුව විශ්වාස කරති. තවද අපගේ පරමාධිපතියාණෙනි! දයාවෙන් හා දැනුමෙන් සියලු දෑ ඔබ පුළුල් ලෙස ආවරණය කර සිටින්නෙහිය. එහෙයින් පසුතැවිලි වී ඔබගේ මාර්ගය අනුගමනය කළවුන්හට ඔබ සමාව දෙනු මැනව! තවද නිරයේ වේදනාවෙන් ඔබ ඔවුන් ආරක්ෂා කරනු මැනව! යැයි විශ්වාස කළවුනට සමාව අයැද සිටිති
Surah Ghafir, Verse 7
رَبَّنَا وَأَدۡخِلۡهُمۡ جَنَّـٰتِ عَدۡنٍ ٱلَّتِي وَعَدتَّهُمۡ وَمَن صَلَحَ مِنۡ ءَابَآئِهِمۡ وَأَزۡوَٰجِهِمۡ وَذُرِّيَّـٰتِهِمۡۚ إِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
අපගේ පරමාධිපතියාණෙනි! ඔබ ඔවුනට ප්‍රතිඥා දුන් සදාතනික ස්වර්ග උයන් තුළට ඔවුන් හා ඔවුන්ගේ මුතුන් මිත්තන් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ පරපුරින් දැහැමි දෑ කළවුන් ද ඇතුළත් කරනු මැනව! නියත වශයෙන්ම ඔබ සර්ව බලධාරීය. මහා ප්‍රඥාවන්තය
Surah Ghafir, Verse 8
وَقِهِمُ ٱلسَّيِّـَٔاتِۚ وَمَن تَقِ ٱلسَّيِّـَٔاتِ يَوۡمَئِذٖ فَقَدۡ رَحِمۡتَهُۥۚ وَذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ
තවද ඔබ ඔවුන් නපුරු වලින් ආරක්ෂා කරනු. තවද ඔබ කවරෙකු එදින නපුරු වලින් ආරක්ෂා කරන්නේ ද සැබැවින් ඔබ ඔහුට කරුණාව දැක්වූයෙහිය. තවද එයයි අතිමහත් ජයග්‍රහණය
Surah Ghafir, Verse 9
إِنَّ ٱلَّذِينَ كَفَرُواْ يُنَادَوۡنَ لَمَقۡتُ ٱللَّهِ أَكۡبَرُ مِن مَّقۡتِكُمۡ أَنفُسَكُمۡ إِذۡ تُدۡعَوۡنَ إِلَى ٱلۡإِيمَٰنِ فَتَكۡفُرُونَ
‘දේව විශ්වාසය වෙත නුඹලා ඇරයුම් කරනු ලබන විට නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි අවස්ථාවේ නුඹලා තුළ වූ පිළිකුලට වඩා අල්ලාහ්ගේ පිළිකුල ඉමහත්ය.’ යැයි නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට ඇරයුම් කරනු ලැබීය
Surah Ghafir, Verse 10
قَالُواْ رَبَّنَآ أَمَتَّنَا ٱثۡنَتَيۡنِ وَأَحۡيَيۡتَنَا ٱثۡنَتَيۡنِ فَٱعۡتَرَفۡنَا بِذُنُوبِنَا فَهَلۡ إِلَىٰ خُرُوجٖ مِّن سَبِيلٖ
අපගේ පරමාධිපතියාණෙනි, ඔබ අප දෙවතාවක් මරණයට පත් කළෙහිය. තවද ඔබ අපට දෙවතාවක් ජීවය දුන්නෙහිය. එහෙයින් අපගේ පාපයන් අපි පිළිගන්නෙමු. එහෙයින් බැහැර වීමට කිසියම් මගක් ඇත් දැ?යි ඔවුහු (ප්‍රතික්ෂේප කරන්නන්) විමසා සිටිති
Surah Ghafir, Verse 11
ذَٰلِكُم بِأَنَّهُۥٓ إِذَا دُعِيَ ٱللَّهُ وَحۡدَهُۥ كَفَرۡتُمۡ وَإِن يُشۡرَكۡ بِهِۦ تُؤۡمِنُواْۚ فَٱلۡحُكۡمُ لِلَّهِ ٱلۡعَلِيِّ ٱلۡكَبِيرِ
එය (වූ කලී), අල්ලාහ් පමණක් ඇරයුම් කරනු ලබන විට නුඹලා ප්‍රතික්ෂේප කළෙහුය. ඔහුට ආදේශ කරනු ලබන්නේ නම් නුඹලා විශ්වාස කළෙහුය. එහෙයින් තීන්දුව අතිමහත් වූ උත්තරීතර අල්ලාහ් සතුය
Surah Ghafir, Verse 12
هُوَ ٱلَّذِي يُرِيكُمۡ ءَايَٰتِهِۦ وَيُنَزِّلُ لَكُم مِّنَ ٱلسَّمَآءِ رِزۡقٗاۚ وَمَا يَتَذَكَّرُ إِلَّا مَن يُنِيبُ
ඔහු වනාහි ඔහු ඔහුගේ සංඥාවන් නුඹලාට පෙන්වයි. තවද නුඹලාට අහසින් පෝෂණ සම්පත් පහළ කරයි. (ඔහු වෙත) යොමුවන්නන් හැර (වෙනත් කිසිවකු) උපදෙස් නොලබන්නෝය
Surah Ghafir, Verse 13
فَٱدۡعُواْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ وَلَوۡ كَرِهَ ٱلۡكَٰفِرُونَ
එහෙයින් දේව ප්‍රතික්ෂේපකයෝ පිළිකුල් කළ ද නුඹලා අල්ලාහ්ට පමණක් දහම පුද කරමින් අවංකයින් ලෙස ඔහුට කන්නලව් කරනු
Surah Ghafir, Verse 14
رَفِيعُ ٱلدَّرَجَٰتِ ذُو ٱلۡعَرۡشِ يُلۡقِي ٱلرُّوحَ مِنۡ أَمۡرِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ لِيُنذِرَ يَوۡمَ ٱلتَّلَاقِ
(ඔහු ඔහුගේ) තරාතිරම්හි උත්කෘෂ්ටය. අර්ෂ් (හෙවත් සිංහාසනයෙ)හි හිමිපාණන්ය. එකිනෙකා හමුවන දිනය පිළිබඳ අවවාද කරනු පිණිස ඔහු තම ගැත්තන් අතුරින් අභිමත කරන්නන් වෙත තම නියෝගයෙන් වූ දේව පණිවිඩ පහළ කරයි
Surah Ghafir, Verse 15
يَوۡمَ هُم بَٰرِزُونَۖ لَا يَخۡفَىٰ عَلَى ٱللَّهِ مِنۡهُمۡ شَيۡءٞۚ لِّمَنِ ٱلۡمُلۡكُ ٱلۡيَوۡمَۖ لِلَّهِ ٱلۡوَٰحِدِ ٱلۡقَهَّارِ
එදින ඔවුහු එළිමහනේ ඉදිරියට පැමිනැන්නන් වෙති. ඔවුන්ගෙන් කිසිවක් අල්ලාහ් වෙතින් නොසැඟවෙයි. එදින ආධිපත්‍යය කවුරුන් සතු ද? යටහත් කොට පාලනය කරන්නා වූ ඒකීය වූ අල්ලාහ්ට පමණය
Surah Ghafir, Verse 16
ٱلۡيَوۡمَ تُجۡزَىٰ كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡۚ لَا ظُلۡمَ ٱلۡيَوۡمَۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلۡحِسَابِ
අද දින සෑම ආත්මයක්ම ඔවුන් උපයා ගත් දෑ වෙනුවෙන් ප්‍රතිඵල දෙනු ලබති. අද දින කිසිදු අපරාධයක් නැත. නියත වශයෙන්ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි වේගවත්ය
Surah Ghafir, Verse 17
وَأَنذِرۡهُمۡ يَوۡمَ ٱلۡأٓزِفَةِ إِذِ ٱلۡقُلُوبُ لَدَى ٱلۡحَنَاجِرِ كَٰظِمِينَۚ مَا لِلظَّـٰلِمِينَ مِنۡ حَمِيمٖ وَلَا شَفِيعٖ يُطَاعُ
තවද ඔබ ශීඝ්‍රයෙන් පැමිණෙන දිනය ගැන ඔවුනට අවවාද කරනු. එවිට හදවත් උගුරුට ළඟා වී (ගිල ගත නොහැකිව) හිර වී පවතී. කිසිදු උදව්කරුවකු හෝ පිළිගනු ලබන කිසිදු මැදිහත්කරුවකු හෝ අපරාධකරුවන්හට නොමැත
Surah Ghafir, Verse 18
يَعۡلَمُ خَآئِنَةَ ٱلۡأَعۡيُنِ وَمَا تُخۡفِي ٱلصُّدُورُ
ඇස් වල පවතින වංචාව හා හදවත් සඟවා ඇති දෑද ඔහු (අල්ලාහ්) දනී
Surah Ghafir, Verse 19
وَٱللَّهُ يَقۡضِي بِٱلۡحَقِّۖ وَٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِهِۦ لَا يَقۡضُونَ بِشَيۡءٍۗ إِنَّ ٱللَّهَ هُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ
තවද අල්ලාහ් යුක්තිසහගතව තීන්දු දෙයි. ඔහු හැර ඔවුන් ඇරයුම් කරන අය කිසිවක් සම්බන්ධයෙන් හෝ තීන්දු නොදෙති. නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුමය සර්ව ශ්‍රාවක සර්ව නිරීක්ෂක වනුයේ
Surah Ghafir, Verse 20
۞أَوَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ كَانُواْ مِن قَبۡلِهِمۡۚ كَانُواْ هُمۡ أَشَدَّ مِنۡهُمۡ قُوَّةٗ وَءَاثَارٗا فِي ٱلۡأَرۡضِ فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمۡ وَمَا كَانَ لَهُم مِّنَ ٱللَّهِ مِن وَاقٖ
තවද ඔවුහු මහපොළොවේ සැරිසරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වීදැයි ඔවුහු අධීක්ෂණයෙන් නොබැලුවෝ ද? ඔවුහු මොවුනට වඩා මහපොළොවේ බලයෙන් හා සලකුණු තැබීමෙන් අධික වූහ. එවිට ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කළේය. තවද අල්ලාහ්ගෙන් (ඔවුන්) මුදවාගන්නෙකු ඔවුනට නොවීය
Surah Ghafir, Verse 21
ذَٰلِكَ بِأَنَّهُمۡ كَانَت تَّأۡتِيهِمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَكَفَرُواْ فَأَخَذَهُمُ ٱللَّهُۚ إِنَّهُۥ قَوِيّٞ شَدِيدُ ٱلۡعِقَابِ
එය ඔවුන් වෙත ඔවුන්ගේ දහම් දූතවරුන් පැහැදිලි සාධක සමග පැමිණිය ද ඔවුහු ප්‍රතික්ෂේප කළ බැවිනි. එහෙයින් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කළේය. නියත වශයෙන්ම ඔහු බලවත්ය. දඬුවම් දීමෙහි දැඩිය
Surah Ghafir, Verse 22
وَلَقَدۡ أَرۡسَلۡنَا مُوسَىٰ بِـَٔايَٰتِنَا وَسُلۡطَٰنٖ مُّبِينٍ
තවද සැබැවින්ම අපි මූසා ව අපගේ සංඥා හා පැහැදිලි අනුබලයක් සමග යැව්වෙමු
Surah Ghafir, Verse 23
إِلَىٰ فِرۡعَوۡنَ وَهَٰمَٰنَ وَقَٰرُونَ فَقَالُواْ سَٰحِرٞ كَذَّابٞ
ෆිර්අවුන් හාමාන් හා කාරූන් වෙත යැව්වෙමු. එවිට ඔවුහු (මොහු) හූනියම්කරුවෙකි. මහා බොරුකාරයෙකි යැයි ඔවුහු පැවසූහ
Surah Ghafir, Verse 24
فَلَمَّا جَآءَهُم بِٱلۡحَقِّ مِنۡ عِندِنَا قَالُواْ ٱقۡتُلُوٓاْ أَبۡنَآءَ ٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ وَٱسۡتَحۡيُواْ نِسَآءَهُمۡۚ وَمَا كَيۡدُ ٱلۡكَٰفِرِينَ إِلَّا فِي ضَلَٰلٖ
අප වෙතින් වූ සත්‍යය සමග ඔහු ඔවුන් වෙත පැමිණි කල්හි “ඔහු සමග වූ දෙවියන් විශ්වාස කළවුන්ගේ පිරිමි දරුවන් මරා දමනු. ඔවුන්ගේ ගැහැනුන්ට ජීවිත දානය දෙනු.” යැයි ඔවුහු පැවසූහ. දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන්ගේ කුමන්ත්‍රණය මුළාවෙහි මිස නැත
Surah Ghafir, Verse 25
وَقَالَ فِرۡعَوۡنُ ذَرُونِيٓ أَقۡتُلۡ مُوسَىٰ وَلۡيَدۡعُ رَبَّهُۥٓۖ إِنِّيٓ أَخَافُ أَن يُبَدِّلَ دِينَكُمۡ أَوۡ أَن يُظۡهِرَ فِي ٱلۡأَرۡضِ ٱلۡفَسَادَ
“නුඹලා මා අතහැර දමනු. මම මූසා ව මරා දමමි. තවද ඔහු ඔහුගේ පරමාධිපතිට ඇරයුම් කරත්වා! නුඹලාගේ දහම ඔහු වෙනස් කරනු ඇත, එසේ නැතහොත් මහ පොළොවේ ඔහු අර්බුධ ඇති කරනු ඇතැයි සැබැවින්ම මම බිය වෙමි” යැයි ෆිර්අවුන් පැවසීය
Surah Ghafir, Verse 26
وَقَالَ مُوسَىٰٓ إِنِّي عُذۡتُ بِرَبِّي وَرَبِّكُم مِّن كُلِّ مُتَكَبِّرٖ لَّا يُؤۡمِنُ بِيَوۡمِ ٱلۡحِسَابِ
“විනිශ්චය දිනය පිළිබඳ විශ්වාස නොකරන සෑම අහංකාරයකුගෙන්ම, මම මාගේ පරමාධිපති හා නුඹලාගේ පරමාධිපතිගෙන් ආරක්ෂාව පතමි“ යැයි මූසා පැවසුවේය
Surah Ghafir, Verse 27
وَقَالَ رَجُلٞ مُّؤۡمِنٞ مِّنۡ ءَالِ فِرۡعَوۡنَ يَكۡتُمُ إِيمَٰنَهُۥٓ أَتَقۡتُلُونَ رَجُلًا أَن يَقُولَ رَبِّيَ ٱللَّهُ وَقَدۡ جَآءَكُم بِٱلۡبَيِّنَٰتِ مِن رَّبِّكُمۡۖ وَإِن يَكُ كَٰذِبٗا فَعَلَيۡهِ كَذِبُهُۥۖ وَإِن يَكُ صَادِقٗا يُصِبۡكُم بَعۡضُ ٱلَّذِي يَعِدُكُمۡۖ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَنۡ هُوَ مُسۡرِفٞ كَذَّابٞ
“මාගේ පරමාධිපති අල්ලාහ් යැයි පැවසීම හේතුවෙන් නුඹලා මිනිසෙකු මරා දමන්නෙහු ද? නුඹලාගේ පරමාධිපති වෙතින් පැහැදිලි සාධක සමග සැබැවින්ම ඔහු නුඹලා වෙත පැමිණ ඇත. තවද ඔහු බොරුකාරයකු වන්නේ නම් ඔහුගේ බොරුව ඔහුට එරෙහිවමය. තවද ඔහු සත්‍යවාදියෙකු වන්නේ නම් නුඹලාට ප්‍රතිඥා දුන් ඇතැම් දෑ නුඹලාට හට ගනු ඇත. කවරෙකු සීමාව ඉක්මවා යමින් මහා බොරුකාරයකු ලෙස සිටියේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට මග පෙන්වන්නේ නැතැ” යි ෆිර්අවුන්ගේ පවුල අතුරින් තම විශ්වාසය සඟවා සිටි මිනිසෙකු පැවසීය
Surah Ghafir, Verse 28
يَٰقَوۡمِ لَكُمُ ٱلۡمُلۡكُ ٱلۡيَوۡمَ ظَٰهِرِينَ فِي ٱلۡأَرۡضِ فَمَن يَنصُرُنَا مِنۢ بَأۡسِ ٱللَّهِ إِن جَآءَنَاۚ قَالَ فِرۡعَوۡنُ مَآ أُرِيكُمۡ إِلَّا مَآ أَرَىٰ وَمَآ أَهۡدِيكُمۡ إِلَّا سَبِيلَ ٱلرَّشَادِ
අහෝ ජනයිනි! අද දින නුඹලා මහපොළොවේ අබිබවා යමින් ආධිපත්‍යය නුඹලා සතු කර ගෙන ඇත. නමුත් අල්ලාහ්ගේ දඬුවම අප වෙත පැමිණියේ නම් ඉන් අපට උපකාර කරනුයේ කවු ද? (යැයි ඔහු තවදුරටත් විමසීය.) මා දකින දෑ හැර වෙනෙකක් මම නුඹලාට නොපෙන්වමි. එමෙන්ම යහමග හැර වෙනත් මගක් මම නුඹලාට නොපෙන්වමි” යැයි ෆිර්අවුන් පැවසීය
Surah Ghafir, Verse 29
وَقَالَ ٱلَّذِيٓ ءَامَنَ يَٰقَوۡمِ إِنِّيٓ أَخَافُ عَلَيۡكُم مِّثۡلَ يَوۡمِ ٱلۡأَحۡزَابِ
අහෝ මාගේ ජනයිනි! සේනාංකයන්ගේ දින මෙන් නුඹලා වෙත සිදුවීම ගැන නියත වශයෙන්ම මම බිය වෙමි යැයි බියබැති විශ්වාසවන්ත ඔහු පැවසුවේය
Surah Ghafir, Verse 30
مِثۡلَ دَأۡبِ قَوۡمِ نُوحٖ وَعَادٖ وَثَمُودَ وَٱلَّذِينَ مِنۢ بَعۡدِهِمۡۚ وَمَا ٱللَّهُ يُرِيدُ ظُلۡمٗا لِّلۡعِبَادِ
නූහ්ගේ ජනයා, ආද්, සමූද් හා ඔවුනට පෙර සිටි කණ්ඩායම් වැනි අයට සිදුවූවාක් මෙන් (යමක් නුඹලා වෙත සිදුවීම ගැන නියත වශයෙන්ම මම බිය වෙමි) තවද ගැත්තන් හට අපරාධයක් සිදු කිරීමට අල්ලාහ් අපේක්ෂා නොකරයි.” යැයි විශ්වාස කළ එම පුද්ගලයා පැවසීය
Surah Ghafir, Verse 31
وَيَٰقَوۡمِ إِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ يَوۡمَ ٱلتَّنَادِ
“තවද, අහෝ මාගේ ජනයිනි! කන්නලව් කරන දිනය නුඹලාවෙත පැමිණීම ගැන මම බිය වෙමි.”
Surah Ghafir, Verse 32
يَوۡمَ تُوَلُّونَ مُدۡبِرِينَ مَا لَكُم مِّنَ ٱللَّهِ مِنۡ عَاصِمٖۗ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنۡ هَادٖ
“නුඹලා පිටුපාමින් පලා යන දිනයේ අල්ලාහ්ගෙන් ආරක්ෂා කරන කිසිවෙකු නුඹලාට නැත. තවද අල්ලාහ් කවරෙකු නොමග හරින්නේ ද එවිට ඔහුට කිසිදු මග පෙන්වන්නෙකු නැත.”
Surah Ghafir, Verse 33
وَلَقَدۡ جَآءَكُمۡ يُوسُفُ مِن قَبۡلُ بِٱلۡبَيِّنَٰتِ فَمَا زِلۡتُمۡ فِي شَكّٖ مِّمَّا جَآءَكُم بِهِۦۖ حَتَّىٰٓ إِذَا هَلَكَ قُلۡتُمۡ لَن يَبۡعَثَ ٱللَّهُ مِنۢ بَعۡدِهِۦ رَسُولٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَنۡ هُوَ مُسۡرِفٞ مُّرۡتَابٌ
“තවද මීට පෙර සැබැවින්ම යූසුෆ් පැහැදිලි සාධක සමග නුඹලා වෙත පැමිණියේය. නමුත් ඔහු කවර දෙයක් නුඹලා වෙත ගෙන ආවේ ද ඒ ගැන සැකයෙහි නුඹලා ඉවත් නොවී සිටියෙහුය. ඔහු මිය ගිය විට ඔහුගෙන් පසු ව ‘අල්ලාහ් රසූල්වරයකු එවන්නේම නැතැයි’ නුඹලා පැවසූවෙහුය. කවරෙකු සීමාව ඉක්මවා යමින් සැක ඇති කරන්නේ ද එවැන්නන් අල්ලාහ් නොමග යවනුයේ එලෙසය.”
Surah Ghafir, Verse 34
ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِ ٱللَّهِ بِغَيۡرِ سُلۡطَٰنٍ أَتَىٰهُمۡۖ كَبُرَ مَقۡتًا عِندَ ٱللَّهِ وَعِندَ ٱلَّذِينَ ءَامَنُواْۚ كَذَٰلِكَ يَطۡبَعُ ٱللَّهُ عَلَىٰ كُلِّ قَلۡبِ مُتَكَبِّرٖ جَبَّارٖ
“ඔවුහු වනාහි ඔවුනට පැමිණි කිසිදු බල සාධකයක් නොමැතිව ඔවුහු අල්ලාහ්ගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරති. අල්ලාහ් අබියස හා විශ්වාස කළවුන් අබියස වෛරය අතිමහත් විය. අහංකාර බලාධිකාරී සෑම හදවතක් මත ම අල්ලාහ් මුද්‍රා තබනුයේ එලෙසය.”
Surah Ghafir, Verse 35
وَقَالَ فِرۡعَوۡنُ يَٰهَٰمَٰنُ ٱبۡنِ لِي صَرۡحٗا لَّعَلِّيٓ أَبۡلُغُ ٱلۡأَسۡبَٰبَ
ෆිර්අවුන් මෙසේ පැවසීය “අහෝ හාමාන්! මා වෙනුවෙන් උස් ගොඩනැගිල්ලක් ඉදි කරනු මැනව! එනම් අහස්හි මාර්ග වෙත මා පිවිසීමට හැකි වෙනු පිණිස
Surah Ghafir, Verse 36
أَسۡبَٰبَ ٱلسَّمَٰوَٰتِ فَأَطَّلِعَ إِلَىٰٓ إِلَٰهِ مُوسَىٰ وَإِنِّي لَأَظُنُّهُۥ كَٰذِبٗاۚ وَكَذَٰلِكَ زُيِّنَ لِفِرۡعَوۡنَ سُوٓءُ عَمَلِهِۦ وَصُدَّ عَنِ ٱلسَّبِيلِۚ وَمَا كَيۡدُ فِرۡعَوۡنَ إِلَّا فِي تَبَابٖ
තවද අහස්හි මාර්ග වෙත මා පිවිස මූසාගේ දෙවියා මා දැකබලා ගත යුතුයි. "එනමුත් නියත වශයෙන්ම ඔහු බොරුකාරයෙකු ලෙස මම සිතමි” ෆිර්අවුන්ගේ නපුරු ක්‍රියාවන් ඔහුට අලංකාර කර පෙන්වනු ලැබුවේ එලෙසය. තවද ඍජු මාර්ගයෙන් ඔහු වළක්වනු ලැබීය. ෆිර්අවුන්ගේ කුමන්ත්‍රණය විනාශය තුළ මිස නොවීය
Surah Ghafir, Verse 37
وَقَالَ ٱلَّذِيٓ ءَامَنَ يَٰقَوۡمِ ٱتَّبِعُونِ أَهۡدِكُمۡ سَبِيلَ ٱلرَّشَادِ
“අහෝ මාගේ ජනයිනි! මා අනුගමනය කරනු මැනව, මම නුඹලාට ඍජු මාර්ගය වෙත මග පෙන්වමි” යැයි විශ්වාස කළ එම තැනැත්තා පැවසීය
Surah Ghafir, Verse 38
يَٰقَوۡمِ إِنَّمَا هَٰذِهِ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا مَتَٰعٞ وَإِنَّ ٱلۡأٓخِرَةَ هِيَ دَارُ ٱلۡقَرَارِ
“අහෝ මාගේ ජනයිනි! නියත වශයෙන්ම මේ මෙලොව ජීවිතය සුළු භුක්ති විඳීමක් පමණි. තවද නියත වශයෙන්ම මතු ලොව සදා නිවහනයි.”
Surah Ghafir, Verse 39
مَنۡ عَمِلَ سَيِّئَةٗ فَلَا يُجۡزَىٰٓ إِلَّا مِثۡلَهَاۖ وَمَنۡ عَمِلَ صَٰلِحٗا مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنٞ فَأُوْلَـٰٓئِكَ يَدۡخُلُونَ ٱلۡجَنَّةَ يُرۡزَقُونَ فِيهَا بِغَيۡرِ حِسَابٖ
“කවරෙකු යම් නපුරක් සිදු කළේ ද ඒ හා සමාන දෙයක් මිස ඔහුට ප්‍රතිඵල වශයෙන් දෙනු නොලැබේ. තවද යම් පිරිමියකු හෝ වේවා කාන්තවක හෝ වේවා තමන් විශ්වාසවන්තයකු ව සිට දැහැමි ක්‍රියාවක් සිදු කළේ ද ස්වර්ගයට පිවිස, එහි කිසිදු ගණනයකින් තොර ව පෝෂණය දෙනු ලබන අය වනුයේ ඔවුහුමය.”
Surah Ghafir, Verse 40
۞وَيَٰقَوۡمِ مَا لِيٓ أَدۡعُوكُمۡ إِلَى ٱلنَّجَوٰةِ وَتَدۡعُونَنِيٓ إِلَى ٱلنَّارِ
“අහෝ මාගේ ජනයිනි! මට තිබෙන අවශ්‍යතාව කුමක්ද? මම නුඹලා ජයග්‍රහණය වෙත ඇරයුම් කරමි. නමුත් නුඹලා (නිරයේ) ගින්න වෙත මා ඇරයුම් කරන්නෙහුය.”
Surah Ghafir, Verse 41
تَدۡعُونَنِي لِأَكۡفُرَ بِٱللَّهِ وَأُشۡرِكَ بِهِۦ مَا لَيۡسَ لِي بِهِۦ عِلۡمٞ وَأَنَا۠ أَدۡعُوكُمۡ إِلَى ٱلۡعَزِيزِ ٱلۡغَفَّـٰرِ
“මා අල්ලාහ් ප්‍රතික්ෂේප කරනු පිණිසත් කවර දෙයක් පිළිබඳ මට දැනුමක් නොමැත්තේ ද එවන් දෙයක් ඔහුට මා ආදේශ කරනු පිණිසත් නුඹලා මාහට ඇරයුම් කරන්නෙහුය. තවද මම නුඹලා ඇරයුම් කරනුයේ අති ක්ෂමාශීලී සර්ව බලධාරියාණන් වෙතය.”
Surah Ghafir, Verse 42
لَا جَرَمَ أَنَّمَا تَدۡعُونَنِيٓ إِلَيۡهِ لَيۡسَ لَهُۥ دَعۡوَةٞ فِي ٱلدُّنۡيَا وَلَا فِي ٱلۡأٓخِرَةِ وَأَنَّ مَرَدَّنَآ إِلَى ٱللَّهِ وَأَنَّ ٱلۡمُسۡرِفِينَ هُمۡ أَصۡحَٰبُ ٱلنَّارِ
“නියත වශයෙන්ම නුඹලා කවර කෙනෙකු වෙත මා ඇරයුම් කරන්නේ ද ඔහුට මෙලොව හෝ මතු ලොව (ඇරයුම් කිරීමේ) කිසිදු උරුමයක් නැතැයි යන්නටත් සැබැවින්ම අපගේ නැවත යොමු වීමේ ස්ථානය අල්ලාහ් වෙතය යන්නටත් තවද නියත වශයෙන්ම සීමාව ඉක්මවා ගියවුන් වන ඔවුහු (නිරා) ගින්නේ සගයින් වන්නේය යන්නටත් කිසිදු සැකයක් නැත.”
Surah Ghafir, Verse 43
فَسَتَذۡكُرُونَ مَآ أَقُولُ لَكُمۡۚ وَأُفَوِّضُ أَمۡرِيٓ إِلَى ٱللَّهِۚ إِنَّ ٱللَّهَ بَصِيرُۢ بِٱلۡعِبَادِ
මා නුඹලා වෙත පවසන දෑ ගැන නුඹලා මතු සිහිපත් කරනු ඇත. තවද මාගේ කරුණ මම අල්ලාහ් වෙත යොමු කරමි. නියත වශයෙන්ම අල්ලාහ් ගැත්තන් පිළිබඳ ව සර්ව නිරීක්ෂකය
Surah Ghafir, Verse 44
فَوَقَىٰهُ ٱللَّهُ سَيِّـَٔاتِ مَا مَكَرُواْۖ وَحَاقَ بِـَٔالِ فِرۡعَوۡنَ سُوٓءُ ٱلۡعَذَابِ
ඔවුන් කුමන්ත්‍රණ කළ දෑහි (සියලු) නපුරුකම් වලින් අල්ලාහ් ඔහු ආරක්ෂා කළේය. තවද දඬුවමේ බිහිසුණුකම ෆිර්අවුන්ගේ සේනාව වැටලීය
Surah Ghafir, Verse 45
ٱلنَّارُ يُعۡرَضُونَ عَلَيۡهَا غُدُوّٗا وَعَشِيّٗاۚ وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ أَدۡخِلُوٓاْ ءَالَ فِرۡعَوۡنَ أَشَدَّ ٱلۡعَذَابِ
(නිරයේ) ගින්න, ඒ වෙත ඔවුන් උදේ සවස ඉදිරිපත් කරනු ලබති. අවසන් හෝරාව සිදුවන දින “ෆිර්අවුන්ගේ සේනාව දැඩි දඬුවම වෙත ඇතුළත් කරනු.” (යැයි අණ කරනු ලැබේ)
Surah Ghafir, Verse 46
وَإِذۡ يَتَحَآجُّونَ فِي ٱلنَّارِ فَيَقُولُ ٱلضُّعَفَـٰٓؤُاْ لِلَّذِينَ ٱسۡتَكۡبَرُوٓاْ إِنَّا كُنَّا لَكُمۡ تَبَعٗا فَهَلۡ أَنتُم مُّغۡنُونَ عَنَّا نَصِيبٗا مِّنَ ٱلنَّارِ
තවද (නිරා) ගින්නේ ඔවුන් එකිනෙකා වාද කරමින් සිටින විට “නියත වශයෙන්ම අපි නුඹලා අනුගමනය කරමින් සිටියෙමු. එහෙයින් (නිරා) ගින්නෙන් කොටසක් අපගෙන් ඉවත් කරන්නන් ලෙස නුඹලා සිටින්නෙහු” දැයි දුබලයෝ උඩඟු වූ අයගෙන් විමසනු ඇත
Surah Ghafir, Verse 47
قَالَ ٱلَّذِينَ ٱسۡتَكۡبَرُوٓاْ إِنَّا كُلّٞ فِيهَآ إِنَّ ٱللَّهَ قَدۡ حَكَمَ بَيۡنَ ٱلۡعِبَادِ
“නියත වශයෙන්ම අපි සියල්ලෝම සිටින්නේ එහිය. නියත වශයෙන්ම අල්ලාහ් ගැත්තන් අතර තීන්දු දී ඇතැ”යි උඩඟු වූවෝ පවසති
Surah Ghafir, Verse 48
وَقَالَ ٱلَّذِينَ فِي ٱلنَّارِ لِخَزَنَةِ جَهَنَّمَ ٱدۡعُواْ رَبَّكُمۡ يُخَفِّفۡ عَنَّا يَوۡمٗا مِّنَ ٱلۡعَذَابِ
“දඬුවමින් දිනක් අප වෙතින් ඔහු සැහැල්ලු කිරීමට නුඹලා නුඹලාගේ පරමාධිපතිට කන්නලව් කරනු.” යැයි (නිරා) ගින්නේ සිටින්නෝ නිරයේ භාරකරුවන්ට පවසති
Surah Ghafir, Verse 49
قَالُوٓاْ أَوَلَمۡ تَكُ تَأۡتِيكُمۡ رُسُلُكُم بِٱلۡبَيِّنَٰتِۖ قَالُواْ بَلَىٰۚ قَالُواْ فَٱدۡعُواْۗ وَمَا دُعَـٰٓؤُاْ ٱلۡكَٰفِرِينَ إِلَّا فِي ضَلَٰلٍ
“නුඹලාගේ දහම් දූතවරුන් පැහැදිලි සාධක සමග නොපැමිණියේ දැ”යි ඔවුහු විමසති. “එසේය” යැයි ඔවුහු පවසති. “එසේ නම් නුඹලා ඇරයුම් කරනු” යැයි ඔවුහු කියති. තවද දේව ප්‍රතික්ෂේපකයින්ගේ ඇරයුම මුළාවෙහි මිස නැත
Surah Ghafir, Verse 50
إِنَّا لَنَنصُرُ رُسُلَنَا وَٱلَّذِينَ ءَامَنُواْ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَيَوۡمَ يَقُومُ ٱلۡأَشۡهَٰدُ
මෙලොව ජීවිතයේ හා සාක්ෂිකරුවෝ නැගී සිටින (මතු ලොව) දිනයෙහි සැබැවින්ම අපි අපගේ දහම් දූතවරුන්ට හා විශ්වාස කළවුන්ට උදව් කරන්නෙමු
Surah Ghafir, Verse 51
يَوۡمَ لَا يَنفَعُ ٱلظَّـٰلِمِينَ مَعۡذِرَتُهُمۡۖ وَلَهُمُ ٱللَّعۡنَةُ وَلَهُمۡ سُوٓءُ ٱلدَّارِ
එදින අපරාධකරුවන්ට ඔවුන්ගේ නිදහසට කරුණු පැවසීම ඵලක් නොවනු ඇත. තවද ඔවුනට ශාපය ඇත. එමෙන්ම නපුරු නිවහනද ඔවුනට ඇත
Surah Ghafir, Verse 52
وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡهُدَىٰ وَأَوۡرَثۡنَا بَنِيٓ إِسۡرَـٰٓءِيلَ ٱلۡكِتَٰبَ
තවද අපි සැබැවින්ම මූසාට යහමග පිරිනැමුවෙමු. තවද අපි ඉස්රාඊල් දරුවන්ට දේව ග්‍රන්ථය උරුම කළෙමු
Surah Ghafir, Verse 53
هُدٗى وَذِكۡرَىٰ لِأُوْلِي ٱلۡأَلۡبَٰبِ
(එය) ප්‍රබුද්ධිමත් අයට මග පෙන්වීමක් හා මෙනෙහි කිරීමක් වශයෙනි
Surah Ghafir, Verse 54
فَٱصۡبِرۡ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ وَٱسۡتَغۡفِرۡ لِذَنۢبِكَ وَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ بِٱلۡعَشِيِّ وَٱلۡإِبۡكَٰرِ
එහෙයින් (නබිවරය) ඔබ ඉවසනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද ඔබේ පාපය සඳහා ඔබ සමාව අයදිනු. තවද ඔබේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් සවස් කාලයේ හා උදෑසන පිවිතුරු කරනු
Surah Ghafir, Verse 55
إِنَّ ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِ ٱللَّهِ بِغَيۡرِ سُلۡطَٰنٍ أَتَىٰهُمۡ إِن فِي صُدُورِهِمۡ إِلَّا كِبۡرٞ مَّا هُم بِبَٰلِغِيهِۚ فَٱسۡتَعِذۡ بِٱللَّهِۖ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ
නියත වශයෙන්ම තමන් වෙත පැමිණි කිසිදු අධිකාරී බලයක් නොතිබිය දී අල්ලාහ්ගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරන්නන් වන ඔවුන්ගේ සිත් තුළ උඩඟුකම මිස වෙනෙකක් නැත. ඔවුහු එය ලබන්නන් නොවෙති. එහෙයින් ඔබ අල්ලාහ්ගෙන් ආරක්ෂාව අයැද සිටිනු. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය
Surah Ghafir, Verse 56
لَخَلۡقُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ أَكۡبَرُ مِنۡ خَلۡقِ ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ
මිනිසා මැවීමට වඩා අහස් හා මහපොළොව මැවීම අති මහත්ය. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති
Surah Ghafir, Verse 57
وَمَا يَسۡتَوِي ٱلۡأَعۡمَىٰ وَٱلۡبَصِيرُ وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ وَلَا ٱلۡمُسِيٓءُۚ قَلِيلٗا مَّا تَتَذَكَّرُونَ
තවද අන්ධයා හා පෙනුමැත්තා සමාන නොවෙති. තවද විශ්වාස කොට යහකම් සිදු කළවුන් හා දුෂ්ටකම් කරන්නා ද (සමාන) නොවෙති. ස්වල්පයකි නුඹලා මෙනෙහි කරනුයේ
Surah Ghafir, Verse 58
إِنَّ ٱلسَّاعَةَ لَأٓتِيَةٞ لَّا رَيۡبَ فِيهَا وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يُؤۡمِنُونَ
නියත වශයෙන්ම අවසන් හෝරාව පැමිණෙන්නක්මය. එහි කිසිදු සැකයක් නැත. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා (එය) විශ්වාස නොකරති
Surah Ghafir, Verse 59
وَقَالَ رَبُّكُمُ ٱدۡعُونِيٓ أَسۡتَجِبۡ لَكُمۡۚ إِنَّ ٱلَّذِينَ يَسۡتَكۡبِرُونَ عَنۡ عِبَادَتِي سَيَدۡخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ
“නුඹලා මා අමතනු. මම නුඹලා(ගේ ප්‍රාර්ථනාව) පිළිගනිමි. නියත වශයෙන්ම මට ප්‍රාර්ථනා කිරීමෙන් (ඈත් වී) උඩඟුකම් පාමින් සිටියවුන් අවමානයට පත් වූවන් ලෙසින් නිරයට මතු පිවිසෙනු ඇත.” යැයි නුඹලාගේ පරමාධිපති පවසයි
Surah Ghafir, Verse 60
ٱللَّهُ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلَّيۡلَ لِتَسۡكُنُواْ فِيهِ وَٱلنَّهَارَ مُبۡصِرًاۚ إِنَّ ٱللَّهَ لَذُو فَضۡلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَشۡكُرُونَ
රාත්‍රිය එහි නුඹලා සැනසුම ලබනු පිණිසත් දහවල පෙනෙන්නට හැකි ලෙසත් නුඹලා වෙනුවෙන් ඇති කළේ අල්ලාහ්ය. නියත වශයෙන්ම අල්ලාහ් ජනයා වෙත භාග්‍යය පිරිනමන්නාය. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නොවෙති
Surah Ghafir, Verse 61
ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡ خَٰلِقُ كُلِّ شَيۡءٖ لَّآ إِلَٰهَ إِلَّا هُوَۖ فَأَنَّىٰ تُؤۡفَكُونَ
එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. (ඔහු) සියලු දෑහි මැවුම්කරුය. ඔහු හැර වෙනත් දෙවියකු නැත. එසේ නම් නුඹලා (මුළා කරනු ලැබ) වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද
Surah Ghafir, Verse 62
كَذَٰلِكَ يُؤۡفَكُ ٱلَّذِينَ كَانُواْ بِـَٔايَٰتِ ٱللَّهِ يَجۡحَدُونَ
අල්ලාහ්ගේ වදන් හෙළා දකිමින් සිටි අය වෙනතකට හරවනු ලබනුයේ එලෙසය
Surah Ghafir, Verse 63
ٱللَّهُ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ قَرَارٗا وَٱلسَّمَآءَ بِنَآءٗ وَصَوَّرَكُمۡ فَأَحۡسَنَ صُوَرَكُمۡ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡۖ فَتَبَارَكَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ
මහපොළොව වාසස් ස්ථානයක් ලෙස ද අහස වියනක් ලෙස ද නුඹලා වෙනුවෙන් ඇති කළේ අල්ලාහ්ය. තවද නුඹලාගේ හැඩරුව ඔහු අලංකාර කළේය. තවද නුඹලාව ඔහු හැඩ ගැන්වීය. තවද යහපත් දැයින් නුඹලාට ඔහු පෝෂණ සම්පත් පිරිනැමීය. එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. එහෙයින් ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ් අතිඋත්කෘෂ්ට විය
Surah Ghafir, Verse 64
هُوَ ٱلۡحَيُّ لَآ إِلَٰهَ إِلَّا هُوَ فَٱدۡعُوهُ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَۗ ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ
ඔහු ජීවමානයාය. ඔහු හැර වෙනත් දෙවියකු නැත. එහෙයින් නුඹලා ඔහුට පමණක් දහම පුද කර අවංකයින් ලෙසින් ඔහු ඇරයුම් කරනු. ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා
Surah Ghafir, Verse 65
۞قُلۡ إِنِّي نُهِيتُ أَنۡ أَعۡبُدَ ٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ لَمَّا جَآءَنِيَ ٱلۡبَيِّنَٰتُ مِن رَّبِّي وَأُمِرۡتُ أَنۡ أُسۡلِمَ لِرَبِّ ٱلۡعَٰلَمِينَ
මාගේ පරමාධිපතිගෙන් පැහැදිලි සංඥා මා වෙත පැමිණි කල්හි අල්ලාහ්ගෙන් තොර ව නුඹලා ඇරයුම් කරන අයට මා නැමදුම් කිරීමෙන් නියත වශයෙන්ම මම තහනම් කරනු ලැබුවෙමි. තවද ලෝකයන්හි පරමාධිපතිට මා යටහත් වන්නටත් මම අණ කරනු ලැබුවෙමි. යැයි (නබිවරය) ඔබ පවසනු
Surah Ghafir, Verse 66
هُوَ ٱلَّذِي خَلَقَكُم مِّن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ مِنۡ عَلَقَةٖ ثُمَّ يُخۡرِجُكُمۡ طِفۡلٗا ثُمَّ لِتَبۡلُغُوٓاْ أَشُدَّكُمۡ ثُمَّ لِتَكُونُواْ شُيُوخٗاۚ وَمِنكُم مَّن يُتَوَفَّىٰ مِن قَبۡلُۖ وَلِتَبۡلُغُوٓاْ أَجَلٗا مُّسَمّٗى وَلَعَلَّكُمۡ تَعۡقِلُونَ
මැටියෙන් ද පසු ව ශුක්‍රාණු බිඳුවකින් ද පසු ව එල්ලී පවතින කැටියකින් ද නුඹලා මැව්වේ ඔහුය. පසු ව ඔහු නුඹලා බිළිදෙකු වශයෙන් බැහැර කරයි. පසු ව නුඹලා වැඩිවියට පත්වන්නටත් පසුව වයෝවෘද්ධභාවයට පත්වන්නටත් ඔහු සලස්වයි. නුඹලා අතුරින් ඊට පෙර මරණයට පත් කරනු ලබන්නන් ද වෙති. නුඹලා වටහා ගත හැකි වනු පිණිස (මෙසේ) නියමිත කාලයක් දක්වා නුඹලා ළඟා වන්නට ඉඩ හරියි
Surah Ghafir, Verse 67
هُوَ ٱلَّذِي يُحۡيِۦ وَيُمِيتُۖ فَإِذَا قَضَىٰٓ أَمۡرٗا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ
ජීවය දෙන්නේත් මරණයට පත් කරන්නේත් ඔහුය. එහෙයින් ඔහු යම් කරුණක් සිදුවීමට තීන්දු කළේ නම් එවිට ‘සිදුවෙනු’ යැයි එයට පවසනවා පමණි. එවිට එය සිදුවෙනු ඇත
Surah Ghafir, Verse 68
أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِ ٱللَّهِ أَنَّىٰ يُصۡرَفُونَ
අල්ලාහ්ගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරන්නන්ව ඔබ දුටුවේ නැද්ද?, ඔවුන් (සත්‍ය මාර්ගයෙන් ) වෙනතකට හරවනු ලබන්නේ කෙසේ ද
Surah Ghafir, Verse 69
ٱلَّذِينَ كَذَّبُواْ بِٱلۡكِتَٰبِ وَبِمَآ أَرۡسَلۡنَا بِهِۦ رُسُلَنَاۖ فَسَوۡفَ يَعۡلَمُونَ
ඔවුන් වනාහි, දේව ග්‍රන්ථය හා අප කවර දෙයක් සමග අපගේ දහම් දූතවරු එව්වෙමු ද එය ද බොරුකළවුන්ය. එහෙත් ඔවුහු මතු දැන ගනු ඇත
Surah Ghafir, Verse 70
إِذِ ٱلۡأَغۡلَٰلُ فِيٓ أَعۡنَٰقِهِمۡ وَٱلسَّلَٰسِلُ يُسۡحَبُونَ
එවිට ඔවුන්ගේ ගෙලවල් වල විලංගු හා දම්වැල් තිබේ. නිරය තුළට ඔවුන් ඇදගෙන යනු ලබති
Surah Ghafir, Verse 71
فِي ٱلۡحَمِيمِ ثُمَّ فِي ٱلنَّارِ يُسۡجَرُونَ
නටන ජලයෙහි ද පසු ව ඔවුන් (නිරා) ගින්නෙහි ද දවනු ලබති
Surah Ghafir, Verse 72
ثُمَّ قِيلَ لَهُمۡ أَيۡنَ مَا كُنتُمۡ تُشۡرِكُونَ
පසු ව “අල්ලාහ්ගෙන් තොර ව නුඹලා ආදේශ කරමින් සිටි දෑ කොහේදැ?”යි ඔවුනට පවසනු ලබයි
Surah Ghafir, Verse 73
مِن دُونِ ٱللَّهِۖ قَالُواْ ضَلُّواْ عَنَّا بَل لَّمۡ نَكُن نَّدۡعُواْ مِن قَبۡلُ شَيۡـٔٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ ٱلۡكَٰفِرِينَ
“ඔවුන් අපගෙන් මුළා වී ඇත. නමුදු මීට පෙර අපි කිසිවක් ඇරයුම් කරමින් නොසිටියෙමු” යැයි ඔවුහු පවසති. එලෙසය ප්‍රතික්ෂේප කරන්නන් අල්ලාහ් නොමග යන්නට හරිනුයේ
Surah Ghafir, Verse 74
ذَٰلِكُم بِمَا كُنتُمۡ تَفۡرَحُونَ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّ وَبِمَا كُنتُمۡ تَمۡرَحُونَ
එය, යුක්තියෙන් තොර ව මහපොළොවේ නුඹලා සතුටු වෙමින් සිටි බැවින් ද නුඹලා සතුටින් ඉහ වහා ගිය බැවින් ද වේ
Surah Ghafir, Verse 75
ٱدۡخُلُوٓاْ أَبۡوَٰبَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَاۖ فَبِئۡسَ مَثۡوَى ٱلۡمُتَكَبِّرِينَ
නුඹලා එහි සදාතනිකයින් ලෙසින් නිරයේ දොරටු වලට ඇතුළු වනු. උඩඟුවූවන්ගේ නවාතැන නපුරු විය
Surah Ghafir, Verse 76
فَٱصۡبِرۡ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞۚ فَإِمَّا نُرِيَنَّكَ بَعۡضَ ٱلَّذِي نَعِدُهُمۡ أَوۡ نَتَوَفَّيَنَّكَ فَإِلَيۡنَا يُرۡجَعُونَ
එහෙයින් (නබිවරය) ඔබ ඉවසීමෙන් සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. එහෙයින් සැබැවින්ම අපි ඔබට පෙන්වනුයේ අප ඔවුනට ප්‍රතිඥා දුන් දෑ හි සමහරක් පමණි. එසේ නැතහොත්, අපි ඔබ මරණයට පත් කරන්නෙමු. එවිට ඔවුන් නැවත යොමු කරනු ලබනුයේ අප වෙතමය
Surah Ghafir, Verse 77
وَلَقَدۡ أَرۡسَلۡنَا رُسُلٗا مِّن قَبۡلِكَ مِنۡهُم مَّن قَصَصۡنَا عَلَيۡكَ وَمِنۡهُم مَّن لَّمۡ نَقۡصُصۡ عَلَيۡكَۗ وَمَا كَانَ لِرَسُولٍ أَن يَأۡتِيَ بِـَٔايَةٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ فَإِذَا جَآءَ أَمۡرُ ٱللَّهِ قُضِيَ بِٱلۡحَقِّ وَخَسِرَ هُنَالِكَ ٱلۡمُبۡطِلُونَ
ඔබට පෙර දහම් දූතවරු සැබැවින්ම අපි එව්වෙමු. ඔවුන් අතුරින් අපි ඔබ වෙත කතා විස්තර කළ අය වෙති. තවද ඔබ වෙත අපි කතා විස්තර නොකළ අය ද වෙති. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර ව කිසිදු සාධකයක් ගෙන ඒමට කිසිදු දහම් දූතයකුට නොවීය. අල්ලාහ්ගේ නියෝගය පැමිණි විට යුක්තිසහගත ව තීන්දු කරනු ලැබීය. එහි දී වැරදි කළවුන් පරාජිත වුහ
Surah Ghafir, Verse 78
ٱللَّهُ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَنۡعَٰمَ لِتَرۡكَبُواْ مِنۡهَا وَمِنۡهَا تَأۡكُلُونَ
ඒවායෙහි නුඹලා ප්‍රවාහනය කරනු පිණිසත් ඒවායින් නුඹලා අනුභව කරනු පිණිසත් නුඹලා වෙනුවෙන් ගොවිපළ සතුන් ඇති කළේ අල්ලාහ්ය
Surah Ghafir, Verse 79
وَلَكُمۡ فِيهَا مَنَٰفِعُ وَلِتَبۡلُغُواْ عَلَيۡهَا حَاجَةٗ فِي صُدُورِكُمۡ وَعَلَيۡهَا وَعَلَى ٱلۡفُلۡكِ تُحۡمَلُونَ
තවද නුඹලාට එහි ප්‍රයෝජන ද ඇත. තවද නුඹලාගේ හදවත් තුළ ඇති අවශ්‍යතා ඒවා වෙතින් ලබා ගනු පිණිසත් (ඇති කළේ අල්ලාහ්ය.) තවද ඒවා මත හා නැව් මත නුඹලා උසුලනු ලබන්නෙහුය
Surah Ghafir, Verse 80
وَيُرِيكُمۡ ءَايَٰتِهِۦ فَأَيَّ ءَايَٰتِ ٱللَّهِ تُنكِرُونَ
(අල්ලාහ්) ඔහුගේ සංඥා ඔහු (මනුෂ්‍යයිනි) නුඹලාට පෙන්වයි. එවිට නුඹලා පිළිකුල් කරන්නේ අල්ලාහ්ගේ කවර සංඥාවන් ද
Surah Ghafir, Verse 81
أَفَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَانُوٓاْ أَكۡثَرَ مِنۡهُمۡ وَأَشَدَّ قُوَّةٗ وَءَاثَارٗا فِي ٱلۡأَرۡضِ فَمَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يَكۡسِبُونَ
ඔවුහු මහපොළොවේ සැරිසරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැයි අධීක්ෂණය නොකළෝද? මොවුනට වඩා ඔවුහු මහපොළොවේ (සංඛ්‍යාවන්) අධික මෙන්ම බලයෙන් සහ (හැර දමා ගිය) සලකුණු වලින් ඉතා බලවත් වූහ. නමුත් ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට ඵලක් නොවීය
Surah Ghafir, Verse 82
فَلَمَّا جَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَرِحُواْ بِمَا عِندَهُم مِّنَ ٱلۡعِلۡمِ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ
එවිට ඔවුන් වෙත ඔවුන්ගේ දහම් දූතවරුන් පැහැදිලි සාධක සමග පැමිණි කල්හි, තමන් ළඟ තිබෙන දැනුම ගැන ඔවුහු (අහංකාරයෙන් යුතු ව) සතුටු වූහ. ඔවුන් කවර දෙයක් පිළිබඳ සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටකර ගත්තේය
Surah Ghafir, Verse 83
فَلَمَّا رَأَوۡاْ بَأۡسَنَا قَالُوٓاْ ءَامَنَّا بِٱللَّهِ وَحۡدَهُۥ وَكَفَرۡنَا بِمَا كُنَّا بِهِۦ مُشۡرِكِينَ
එවිට අපගේ දඬුවම ඔවුන් දුටු කල්හි “අපි අල්ලාහ් වන ඔහු පමණක් විශ්වාස කළෙමු. අපි කවර දෙයක් ආදේශ කරන්නන් ලෙස සිටියෙමු ද එය අපි ප්‍රතික්ෂේප කළෙමු” යැයි ඔවුහු පවසනු ඇත
Surah Ghafir, Verse 84
فَلَمۡ يَكُ يَنفَعُهُمۡ إِيمَٰنُهُمۡ لَمَّا رَأَوۡاْ بَأۡسَنَاۖ سُنَّتَ ٱللَّهِ ٱلَّتِي قَدۡ خَلَتۡ فِي عِبَادِهِۦۖ وَخَسِرَ هُنَالِكَ ٱلۡكَٰفِرُونَ
නමුත් ඔවුන් අපගේ දඬුවම දුටු කල්හි ඔවුන්ගේ විශ්වාසය ඔවුනට ප්‍රයෝජනවත් නොවීය. (එය) තම ගැත්තන් අතරෙහි ඉකුත් ව ගිය අල්ලාහ්ගේ පිළිවෙතය. එහිදී දෙවියන් ප්‍රතික්ෂේප කරන්නෝ පරාජිත වූහ
Surah Ghafir, Verse 85