Surah Fussilat Verse 50 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fussilatوَلَئِنۡ أَذَقۡنَٰهُ رَحۡمَةٗ مِّنَّا مِنۢ بَعۡدِ ضَرَّآءَ مَسَّتۡهُ لَيَقُولَنَّ هَٰذَا لِي وَمَآ أَظُنُّ ٱلسَّاعَةَ قَآئِمَةٗ وَلَئِن رُّجِعۡتُ إِلَىٰ رَبِّيٓ إِنَّ لِي عِندَهُۥ لَلۡحُسۡنَىٰۚ فَلَنُنَبِّئَنَّ ٱلَّذِينَ كَفَرُواْ بِمَا عَمِلُواْ وَلَنُذِيقَنَّهُم مِّنۡ عَذَابٍ غَلِيظٖ
ඔහුව අල්ලාගෙන තිබූ අමාරුකමෙන් පහ වී ගිය පසු, අපගේ වරප්‍රසාදය විඳින ලෙසට අපි සැලැස්සුවා වුවද, “එය මට උරුමව (පැමිණිය යුතුව තිබූ දැයම පැමිණියේය. විනිශ්චය) කාලය ඇති වනු ඇතැයි මා විශ්වාස කළේම නැත. (එසේ විනිශ්චය දිනය ඇති වී) මගේ දෙවියන් වෙත මා ගෙන යනු ලැබූවද, ඔහු වෙතද නියත වශයෙන්ම මට හොඳක්ම ලැඛෙනු ඇත” යයි පවසන්නේය. නමුත් කවුරුන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන් කළ (නපුරු) කාරණාවන් (එදිනදී) අපි නියත වශයෙන්ම ඔවුන්ට පැහැදිලිව ගෙනහැර දක්වන්නෙමු. තවද දරුණු දඬුවම ඔවුන්ට විඳින ලෙසටද නියත වශයෙන්ම අපි සලස්වන්නෙමු